කොහොමද යාළුවනේ. පහුගිය දවස් ටිකේ තිබුණ වැඩත් එක්ක සිංහල උපසිරසි හදන එක ටිකක් අතපසු වුනා. පුළුවන් වෙලාවට ටිකෙන් ටික කරලා ඔන්න මං අදත් ඔයාලට සිංහල උපසිරසියක් අරන් ආවා. මේක ඇමරිකානු ඉන්දියානු සුසංයෝගයක්. ඇමරිකාවත් ඉන්දියාවත් එකතු වෙලා හදපු චිත්‍රපටයක්. ඉන්දියාවේ 12 වන සියවසේ පුරාණ කුමරියකට අයත්ව තිබූ…

කොහොමද යාළුවනේ. පහුගිය දවස් ටිකේ තිබුණ වැඩත් එක්ක සිංහල උපසිරසි හදන එක ටිකක් අතපසු වුනා. පුළුවන් වෙලාවට ටිකෙන් ටික කරලා ඔන්න මං අදත් ඔයාලට සිංහල උපසිරසියක් අරන් ආවා.
මේක ඇමරිකානු ඉන්දියානු සුසංයෝගයක්. ඇමරිකාවත් ඉන්දියාවත් එකතු වෙලා හදපු චිත්‍රපටයක්. ඉන්දියාවේ 12 වන සියවසේ පුරාණ කුමරියකට අයත්ව තිබූ රතු මැණිකක් පසුකලෙක 18 වන සියවසේ හොර රහසේ විකුණන්න හදන හැටිත්, ඒකට මුහුණ දෙන විවාහ වූ නව යුවලකුත් ඔවුන්ට සහයට එන කුලී රථ රියදුරෙකුත් වටා තමයි චිත්‍රපටය දිගහැරෙන්නේ.
1988 ඔක්තෝබර් 07 වනදා තිරගත වුන Bloodstone චිත්‍රපටය එකල ක්‍රියාදාම-ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට නම් කරලා තියනවා. මෙහි ප්‍රධාන චරිත වන සැන්ඩි මැක්වේ ලෙස Brett Stimely රගන අතර ටැක්සි රියදුරු, ශ්‍යාම් සාබු ලෙස ඔබ අප කවුරුත් හොඳින් දන්න දමිල සිනමාවේ සුපර්ස්ටාර් Rajinikanth රංගනයෙන් එක්වෙනවා. ඊට අමතරව ස්ටෙෆනී ලෙස Anna Nicholas, ඉන්ස්පෙක්ටර් රමේෂ් ලෙස Charlie Brill සහ Jack Kehler, Christopher Neame, Tej Sapru, Bob Christo, Deep Dhillon, Dhanushkodi යන අයද එක් වෙනවා. අධ්‍යක්ෂණය Dwight H. Little විසින් වන අතර නිෂ්පාදනය Ashok Amritraj සහ Sunanda Murali Manohar විසිනි.
මෙම චිත්‍රපටය රජ්නිකාන්ත්ගේ ප්‍රථම ඉංග්‍රීසි චිත්‍රපටය ලෙස හඳුන්වන අතර සම්පූර්ණ චිත්‍රපටයම බැංගලෝරය ආශ්‍රිතව රූපගත කර ඇත. මෙය Vairavel නමින් දමිල බසින්ද තිරගත වී ඇත.
විනාඩි 87ක කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 4.4ක්, Rotten Tomatoes 40% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 88%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
987 downloadsDownload Bloodstone-1988.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
18 comments
harsha
Shamal manojan
උපසිරැසියට බෙහෙවින්ම ස්තූතියි සහෝ.
කවුරු කොහොම මොනවා කියමින් බැන්නත් ඒවා නොසලකා හරිමින් බයිස්කෝප් සමඟ දිගටම රැඳි සිටිමින් මෙවැනි පැරණි ඉංග්‍රීසි චිත්‍රපට සඳහාම උපසිරැසි දෙන මෙන් ඉල්ලා සිටිමි.
මා මින් පෙර යෝජනා කළ සිනමා නිර්මාණ පිළිබඳව ද සලකා බලන මෙන් ඉල්ලමි.
Shamal manojan
බයිස්කෝප් වෙබ් අඩවියෙන් උපසිරැසි ලබා දී ඇති
Ong Bak 01, 02, 03 යන චිත්‍රපට සඳහා Bluray Update කරන මෙන් බයිස්කෝප් ඇඩ්මින් වරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.M.G
ඒ බන් දැන් මේ වෙබ් එකෙන් දෙන්න ඕන උබ ඉල්ලන ඒවා විතරයිද????හැම ෆිල්ම් එකකම කමෙන්ට් සෙක්ෂන් එකෙ උබේ රික්වෙස්ට් තියනෝ නේ,උපසිරසිකරුවන්ට වෙන වැඩක් නැති වෙයි උබේ ෆිල්ම් ලිස්ට් එකට සබ් දෙනෝ හැරෙන්න????
දැන් ඉතින් බුරන්න පටන් ගන්න එපා අනිත් උන්ට කරා වගේ,හිතිච්ච දේ කිව්වා එච්චරයි,වෙන තරහක් නෑ හොදෙයිyohan
ehema kiyala ne anith aya illana ewath dei.apith illamuko.
D P Gamage
Shamal manojan උපසිරසි සපයන අයව "දිරිමත්" කරන කෙනෙක් හැටියට මා නිතරම දකිනවා. නිකම්ම උප සිරසිය අරන් මාරුවෙන "ආත්මර්තකාමීන්ට" වඩා මේ වෙබ් එකට ගොඩක් වටිනා කෙනෙක්. ඒ වගේ කෙනෙක් දැක්කම "ආත්මාර්තකාමීන්ට" ටිකක් රිදෙනවා තමයි. කමක් නැහැ හැම වර්ගයකම පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවවනේ. ඔහොම යන්.
Supun
M.G
මචං ඌ කොතනවත් කියල නෑ නේද මං ඉල්ලන ඒවට විතරක් සබ් දීහල්ලා කියලා ඌ හැමදාම ස්තූති කරල කමෙන්ට් එකක් දාන එකෙක් මොකාගෙ කමෙන්ට් නැති උනත් උගෙ කමෙන්ට් එක තියනවා ඌ පරණ ෆිල්ම්වලට සබ් ඉල්ලනවා කියලා කීපදෙනෙක්ම උට බැනලා තිබ්බත් එක්ක පහුගිය ටිකේ උබලා ඔහොම ආත්මාර්ථකාමී වෙන්න එපා බං... කමෙන්ට් නෑ කියලා කී දෙනෙක් සබ් කරන එකෙන් අයින් වෙලා ඉන්නවද බං එහෙම එකේ ඇයි බං උබලා කමෙන්ට් කරන එකාටත් ඒක එපා කරවන්නෙ ඕකෙන් වෙන්නේ කමෙන් දාන උන්ටත් ඒක එපා වෙලා කමෙන්ට් නොදා ඉද්දි සබ් කරන උන්ටත් ඒ වැඩේ එපා වෙන එක නේද ටිකක් හිතහල්ලා බං... මේ ටිකේම දැක්කා ශාමල්ට බැනලා දාපු රිප්ලයි ඒකයි ඉඳල ඉඳල අද මේ ටික කිව්වේ කැමති දෙයක් කරහල්ලා
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
yohan
thanks...thawath me wage ewata sub denna.
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බොහෝ විට වෙබ් එකට ආවහම බලන්නේ ඔබේ නමින් සබ් එකක් තියනවද කියලා.
මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
කවිඳු ජයවර්ධන
තව තවත් පැරණි ෆිලුම් වලට උපසිරැසි ලබා දෙන්න හැකියාව සහ කාලය ලැබේවා..ලබා දුන් සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.!ඔබට ජය!
Udara Damith Dissanayaka
ela
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
bohoma sthuthiy sahodaraya