Watch Trailer

Blood Diamond (2006) with Sinhala Subtitles | අවර්ණ දියමන්තියේ නොපෙණෙන රත් පැහැය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර නම් මම සිංහල උපසිරැසි අරගෙන ආවෙ ලොව මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයකටයි. මගේ කවදත් අරමුණ වුනේ සිනමාලෝලියකු හැටියට ඔබ නැරඹිය යුතුම සිනමා සිත්තම් සිංහල උපසිරැසි සමගම ඔබ වෙත රැගෙන ඒමයි. ඉතින් මේ නිර්මාණය ඔබේ සිනමා රසවින්දනය ඉහල තලයකට රැගෙනයාවි කියලත් මම විශ්වාස කරනවා. ඇත්තටම මම ම…

ඔන්න මේ පාර නම් මම සිංහල උපසිරැසි අරගෙන ආවෙ ලොව මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයකටයි. මගේ කවදත් අරමුණ වුනේ සිනමාලෝලියකු හැටියට ඔබ නැරඹිය යුතුම සිනමා සිත්තම් සිංහල උපසිරැසි සමගම ඔබ වෙත රැගෙන ඒමයි. ඉතින් මේ නිර්මාණය ඔබේ සිනමා රසවින්දනය ඉහල තලයකට රැගෙනයාවි කියලත් මම විශ්වාස කරනවා. ඇත්තටම මම මෙතෙක් බලා තියෙන චිත්‍රපටි අතුරින් නරඹපු ඉතා සංවේදීම හා සුවිශේෂී ගනයේ නිර්මාණයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්. අනික් අතට මෙහි රංගනයෙන් දායක වෙන්නෙ මගේ ප්‍රියතම රංගන ශිල්පියා වෙන ලියනාඩෝ ඩිකැප්‍රියෝ සමගින් අතිදක්ෂ රංගන ශිල්පීන් සමූහයකුයි. ඒවගේම මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ The Last Samurai කියන සුවිශේෂී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Edward Zwick විසිනුයි.

කතාව ගැන කියනවනම් මේක පසුබිම් වෙලා තියෙන්නේ සියෙරා ලියෝන් කියන දකුණු අප්‍රිකාවෙ දියමන්ති ආකරවලට ප්‍රසිද්ධියක් උසුලන රටේ සිවිල් යුධ සමයයි. මේ කතාව දිගහැරෙන්නේ දකුණු අප්‍රිකානු කුලී භටයෙක් සහ ධීවරයෙක් අතරයි. මේ ධීවරයා ජීවත්වන ගම්මානයට එල්ලවන හදිසි ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඔහුව ත්‍රස්ත ග්‍රහණයට නතු වෙනවා. ඉතින් ඔහුට තමන්ගෙ දරුවන්ට සහ බිරිදට මොකද වුනේ කියලවත් ඉන්පස්සෙ දැනගන්න ලැබෙන්නැහැ. ඇත්තමට මේ අතරෙ වන සිදුවීම් දාමයන් අතර ඔහුට තම ජීවිතය වෙනස් කල හැකි අන්දමේ යමක් මුන ගැසෙනවා. නමුත් මෙය ඔහුට පහසුවෙන් අත්පත් කරගන්න හැකිවේද? මෙය අත්පත් කරගැනීමට වෙර දරන්නේ ඔහු පමණමද? ඔහුට තම දරුවන් සහ බිරිද නැවත දැකගන්නට ලැබේවිද? එතකොට කවුද මේ දකුණු අප්‍රිකානුවා? ඉතින් මේ සියල්ලටම පිළිතුරු සොයාගන්න වෙන්නෙ ඕගොල්ලො මේ කතාව නැරඹුවායින් පස්සෙ. අනික් දේ තමයි මේ කතාවෙ ගොඩක් දේවල් මග හැරල බොහොම සුළුවෙන් තමයි මම මේ හැදින්වීම ඕගොල්ලන්ට ඉදිරිපත් කලේ. මොකද නැත්නම් මේක සම්පූර්ණයෙන්ම රසවිදින්න ඕගොල්ලනට නොහැකි වෙන නිසා. අනික් දේ තමයි මේ කතාව තුල දුක, සතුට,ආදරය,වෛරය,කුහකත්වය, පළිගැනීම වගේ විවිධ සිතුවිලි වල සම්මිශ්‍රණයක් ගැබ් වෙලා තියෙනවා. ඒවගේම මෙහි පසුබිම් සංගීතයත් ඒ හැගීම් ඔප්නංවන්න ලබා දෙන්නේ ලොකු දායකත්වයක්. ඉතින් ඔස්කාර් සම්මාන ඇතුලු තවත් සම්මාන රාශියකින් පිදුම් ලබපු සහ IMDB දර්ශකයේ 8.0ක් වැනි ඉහල අගයක් ලබා ඇති මේ විශිෂ්ට සිනමා සිත්තම කලකට ඔබේ මතකයේ රැදෙනු ඇති බව නොඅනුමානයි.

**සෑම නරක යැයි හැදින්වෙන මිනිසෙක් තුලම යහපත් පුද්ගලයෙක් සැගව ඉන්න බව මම හැමදාම විශ්වාස කරපු දෙයක්. ඉතින් මේ චිත්‍රපටය නැරඹීමෙන් ඔබටත් එය තහවුරු කරගන්න හැකිවේවි. චිත්‍රපටය නරඹලා උපසිරැසි ගැනත් ගුණදොස් කියන්න පුලුවන්නම් අගය කොට සලකනවා… **

රොයිලි ප්‍රනාන්දු මීට පෙර පළකල ලිපිය…

මේ ෆිල්ම් එක මම බලපු ඉතාම සංවේදි කතාවලින් එකක්. මෙහි අධ්‍යක්ෂනය The Last Samurai අධ්‍යක්ෂනය කල  Edward Zwick ගෙන්.

කතාවේ පසුබිම 1999 දි අප්‍රිකාවේ දියමන්ති ආකර වලට ප්‍රසිද්ධ රටක් වන සියෙරා ලියොන්හි ඇතිවූ සිවිල් යුධ සමයයි. ප්‍රධාන චරිත දෙකම අප්‍රිකානු වන් උවත් ඔවුන්ගේ අරමුණු එකිනෙකට ඉතා වෙනස්. එක්කෙනෙකුට අවශ්‍ය අනිකාට අයිති ඉතා වටිනා දියමන්තියක් විකුනා පෝසත් වීමයි. අනිකාට අවශ්‍ය සල්ලි වලට වඩා තම පවුල එකතු කර ගැනීමයි විශේෂයෙන් කැරලිකරුවන් බලහත්කාරයෙන් ළමා සොල්දාදුවෙකු ලෙස රැගෙන ගිය තම පුතාව නිදහස් කර ගැනීමයි.

මේක මතුපිටින් පෙනෙන කතාව වුවත් ඊට යටින් තව පණිවිඩ රැසක් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම සාමන්‍ය ළමයෙකු ළමා සොල්දාදුවෙකු කිරීම හා ඊට පසු එම ළමයාගේ මානසිකත්වය වැඩ කරන ආකාරය.

ඒත් සමගම යම් රටක ස්ථාවර භාවය ඇති විට තමුන්ට ලැබෙන ලාභය අඩු නිසා රට අස්ථාවර කිරීමට බටහිර රටවල් දරන විවිධ උපක්‍රම,ඇත්තටම ඔවුන් බැටළු හම් පොරවා ගත් වෘකයන්ට සමාන කල හැකියි. ඊට අමතරව ලොව කොහෙත් සිදුවෙන ශ්‍රමය සූරා කෑම……..

මෙම ෆිල්ම් එක 2007 දි ඔස්කා(ර්) සම්මාන 5 ඇතුලූ සම්මාන 19 කට නිර්දේශ වී ඉන් 5 දිනා තිබෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

32,827 downloadsDownload Blood.Diamond.2006.Sinhala.Sub_.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු උදාන අබේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/02/05

Subtitles

32,827 downloadsDownload Subtitles116 KB

97 comments

  1. chinthaka

    Menna balanawanam film!Aniwaryen balanna oni film 1k:D
    (Unicode aulak nisa sinhala wada na!,sorry)

  2. SANJEW

    හොද කතාවක්, මමත් බලල තියෙනව

  3. පොතේ ගුරා

    @chinthaka! ආහ් ඒකට අවුලක් නෑ.එළම ෆිල්ම් එකක්..
    @SANJEW! ඔවු මචන්...

  4. Prabath

    ලොක්කා Jhonny Mad Dog ගැනත් දාන්නකෝ,

  5. Anonymous

    Maru bAN

  6. Saranga

    maru Maru Elaela

  7. ගැNඩොLෆ්

    මම බලපු සිරාම ෆිල්ම් වලින් එකක් මේක.
    i recommend this to everyone!!!

  8. maneesh

    great film.......superb...
    my fav actor is L DECAPRIO...

  9. Ravi

    thank royly ayya

  10. chathuranga

    අවුලක් නෑ.එළම ෆිල්ම් එකක්..

  11. ashen

    aiye oya me film eka gana liyala thiyenawa madi. me wage hoda film ekak ana thawa kochchara liyanna thiyenawada?

  12. සාරංග ලියනගම

    පට්ටම ෆිල්ම් එකක්.හුඟක් සංවේදී කතාවක්.ඇත්තටම මම මේ ෆිල්ම් එක ගැන දැනගත්තේ මේ පොස්ට් එක නිසයි. ගොඩක් ස්තූතියි මේ ගැන කිව්වට...

  13. wataraka

    අඩේ මේක හොයා හොයා හිටය එකක් දැන් සබ් එක්කම බලන්න පුළුවනි
    ජය වේවා

  14. akila

    පට්ට පට්ට ආ මැක්සා මචෝ ... :)

  15. danuka

    Thanks machan maxxa film akak sub dunna aka gana

  16. කැළුම්

    මේක ආපු කාලෙම බැලුවා ඒත් දැන් නම් ඒ හැටි මතකයක් නෑ.එළකිරි වගේ දැන් සබ් දීලා තියෙනවා නෙ .
    ඉසුරු ඔබට බොහෝ පින් සබ් එකට හොද ෆිල්ම්ස් ගැන ඔයාට වටිනා කමක් තියෙනවා.කලින් දුන්න උනත් මේවා අයෙ සබ් එක්ක දෙන එක නම් හුගාක් වටිනා වැඩක්

  17. eranga

    Thnx :)

  18. Ranga

    wow...ela kiri

  19. mihin ලංකා

    අයෙ කියන්න දෙයක් නෑ සුපිරිම වැඩක් කරලා තියෙන්නේ.මේක සබ් දුන්න එක නම් ලොකුම ලොකු දෙයක් ඉසුරු ඔයාල තමයි මේ සයිට් එකේ ඉන්න ඕනේ කට්ටිය..
    ඔබගේ අනාගතය යහපත් වේවා.

  20. ammawap

    පට්ට පතුරු මචෝ.
    අයෙ සබ් එක්කම බලනවා
    මෙන්න මේවා වගේ ඒවාට සබ් දෙන්න පරණ උනත් අපි බලනවා අනිවා

  21. ccnp

    thnx

  22. kalinga

    මම බලුවා ඒත් අද සබක් නැද්ද කියලා. :( මේ දීලා තියෙන්නේ ගින්දර විදින එකකට :) ඩි කැප්රියෝ ඉන්නේ මේකේ :)
    නියමෙට ඇති මේක මට බලන්න වුනේ නැහැ.හොද රිප් එකක් හොයා ගන්න හෙවුවා ලැබුනේ නෑ.ඕව ගැන එච්චර දන්නෙත් නෑ මං.. ඒත් මේ දීලා තියෙන්නේ සබ් එක්කම.
    අම්මෝ මාර හැපී :)
    ඉසුරු කොල්ලට ඉස්තූතී හුගාක්ම :)

  23. elakiri

    elakiri wadak yaluwa thawath hoda films walata subs denna onna

  24. [DiN3sH]

    මේකනම් පට්ට.. සුපිරි. දැන් සිංහල එක්කම බලන්න පුළුවන්. “ඉසුරු උදාන අබේසිංහ” සොයුරාට ස්තූතී කරමින් සබ් එක අරගන්නවා. ඉදිරියටත් සබ් දෙන්න කියලා ඉසුරුගෙන් ඉල්ලා සිටිනවා. සුබ පතනවා!

  25. IP Man

    ආ තවත් ඇණකොටාගන්න එකක්...... එල එල තෑන්ක්ස් සහො! අදම බාල බලන්නම් :D

  26. මංජුල

    සුපිරි වැඩක් සුපිරි කොල්ලෙක් ගෙන්

  27. අකිල ප්‍රනන්දු

    මේක මගේ පිල්ම් ගබඩාවේ තියෙන ටොප්20 න් එකක්.අයේ බලන්න කිව්වොත් බලනවා කොහොමහරි .බොහොම ස්තුතීයි ඉසුරු , විකි,රොයිලි හැමදෙනාටම.ජය වේවා !

  28. uda

    අනිවා පස්ට කතාවක්!
    හැමෝමලා බලන්න මගහැර ගැනීම ජීවිතයට යමක් එක් කරගන්න තියෙන අවස්ථාවක් නොතකා හැරීමක් ගාණයි. මේ වගේ කතා ලේසියෙන් හැදෙන්නේ නෑ, ලේසියෙන් එන්නේත් නෑ. අනිවා බොහොම ටිකයි.

    ඉතිංෂ් ඉසුරු උදාන අබේසිංහ'ට පිං මේකට සිංහල දුන්නට.
    ගොඩක් පිරිසකට ලොකු උදව්වක් වේවි!
    ජය!

  29. Tharindu Chat

    මම බලපු හොදම චිත්‍රපට 2-3 අතර තියෙන එකක් තමයි මේක... බොහොම ස්තූතියි සින්හල සබ් වලට සහෝ!!!

  30. Dilan

    පට්ටම තමයි... පහුවෙල හරි,සිංහල සබ් ලැබුනු එක හොදයි.ඔන්න අපි ආයෙ සැරයක් බලනව.
    බෝහොම ස්තුතියි සහෝ...!!!

  31. shiwantha

    thanx machan :)

  32. Isuru dimantha

    සිරා ෆිල්ම් එකකටනෙ සබ් දීල තියෙන්නෙ ස්තුතියි.......................

  33. g-a-n-d-u

    පට්ටම පට්ට ෆිල්ම් එකක්නේ මේක අයෙ ලොවෙත් නෑ ඉසුරු මේකට අයෙ සබ් දුන්න එක නම් සුපර් මචං

    අලුත් එකක් ඔන්න සබ් දෙනකම් බලාගෙන ඉන්නවා අපි

  34. damith

    maxxa macho

  35. Namal

    Thanks macho (supiri film ekak ne meka )

  36. කැලුම් ගුණසේකර

    මේක මං ගාව තියන නිසා සබ් එක ගන්නවා. කමක් නැහැනේ? ෆිල්ම් එක නම් නියමයි. ආයේ සැකයක් තියාගන්න එපා. අනිවා බාන්න. ස්තුතියි ඉසුරු යාලුවා.

  37. isuruD

    ela porthe thawath oyawage niyama baiscope wala sub denna.

  38. IP Man

    එල ඈ මැක්සා! දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  39. දනුක

    මම මේ බලලා කමෙන්ට් පාරක් දාන්නේ අයෙ කියලා වැඩක් නෑ.පට්ටම ෆිල්ම් එකක් නෙ

    සුපිරි හොදේ...

  40. ashker

    තෑන්ක්ස් අය්යේ ඔය ෆිල්ම් එක නම් ආය කෙයන්න දෙයක් නැහැ සුපර් ෆිල්ම් එක තෑන්ක්ස් සිංහල සබ් දොන්න්ට

  41. mudiya

    මං බලපු පට්ට සුපිරි ෆිල්ම් එකක්.සිංහල එක්ක අනිව ආයෙ බලනව.පිං මචං ඉසුරු උදාන.ජයවේවා.බොහෝ.........ම ස්තූතියි...!

  42. ashen malinda

    මේක තමයි මගේ ජීවිතේ මෙතෙක් නරඹපු මගේ ආසම චිත්‍රපටිය. ඒ වගේම මගේ ආසම නලුවාත් රගපාන්නේ මේකේ.. මේ ලිපි දෙකෙන්ම මෙම චිත්‍රපටිය ගැන හොදින් පැහැදිලි කරලා තිබෙනවා. මේක තරම් හිතට වැදුනු වෙනත් කතාවක් නැති තරම්. එයට හේතුව මෙය මේ පොලොවේ ඇත්තටම සිද්ද උන දෙයක් නිසා වෙන්න ඇති. කෙසේ වෙතත් මෙම චිත්‍රපටියට කලින් උපසිරැසි නිර්මාණය කිරීමට ඉල්ලුම් කරත් ඒක මට නොලැබී ගියා. මෙවන් විශිශ්ඨ සිනමා නිර්මාණයකට උපසිරැසි ගැන්වීම ගැන ඉසුරු උදාන අබේසිංහ හද පිරි ස්තුතිය පුද කරනවා. ජය!!!!!!

  43. vihanga

    maru maru.onna banna demma

  44. ashen malinda

    අනිත් දේ තමයි මේකේ සංගීතය කොතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි. හිතටම වදිනවා. මියුසික් වැඩකර ජේම්ස් නිව්ටන් හෝවාර්ඩ්.. මගේ ආසම පසුබිම් සංගීතය

  45. ccnp

    සුපිරියේත් සුපරි ෆිල්ම් එකක් වෙන කියන්න දෙයක් නෑ......බොහොම තුති

  46. akila

    meeeka man balapu elama ela fim ekak... meka sinhala sub ekka baluwama tama niyama gatiya tiyenne...maxaaa.. thanks bro for subs.. budu saranai

  47. M.D.A Pradeep (අමිල මනනදේව)

    ෆිල්ම් එක සබ් නැතුව එක පාරක් බැලුවා.දැන් සබ් එක්ක තව පාරක් බලනවා.ස්තුතියි සහෝ.තවත් මේ වගේ හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
    ජය වේවා!!

  48. akila

    ඔබට ජය...ගොඩක් පින්

  49. Pùbùdù Pßs

    බලල නැහ්.... බාල බලමු...තෑන්ක්ස් සහෝ (Y)

  50. sumudu

    Thnx great film

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.