ඉරණම බොහෝ කලක සිට මිනිසුන් තමන්ගේ ක්‍රීඩාවේ යොදවමින් සිටිනවා. ඒ ආකාරයට ඉරණම බොහෝ කාලයක පටන් ක්‍රීඩා කරමින් සිටින අහිංසක ජීවිතයක් වුණ සභාපති වටා මේ කතාව ගලා යනවා. ඉරණම නොනවත්වා සභාපති එක්ක සෙල්ලම් කරමින් හිටියත් තවත් දවස් 5කට පසු, වඩාත් දරුණු ආකාරයෙන් සභාපති එක්ක සෙල්ලම් කරන්න ලැහැස්ති වෙනවා. සභාපති…

ඉරණම බොහෝ කලක සිට මිනිසුන් තමන්ගේ ක්‍රීඩාවේ යොදවමින් සිටිනවා. ඒ ආකාරයට ඉරණම බොහෝ කාලයක පටන් ක්‍රීඩා කරමින් සිටින අහිංසක ජීවිතයක් වුණ සභාපති වටා මේ කතාව ගලා යනවා. ඉරණම නොනවත්වා සභාපති එක්ක සෙල්ලම් කරමින් හිටියත් තවත් දවස් 5කට පසු, වඩාත් දරුණු ආකාරයෙන් සභාපති එක්ක සෙල්ලම් කරන්න ලැහැස්ති වෙනවා. සභාපති අහිංසක, ගුණ යහපත් පුද්ගලයෙක් වගේම දෙමව්පියන්ට කීකරු පුතෙක්. සභාපතිට කිසිම නරක පුරුද්දක් තිබුණෙ නැහැ. ඒත් සභාපතිට ගොත ගැහීම තිබුණ එකම අඩුපාඩුව වුණා. ඉස්සරහ ගෙදර හිටිය සාවී සභාපතිට පුංචි කාලේ ඉඳන්ම තමන්ගේ සහය වුණා. තමන්ගෙ තනියට සාවි හයියක් විදිහට ඉන්න නිසා සභාපති සතුටින් කාලය ගතකරමින් හිටියා. ගුරුවරයෙක් වුණ සභාපතිගෙ තාත්තා විශ්‍රාම යාමෙන් අනතුරුව නිවසේ ආර්ථිකය අයහපත් වෙමින් පැවතුනා. ඒ නිසාම සභාපතිගේ තාත්තාගෙන් සභාපතිට එන්න එන්නම පීඩනය වැඩි කරන්නට වුණා. සභාපතිගේ තාත්තා විවිධ රැකියා සම්මුඛ පරීක්ෂණ වලට සභාපතිව සහාභාගි කරවනු ලැබුවා. සභාපති රැකියා සම්මුඛ පරීක්ෂණවලට ගියත් ආපසු ගෙදරට එන්නෙ බලාපොරොත්තු සුන් වුණ වේදනාවක් එක්කයි. කොහොම වුණත් සභාපතිට නරක පුරුදු නොතිබුණත් බේබදු යාළුවෙක් ආශ්‍රය කරමින් හිටියා. දවසකදී අහම්බෙන් හම්බවෙන මේ බේබදු යාළුවා සභාපතිගෙ ජීවිතය උඩුයටිකුරු කරනවා. ඒ වෙනස හොඳ හෝ නරක වෙන්න පුළුවන්. කොහොමින් හෝ දෛවය වෙනස් වන 5 වන දිනයේදී සභාපති අනතුරකට මුහුණ දෙනවා. ඉරණම සෙල්ලම පටන් ගනීද?

ඩිකිලෝනා චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණයට දිනාගැනීමෙන් අනතුරුව ප්‍රේක්ෂකයින් සන්තානම්ගේ කණ්ඩායමෙන් තවත් චිත්‍රපටයක් බලාපොරොත්තු වූවා. සන්තානම් කල්ලියෙන් ලැබුණු පිළිතුර වුණේ සභාපති චිත්‍රපටයයි. ඒ නිසාවෙන් සභාපති චිත්‍රපටය වෙත ප්‍රේක්ෂක උනන්දුව යොමු කර තිබුණා. විශේෂයෙන්ම ඩිකිලෝනා චිත්‍රපටයෙන් මාරන්ට උත්පාදනය වූ ඉල්ලුම නිසා.

නවකයෙකු ලෙස මෙය R. Srinivasa Raoගේ අධ්‍යක්ෂණයක් හා තිර රචනයක්. Kaithi (2019), Vikram Vedha (2017), Enemy (2021) චිත්‍රපටවල සංගීතය සැපයූ Sam C. S. ගේ සංගීත අධ්‍යක්ෂණයකි.

බොහෝ චිත්‍රපටවලදී අධ්‍යක්ෂක අභිබවා සන්තානම්ගේ හස්තය පෙන්නුම් කරනු ලැබුවත්, මේ චිත්‍රපටයෙදි සන්තානම් පොදුවේ නළුවෙක් ලෙස රංගනය ඉදිරිපත් කර තිබෙනවා. තවද හාස්‍යය පමණක් මූලික කරගනිමින් අසම්පූර්ණ තිර රචනයන් Dhilluku Dhuddu 2 (2019), A1 (2019), Paris Jeyaraj (2021), Biskoth (2020) වැනි පසුගිය චිත්‍රපටවලදි දක්නට ලැබුණා. සභාපති හිදි සම්පූර්ණ තිරරචනයත්, ඒ ආශ්‍රයෙන් හාස්‍යත් මතුවන ආකාරයට විදහා දක්වා තිබෙනවා.

‘කෝමාලි’ පුගළ් මේ චිත්‍රපටයට සම්බන්ධ වන නිසා තරමක් වැඩි අවධානයක් ලැබුණත්, සැලකිය හැකි තරම් දර්ශන ලබා දී නොතිබුණා. සන්තානම් හා පුගළ්ගේ සංයෝගය ගැන ප්‍රචාරණයෙදී පවා ඉහළින් පුරසාරම් බස් දොඩනු ලැබුවා. ඒත් ඊට සාධාරණ කොටසක් පුගළ්ට ලැබුණේ නම් නැහැ. සාවි ලෙස රඟන ප්‍රීති වෙර්මා ද දැකිය හැකි වන්නෙ ඉඳ හිටයි. පොදුවේ සන්තානම්ගේ චිත්‍රපටවල නිළි චරිතය මේ ඉරණම අත්වනු ලබනවා.

ඩිකිලෝනා හිදී සුළු කොටසකින් මහත් ජනප්‍රියත්වයට පත් වුණ මාරන් මෙහිදීත් අවසන් සංස්කරණයෙන් කොටසකදී කැපී යනවා. හැරුණු කොට උමා පද්මනාබන්, සයාජි ෂින්ඩේ, ස්වාමිනාදන්, මයිල්ස්වාමි, වම්සි ක්‍රිෂ්ණා යන නළු නිළියන්ද මෙහි රංගනයෙන් දායක වනවා.

චිත්‍රපටයේ සුවිශේෂ ස්ථානයක් හිමිකර ගන්නේ, එම්. එස්. බාස්කර්. A1 (2019) චිත්‍රපටයේදී සන්තානම් හා බාස්කර් මිශ්‍රයට වඩා සභාපති චිත්‍රපටයේ දෙදෙනාගේ ඉදිරිපත් කිරීම ඉහල ආකාරයක් ගනී. බාස්කර්ගේ හාස්‍යෝත්පාදක රංගනයත්, භාවාත්මක රංගනයත් චිත්‍රපටය ඔසවා තබන සාධකය වූවා.

සන්තානම් තමන්ගේ කටින් වචන හසුරවමින් ‘ටයිමින් කොමඩි’ විදිහට ස්ථානයක් හිමිකරගත් අයෙක්. සභාපති චිත්‍රපටයේ සන්තානම් ගොත චරිතයක් තෝරා ගැනීම මුළුමනින්ම ඊට වෙනස් තේරීමක්. ඩොක්ටර් චිත්‍රපටයේ ශිවකාර්තිකෙයන් ප්‍රාදේශීය භාෂාව, ඔහුටම ආවේණික විලාසය මඟහැර අධ්‍යක්ෂකගේ රාමුව තුල ඉදිරිපත් කරන රංගනය නිදසුනක් විදිහට දක්වන්න පුළුවන්. සන්තානම් පහර දෙබස් නොමැතිව Slapstick Comedy හාස්‍ය ජවනිකා ඔහුගේ ඉදිරිපත් කිරීම් වලට යොදාගෙන තිබෙනවා. සන්තානම් චිත්‍රපටය පුරාවට හැඟීම්බර රංගනයක නිරත වෙද්දී, ඔහු වටා පිරිස හාස්‍ය රංගනයක නියැලෙයි. විටෙක සන්තානම් අහිංසක, නිර්දෝෂී ලෙස කරන නිරූපණයෙන් හාස්‍ය උත්පාදනය වනු ලබයි.

අපහාසාත්මක දෙබස් නිසාවෙන් සන්තානම් මතභේදයන්ට තුඩු දුන් අවස්ථා පවා තිබෙනවා. කර්මාණ්තයේ ජ්‍යෙෂ්ඨයන් විසින් අවවාද හා තරවටු කිරීමෙන් අනතුරුව සන්තානම් ඔවුන්ගේ අවවාද අනුගමනය කරමින් රංගන කටයුතු වල නිරත වෙමින් සිටිනවා. මින් පෙර ඩිකිලෝනා චිත්‍රපටයෙදි ආබාධ සහිත පුද්ගලයින්ට අපහාස වන ආකාරයේ දෙබස් යොදාගැනීම නිසා සමාජ මාධ්‍යයන්හි විවේචන එල්ල වූවා. සභාපති හිදී ද ඇතැම් පිළිගත නොහැකි අන්දමේ අවස්ථාද ඇත. Jai Bhim (2021) හි කැලැන්ඩර් මතභේදය සම්බන්ධයෙන් ඉදිරිපත් කල ප්‍රකාෂයක් නිසාවෙන් මෑත කාලයේ ද සන්තානම් කතබහකට ලක්ව තිබුණා.

අන්නාත චිත්‍රපටයේ 3වන සතියේදි එක්වන සභාපති එම සතියේ නිකුත් වූ චිත්‍රපටවලින් වැඩිම දර්ශන වාර සංඛ්‍යාවක් හිමිකරගත් චිත්‍රපටය වුණා. අන්නාත හා සභාපති බොහෝ තැන් වල සම මට්ටමේ දර්ශන වාර හිමිකරගෙන තිබුණා. කොහොම වුණත් ප්‍රතිචාර සලකා බලද්දී විචාරකයින්ගේ සභාපති ‘මධ්‍ය විවේචන’ හිමිකරගන්නවා. නමුත් ප්‍රේක්ෂකයින්ගෙන් ‘ධණාත්මක විවේචන’ හිමි කර ගන්නවා.

සබ් එක ටිකක් පරක්කු වුණාට සමාවෙන්න. මොකද ඉංග්‍රීසි සබ් එකක් වත් නැති නිසා ලයින් ගහන් කරන්න වුණේ. කියනව නම් එක එක් හේතු. කොහොමින් හරි ඔයාලගේ අදහස් එහෙමත් කියන්න. අදහස් දක්වන හැමෝටමත් අනිත් හැමෝටමත් ස්තූතියි!

බුදු සරණයි! දෙවි රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

6,620 downloadsDownload Sabhaapathy_2021.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,620 downloadsDownload Subtitles74 KB

22 comments

  1. Anonymous

    Thanks for sub

  2. Arawinda Sunimal

    Thanks sub ekata tharidu naveen

  3. PCVENOM

    sthuthi digatama tamil walata sub karanna

  4. Sanjeewa2010

    Thnxxxxxxx

  5. Anonymous

    Thanks

  6. Rumesh

    Konda polam(2021) ekata sub dynko bn
    Santhanam ge yogi babu ge ekak awoth nm kalinma denow balanna puluwn hoda kathawak thyna ekak awoth tamai anthimatama denne

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. මයිකි

    තැන්ක්ස් මචො සබ් එකට අනිත් සයිට් වලට කලින් දුන්නට.. ඉස්සරහටත් සබ් කරන්න .. එලම

  10. Kushan

    Sub akta thanks

  11. Ishan

    Inside edge season 3 ekata ikamanata sub eka demuko bro

  12. Pahasara

    Thankz...

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  14. Udaya Fdo

    Thank you

  15. Anonymous

    තැන්කු වේවා

  16. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. Naveen Mbr

    හැමෝටම ස්තූතියි!

  18. kavi

    බොහොම ස්තූතියි!

  19. Sandun

    thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  22. Anonymous

    Thank you !

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.