ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා හැමෝටම.. මමි චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක් අරගෙන ආවා. 1903 වසරේ ප්‍රථම වරට ප්‍රකාශයට පත්කල Bram Stoker විසින් රචිත The Jewel of Seven Stars නැමැති නව කතාව පාදක කරගනිමින් Christopher Wicking විසින් තිරරචනා කල චිත්‍රපටය.. Blood from the Mummy’s Tomb පුරාණ ඊජිප…

ආයුබෝවන්… නිරෝගිමත් සුබ දවසක් වේවා හැමෝටම..
මමි චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක් අරගෙන ආවා.
1903 වසරේ ප්‍රථම වරට ප්‍රකාශයට පත්කල Bram Stoker විසින් රචිත The Jewel of Seven Stars නැමැති නව කතාව පාදක කරගනිමින් Christopher Wicking විසින් තිරරචනා කල චිත්‍රපටය..
Blood from the Mummy’s Tomb
පුරාණ ඊජිප්තු රැජිණක් වන ටෙරා මියයෑමෙන් පසු ඇගේ අතක් සිරුරෙන් වෙන් කරන්නේ ඇගේ සිරුර පුරා ඇති බලය හීන කරන්නයි. නමුත් ඉන් පසු පූජකයින් සියල්ලම මිය යනවා. පසු කලෙක පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් මේ මමිය සොයාගෙන ඇයට නැවත පණ දෙන්නට කරන උත්සහයක් ගැන මෙම චිත්‍රපටයෙන් කියවෙනවා.
මෙහි ජුලියන් ෆුච් ලෙස Andrew Keir, මාග්‍රට් සහ ටෙරා රැජිණ ලෙස Valerie Leon, කෝබෙක් ලෙස James Villiers, ජෙෆ්රි ඩැන්ඩ්‍රිජ් ලෙස Hugh Burden, බෙරිගන් ලෙස George Coulouris සහ ටොඩ් ලෙස Mark Edwards සමග වෛද්‍ය පුට්නම් ලෙස Aubrey Morris රංඟනයෙන් දායක වෙනවා.
බ්‍රිතාන්‍ය ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය 1971 ඔක්තෝබර් 14 වනදා මුලින්ම එක්සත් රාජධානියේ තිරගත වී ඇති අතර 1972 මැයි 17 වන දා එක්සත් ජනපදයේ තිරගතවීම ආරම්භ වී ඇත.. නිෂ්පාදන පිරිවැය පවුම් 200,000කි. නිෂ්පාදනය Howard Brandy විසින් වන අතර අධ්‍යක්ෂණය Seth Holt සහ Michael Carreras විසිනි. විනාඩි 94ක කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.7ක්, Rotten Tomatoes 33% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 82%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,397 downloadsDownload Blood-from-the-Mummys-Tomb-1971.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
21 comments
Supun Kaushalya
Deshan
මචන් අලුත් එකක් දියන්කෝ
Udara Damith Dissanayaka
ayi parana eewath hodayi
කවිඳු ජයවර්ධන
පරණ ඒව බලන්නත් පුරුදු වෙන්නකො.මේ වගේ movies වල තියෙන්නේ අමුතුම ගතියක්.දැන් එන movies තරම්ම video quality නැති උනාට මේව මරු....
Deshan
උබලයි කමෙන්ට් බැලුවම සිරාවට පරන වුනත් බලන්න හිතෙනෝ..
ඒත් ඇයි බන් අරූ අරම හැසිරෙන්නේ???
Udara Damith Dissanayaka
maru ela
hashan
jayawewa
Shamal manojan
උපසිරැසියට බොහොම බොහොම බොහොම ස්තූතියි සහෝ.
දිගටම මේ වගේම පැරණි චිත්‍රපටම දෙන්න සහෝ.
ලංකාවට සිංහල උපසිරැසි හඳුන්වාදුන් ඓතිහාසික සිංහල උපසිරැසි වෙබ් අඩවියකට අද පැරණි ඉංග්‍රීසි ෆිල්ම් දෙන්න ඉතිරි වෙලා ඉන්නේ ඔබ පමණනමයි.
සිය ගණන් අලුත් ෆිල්ම් සතිපතා ලැබෙද්දී කලාතුරකින්
අපට ලැබෙන පරණ ෆිල්ම් එකම එකටත් අනං මනං ටෝක්ස් දාලා අලුත් ෆිල්ම් ඉල්ලන ගොං හැත්ත කියන එව්වා අහන්න එපා.මේ දුර්ලභ ෆිල්ම් එකට අනං මනං කියන එව්න් මකබෑවිලාම පල.
Deshan
මොකක්ද බූරුවෝ උබේ ඔය බාසාව???
රොෂාන් අලුත් ෆිල්ම් දුන්නත් එකයි මට නැතත් එකයි, මේ සයිට් එකේ ඔක්කොම පරන ෆිල්ම් දුන්නත් ඒත් මට අවුලක් නෑ , ඇයි වෙන සයිට් නැතුවෙයි???
මම කමෙන්ට් කරේ මට හිතුන දේ , මම කිව්වෙ නැහැනේ පරන ෆිල්ම් දෙන උන් බලන උන් මකබෑවියන් කියලා,මේ වගේ දේකට උබට ඔච්චර මල පනිනවනන් අනිවා උබට මානසික ලෙඩක් තියනෝ මචන්
උබ අනිවා ලෙඩෙක් පෙන්නගනින් මානසික ඩොක්ට කෙනෙක්ට...පවු බන් උබ!!!Shamal manojan
පරණ ෆිල්ම් බලන්න වැඩියෙන් ආසා වීම තමයි මානසික ලෙඩේ. ඒ ලෙඩේට තියන බෙහෙත් තමයි මේ වගේ පරණ ෆිල්ම්. මේවා දෙන උපසිරැසි කරුවන් 10 ක් 15 ක් විතර 2009 ඉදලා මේ වෙබ් සයිට් එකේ හිටියා. ඒ අයට පැරණි සබ් දෙන එක එපා උනේ පරණ ෆිල්ම් දෙනකොට ඒවා එපා අලුත් ඒවා දියන් කියපු එව්න් හින්දා.
A r perera
නියමයි බ්‍රෝ
කවිඳු ජයවර්ධන
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..
පැරණි movies වල රසය දන්න රසිකයන් වෙනුවෙන් කරන මේ සේවයට බොහොම ස්තුතියි..දිගටම පැරණි English Movies වලට සිංහල උපසිරැසි ලබා දෙන්න..!!ඔබට ජය!!RVMENDIS85
Thanks for sinhala sub.....
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි!
හැකිනම් පුළුවන් වෙලාවක මේ ප්‍රංශ සිනමාපට වලින් එකකට හෝ සබ් ලබාදෙන ලෙස යෝජනා කරනවා. La Dolce Vita 1960, Breathless 1960, The Trail 1962, Z 1969. ඔබ මීට පෙර සබ් ලබාදුන් The Train 1964 ප්‍රංශ සිනමාපටය මා නැරඹුවා.Muditha Dissanayaka
thanks machan
M.R.J Senanayake
"ඇන්රොයිඩ් ෆෝන් " එකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ මොකක් හරහාද ? උදව් කරන්න
රොෂාන් ශමීර
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් බයිස්කෝප් අඩවියට පිවිසෙන්න. ඒ සඳහා ක්‍රොම් පාවිච්චි කරනවානම් වඩාත් හොඳයි. ඔබට අවශ්‍ය උපසිරසි සහිත චිත්‍රපට පිටුවට පිවිස ලිපිය අවසානයේ ඇති -සිංහල උපසිරැසි මෙතනින් බාගන්න- යන කොටස ටච් කරන්න. එවිට අදාල උපසිරසිය සිප් (zip file) ගොනුවක් ලෙස ෆෝන් එකට බාගතවේ. එය ෆෝන් එකේ My File - Downloads ගොනුවේ බාගත වී ඇත. එය ටච් කල පසු ඉහලින් ඇති unzip ටච් කිරීමෙන් අදාල උපසිරසිය zip file එකෙන් නිදහස් කරගත හැක. උපසිරසිය හා එයට අදාල චිත්‍රපටය එකම ෆෝල්ඩරයක save කරගැනීමෙන් පසු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මගින් පහසුවෙන් සිංහල උපසිරසි සහිතව චිත්‍රපටය නැරඹිය හැක.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
A r perera
නියමයි බ්‍රෝ
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Blood from the Mummy’s Tomb (1971) Sinhala Subtitles | පුරාණ ටෙරා රැජිණගේ නැවත නැඟිටීමය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/Blood-from-the-Mummys-Tomb-1971.jpg)
තෑන්ක්ස් සහෝ