මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. කතාව මෙසේ ආරම්භ වේ. “සර්දාර් රාජ්පාල්” සූදු ක්‍රීඩාවට ලොල් වූ පුද්ගලයෙක් වන අතර එම අවස්ථාවක දී ඔහුගේ අතින් “අමරනාත්” නම් මිත…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. කතාව මෙසේ ආරම්භ වේ. “සර්දාර් රාජ්පාල්” සූදු ක්‍රීඩාවට ලොල් වූ පුද්ගලයෙක් වන අතර එම අවස්ථාවක දී ඔහුගේ අතින් “අමරනාත්” නම් මිතුරෙක් ඝාතනය වේ. අමර්නාත්ගේ සොයුරා වන “විෂ්ණු” පොලිසිය රැගෙන සර්දාර්ගේ නිවසට පැමිණේ. එහි දී “කම්ලා” නම් තම බිරිඳ සහ “ශංකර්” පුතාව හැරදමා ආරක්ෂාව සඳහා නිවසින් පලායන සර්දාර් සැඟවී ජීවත්වෙන අතර දියණියක් හදාවඩා ගැනීමට ගනී. මෙසේ වසර විස්සක් පමණ ගතවන විට ඔහු ධනවතෙක් බවට ද පත්වේ. තම ජීවිත කතාව හදාවඩා ගත් දියණිය වන “මීනා” ට පවසන ඔහු තම බිරිඳ සහ පුතා සෙවීම සඳහා පුවත්පත් දැන්වීමක් දමයි. ඒ මීනාගේ උපදෙස් මත අනියම් ආකාරයකටය. එහිදී තම වතුයායට වැඩට දෙදෙනෙක් සොයන බව සඳහන් කරමින් මේ දැන්වීම දමනු ලබයි, එයට පහළින් කම්ලා සහ පුතා ගැන ද සඳහන් කරයි. ඔහු අතින් මියගිය පුද්ගලයාගේ සොහොයුරා වන විෂ්ණු සහ නගරයේ පොලිසිය මෙම දැන්වීම ගැන සැක කරන්නේ කම්ලාගේ නම නිසායි.
මෙම දැන්වීම හඳුනා ගන්නා “කම්ලා” තම පුතා ශංකර්ට මේ බව නොදන්වා පියා වෙතට ඔහුව එවීමට කටයුතු කරයි. ඒ ශංකර් තම පියාට වෛර කරන නිසාය. එමෙන්ම රහසිගත ලියුමක්ද ඔහු සමඟ සර්දාර් වෙත එවයි. මේ අතර සැලැස්මක් අනුව විෂ්ණුගේ පුතා වන “සොහාන්” ද සර්දාර්ගේ පුතා ලෙස වංචාකාරී ලෙස පෙනී සිටීමට ඔහුගේ නිවසට පැමිණේ. මෙහි දී සොහාන්, ශංකර්ට පෙර සර්දාර්ගේ නිවසට පුතා ලෙස පැමිණේ. මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. ශම්මි කපූර්, අමීටා සහ ප්‍රාන් ක්‍රිෂන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. මෙය ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවනා, දුල් කා ෆූල්, බවර්චී”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ Tumsa Nahin Dekha (1957) Full Romantic Movie | तुम सा नहीं देखा | Shammi Kapoor, Pran යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විස්සයි, තත්පර හතළිස් දෙකක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
924 downloadsDownload Tumsa-Nahin-Dekha-1957.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
12 comments
W T Ajith
Priyantha Dayakeerthi
මෙම සටහන දමන්නේ මට හැමදාම වගේ කමෙන්ට් කරනවා පරණ හින්දිවෙනුවට අලුත් ඒවා කරන්න කියලා. මම මේ උපසිරසි හදන්නේ ඩීවීඩී සඳහා. ඒ මන්ද බොහෝ වැඩිහිටි අයට "ඩවුන්ලෝඩ් කර" ෆිල්ම් බැලීමේ දැනුමක් නැති නිසා. මේ එක ෆිල්ම් එකකින් තැටි දෙදාහක් පමණ ගහනවා. ඒ ලංකාවේ තිබෙන "පැරණි හින්දි රසික සංගමය" වෙනුවෙන්. මම දැනටමත් හින්දි පරණ ෆිල්ම් 200 කට පමණ සබ් කරලා තිබෙනවා, දැනටත් අලුතින් දිනපතා සබ් කරනවා. බයිස්කෝප් එකට දැනට දී තිබෙන්නේ එයින් 69 ක් පමණයි. ඉතිං කැමති කෙනෙකුට බලන්න තමයි මම බයිස්කෝප් එකට ඒවායින් සබ් එක බැගින් මෙසේ දමන්නේ. ස්තුතියි!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් මේ කරන සේවය ඉතාමත් වටිනවා.
D P Gamage
I like this films.
Bahar 1951.
Sadhna 1958.
Shikar 1968.
Chottisi baat 1975.
thanks for this great work!කවිඳු ජයවර්ධන
අවුරුදු 64ක් පරණ ෆිල්ම් එකක්.වෙනසකටත් එක්ක නියමයි.කවුරු මොනවා කිව්වත් දිගටම සබ් දෙන්න..මේ සබ් එකටත් ගොඩක් ස්තූතියි.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
This movie is also very valuable, thank you for that! I suggest "Ram Aur Shayaam" hindi movie.