ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉඳපු ෆිල්ම් එකකට සබ් එකත් අරගෙනයි අපි ආවේ. 1992 අවුරුද්දෙ, සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙනුවෙන්ම ආපු මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි චිත්‍රපටයට පස්සේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වුනු, ඒ වගේම මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ලයිව් ඇක්ෂන් සහ ඇනිමේටඩ් චිත්‍රපටිය තමයි Tom and Jerry (…

ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉඳපු ෆිල්ම් එකකට සබ් එකත් අරගෙනයි අපි ආවේ. 1992 අවුරුද්දෙ, සිනමාශාලා වල ප්‍රදර්ශනය වෙනුවෙන්ම ආපු මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි චිත්‍රපටයට පස්සේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වුනු, ඒ වගේම මුල්ම ටොම් ඇන්ඩ් ජෙරි ලයිව් ඇක්ෂන් සහ ඇනිමේටඩ් චිත්‍රපටිය තමයි Tom and Jerry (2021). සබ් ලයින්ස් ගාන වැඩි හින්දා ලශේන් මල්ලිට ස්තූතිවන්ත වෙන්න එයත් එක්ක එකතු වෙලා තමයි වැඩේ ඉවරයක් කළේ. ඒ වගේම අශාන් අයියා ඇතුළු ඇඩ්මින් මඬුල්ලට ස්තූති කරන්නම ඕනි අපිට මේ සබ් එක කරන්න චාන්ස් එක දුන්නට. එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ.
පෙබරවාරි 11 වෙනිදා තායිවානය වගේ රටවල සිනමා ශාලා වෙනුවෙන් නිකුත් වුනත් පෙබරවාරි 26 වෙනිදා ඇමෙරිකාවේ සිනමා ශාලා වෙනුවෙන් මෙන්ම HBO Max හරහාත් නිකුත් කරන්න WB ලා කටයුතු කරපු හින්දයි මේ තරම් ඉක්මනට සබ් එක අරන් ආවේ. මේ වෙද්දි IMDB අගය 6 ක් ලැබිලා තියෙනවා වගේම තාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. Animation / Adventure / Comedy කියන කැටගරිවලට අයිති වෙන මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය Fantastic Four (2005), Think Like A Man (2012) වගේ සුපිරි චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Tim Story ගෙන්. නළු නිළියෝ විදිහට කොයි කවුරුත් දන්න ජනප්‍රිය නළු නිළි සෙට් එකක් තමා ඉන්නේ. The 5th Wave (2016), If I Stay (2014) වගේ ජනප්‍රිය චිත්‍රපටිවල හිටපු Chloe Grace Moretz, Fantasy Island (2020) වගේ චිත්‍රපටිවල හිටලු Michael Pena වගේ අය. ඒ වගේම Begum Jaan (2017) වගේ හින්දි චිත්‍රපටිවල රඟපෑ ඉන්දියානු සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු නිළි Pallavi Sharda මේකෙ වැදගත් චරිතයක් නිරූපණය කරනවා. මේ වෙනකම් නිකුත් වෙලා තියෙන දිගම ටොම් ඇන්ඩ් ජෙරි ෆිල්ම් එක වෙන මේ ෆිල්ම් එක විනාඩි 101 ක් පුරාවට ඔයාලට නැවුම් අත්දැකීමක් දෙන්න මේ චිත්‍රපටිය සමත් වෙයි.
කතාව ගැන ටිකක් කියනව නම් ජෙරී නිව්යෝර්ක් නඟරේ අලුතින් පදිංචියට තැනක් හොයන ගමන් ඉන්නේ. එ වගේම ටොම් ඇස් පේන්නෑ වගේ බොරුවට රඟපාලා මිනිස්සු රවට්ටලා සල්ලි හම්බ කරනවා. ජෙරී එක කඩාකප්පල් කරන හින්දා ටොම් ජෙරී පස්සෙන් එළවද්දි කෙයිලා කියන තරුණියගේ රස්සාව නැති වෙනවා ටොම් හින්දා. ඊට පස්සේ කෙයිලා අලුත් රස්සාවකට යනවා රෝයල් ගේට් කියලා ප්‍රසිද්ධ හෝටලේක. ඉතින් ඔය හෝටලේට ටොමුයි, ජෙරී දෙන්නත් සෙට් වෙනවා. ඊටපස්සේ කෙයිලටයි ජෙරීටයි භාර වෙනව මීයෙක් ඉන්නවා කියලා හෝටලේ නම කැත වෙන්න කලින් ජෙරීව අල්ලගන්න එක. ඉතින් තවත් කතාව කියන්න ගියොත් බලලා වැඩක් නෑනේ. එහෙනම් ඉතින් තවත් ෆිලුමකින් හම්බෙනකම් හැමෝටම ජය වේවා!
ලිපිය – සොහාන් ජයසූරිය

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
23,198 downloadsDownload Tom-and-Jerry-2021-Blu-Ray.zip112 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට සහ “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
49 comments
Shamal manojan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Shamal manojan
එල්.සී. ද මැල් සහො,
Popeye 1980 චිත්‍රපටයට උපසිරැසි දෙන්න හැකිනම්...Gihan
Sub ekta Thanks Saho.
කවිඳු ජයවර්ධන
මෙන්න පහරක් බස්සලා.හදිස්සිය වැඩිකමට English සබ් එකත් එක්කම බැලුවා..සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
Anonymous
Thanks sub ekta
Nilush Angana
Sub ekata thanx
Pasindu Madumal
සබට තුති දෙන්නටම ❤️
සුපිරියක්D.Chamara
බොහොම ස්තූතියි .... !
tv malli
සබ් එක ඉක්මන්ට දැම්මට ස්තුතියි....ජය වේවා.....
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Ishan Dananjaya
Walking dead අළුත් එපියටත් සබ් එක ඕනා
Anonymous
baiscope eken me karana illimak puluwannam KOREAN drama ekak thiyenawa MR QUEEN kiyala ekata sub denna puluwanda karuth balanna inna kdrama ekak. please
Hashan
ගොඩක් ස්තූතියි සබ් එකට
ජය වේවා.!Anonymous
thanks for sub
ovi
thankz saho..
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි දෙන්නටම! සිංහල උපසිරැසිය දෙනකල් බලාගෙන හිටියේ.
kevin D...
Thanks...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Thanks සහෝ♥️
-චානක ඉඳුනිල්-
thanks for sinhala subtitles
Arawinda Sunimal
ස්තුතියි උපසිරැසියට ජයවේවා බුදු සරණයි ......
Shaggy
බොහොම ස්තූතියි
sahan malinga
elamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Gayana Thathsara
තෑන්ක් බ්‍රෝ සබ් එක ඉක්මනට දුන්නට්
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොෂාන් ශමීර ජයසිංහ
දෙන්නටම බොහොම ස්තූතියි...
~ ජය වේවා~සංජන චමෝද්
දෙන්නටම උපසිරැසියට ගොඩක් ස්තූතිය...
UDARA DAMITH
adda dadaa
indika75
thanks..
Anonymous
Thanks for subtitles
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
sangeeth Samarasinghe
Sub Akata nm Thanks.. Flim aka gena nm achchara kiyanna tharam hodak ne.. WB lage wedak unath Kammaki nathuwa balanna ba.. Film aka nam madi. Kohoma unath sub akata thaks karanna oona.. loku mahansiyak.. mmth sub karala thiyena nisa dannawa aake hard aka
ෂෙහාන් හර්ෂණ
සබට ස්තූතිය ❤️
Kaveen
හිතුවට වඩා film එක නම් අවුල්. මගේ අදහස
MAALNATHl
Thanks ...............good luck ..................
YasasPerera
thank you
Anonymous
Thank a lot brohhhh....
දිල්ශාන්
අම්මෝ මෙහෙම ඩබලක් ඇත්තට හිටියොත් ලෝක විනාසයක් වගේ තියෙයි.සබ් එකට තෑන්ක්ස් ❤️
Ishan Madusha
බොහොම ස්තූතියි දෙන්නටම
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danith
Thank you
thilina
thq bro
supun
tz sub ekata..
Anonymous
homada download karrane
විමා
Baiscopedownloads එකෙන්
Vihanga lakshan
kohamada download karane
විමා
Baiscopedownloads.co එකෙන්.
Advertisement
උපසිරැසියට බොහොම ස්තූතියි.