Watch Trailer

Face Your Fears (2020), SPEC OPS (2020), Red Water (2020) & Miscreant (2019) Sinhala Subtitles | කෙටි චිත්‍රපට හතරක් [සිංහල උපසිරසි]

ඔන්න අදත් මම අරගෙන ආවා යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 4ක්. යූ ටියුබ් එකේ එහෙ මෙහේ යද්දි දැකපු චිත්‍රපටි ටිකකට උපසිරැසි කරන්න හිතුන නිසා, මීට කළිනුත් මම කෙටි චිත්‍රපටි තුනකට උපසිරැසි දුන්නා. ඒත් මේවට නිකුත් කරපු කිසිම උපසිරැසියක් නැති නිසා මේ වැඩේ ටිකක් අමාරුයි. සිංහල උපසිරැසිවලට අමතරව මේ චිත්‍ර…

ඔන්න අදත් මම අරගෙන ආවා යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 4ක්. යූ ටියුබ් එකේ එහෙ මෙහේ යද්දි දැකපු චිත්‍රපටි ටිකකට උපසිරැසි කරන්න හිතුන නිසා, මීට කළිනුත් මම කෙටි චිත්‍රපටි තුනකට උපසිරැසි දුන්නා. ඒත් මේවට නිකුත් කරපු කිසිම උපසිරැසියක් නැති නිසා මේ වැඩේ ටිකක් අමාරුයි. සිංහල උපසිරැසිවලට අමතරව මේ චිත්‍රපටිවලට අංකන දත්ත, කාල රේඛා හදන්නත් වුණා. කෙටි චිත්‍රපටවලට කැමති අය වෙනුවෙන් මෙන්න මේ කෙටි චිත්‍රපටි 3 අද මම ඔයාලට ගෙනාවා. කැමති ඕනෑම ගුණාත්මක තත්ත්වයකින් (144p, 240p, 360p, 720pHD, 1080p, 4k) යූටියුබ් එකෙන් මේ චිත්‍රපටි බාගන්න පුළුවන් වීමත් විශේෂත්වයක්.

Face Your Fears (2020)/ ඔබේ බියට මුහුණ දෙන්න

කෙටි මාර්ග නෑ ……..
උප්පරවැට්ටි නෑ ……..
මැජික් නෑ …….
ඔබ බිය වන ඒ ගුහාවෙම ඔබ සොයන ප්‍රතිකාරය තියෙනවා …..
පටන් ගන්න ……
නමුත් මතක තියා ගන්න…..
වරක් ඔබ එම සීමාව පසු කළාම ….
පිටවෙන්න තියෙන්නේ එකම එක මාර්ගයක් විතරයි.

අඳුරට බිය තරුණියක්. එයා සුරතල් සතුන් රැක බලා ගැනීමේ රැකියාවක් කරන කෙනෙක්. රැකියාව අතරතුර මේ තරුණිය අද්භූත ක්‍රීඩාවක් හොයා ගන්නවා. ඒ ක්‍රීඩාව සෙල්ලම් කළාම “බිය” කියන එක නැති වෙනවා කියලා තමයි කියන්නෙ. මේක ක්‍රීඩා කරන හැටි සටහන් කරපු කාඩ් වගයකුත් තියෙනවා. ඉතින් මේ ක්‍රීඩාව පාවිච්චි කරලා මේ තරුණියගෙ අඳුරට තියෙන බය නැති කරගන්න පුළුවන් වෙයිද?

Leah Briese කියන ලස්සන තරුණ නිළිය විතරක් රඟපාන විනාඩි 15 තත්පර 40ක ධාවන කාලයක් විතරක් තියෙන මේ චිත්‍රපටිය 2020 ඔක්තෝබර් 30 තමයි යූ ටියුබ් එකට දාලා තියෙන්නෙ. අධ්‍යක්‍ෂණය සහ රචනය Neil Stevens. මේ චිත්‍රපටිය 7.0/10 IMDb අගයක් අරගෙන තියෙනවා. සම්මාන කිහිපයක්ම ලබාගෙනත් තියෙනවා.

  • Grand Jury Winner – Salem Horror Fest
  • Best Horror Short – Horror Hotel
  • Grand Prize Winner – Lift-off Genre Extravaganza
  • Best Short Film – Massachusetts Independent Film Festival
  • Runner Up – Roadmap Shorts Competition

SPEC OPS (2020)/ බේරා ගැනීමේ මෙහෙයුම

මේ කෙටි චිත්‍රපටිය Azril Zaim Aziz ගෙ අධ්‍යක්‍ෂණයක්. තිර රචනයත් එයාගෙමයි. මේක Military Action Short Film එකක්. අලි ගාර්ෂියා කියන ත්‍රස්තවාදී නායකයාගෙ ත්‍රස්තවාදී කණ්ඩායම විසින්, නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ප්‍රාණ ඇපයට තියාගෙන, මැලේසියාවෙ “සබාහ්” වල කොටසක් ඉල්ලනවා. මේ ප්‍රාණ ඇපකාරයා බේරා ගැනීමේ මෙහෙයුමක් කරන හත් දෙනෙකුගෙන් යුත් විශේෂ බලකා කණ්ඩායමේ ක්‍රියාන්විතය තමයි චිත්‍රපටියෙන් පෙන්වන්නෙ.

කතාව කියන්නෙ මොකටද? විනාඩි 12යිනේ. බාගෙනම බලන්න.

 

Red Water (2020)/ වතුර පළහිලව්ව?

මේක Luke Konopasky ගෙ අධ්‍යක්‍ෂණයක්. කතාව ලියල තියෙන්නෙ Rita Konopasky. එයාම තමයි මේකෙ ප්‍රධාන නිලිය “ජේන්” විදිහට රඟපාන්නෙත්. නිෂ්පාදනය කරන්නෙත් ඒ දෙන්නමයි. Rita Konopaskyට අමතරව David Nichols Jr., Andrew Neaves, Mark Gibson and Ellie Soufi රංගනයෙන් දායක වෙනවා.

විනාඩි 20 තත්පර 22ක ධාවන කාලයක් තියෙන මේ කෙටි චිත්‍රපටය, මෙන්න මේ කෙටි චිත්‍රපට උළෙලවල් වලදී අදාළ සම්මාන දිනාගෙන තියෙනවා.

  • Best Actress Winner – Freakshow Horror Festival 2017
  • Best Horror Film – Hollywood International Moving Pictures Film Festival 2017
  • Best Young Filmmaker – Los Angeles Film Awards 2017
  • Best Horror Film – Hollywood Verge Film Awards 2018
  • Best Cinematography – Hollywood Hills Awards 2017
  • Best Short Film Made for Less Than 5K-The Monkey Bread Tree Film Awards 2017

ජේන් කියන්නෙ තනියම ගෙදර ඉන්න ගෑණු ළමයෙක්. ජේන්ගෙ පෙම්වතා වෙන පෙම්වතියක් එක්ක සම්බන්ධ වෙලා නිසා ජේන් ඒ ගැනත් කනස්සල්ලෙන් ඉන්නේ. එක දවසක් ගෙදර වතුර නැතිවෙනවා. එක ටැප් එකකින්වත් වතුර එන්නෙ නෑ. ඒ නිසා ජේන් ජල නල කාර්මික ආයතනයකට කතා කරනවා. කෙනෙක් ඇවිත් ජල නල හදන අතරෙ, තවත් ජල නල කාර්මිකයෙක් එනවා. එතකොට කවුද කළින් ආපු කෙනා? ඒ ආපු කෙනා ජල නල අළුත්වැඩියා කරලා නොකියාම යන්න ගියේ ඇයි? යථාර්ථය සහ මායාවන් අතර වෙනස හඳුනා ගන්න ජේන් උත්සාහ කරන හැටි ඔයාලත් බලන්න.

 

Miscreant (2019)/ තක්කඩියා

මේ චිත්‍රපටියත් 7.2/10 IMDb අගයක් අරගෙන තියෙනවා. සිනමා උළෙලවල් 60ක ප්‍රදර්ශනය කරන්න තෝර ගත්ත චිත්‍රපටියක්. තිර රචනය සහ අධ්‍යක්‍ෂණය Rocky Ramseyගේ. මේක සම්මාන 23ක් දිනාගත්ත කෙටි චිත්‍රපටියක්. මේ තියෙන්නෙ ඒ ගත්ත සම්මාන වලින් ටිකක්.

  • 9FilmFest 2018 – Best Script
  • Accolade Competition 2019 – Award of Excellence
  • Another Hole in the Head Film Festival (2018) – Best Horror Film
  • Atlanta Underground Film Festival 2018 – Best Drama
  • Austin Under The Stars Film Festival 2018 – Best Narrative Short
  • Best Shorts Competition 2019 – Award of Excellence Best Short
  • Boobs and Blood International Film Festival 2018 – Best Script
  • Burbank International Film Festival 2018 – Best Horror Short Film
  • Callifornia Film Awards 2019 – Festival Award
  • Canada Shorts Film Festival 2018 – Award of Distinction Best Short Film
  • Catalina Film Festival 2018 – Best Short Film
  • Chinese American Film Festival (C.A.F.F.) 2018 – Golden Angel Award, Best Short Film
  • Indie Gathering International Film Festival 2018 – Best Cinematography
  • IndieFEST Film Awards 2019 – Award of Excellence Film Short
  • Los Angeles Cinefest 2019 – Finalist Award, Best Short Film
  • Near Nazareth Film Festival 2018 – Jury Award, Best Short Film
  • Queen Palm International Film Festival 2019 – Best Director, Best Short Film

නීති විද්‍යාලයක ඉගෙනගන්න තරුණ ශිෂ්‍යයෙක් මළ සිරුරු තුනක් එක්ක ගෙදරක ඉඳලා පොලීසියට අහු වෙනවා. ඊට පස්සෙ රහස් පරීක්ෂකයින්ට සිද්ධිය පැහැදිළි කරලා කට උත්තර දෙනවා. සිද්ධිය වුණු හැටි මේකෙන් බලාගන්න පුළුවන්.

පුළුවන් වුණොත් තවත් මේ වගේ කෙටි චිත්‍රපටි ටිකකට සිංහල උපසිරැසි කරන්නම්. ලබන සිකුරාදා රෑ, නැත්නම් සෙනසුරාදා උදේ වෙද්දි The Outpost හතරවෙනි කතා මාලාවෙ 03 වෙනි කොටසත් එක්ක මුණ ගැහෙමු එහෙනම්.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම චිත්‍රපට සියල්ලම YouTube ඔස්සේ නිකුත් කිරීම වෙනුවෙන් නිර්මාණය වූ කෙටි චිත්‍රපට වන අතර, ලබා දී ඇති උපසිරැසිද YouTube පිටපත් සඳහා අදාළ වේ.

2,091 downloadsDownload Face-Your-Fears-2020-SPEC-OPS-2020-Red-Water-2020-Miscreant-2019.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,091 downloadsDownload Subtitles18 KB

24 comments

  1. Anonymous

    Niyamai mchn

  2. charitha

    වෙනසකටත් එක්ක කියල වැඩක් නෑ,සුපිරී.තෑන්ක්ස් සහෝ...

  3. Anonymous

    thnkzzzzzzzz

  4. කවිඳු ජයවර්ධන

    නියමයි සහෝ..සමහර කෙටි කතා වැඩිය තේරුන් නැති උනත් අමුතුම කොලිටියක් තියෙනවා.හිතන්න දෙයක් ඉතුරු වෙනවා..ඒ නිසා සබ් හදන්න වෙච්ච මහන්සියට ගොඩක් ස්තූතියි.

  5. Anonymous

    maru

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට මේ වගේ කෙටි චිත්‍රපටවලටත් සබ් දෙන එක වටිනවා

  7. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ ෆිල්ම් දෙකට සබ් දෙන්න.

    Bringing Out The Dead - 1999
    Interview With the Vampire - 1994

  8. Anonymous

    thnks for sinhala sub

  9. pradeep

    සබ් එකට තෑන්ක්ස් මචන්

  10. Anonymous

    සිංහල උපසිරැසියට ස්තූතී සහෝ.

  11. Anonymous

    thnks

  12. tharidu16

    thanks machiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  13. Anonymous

    sab ekata thnks aiye

  14. Anonymous

    thawa mewa demu

  15. Anonymous

    සබ් එකට තෑන්ක්ස් මචන්..

  16. Anonymous

    fttaaa

  17. Anonymous

    thank you sab ekata

  18. Anonymous

    Thank you very much

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  21. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.