Watch Trailer

Scooby-Doo! The Sword and the Scoob (2021) Sinhala Subtitles | අඳුරු අතීතයකට චාරිකාවක් ! [සිංහල උපසිරසි]

කාලෙකට පස්සේ අරන් ආවා ස්කූබි ඩූ සබ් එකක්. 2021 අවුරුද්දෙ නිකුත් වුන මුල්ම ස්කූබි ඩූ කාටූන් එක. ලයින් ගාන ටිකක් වැඩි නිසා මේක ඉවර කරන්න ‌ලොකු වෙලාවක් ගියා. පොඩි කියවිල්ලක්යෑ තියෙන්නෙ ස්කූබී සෙට් එකේ. ඉතින් ලයින් 1000 පනිනවා. ඉතිං වෙච්ච පරක්කුවට සමාව ඉල්ලනවා. සබ් එක දෙන්න කියලා ෆේස්බුක් හරහා ඉල්ලීම්…

කාලෙකට පස්සේ අරන් ආවා ස්කූබි ඩූ සබ් එකක්. 2021 අවුරුද්දෙ නිකුත් වුන මුල්ම ස්කූබි ඩූ කාටූන් එක. ලයින් ගාන ටිකක් වැඩි නිසා මේක ඉවර කරන්න ‌ලොකු වෙලාවක් ගියා. පොඩි කියවිල්ලක්යෑ තියෙන්නෙ ස්කූබී සෙට් එකේ. ඉතින් ලයින් 1000 පනිනවා. ඉතිං වෙච්ච පරක්කුවට සමාව ඉල්ලනවා. සබ් එක දෙන්න කියලා ෆේස්බුක් හරහා ඉල්ලීම් කරපු චාමික සහෝවත් මතක් කරන ගමන් පොඩ්ඩක් හැරෙමු ෆිල්ම් එක පැත්තට.

මේ වෙද්දි IMDB අගය 6.7 ක් හිමිවෙලා තියෙනවා. කතාව ගැන කියනවා නම් මෙදා සැරේ ස්කූබී සෙට් එක කාල තරණය කරන සීන් එකක් යන්නේ. ඒ මධ්‍යකාලීන යුගයට. මර්ලින් එහෙම හිටපු ආතර් රජතුමාගේ කාලෙට තමා සෙට් එක යන්නේ. මර්ලින් එහෙමත් ඉන්නවා කතාවේ. හැබැයි පොරට නම් වයසයි. ඉතිං මේ දේවල් හින්දා මේ ෆිල්ම් එකත් ස්කූබි ෆිල්ම්වලට ආස අයට අලුත් අත්දැකීමක් වෙයි.

ආරංචිවලට අනුව 2021 අවුරුද්දේ ස්කූබි ඩූ ෆිල්ම්ස් දෙකක් එන්න නියමිතයි. දැන් මේ එකක් ආවනේ. ඒ කියන්නේ තව එකක් එන්න තියෙනවා. ඒක ගොඩක් දුරට සැප්තැම්බර් මාසෙදි වගේ අපිට බලාගන්න පුළුවන් වෙයි. හරි තොරතුරක් නෑ අනුමානයක් විතරයි. ඒ වගේම ඒ ෆිල්ම් එක එක්දාස් නවසිය ගණන් වලදි ජනප්‍රිය වෙලා තිබුන Courage the Cowardly Dog කියන ඇනිමේෂන් සීරීස් එකත් එක්ක සම්බන්ධ වෙයි කියලයි කියන්නේ. එහෙම වුනොත් ඒකත් ස්කූබි ෆිල්ම් බලන අයට අලුත්ම අත්දැකීමක් වෙයි. ලිපිය ටිකක් කලබලේ ලිව්වේ හොඳ නින්දක් දාන්න වෙලා මදි නැත්නම් මොකද හෙට දවසත් හොඳට නිදි මරන්න වෙයි කට්ටිය එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න තව ෆිල්ම් එකකට සබ් එක කරන්න තියෙන නිසා. එහෙනම් ඒ ෆිල්ම් එකෙන් හම්බෙනකම් හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip / HDRip  පිටපත් සඳහා අදාළ වේ.

11,489 downloadsDownload Scooby-Doo-The-Sword-and-the-Scoob-2021-1.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

11,489 downloadsDownload Subtitles75 KB

32 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මල්ලෝ...
    Tom & Jerry ත් ඉක්මනටම දෙමු එහෙනම්
    ජය වේවා !!!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  4. Shaggy

    බොහොම ස්තූතියි

  5. sadun kawinda

    sopar

  6. Udara Damith Dissanayaka

    ස්කුබි ධාලා නෙලන්නේ මල්ලි පරක්කු උන නිසා
    එධා මැසේජ් එකක් deම්ම ධවසේ ඉදන්
    අම්මෝ හිටිය විධිහ
    අධ ඔන්න එවුවට පස්සේ බයිට් පොප් කොන් ගෙනල්ල ධෙන්ඩ
    වැdeට බලන්ඩ හධන්නේ

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Pasindu Madumal

    නොබල කොහොමද?
    සබට තුති වේවා සහෝ ❤️

  9. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  10. Dilshan Madusha

    Adarei sohan Borother, thank you for the sub... keep it up mcn, well done...

  11. Hashan

    බොහොම ස්තූතියි සබ් එකට සොහාන් අයියෙ..
    ජය වේවා.!

    1. Okinda

      boss baby film ekata sub thiyanawada

  12. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහොම ස්තුතියි මල්ලි! සිංහල උපසිරැසිය දෙනකල් බලාගෙන හිටියේ.

    1. Anonymous

      Ow saho mgeth ehemi aid danna?

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. කවිඳු ජයවර්ධන

    ස්කුබී නම් ඉතින් බැලිල්ලක් තමයි තියෙන්නේ.merlin ඉන්නවනම් නොබල කොහොමද.උපසිරැසියට ස්තූතියි සහෝ..

  15. kumara 123

    ch ujd

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. ෂෙහාන් හර්ෂණ

    සබට තෑන්ක්ස් සහෝ❤️

  18. Kavindu

    404 error kiyano. Download wen na.

    1. Shahan

      Owne mth danv 404 kiyl කොහොමද eke sub ek gnne

  19. Anonymous

    සබ්ටයිට්ල් එක නෑ කියනවනේ?

  20. G G T PRIYAKANTHA

    සබ්ටයිට්ල් එක නෑ කියනවනේ?

  21. Anonymous

    sub eka penne nane, pge not found wetenawa

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Bimbisha Adithya

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.ජයෙන් ජය ♥️ සොහාන් සහෝ ♥️

  24. yamee

    හරිම පැහැදිලියි. සුපිරියටම සබ් කරලා තියෙනවා. ගොඩාක් ස්තූතියි අයියේ. Great job

  25. ravindu heshan

    super

  26. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  27. Anonymous

    බොහෝම ස්තූතියි!!!

  28. Disath Damsana

    scooby doo animation english movies download kara ganna widihak dannawada

    1. Sanupa Ranmeth

      අපේ ඩවුන්ලෝඩ් අඩවියෙන් බාගන්න සහෝ.