Watch Trailer

Friday the 13th (1980) Sinhala Subtitles | භීෂණයේ පළමු පියවර… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේක මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන ප්‍රථම චිත්‍රපටය වුනාට, මීට පෙර මම උප සිරැසි යෙදූ කෙටි චිත්‍රපට දෙකක් youtube වෙබ් අඩවියට ගේ කුරුල්ලා Ge kurulla සහ සොම්බීස් (Zombies with sinhala subtitles) යන නම් වලින් අප්ලෝඩ් කරලා තියෙනවා. නමුත් මෙම චිත්‍රපට‍යේ සිංහල උපසිරැසි යෙදවීම සඳහා අතහිත දී මා උ…

ආයුබෝවන් ! මේක මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන ප්‍රථම චිත්‍රපටය වුනාට, මීට පෙර මම උප සිරැසි යෙදූ කෙටි චිත්‍රපට දෙකක් youtube වෙබ් අඩවියට ගේ කුරුල්ලා Ge kurulla සහ සොම්බීස් (Zombies with sinhala subtitles) යන නම් වලින් අප්ලෝඩ් කරලා තියෙනවා. නමුත් මෙම චිත්‍රපට‍යේ සිංහල උපසිරැසි යෙදවීම සඳහා අතහිත දී මා උනන්දු කළ රොයිලි ප්‍රනාන්දු සහෝදරයාට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා.

Friday the 13th චිත්‍රපට පෙරහැර කොටස් 8 කින් සමන්විතයි. උප සිරැසි යෙදීම සඳහා 1980 තරම් එම පෙරහැරේ පැරණිම චිත්‍රපටය තෝරා ගැනීමට එක් හේතුවක් තියෙනවා. ඒ මුල සිටම සියළුම Friday the 13th චිත්‍රපට කොටස් සියල්ලම පිලිවෙලින් ඔබ වෙත ඉදිරිපත් කිරීමයි.

Friday the 13th (1980) ඇමරිකානු ත්‍රාසජනක චිත්‍රපටය එවකට ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක්. අත්හැර දමා තිබූ ක්‍රිස්ටල් ලේක් නම් කඳවුරු භූමිය නැවත විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන තරුණ තරුණියන් පිරිසක් වටා මෙහි කථාව ගෙතී ඇත. නාදුනන අයෙක් එම තරුණ පිරිසෙන් එකිනෙකා අමානුෂීය ලෙස මරා දමයි. එලෙස කුරිරු ලෙස ඝාතනය කරන තැනැත්තා කව්ද? ඔහු, ඔවුන් අතරින්ම කෙනෙක්ද? ඔහුගේ හැඩරුව මොන වගේද‍? තරුණ තරුණියන් සියළු දෙනාවම ඔහු මරා දමයිද? අවසානයෙ මිනිමරුවා හඳුනා ගනී ද? ඒ සියල්ල දැනගැනීම සඳහා Friday the 13th (1980) චිත්‍රපටය නරඹන්න.

Betsy Palmer, Adrienne King, Harry Crosby සහ Kevin Bacon රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර ‍මෙහි අධ්‍යක්ෂනය Sean S. Cunningham ගෙනි.

ලඟදීම එවැනි චිත්‍රපටයකින් නැවත ‍ඔබ හමුවනතුරු ඔබට ජය ශ්‍රී !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මදුරාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/07

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.