Watch Trailer

Hostiles (2017) Sinhala Subtitles | නොහඳුනා මිනිස්කම…. [සිංහල උපසිරැසි සමඟ]

අපි මිනිසුන් හැටියට ජිවිත කාලයක් පුරා සතුරන් යැයි කියා ගන්නා පිරිසක් හට වෛර කරනවා ඇති, තවත් විටෙක මිතුරන් යැයි කියා ගන්නා පිරිසක් වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය කැප කරනවා ඇති, ඒ අපි ඔවුනට අප හිත තුල වෙන්කර ඇති ඉඩ නිසාවෙන්. නමුත් මේ මිනිසුන් වෙනස් විය හැකි ද? නැතිනම් ඔවුන් සදා කාලික අප හිතේ ඔවුන්ගේ සීමාව…

අපි මිනිසුන් හැටියට ජිවිත කාලයක් පුරා සතුරන් යැයි කියා ගන්නා පිරිසක් හට වෛර කරනවා ඇති, තවත් විටෙක මිතුරන් යැයි කියා ගන්නා පිරිසක් වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය කැප කරනවා ඇති, ඒ අපි ඔවුනට අප හිත තුල වෙන්කර ඇති ඉඩ නිසාවෙන්. නමුත් මේ මිනිසුන් වෙනස් විය හැකි ද? නැතිනම් ඔවුන් සදා කාලික අප හිතේ ඔවුන්ගේ සීමාවන් හිම පැලපදියම් වී සිටිනු ඇති ද ? මේ යම් තරමකින් හෝ එම ගැටළුව දෙන හැරී බැලීමට, කිසියම් දෙයක් ජිවිතයට එක්කාසු කරගෙන මිනිසෙකු ලෙස ඉදිරියට යෑමට ගන්නා පියවරක මුල් පිය සටහනයි….

කපිතාන් ජෝසපෙන් බ්ලොකර් නම් වන ඔහු යුධ වීරයෙක්, ඉන්දියානු ඝාතකයෙකු ලෙස නමක් දිනා ගත පුද්ගලයෙක්. දැන් ඔහුගේ හමුදා ජිවිතයට සමුදෙන්න කාලය ඇවිදින්. නමුත් ඔහුට භාර වෙනවා අවසාන මෙහෙයුමක්, නමුත් මේ මෙහෙයුම වෙනුවෙන් ඔහුගේ නම් කිසිදු කැමැත්තක් නැහැ…මීට හේතුව වෙන්න ඔහු හා යුධ බිමේ උරෙනුර ගැටුන ඔහු පසෙක තමුන්ගේ රට වෙනුවෙන් ජීවිතය පුජා කල තමුන්ගේම සොහොයුරන් නිසාවෙන්…. ඔහුගේ මෙහෙයුම වෙන්නේ මේ සොහොයුරන් මරුතුරුලට යැවු ෂයෑන් ඉන්දීය නායකා නැවතත් ඔහුගේ මව් භුමිය වෙත ගෙනයාම… නමුත් නියෝග හමුවේ උදාර හමුදා නිලධාරියෙක් ලෙස ඔහු ඔහුගේ අවසාන රාජකාරිය නිමකර ලන්නයි සුදානම…

ගෝත්‍රික නායක යෙලෝ හෝක් නම් වන ඔහු තමුන්ගේ ජිවිත කාලය පුරාම තමුගේ මිනිසුන් වෙනුවෙන් යුධ බිම තමුන්ගේ රුධිරයෙන් මෙන්ම සතුරන්ගේ රුධිරයෙන් නැහැවුවෙක්… නමුත් සතුරා අතට පත්වී වසර හතක ගෙවෙන තැන ඔහු ඉල්ලීමක් කරනවා තමුන්ගේ මව් භුමිය වෙත යන්නට අවසර දෙන ලෙස, ඒ ඔහුගේ අවසන් හුස්ම පොද තමුන් උපන් භුමියේ වලාගැබට නැවතත් එක්කාසු කරන්නට….

රොසලින් නම් වන ඇය තමුන්ගේ සැමියා හා කෙලි පැටවුන් දෙදෙනාත් එකක් කුඩා බිළිදෙකු තුරුළු කරගෙන සාමයෙන් තමුන්ගේ ජීවිතය ගෙවන කෙනෙක්… නමුත් මේ ජිවිතයට කණ කොකා හඬන්නේ ඉන්දියානු ගෝත්‍රික ප්‍රහාරයක් මේ සියල්ල ඇයගෙන් උදුරා ගැනීමත් එක්කයි… සියල්ල නැති වුන ගැහැනියක් ලෙස කපිතාන් හා ඔහුවේ පිරිසට තමුන්ගේ මෙහෙයුම අතරමග දී හමුවෙන ඇය ඔවුන් හා එක්වන්නේ එය ඇයගේ අවසාන අවස්තාව නිසාවෙන් ද ?

ඉතින් මේ පරස්පර විරෝධී මිනිසුන් එකිනෙකා දකින්නට තමුන්ගේම කෝණ ජිවිත කාලයක් පුරා නිර්මාණය කරගෙන අවසානයි… මෙවැනි මිනිසුන් තමුන් මෝන්ටෑනා ප්‍රාන්තය වෙත යන ගමන කෙලෙස ගත කරාවි ද? ඔවුන් ගමනේ ආරම්භයේ සිටි මිනිසුන්ම වේවි ද? මිනිසුන්ට වෙනස් විය හැකි ද? මෙලෙස වෙනස් වෙන මිනිසුන්ගේ අවසානය කෙබදු එකක් වේවි ද? මේ සියල්ල පැය 2 කුත් මින්ත්තු 14 තුල කෙරෙන මේ සොදුරු කතිකාවත තුල ඔබට දැකගත හැකි වේවි.

Crazy Heart, Black Mass, Out of the Furnace වැනි නිර්මාණ අපගේ රසවින්දය වෙනුවෙන් තිලිණ කල Scott Cooper ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ සලරුව Donald E. Stewart විශිෂ්ඨ අත්පිටපතක් ආධාරයෙන් අධ්‍යක්ෂකවරයා විසින්ම නිර්මාණය කරනා ලද පිටපතක්. ඔස්කා සම්මාන ලාභී සුපිරි නළු Christian Bale එහෙමත් නැති නම් හැමෝම දන්නා හැටියට මින් පෙර Bat Man තිරයේ විස්කම් පෑ ඔහු තමයි තවත් ඔස්කා සම්මානයට නාම යෝජනා ලද නිළියක වන Rosamund Pike (Gone Girl) හා Wes Studi සමඟ මෙහි ප්‍රධාන චාරිත තුන වෙනුවෙන් සම්බන්ධ වන්නේ. ඔවුනට අමතරව Stephen Lang, Jesse Plemons, David Midthunder, Rory Cochrane, Timothée Chalamet වගේම Paul Anderson සමඟ Ben Foster මෙහි චරිත නිරුපනය කරනවා.

1892 වන් ඈත කාලයක සිදුවීමක් අලලා නිර්මාණය වුන මේ Adventure, Drama, Western කාණ්ඩ නියෝජනය කරනා සිනමා නිර්මාණය IMDB 7.3 කුත්, රෝටන් ටෝමාරෝ මීටරයට අනුව 73% අගයකුත් ලබාගෙන තිබෙනවා. එහෙනම් ඔබට භාරයි මේ චරිත තුනක් සමඟ වන වදින්නට… වෙනස් වන හෝ නොවෙනස් මිනිසුන් මෙන් වනයෙන් එලියට එන්නට. එක දෙයක් කියන්නම් අවසානයේ මේ චිත්‍රපටය ආරම්භයේ ඔබට එන තරහව අවසානයේ වෙන අතකට ඔබටත් නොදැනීම හැරවෙනවා නිසැකයි.

“No Peace without Sacrifice”

ලිපිය – සමීර කරුණාරත්න 

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  BR/WEB පිටපත් සඳහා  අදාළ වේ.

7,805 downloadsDownload Hostiles-2017-BR.zip62 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

7,805 downloadsDownload Subtitles62 KB

38 comments

  1. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
    ජයෙන් ජය.

  2. Prabodha Madhusankha Hettiarachchi

    niyamai bro mn asama category kihipayak. Thank sub ekataa..

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  4. විමා

    ලිපිය උඩ ඉඳල පහලට කියවගෙන ආවේ පහලින් 'ලිපිය : සමීර කරුණාරත්න " කියල දාල ඇති කියල හිතාගෙන
    ඒත් එහෙම එකක් තිබ්බේ නෑ
    කම්මැලිකමට ඔහේ උන්නට මුටත් හොඳට ලියන්න පුළුවන් බලන් යනකොට
    සබට තුති බන් වෙන මොකටවත් නෙමේ මේක බාන්න දැම්මේ උඹ ඊයේ කියපු නිසා
    ඒ කියල විතරක් නෙමේ සබත් කලයි කියන්නේ ඉතිං ආයේ ලොවෙත් සුපිරියක් තමා
    සබට තුති බන්...

  5. bLack_sNow

    Thanks bro sub ekata

  6. Subhash13

    සුප්ප ආ

  7. Ravindu Rukshan

    thx aiye patta film ekak

  8. AsithaDilruwan

    ela ela saho thanks
    Christian Bale ගොඩක් කාලෙකින් දැකගන්න ලැබෙන ෆිලුමක්
    ජය වේවා !!!

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Ishan007

    හසා අයිය හොදයි කිව්වනෙ.. ඉතින් අනිවා බලනව. තෑන්ක්ස් අයිය සබ් එකට.

  12. Viraj

    sub ekata thanks aiye. jaya wewa!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  14. Suu

    Thanks saho sub ekata

  15. Panther

    Niyamai sub akta thanz saho

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  17. ricadodamien

    Thank you Hasantha brother & Baiscope team for the sub, it was a beautiful movie. all the best to the Baiscope team..................

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුබ අලුත් අවුරුද්දක් වේවා …!

  19. subodha

    Thanks..

  20. Bandaramudiyansi

    ස්තුතියි උපසිරැසියට .......

  21. Bandaramudiyansi

    ඔබතුමා දුන්න කියන්නෙ නිකම් එකක් වෙන්නත් බැ නෙ... දෙකතුනක් බලළ තියෙනව ඔබතුමාගෙ උපසිරැසි සමග චිත්‍රපට ... ගමු මෙකත් එහෙනම්

  22. malith

    Ela ela

  23. Kanchaka

    Thanks bro........

  24. Nishshanka Ruwan

    ස්තුතියි :)

  25. tharindu gunarathna

    thanks

  26. Rumesh Asanka

    Thanks Bro

  27. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…

  28. Jana

    උපසිරැසියට ස්තුතියි සහෝ..!

  29. CHOOTA

    thanks bro

  30. jagath55

    Thanks

  31. nikhils

    Thank you...

  32. Madusha_fdz

    ELa

  33. Malith dilshan

    Thank you

  34. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  35. Shaggy

    Thank you very much

  36. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  37. ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️

  38. Anonymous

    thanks for sub