ඔන්න මේ වතාවේ ඔබ වෙත ගෙන එන්නේ ටිකක් පරණ චිත්‍රපටයක්. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි බොහොම පරණයි මම හිතන්නේ වසර 52 කට කලින් නෙව මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. ඔස්කා සම්මාන 2 ක් සඳහා නාමයෝජනා ලැබුවා මේ Drama, Mystery, Thriller කාණ්ඩ නියෝජනය කරන නිර්මාණය කරන්න ඇත්තටම තෝරා ගන්න හේතු කිහිපයක් තියනවා. ඉන්…

ඔන්න මේ වතාවේ ඔබ වෙත ගෙන එන්නේ ටිකක් පරණ චිත්‍රපටයක්. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි බොහොම පරණයි මම හිතන්නේ වසර 52 කට කලින් නෙව මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. ඔස්කා සම්මාන 2 ක් සඳහා නාමයෝජනා ලැබුවා මේ Drama, Mystery, Thriller කාණ්ඩ නියෝජනය කරන නිර්මාණය කරන්න ඇත්තටම තෝරා ගන්න හේතු කිහිපයක් තියනවා.
ඉන් ප්‍රධාන වෙන්නේ මේක Michelangelo Antonioni අධ්‍යක්ෂනයක් වීම. කොටින්ම මේක ඔහු ඒ කාලයේ MGM සමාගම එකක් ඉංග්‍රීසි චිත්‍රපට තුනක් නිර්මාණය කරන්න අත්සන් කල ගිවිසුමේ ප්‍රතිපලයක්. අනික් දෙකත් ඉදිරියේ ඔබ වෙත ගෙන එන්න අදහසක් තියනවා බලමු මේකට ලැබෙන ප්‍රතිචාර එකක්. මේ අධ්‍යක්ෂකවරයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඔබට හොඳ චිත්‍රපට ටිකක් දැකගත හැකි වේවි නියතයි. ඔහු තමුන්ගේ සිනමා ජීවිතය තුල ඔස්කා සම්මාන නම් ලබා ගන්නට සමත් වුනේ නැහැ නමුත් නාම යෝජනා දෙකක් නම් ලබා ගත්තා නමුත් 1995 ගෞරව සම්මානයක් නම් ලබා දෙන්නට ඇකඩමිය කාරුණික වුනා නමුත් මගේ මතයට අනුව නම් ඔහු අයත් වෙන්නේ Alfred Hitchcock, Stanley Kubrick, Orson Welles වැනි සිනමාව දෙවනත් කලත් අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔස්කා සම්මාන නොලැබූ විශිෂ්ඨයන්ගේ ගොඩට. ඇකඩමිය කොහොම වුනත් ඉතින් Palme d’Or, Silver Lion, Silver Ribbon, Golden Bear, Golden Leopard වැනි එකී නොකී සම්මාන කන්දරාවක් එතුමා තමුන්ගේ වැඩ රාජකාරි වෙනුවෙන් දිනාගන්නට සමත් වෙලා තියනවා.
දෙවැනි හේතුව වෙන්නේ මම අපේ 9 වැනි සංවත්සරය දවසේ It Happened One Night (1934) චිත්‍රපටය අරගෙන එනකොට කිව්ව Hays Code එක. මේ නිර්මාණය එංගලන්තයේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ ඒ නිසා ඔවුනට හැකි වෙනවා මේ පිස්සු නීති මගහැර යන්නට නමුත් ඇමරිකාවට පැමිණි වෙලේ එතකොටත් ලොකු කතාබහකට ලක්වෙලා තිබ්බ Hays Code එකට අවසන් ගමන් යන්නට ලොකු වැඩක් කරන්න මේ නිර්මාණය සමත් වෙලා තියනවා ඒ මොන දේ කොහොම වුනත් මේ නිර්මාණය ලබාගත් අතිශය ඉහල විචාරක හා මුල්‍යමය සාර්ථකත්වය නිසා. ඉතින් මෙවැනි නිර්මාණ කිහිපයකට පින් සිද්ධ වෙන්න අද අපි දන්නා MPAA ක්‍රමය 1969 දී ආරම්භ වෙනවා.
අධ්‍යක්ෂණය ගැන කිව්වා, පිටපත ගැන කියනවා නම් “Las babas del diablo” නම් කෙටි කතාවෙන් තමයි මේක පදනම අරගෙන තියෙන්නේ. ප්‍රධාන මුහුණ වෙන්නේ ඇතිසුරුපී Vanessa Redgrave හා David Hemmings. IMDB මිටරයේත් 7.6 ක් වගේ අගයක් ලබාගත්ත මේ නිර්මාණය රෝටන් ටෝමාටෝ මීටරයේ 87% වගේ අගයක් ලබාගෙන තියනවා. තවත් ඉතින් කියනවා නම් ඇමරිකාවේ බොහොම නමක් දරාපු චිත්‍රපට විචාරකයෙක් වෙන රොජර් ඉබර්ට් මහත්තයා මේකට 4/4 හැටියට තමයි එතුමාගේ ලකුණු ලබා දීලා තියෙන්නේ. ආ කියන්න අමතක වුනා මේ තමයි 1967 කෑන්ස් චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය.
කතාව මෙහෙමයි, තෝමස් කියන්නේ අලුත් පන්නයට හැදුන, සල්ලාල ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ ප්‍රධානය කාර්යය වෙන්නේ ලස්සන නිරුපිකාවන් තමුන්ගේ කාචයේ සටහන් කරගැනීම., ඉතින් මේ එකක්ම ඔහු තමුන්ගේ ඡායාරූප පොතක් වෙනුවෙන් ඡායාරූප එක්කාසු කරනවා. මෙහෙම ගිය ගමනක දී තමයි ඔහු උද්‍යානයක ආදරයෙන් වේලිලා ඉන්න ජෝඩුවක් තමුන්ගේ කාචයේ සටහන් කරගන්නේ. මේක දැක්ක මේ ජෝඩුවේ තරුණිය ඔහුගෙන් නොවැද ඉල්ලනවා මේ ඡායාරූප ටික. නමුත් ඔහු කොහොම හරි ඇයව මගහැර එන්නට සමත් වුනත් ඔහුගේ නිවසේ දොර ලග තමයි ඇය නතර වෙන්නේ…. ඔහු කෙසේ හෝ මේ ලස්සන සාමකාමී ඡායාරූප සකස් කරන විටයි එහි අමුත්තක් දකින්නේ…. එසේ මෙසේ අමුත්තක් නෙමෙයි මිනීමැරුමක්… කෙමෙන් කෙමෙන් එළිවෙන මිනීමැරුමක්… ඡායාරූපයෙන්, ඡායාරූපය දිගහැරෙන කතාවක්… ඉතින් මේ කතාව කොහොම වේවි ද? ඔහු මොකක් කරාවි ද? මේ තරුණිය මොනවා නම් කරයි ද? මේ සියල්ල ඔබට දැකගත හැකි මේ අපුරු නිර්මාණය බැලුවොත්… ඒ වගේම කියන්න ඕන පොඩිහිටියන් මේක නොබලනවා නම් තමයි හොඳ…
එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා !!!
~ ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී ඔබ සැමට ~
~ සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා කියලා පතනවා. ~
පා.ලි. මේකේ පිටපත් ගැන කියනවා නම් මම මේ උපසිරස නිර්මාණය කරලා තියෙන්නේ Blow-Up.1966.720p.BluRay.X264-AMIABLE නම් පිටපත වෙනුවෙන්. ඒ වගේම Blowup-72-mf-film නම් පිටපතකටත් ගැලපෙන හැටියට උපසිරස කාල රාමු වෙනස් කරලා තියනවා. ඉතින් මේ දෙකෙන් එකක් හොයාගන්නවා නම් තමයි මම හිතන්නේ ඇගට ගුණ.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
25 comments
AsithaDilruwan
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...SAjith Anthony
සුභම සුභ උපන්දිනයක් වේවා...!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Priyantha Dayakeerthi
සමීර කරුණාරත්න සොයුර,
මෙවන් කලාත්මක සිනමාපට සඳහා උපසිරසි සපයන්නන් මෙම වෙබ් එකේ ඉතාමත් දුලබයි. ඒ නිසා ඔබේ සිංහල උපසිරැසිය ඉතාමත් වටිනවා, අප වැනි අයවලුන්ට. ඉදිරියේදීත් මෙවැනිම සම්මානලාභී පැරණි සිනමාපට කීපයක් සඳහා ද උපසිරසි සපයන මෙන් මා ඔබෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින අතර IMDb 250 නාමාවලිය තුළ 54 ස්ථානයේ ඇති "Sun Set Boulevard", 117 ස්ථානයේ ඇති Some Like It Hot, ඇල්ෆඩ් හිච්කොක් මහා සිනමාවේදියාගේ Rebeca වැනි සිනමාපට කීපය ඒ සඳහා මා විසින් යෝජනාකර සිටින්නෙමි. එමෙන්ම මෙම සිංහල උපසිරැසිය සඳහා කලාත්මක සිනමාපට ප්‍රිය කරන්නන් සැමදෙනා වෙනුවෙන් මාගේ අවංක ස්තුතිය, ඔබගේ දෙසිය ගණනක් වූ සිංහල උපසිරසි නිර්මාණ අතර මෙය සුවිශේෂී තෝරා ගැනීමක් ලෙසටද මා දකිනවා. ඔබට ජය!!!Ranidu
Oya kalin dunna outsider filuma nam aththatama wadak na saho,melo rahak na....
Ranidu
Sorry sorry , wrong comment bro,not you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks bro.......jayawewa......!
Asiri Prasanna
machan DEN OF THIEVES film ekata SUB DENNA PULUWANDA??????????????????????????????????????????
Slgamerboy
Mata me kathawe awasanaya patalili sahagatai.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ජයෙන් ජය.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
Suba Aluth awruddak wewa……Priyantha Dayakeerthi
ඔබ විස්තර දක්වා ඇති පරිදි "Michelangelo Antonioni" සිනමාවේදියාගේ ජනප්‍රියතම සිනමාපට ලයිස්තුවේ තිබෙන්නේ මේ සිනමාපට කීපයයි. එනම් The Adventure(1960), The Night(1961), The Eclipse(1962)......IMDb දර්ශකයේ ඉහළ අගයන් ලබා ඇති මේවාට ඉදිරි කාලයේදී සිංහල සබ් ලබාදෙන්නේ නම් එය මහඟු කාර්යයක් වේවි. ස්තුතියි!
wathilak
අලුත් අවුරුද්දෙ පරණ එකකින්ම පටන් ගත්තා...ස්තුතියි සබට
kanishkapushpadeva
thanks bruh much luv
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
akalankagayan
Thnx........
gihan
සුභ අලුත් අවුරුද්දක් වේවා……!
උපසිරැසියට බොහෝම ස්තුතියි
priyanthapremarathna
ස්තුතියි සබ් එකට
kodagoda
tnx sahoo supiriyk wage
jagath55
THANKS
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
sathyajith
thanks for the sub
plz do sub for other 2 films
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela saho thanks
සුභ නව වසරක් වේවා !!