කොහොමද යාළුවනේ? කස්ටියට මාව මතකද දන්නෙත් නැහැ. දන්නෝ දනිති වගේ තමා මගේ කතාවත් ගොඩ කාලයකට පස්සේ හරියටම කිව්වොත් මාස 09 කට පස්සේ තමයි මම උපසිරැසියක් අරන් අපේ බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වදින්නේ. පසුගිය එනම් 2014 දෙසැම්බර් විසි ගණන් වල වගේ තමයි මම අවසානයට උපසිරැසියක් නිර්මාණය කළේ. එදායින් පස්සේ අද තමයි…
කොහොමද යාළුවනේ? කස්ටියට මාව මතකද දන්නෙත් නැහැ. දන්නෝ දනිති වගේ තමා මගේ කතාවත් ගොඩ කාලයකට පස්සේ හරියටම කිව්වොත් මාස 09 කට පස්සේ තමයි මම උපසිරැසියක් අරන් අපේ බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වදින්නේ. පසුගිය එනම් 2014 දෙසැම්බර් විසි ගණන් වල වගේ තමයි මම අවසානයට උපසිරැසියක් නිර්මාණය කළේ. එදායින් පස්සේ අද තමයි නැවත එන්න ලැබුණේ. ඒ වගේම සබ් එකක් කරමු නේ, කරන්නේ නැද්ද? කිය කිය සහෝදර උපසිරැසි කරුවන් කියපු අවස්ථාවන් ගොඩක් තිබුණා. ඒ අයගේ අරාධනයන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මාව දිරිමත් කරවීම ගැන. ඉතින් වැල් වටාරම් කියෙවුවා ඇති නේ. මේ පාර ගෙනාපු ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් කියන්නම්.
මේ ෆිලුමේ නම තමයි “Bloodrayne: The Third Reich” චිත්‍රපටය නිකුත් වුණේ 2011 වසරේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Uwe Boll විසින්. ඒ වගේම කතාව ලියලා තියෙන්නේ Michal Nachoff විසිනි. රඟපාන නළු නිළියන් නම් Natassia Malthe, Michael Pare, Willam Bell යන අයයි. චිත්‍රපටයට ලැබිලා තියන IMDB අගය නම් අඩුයි. 3.0 ක් විතර තමයි ලැබිලා තියෙන්නේ චිත්‍රපටය Action Adventure, Fantasy ගණයට තමා අයිති වෙන්නේ. ඒ වගේම මේ ෆිලුම 18+ ගණයට අයිති එකක්.
කතාව ගැන කිව්වොත් මෙහෙමයි කතාව ගලාගෙන යන්නේ. “රෙයින්” කියන්නේ ඩම්පියර් කෙනෙක් ඒ කිව්වේ අර්ධ මිනිස් අර්ධ වැම්පයර් කෙනෙක් කියන එකයි. මෙයාලට පුළුවන් දහවලේ පවා ඉන්න. මොකද වැම්පයර් වරුන්ට හිරු එළිය ඔරොත්තු දෙන්නේ නැති වුණාට මෙයාලට ඔරොත්තු දෙනවා. කතාව ගලා යන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ නාසි හමුදාවන්ට විරුද්ධව සටන් කරන මේ “රෙයින්” නම් ඩම්පියර් වටායි. මේ අවධියේදී හිට්ලර්ට ඕන කරනවා මේ ඩම්පියර් රුධිරය. මොකද මේක ශරීරගත වුණාම අසීමිත බලයක් ශක්තියක් ලැබෙණවා. මේ කාර්යය කිරීමට අහම්බෙන් ලැබෙන්නේ “Ekart Brand” නම් නාසි කමාන්ඩර් කෙනෙක්ට. ඒකත් අහම්බෙන් “රෙයින්” ගේ වැරැද්දක් නිසා වෙන දෙයක්. ඒ වගේම මේ කාලයේ නාසි හමුදාවන්ට විරුද්ධව සටන් කරන ප්‍රතිරෝධි කණ්ඩායමකුත් සිටිනවා. ඉතින් මේ කණ්ඩායමට “රෙයින්” නිසා උපකාරයක් ලැබෙයිද? “රෙයින්” ගෙන් සිදුවන වැරැද්ද මොකක්ද? හිට්ලර්ට මේ ඩම්පියර් ගේ රුධිරය ලබාගත හැකි වෙයිද? ඕවාට පිළිතුරු ලබාගන්න ඉතින් චිත්‍රපටය නරඹන්නම වෙනවා.
චිත්‍රපටය බලන්න කට්ටියටම ආරාධනා කරන ගමන් අවසානයේ ස්තූතියකුත් කරන්න තියනවා. ඒ “වරුණ රංගජිත්” අයියාට මොකද මට මේ ලිපිය ටයිප් කරලා දුන්නාට. ඒ වගේම හැමදාම කියනවා වගේ ඔයාලගේ වටිනා අදහස් යන ගමන් කොටාගෙන යන්න කියලත් කියනවා. ඔයාලට ජයෙන් ජයම වේවා!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
758D2BADB72C1BAEFAA669BD68C222B56FB6B5B5596 MB (BluRay) කොපිය මෙතනින් බාගන්න
593D2C47040E19097A228EF87D2FAC387DD80852 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,201 downloadsDownload BloodRayne-The-Third-Reich-2011.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
16 comments
pathum
rajitha
Thanks machan..'Entourage 2015' movie ekata sub dendako... jayawewa.....!
Kulanjana Maduranga
Ammo sahenna kalekin ne.....niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!lashan
ස්තුතියි .......................
Jack
නියමයි මචෝ...
බොහෝම ස්තුතියි සබ් එකට.තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
විමා
උපසිරසට බොහොම ස්තුතියි සිරාජ් මලේ
නවත්තන්න එපා
දිගටම කොටි වලිගෙ අල්ලන් ඉඳින් :)kavinda
thank yopu
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සිරාජ් සහෝ උපසිරැසියට.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින් පෙරේරා
ස්තුතියි සිරාජ්!
ජය වේවා!
olympus camera repairs
discover such fantastic activities, then with a motorhome rental. Hiring a motorhome to
සුදේෂ්
ගොඩක් ස්තුතියි
Isuru
thnxx....
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ආපහු කොල්ලා ෆ්‍රී වෙලා වගේ. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Bloodrayne The Third (2011) with Sinhala Subtitles |විමුක්‍තිය උදෙසා සටන් කිරීම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Bloodrayne-The.Third_.jpg)
api gaththooooooooo