ඔන්න කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන් ආවා. පෞද්ගලික හේතුවක් නිසා මේකට සබ් කරන්න ගොඩක් පහු උනා. ඒකට සමාවෙන්න ඕන. ඉතිං මේ පාර ගෙනාවේ අමුතු, බය හිතෙන, නොහිතන අවසානයක් සහිත ෆිලුමක්. ජේකබ් කියන්නේ තම පියා අහිමි තමාගේ මව සහ සුළු පියා සමඟ ජීවත් වෙන ළමයෙක්. ජේකබ් සුළු දේකිනුත් බය වෙන නින්දෙනුත් හීනෙන් බය…

ඔන්න කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන් ආවා. පෞද්ගලික හේතුවක් නිසා මේකට සබ් කරන්න ගොඩක් පහු උනා. ඒකට සමාවෙන්න ඕන. ඉතිං මේ පාර ගෙනාවේ අමුතු, බය හිතෙන, නොහිතන අවසානයක් සහිත ෆිලුමක්. ජේකබ් කියන්නේ තම පියා අහිමි තමාගේ මව සහ සුළු පියා සමඟ ජීවත් වෙන ළමයෙක්. ජේකබ් සුළු දේකිනුත් බය වෙන නින්දෙනුත් හීනෙන් බය වෙන සංවේදී කෙනෙක්. දිනක් ඔවුන්ට ආරංචි වෙනවා ඔහුගේ මවගේ මව, ඒ කියන්නේ ජේකබ්ගේ ආච්චි මියගොස් ඇති බවට එම අවමංගල්‍යයට සහභාගි වන ජේකබ්ට තම මිත්තනිය පිළිබඳ අමුතු තොරතුරු ආරංචි වෙනවා. ඒ අතර ඔහුගේ මිත්තනියට අයත් ඇඳුම් පැලදුම් හා අනෙකුත් සියල්ලමත් ඔහුගේ මවට හිමිවෙනවා. එයින් පසු කාලය ගත වෙද්දි ජේකබ්ගේ හැසිරීම් එන්න එන්නම වෙනස් වෙනවා. මේ නිසා ඔහුගේ මව සහ සුළු පියා තීරණය කරනවා ටික කලකට ජේකබ්ව නේවාසික පාසලකට ඇතුලත් කරන්න. මේ නේවාසික පාසලේ ප්‍රධානියා වෙන්නේ ඩොක්ටර් ශර්මන් කියලා කෙනෙක්. ඒ වගේම මුළු පාසලටම ඉන්නේ ශිෂ්‍යයන් 7දෙනෙක් විතරයි. අනික මේ ළමයිත් සාමාන්‍ය ළමයි නෙමෙයි මේක බලද්දි ඔයාලට ඒක තේරුම් යයි. පළමු දවසේ ඉඳන්ම ජේකබ්ට මේ පාසලේ අමුත්තක් තේරෙනවා. මේ ගැන වැඩි දුර විස්තර සොයද්දි ගොඩක් අසාමාන්‍ය සිදුවීම් මාලාවක් සිදුවෙනවා. ඇත්තටම මේක මොන වගේ පාසලක්ද? ජේකබ්ට මොනවා වෙයිද? ඇත්තටම ඩොක්ටර් ශර්මන් කියන්නේ කවුද? ඒ ටික දැන ගන්න නම් මේක නරඹන්නම වෙනවා. මේක සාම්ප්‍රදායික තේමාවෙන් බැහැර උන වෙනස්ම චිත්‍රපටයක් බව කියන්න පුළුවන්. ඒ වගේම අපි කොහෙත්ම නොහිතන උඩුයටිකුරු අවසානයක් තමයි මේ සලරුවේ වෙන්නේ.
2018 අගෝස්තු 31 ප්‍රදර්ශනය ආරම්භ කරන ලද මෙම සිත්තම 5.6 ක IMDb අගයක් ලබා ගැනීමටත්, කුණු තක්කාලි මීටර්යේ 38% ක් ලබා ගනීමටත්, ගූගල් පරීශීලක මනාප 80%ක් ලබා ගැනීමටත් සමත් වෙනවා. Mystry/Horror යන කාණ්ඩ වලට අයත් මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Boaz Yakin විසිනුයි. ජේකබ් ලෙස Luke Prael විසිනුත්, දොස්තර ශර්මන් ලෙස Will Patton විසිනුත්, Nadia Alexander පිල් ලෙසත් සම්බන්ධ වෙනවා. ඒ වගේම උපසිරැසි නිර්මාණය සඳහා මේ සලරුව සොයා දුන් සිසිල ප්‍රසාද් අයියටත් ස්තූතිවන්ත වෙනවා. ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා….!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.
3,227 downloadsDownload Boarding.School.2018.Baiscopelk.com_.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
19 comments
gihan perera
abhisheksithum
ela
Kulanjana Maduranga
subata thanks....
chandika1975
thank you for sub....keep it going
Tharaka
THANKS..................................
Akarsha
Elmh.Sahoo...Digtm horror film vlt sub denna.
Sabrina kyl film ekk tiyei ek poddk blnn subk dnd.Suranjan
Thanks machan......jayawewa.....!
බොබී
ස්තූතියි සහෝ. ෆිලුම බලන්න හිතෙන විදියට ලිපිය ලියලා තියෙනවා. දැන්මම බාන්නම්.
kavinuweerakkody
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.. :) ජය වේවා!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!යුරාන් ධනුක
බොහෝම ස්තූතියි හැමෝටම....
luckysun
supiri supiri my like horor you sub ok again god luck
sasala
thanks
AsithaDilruwan
Ela saho thanks
madhusankha
thanks bro.....
Cj
තැන්කුයි වේවා
Su
Thanks saho sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ...අමාරුවෙන් හරි මේ විදිහට කාලය වැය කරලා උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි...දිගටම උපසිරැසි කරන්න සහෝ....ජය වෙිවා....