මගේ මහත්තයා අතුරුදහන් වෙලා පොලිස් ස්ටේෂමේ ඉඳන් හෙමි හෙමින් විද්‍යා පය තිබ්බේ මෙට්‍රෝ ස්ටේෂන් එක දිහාට. හිතාමතා ගියා නෙමේ ඇය ඔහේ ඒ පැත්තට ඇදුනා. හිතේ ප්‍රශ්න කෝටියක් තෙරපෙන ගමන්. අර්නබ් සහ මිලන් දාම්ජී ඇගේ හිස තුළ නැවතිල්ලක් නැතුව කරක් ගහනවා. මේ දෙන්නා අතර තියෙන සම්බන්ධය මොකක්ද? අර්නබ් දැන් ඉන්නේ කො…

මගේ මහත්තයා අතුරුදහන් වෙලා
පොලිස් ස්ටේෂමේ ඉඳන් හෙමි හෙමින් විද්‍යා පය තිබ්බේ මෙට්‍රෝ ස්ටේෂන් එක දිහාට. හිතාමතා ගියා නෙමේ ඇය ඔහේ ඒ පැත්තට ඇදුනා. හිතේ ප්‍රශ්න කෝටියක් තෙරපෙන ගමන්. අර්නබ් සහ මිලන් දාම්ජී ඇගේ හිස තුළ නැවතිල්ලක් නැතුව කරක් ගහනවා. මේ දෙන්නා අතර තියෙන සම්බන්ධය මොකක්ද? අර්නබ් දැන් ඉන්නේ කොහෙද? මිලන් දාම්ජී ඉන්නේ කොහෙද? මදිපාඩුවට වගේ ඇගේ හිස පුරාම මිස්ටර් ඛාන්ගේ හඬත් රැව්පිළිරැව් දෙන්න පටන් ගත්තා.
“ලෝකයාට මිලන් දාම්ජී කියලා කෙනෙක් ඇත්තෙත් නෑ. ඒ නිසා මටත් එහෙම කෙනෙක් නෑ. එදා මට එයාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් හම්බවුණා. ඒත් ඒ වෙද්දිත් ගොඩක් පරක්කුයි. මිලන් අතුරුදහන්, එයාගේ හැම වාර්තාවක්ම අතුරුදහන්”
“මේ සෙල්ලම ගොඩක් අනතුරුදායකයි, මිසිස් බාග්ජී. මිලන්ට සම්බන්ධ අය ගොඩක් බලවත් අය. ඕනම දෙයක් කරන්න එයාලා දෙපාරක් හිතන්නේ නෑ”
සිතුවිලි එක්ක පොරබදින ගමන්ම ඇය ස්ටේෂන් එකටත් ඇවිදින්. මෙට්‍රෝ දුම්රිය අල්ලගන්න හැල්මේ දුවන අය අතරේ ඉබි ගමනින් කල්පනාකාරීව ඇදෙන මේ ගැබිණි කාන්තාව ගැන කවුරුත් තැකීමක් කළේ නෑ. ටිකට් එකකුත් ගත්ත ඇය නොදැනීම වේදිකාවේ ගැට්ට ළගටම ඇවිත් නතර වුණේ. අවට වටපිටාව ගැන ඇයට සිහියක් තිබුණේම නැති තරම්. දෙලොවක් අතර තනිව කිසිවෙකුට විසඳිය නොහැකි ප්‍රහේලිකාවක ඇය සිරවී සිටියා. ඉතින් ඇය කොහොම දැනන් ඉන්නද, මාරයා ඇය දෙස බලා සිටිනා බව??
කවුරුන් හෝ විද්‍යාගේ අතට තට්ටු කළා. කල්පනා ලෝකයෙන් මිදුනු ඇය වහාම හැරුණා.
ඒ මොහොතේ මෙට්‍රෝ දුම්රියද වේගයෙන් වේදිකාව දෙසට ඇදෙමිනුයි තිබුණේ.
විසුළු පෙනුමැති මිනිසෙක් ඇයට පිටුපසින් සිටගෙන සිටියා.
“නමෂ්කාර්!!!”
දැන් නම් මතක් වෙන්නැති මොකක් ගැනද මේ මෙච්චර වෙලා කියෙව්වේ කියලා. ඔව්, බොලිවුඩ් සිනමාවේ සදා අමරණීය ඒ ත්‍රිලර් එක, ඒ කතාව : Kahaani (2012) චිත්‍රපටියේ එක වැදගත්ම දර්ශනයක් ගැනයි ඒ දෙඩුවේ. බලපු නැති කවුරුම හරි ඉන්නවා නම් සමාවෙන්න ඕන පොඩියට හරි ස්පොයිල් වීමක් වුණා නම්. හැබැයි තාමත් නොබලපු කෙනෙක් ඉන්නවා කොහෙත්ම සමාවක් ඉල්ලන්න වටින්නෙත් නැහැ. කමක් නෑ, දැන් හරි ගිහින් බලන්නකෝ. මේ දැන්මම..
හරි, ඇයි දැන් මේ අවුරුදු 9කට පස්සේ ආපහු Kahaani ගැන ඇදලා ගත්තේ කියලා බලනවා ඇති. හේතුව තමා උඩ පින්තූරේ ඉන්න අමුතු කෙනා. ඔන්න ඔය මනුස්සයා තමා බොබ් කියන්නේ, බොබ් බිස්වාස්. අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැති චරිතයක් වගේම ලේසියෙන් අමතක කරන්නත් බැරි චරිතයක්නේ බොබ් බිස්වාස් කියන්නේ. සීමිත මිනිත්තු කිහිපයකට Kahaani චිත්‍රපටියේ රංගනයේ යෙදුනත් ඒ මතක නම් ත්‍රිලර් රසිකයන්ගේ හිතේ හැමදාටම පැලපදියම් කරන්න බොබ්ට පුළුවන් වුණා. ඒකට සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕන ඒ චරිතයට පණ දුන්නු Saswata Chatterjee මහත්තයට. ඉතින් මේ පොඩි චරිතයේ ප්‍රබලත්වය නිසාම ඊට අවුරුදු 9කට පස්සේ අධ්‍යක්ෂ, නිෂ්පාදක සෙට් එකට හිතෙනවා මේ චරිතයෙන් චිත්‍රපටියක් දැම්මා නම් හොඳයි නේද කියලා. ඔන්න එහෙමයි බොබ් බිස්වාස් සලරුව අපි අතරට එන්නේ.
විශේෂයෙන්ම කියන්න ඕන මෙවර බොබ් විදිහට අපි හමුවට එන්නේ Saswata මහත්මයා නම් නෙමේ. ඔහු මේ සිනමාපටය ප්‍රතික්ෂේප කරලා තිබුණා එකම චරිතය නැවත වතාවක් නිරූපණයට කැමැත්තක් නැති බව කියමින්. ඊට පස්සෙයි නිෂ්පාදකයෝ Abhishek Bachchan මේ චරිතය සඳහා ප්‍රවිෂ්ට වෙන්නේ. ඒ වගේම තේරෙනවා ඇතිනේ මේක Kahaani (2012) චිත්‍රපටියේ Spin-off එකක් කියලා. නමුත් අධ්‍යක්ෂණය කළේ නම් Sujoy Gosh විසින් නෙමේ. ඔහුගේ දුව, Diya Annapurna Ghosh විසින් තමයි මෙහි අධ්‍යක්ෂණය සිද්ධ වුණේ. නමුත් ඇයගේ කුළුදුල් අධ්‍යක්ෂණය නම් පැසසිය යුතුමයි කියලා හිතෙනවා.
ඉතින්, බොබ් බිස්වාස් චිත්‍රපටිය නිකුත් වුණේ දෙසැම්බර් 3වෙනිදා. Thriller|Crime|Drama ගණයට තමා අයත් වෙන්නේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.4ක සෑහෙන්න පුළුවන් අගයක් ලැබිලා තියෙනවා. Abhishek Bachchan සමඟ Chitrangda Singh ප්‍රධාන චරිත වලින් චිත්‍රපටියට දායක වෙනවා. ඉතින් පුංචි පුංචි දේවල් අමතක කරොත්, හොඳ මට්ටමේ සලරුවක් මට නම්. බලන්න කියලා ආරාධනා කරන ගමන්, Kahaani නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න කියලත් මතක් කරනවා. කොහොමත් බොබ් බිස්වාස් බලන්න Kahaani බලලම ඉන්න ඕන නැහැ. ස්වාධීන විදිහට බොබ් බිස්වාස් රසවිඳින්න පුළුවන්.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
4,957 downloadsDownload Bob-Biswas-2021.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
33 comments
Praveen
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
තැන්කු වේවා
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Samith
Thanks brother
Anonymous
Patta
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Chami
සුපිරියක් තමයි ඉතින්
තෑන්ක්ස් බන්Anonymous
21 එනවද?
DILmin
Sub ekata thanks!
දහරා මුතු අමා
බොහොම ස්තූතියි උපසිරැසියට....
Bhanu
උපසිරසියට ස්තුතියි
Jevan
Thanks machi
Eranda
Thanks brother
Anonymous
තෑම්ක්ස් බොම්ක❤
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේව!!!Rumesh
Thanks
Digtma me wage hoda film dennaAnonymous
Elakiri
dulan
ස්තුතියි !
Anonymous
බොම තුති වේවා❤️
සිසිල්
Thanks
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Malith samarawickrama
Thanks machoo sub ekata.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත
උපසිරස ලබා දුන්නාට බොහොම ස්තුතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela mcn thanks wewa.