නාජා – තමන්ගෙ දරුවා වෙනුවෙන් මිය යන්න උනත් ලෑස්ති, කිසියක් අභිරහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න ඇමෙරිකාව බලා පිටත් වෙන කාන්තාවක්. එලියාස් – තමන්ගෙ අම්මා වෙනුවෙන් මිය යන්න උනත් සූදානම් ඇගේ රෝගය සුව කරගන්න යන ගමනට ශක්තියක් වෙන පුංචි පුතෙක්. ෆාරිද් – ඇමෙරිකාවේ සමුලුවකට සහභාගී වෙන්න යන පුද්ගලයෙක්. මේ තුන්…

නාජා – තමන්ගෙ දරුවා වෙනුවෙන් මිය යන්න උනත් ලෑස්ති, කිසියක් අභිරහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න ඇමෙරිකාව බලා පිටත් වෙන කාන්තාවක්.
එලියාස් – තමන්ගෙ අම්මා වෙනුවෙන් මිය යන්න උනත් සූදානම් ඇගේ රෝගය සුව කරගන්න යන ගමනට ශක්තියක් වෙන පුංචි පුතෙක්.
ෆාරිද් – ඇමෙරිකාවේ සමුලුවකට සහභාගී වෙන්න යන පුද්ගලයෙක්.
මේ තුන් දෙනාම ඇමෙරිකාව බලා ගියෙ එකම ප්ලේන් එකේ.. ඒත් ඒ ප්ලේන් එක යන්න නියමිත ගමන යන්නැතුව ගුවන් තොටුපළකට ගොඩබානවා.ආමි එකේ සුපරීක්ෂණය යටතේ. මේ ප්ලේන් එකේ ප්‍රධාන හා දෙවන ගුවන් නියමුවො දෙන්නම මැරිලා. ප්ලේන් එකෙන් මුලින්ම බිමට බහින්නෙ පොඩි ළමයෙක්. ඒ ළමයා තමයි එලියාස්. එලියාස් පිස්සුවෙන් වගේ කියෝනවා ප්ලේන් එකේ රාක්ෂයො ඉන්නවා කියලා. ඒ හින්ද ඉර බහින්න කලින් ෆාරිද්ව බේරගන්න කියලා.. ඒත් ෆාරිද් කියන්නෙ ත්‍රස්තවාදියෙක් කියලයි හමුදාව හිතන්නේ..මේ ප්ලේන් එක ත්‍රස්තවාදීන් විසින් පැහැරගන්න හැදුවා කියලයි හමුදාව නම් සැක කරන්නේ. ඇත්තටම මොකක් වෙන්නැතිද? ඔයාලම එහෙනම් ඒක බලන්නකෝ.
මේ රන් ආවේ පහුගිය 24 වෙනිදා නෙෆ්ට්ලික්ස් හරහා රිලීස් වුන අලුත්ම ෆිල්ම් එකක සබ් එක අරන්. Blood Red Sky (2021). මේ දවස් තුන ඇතුළත මනාප 8000 කින් IMDB අගය 6.2 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 75% ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය Peter Thorwarth විසින්. Roland Møller, Peri Baumeister, Chidi Ajufo, Alexander Scheer, Carl Anton වගේ නළු නිළියන්ගෙ රංගන දායකත්වය ලැබිලා තියෙනවා.
වචන භාවිතය නම් හරිම ප්‍රචණ්ඩයි ඒ වුනත් 18+ ලේබලේ ගහන එක අපරාදේ නිසා සබ් එක අවුලක් නැතුව හැදුනා. දෙබසක් ඇර දෙබසක් වගේ F අකුරෙන් පටන්ගන්න වචනයක් තියෙනවා. ඒ වගේම ගොඩක් ලේ වැගිරීම් තියෙනවා. ඒ වගේම සමහර ආගම් වල නායකයන්ගෙ නම් සම්බන්ධ කරලා ද්වේෂය මතු වෙන විදිහෙ ප්‍රකාශ තිබුනත් ඒක ඒ ආගම් වල අයගෙ හිත් රිදෙන්න හේතු වෙයි කියලා පුද්ගලිකව මට හිතුන නිසා ඒ දෙවියන්ගෙ නම් සඳහන් කලේ නෑ.. එහෙනම් මං ගිහින් එන්නම්. ලිපිය ටිකක් කලබලේ ලියන්නේ දැනටමත් සබ් එක පරක්කු නිසා. එහෙනම් ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
14,013 downloadsDownload Blood-Red-Sky-2021.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
155 comments
මයුර
Ishan Madusha
බොහෝම ස්තූතියි සහෝ
Kushan
Sub akta thanks
Anonymous
Sohan lokka gennema me type eke ewa
Ela ela digtma me wage ewa demuSohan Jayasooriya
අනිවා සහෝ
Anonymous
niyamai bokka....thnkzzzzz
Supun Dhanujaya
Sub එකට thanks. ආයෙ දානකොට නම් සඳහන් කරන්න බය වෙන්න එපා. ඇත්ත බලන්න තමයි අපි කැමති. Film එක හදපු අයගෙ වැඩක් ඉතුරු හරිය ඔයාල ඇත්ත දාන්න.
Sohan Jayasooriya
ඔව් ඒ කතාවත් ඇත්ත.. අනිවා සහෝ..
විහඟ පියුමාල්
බොහොම ස්තූතියි උපසිරසට!
Neo
Thanks brother
Keep it upAnonymous
සුපිරි සහෝ
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
V.P
සහෝ තව සීරීස් එකක් දෙමු
මේකටත් ගොඩක් ස්තුතියිSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
තැන්කු වේවා
thilina
ado noo
Hasitha
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
Anonymous
Sub ekata Thanks! Puluwan nam 'The Last Letter from Your Lover' film ekata sub denna
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks mchn
Lakmal
උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
නියමයි සහෝ.දිගටම හොලිවුඩ්ම දෙමු..
කවිඳු ජයවර්ධන
සොහාන් අයියා ෆිලුමක් දුන්නොත් සුපිරියක් තමා..අර ටිකක් පරණ උනත් ඔස්කාර් ගහපු එකක් දෙනව කීවෙ.ඒක දෙනකල් බලන් ඉන්නෙ.හසිත අයියත් පලස්තීන එකක් දෙනවා කීවා.ඒකත් තාම නෑ..මේ සබ් එකටත් තෑන්ක්ස් සහෝ.
Sohan Jayasooriya
ඔව් මේ අලුත් ඒවා නිසා ඒක පොඩ්ඩක් පස්සට ගියා සහෝ.. දෙන්නම් ඉක්මනටම..
කවිඳු ජයවර්ධන
අපේ කමෙන්ට් කියවන එකම ලොකු දෙයක් සහෝ.සයිට් එකේ ගොඩක් සහෝල අපේ කමෙන්ට් වලට කිසිම රිප්ලයි එකක් නෑ.ඒ අතින් අයිය නියමයි.තව තව කමෙන්ට් දාන්න හිතෙනවා.අර ෆිලුම එනකල් බලන් ඉන්නෙ❤
Anonymous
thank you for sinhala sub mch
Anonymous
ftta
Yohan
සබ් එකට තෑන්ක්ස්
hasalanka dineth
සබට තුති සහෝ.තව දෙමු
asp
මේ අර prison break එකේ හිටපු ලින්කන් බරෝස් නේද.මිනිහව දකින්නෙත් සෑහෙන කාලෙකින්.සබ් එකටත් තැන්ක්ස්
Anonymous
thanks bro.thawa demu
kp
සබ් එකට ගොඩක් ස්තුතියි❤❤❤
gayan eranga
සොහාන් බ්‍රෝ දෙන නිසා බය නැතිව බලන්න පුලුවන්.සබ් එකට තැන්කූ.
Anonymous
niyama filuma
Anonymous
තව දෙමු මචී
Anonymous
Thnks brother.jaya wewa
rasika
තැන්කු තැන්කු
tharidu
බොහොම ස්තූතියි සහෝ <3
Anonymous
thanks...good luck.keep it up.
udara
ෆිල්ම් එකනම් මරු. තෑන්ක්ස් සබ් එකට
janith
පුලුවන්නම් අයියෙ කට්ටියත් එක්කම English මිනි සීරීස් එකක් දෙමුකො.අලුතෙන් ආව සෑහෙන් ගොඩක් තියෙනවා.
Sohan Jayasooriya
උපරිම ට්‍රයි එකක් දෙන්නම් සහෝ..
Anonymous
thawa denna
Sohan Jayasooriya
මේ කමෙන්ට්ස් ටික දකිද්දි මාරම සතුටුයි.. කමෙන්ට්ස් බලන්න ආපු ගමන් කමෙන්ට්ස් 36 යි කියලා දැක්කම මං හිතුවේ අර කලින් වගේ කට්ටිය කමෙන්ට්ස් බොක්ස් එකේ රණ්ඩු කරගෙන කියලා.. එහෙම නෑ හැමෝම ස්තූතියි කියපුව තියෙන්නෙ.. ගොඩක්ම ස්තූතියි මං ගැන තියන විශ්වාසෙට.. හිතට මාරම සතුටක්, හයියක් ඔයාලගෙ මේ අදහස්..
Wasantha
ado thanks bokka
Kanishka
බොහොම ස්තූතියි.
Anonymous
night data වලට පින් සිද්ද වෙන්න මහ රෑට ෆිල්ම් බලන්න පුලුවන්.රෑට බලන්න කියාපු ෆිලුම.සබ් එකට තෑන්ක්ස් සහෝ.දිගටම සබ් දෙමු.
අසේල
ස්තූතියිි සහෝදරයා..බුදුසරණයි ඔයාට
Anonymous
sab ekata thanks bro
pradeep
සබ් එකට තෑන්ක්ස් මචන්.මේ ටයිප් ඒවා තව දෙමු හොඳේ..
Anonymous
සිංහල උපසිරැසියට ස්තූතී සහෝ.
niluka
නියමයි නියමයි.බාලම බලමුකො..
hasitha
මේ සයිට් එකේ කැමතිම උපසිරැසිකරුවෙක් තමා ඔයා.මොකද කියනවානම් ෆිල්ම් එක හොඳයිනම් ඒක ලිපියෙ තියෙනවා වගේම ෆිල්ම් එක අවුල්නම් ඒකත් ලිපියෙ තියෙනවා.එහෙම නැතුව සබ් කරපු පලියට ඕන ජරාවක් ඇඟේ ගහන් නෑ.සමහර ෆිල්ම්වල ලිපිය කියෙව්වහම හිතෙන්නෙ සුපිරිම ෆිල්ම් එකක් වෙන්න ඇති කියලා.බැලුවට පස්සෙ සබ් කරපු සහෝගෙ නෑයොන්ටත් ඉතින් හචින් යනවා ඇති.විශේශෙන්ම ඉන්දියන් ෆිල්ම් දෙන සැට් එක..ඒ හින්ද ඒ ෆිට් එක නැති කරගන්න එපා මචන්.මොකද එහෙම උනාට පස්සෙ ආය ලෝකෙ හොඳම ෆිලුම දුන්නත් බලන්න හිතෙන් නෑ.හොඳයිනං හොඳයි නැත්තන් නෑ.එච්චරයි.
වෙනද වගේම සබ් එකටත් ගොඩක් තෑන්ක්ස් බන්..Anonymous
thank tou for sinhala sub
Anonymous
thank you for sinhala sub
Anonymous
niyamai saho.mea type ewa thawa denna.jaya
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මරු මරු ඈ. වැම්පයර් එකක්...බාලා තියන්නම්කෝ
සබට තෑන්ක්ස් මචෝ