Watch Trailer

Bob Marley: One Love (2024) Sinhala Subtitles | බොබ් මාර්⁣ලේ : විප්ලවීය සොඳුරු ආදරවන්තයාගේ දිවිසැරිය [සිංහල උපසිරසි]

Bob Marley: One Love (2024) Sinhala Subtitles ආයුබෝවන් ! ආදරණිය බයිස්කෝප් වාසීන් සියලුම දෙනාට, මම “බයිස්කෝප් සිංහලෙන්” වෙබ් අඩවියට මෙතෙක් කල් ගොඩ වුනේ උපසිරැසියක් ලබා ගැනීමට පමණයි. කාලයක පටන් තිබුනු කැමැත්තක්, ආසාවක් අද ඉටු වෙනව. ඒ මගේ පළමුවෙනි උපසිරැසිය මේ විදියට මම අද ඔබ වෙත ගෙන එනව.බයිස්කෝප් වෙබ…

Bob Marley: One Love (2024) Sinhala Subtitles Bob Marley: One Love (2024) Sinhala Subtitles

ආයුබෝවන් ! ආදරණිය බයිස්කෝප් වාසීන් සියලුම දෙනාට, මම “බයිස්කෝප් සිංහලෙන්” වෙබ් අඩවියට
මෙතෙක් කල් ගොඩ වුනේ උපසිරැසියක් ලබා ගැනීමට පමණයි. කාලයක පටන් තිබුනු කැමැත්තක්, ආසාවක් අද ඉටු වෙනව. ඒ මගේ පළමුවෙනි උපසිරැසිය මේ විදියට මම අද ඔබ වෙත ගෙන එනව.බයිස්කෝප් වෙබ් අඩවිය එක්ක මගේ ගණුදෙනුව අවුරුදු දහයකට වඩා ඈතට දිව යනව. හදවත හා සමීප පරිවර්තනයන්, විශිෂ්ට නිමාවකින් අප වෙත ගෙන ආ උපසිරැසිය වලට සහ සියලුම බයිස්කෝප් හි උපසිරැසිකරුවන්ට මගේ හදපිරි ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටිනව. උපසිරැසිකරණය කොතරම් දුෂ්කර ක්‍රියාවක් ද යන වග දැන් මම අත්වින්දා පෞද්ගලිකව, සියලුම සහෝදර උපසිරැසි කරුවන්ට දිගටම ඒ කාර්යයන් කරගෙන යාමට මම සුබ පතනව.මේ අවස්ථාව මට ලබා දුන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ “රවිඳු හේෂාන් ” සොහොයුරාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනව.

Bob Marley: One Love (2024) Sinhala Subtitles

Bob Marley One Love 2024 තමයි මම පළමු උපසිරැසිය ලෙස තෝරගන්නෙ. කුඩා කල පටන් බෙහෙවින් ආදරය කරන චරිතයක් වටා ගෙතුනු මේ සලරුව IMDb දර්ශකයේ 6.5/10 අගයක් ද , Rotten Tomatoes හි 43% අගයක් ද ලබා ගෙන තියනව.

“Reinaldo Marcus Green” විසින් අධ්‍යක්ෂණය කරන මෙහි Secret Invasion කතා මාලාවේ අපට හමුවෙන “Kingsley Ben-Adir” විසින් බොබ් මාර්ලේ ගෙ චරිතයත්, The Woman King, Marvels, Doctor Strange in the Multiverse of Madness හි අපට හමුවූ “Lashana Lynch” රීටා මාර්ලේ ගේ චරිතයටත් පණ පොවනව.සෙසු චරිත ලෙස James Norton, Michael Gandolfini අපට හමුවෙනව. චිත්‍රපටය පුරාම අපූරු ගීත සංයෝජනයන් රැසක් තිබෙනව. ඒ සියල්ලම එහි ඉංග්‍රිසි රස විනාශ නොකර එලෙසම ඔබට නරඹන්න ඉතුරු කර ඇත.

Bob Marley: One Love (2024) Sinhala Subtitles

ඒ වගේ ම මෙම චිත්‍රපටය නරඹන විට හෙඩ්⁣පෝන්ස් එක්ක ම නරඹන්න පුළුවන් නම් ඒ සංගීතය එක්ක චිත්‍රපටයේ රස තවත් වැඩිවෙයි.අවසාන වශයෙන් කියන්න ඕන පළමු උපසිරැසිය විදියට කැමතිම චිත්‍රපටය තෝරගන්න මට අවස්ථාව ලබා දුන්න එකට ගොඩක් ස්තූතිවන්ත වෙනව. භාර ගත්තට කරන් යද්දි ටිකක් වැඩේ අමාරුවුනේ ජැමයිකානු ඉංග්‍රිසි භාෂාව තරමක් ඇමරිකානු/ බ්‍රිතාන්‍ය ඉංග්‍රිසි වලට වඩා වෙනස් ⁣වීම. නමුත් කෙසේ හෝ රසිකයාට උපරිම රසාස්වාදයක් සහ සාධාරණයක් කරන එක තමයි මගේ එකම අරමුණ වුනේ. ඉතිං මම ඉල්ලනව උපසිරැසිය සමඟ චිත්‍රපටය රස විඳින්න, ඒ වගේ ම අඩුපාඩුවක් ඇත්නම් ඒ බවත් දන්වන්න. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා !

Bob Marley One Love (2024) Sinhala Subtitles

බොබ් මාර්⁣ලේ ගැන යමක්…

රොබට් නෙස්ටා මාර්ලේ නොහොත් බොබ් මාර්ලේ උපත ලබන්නෙ 1945 පෙබරවාරි 6 වෙනිදා, සුදු ජාතික පියෙක්ට දාව  කළු ජාතික මවකට උපදින මේ කළු ජාතිකයා කුඩා කල පටන්ම අනෙක් කළු ජාතික පිරිමි ළමයින් අතර කැපී පෙනෙන්නෙ ඔහුගේ ආවේණික “කහ පැහැ සම” නිසා ය. පාසල් සමයේ පටන් ම සංගීතයට මහත් ලැදියාවක් දක්වන ඔහු කුඩා කල සෙන්ට් ඈන් පැරිෂ් ග්‍රාමයේ  ද පසුකාලීනව  ජැමයිකාවේ “ට්‍රෙන්ච් ටවුන්” නගරයේය ද හැදී වැඩෙයි.

ට්‍රෙන්ච් ටවුන් හි මිතුරන් සමඟ සිය තරුණ කාලය ගෙවද්දී “බනී වේලර්” සහ “පී⁣ටර් ටොෂ්” ඇතුළු කුළුපග මිතුරන් කිහිපදෙනෙක් සමඟ 1965 දි “වේලීන් වේලර්ස්” සංගීත කණ්ඩායම අරඹයි. “අයිලන්ඩ් රෙකෝඩින්” හි පළමු පටිගත කිරීම සිදු කිරීමෙන් පසුව “බොබ් මාර්ලේ සහ වේලර්ස්” යන නමින් කා අතරත් ජනප්‍රිය විය.

Bob Marley: One Love (2024) Sinhala Subtitles

1966 දි රීටා මාර්ලේ සමඟ විවාහ වන බොබ්, දරුවන් 11 දෙනෙක් ගේ පියෙක් බවට පත් වෙයි.ඒ දරුවන් අතර රීටා ගේ නොවන දරුවන් ද සිටියි. නමුත් රීටා මාර්ලේ යනු බොබ් මාර්ලේ යන විශාල සෙවනැල්ල යටම හිඳ බොබ් මාර්ලේ ගේ ජීවන ගමනට රුකුල් දෙමින් ඔහු මිය යනතුරුම ඔහු හා රැඳී සිටි එකම කාන්තාව යි. ඇය ද බොබ් මාර්ලේ ගේ සංගීත කණ්ඩායමේ සහය ගායන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නෙ ඇයට සහ ඇගේ සහෝදරියන් සතු ව තිබූ  “සෝලෙට්ස්” සංගීත කණ්ඩායමෙන් ලැබුනු ආභාෂය ද ප්‍රයෝජනයට ගනිමිනි.

Bob Marley: One Love (2024) Sinhala Subtitles

1943 ඇරඹුනු ජැමයිකානු සිවිල් යුද්ධය 1976 වන විට උග්‍ර අතට හැරෙමින් තිබුණි. ජාතික ජනතා පක්ෂය (PNP) සහ ජැමයිකානු කම්කරු පක්ෂය (JLP) එකිනෙකා අතර වෙඩි තබා ගැනීම්, දේපළ හානි, පැහැරගැනීම් බහුලව මේ වකවානුවේ පැවතිණි. මේ පක්ෂ දෙකෙහි ම ක්‍රියාකාරින් වන “බුකී මාර්ෂල්” සහ “ක්ලෝවුඩි මාසොප්” බොබ් මාර්ලේ ව ළගින් ඇසුරු කළෝය. බොබ් මාර්ලේ ගේ ජනප්‍රියත්වය කෙමෙන් ජැමයිකාව පුරා විහිදී යද්දි මේ පක්ෂ දෙකටම ඔහුව හිසරදයක් බවට පත් විය. ඒ ඔහුගේ සංගීත⁣ ශෛලිය තුලින් සමාජයට ලබාදෙන පණිවුඩය ඔවුන් ගේ බල අරගලයට මරු පහරක් වන බැවිනි.

මේ අතර බොබ් මාර්ලේ 1976 මහ මැතිවරණයට සති කිහිපයක් ⁣තිබියදි සැලසුම් කළ “සාමය” ප්‍රසංගය පවා කඩා කප්පල් කරන්න ට මේ දේශපාලන බල අරගලකරුවන් වෑයම් කරමින් සිටිය හ. නමුත් කිසිදු දේශපාලන අත පෙවීමකට යටත් නොවූ බොබ් මාර්ලේ සාමය පිළිබඳ සිය අභිලාෂයන් නොබියව සමාජගත කළේය. බල තණ්⁣හාවෙන් වියරු වැටී සිටි දේශපාලන පක්ෂ වලට මේ ප්‍රසංගය කෙසේ හෝ නවතා දැමීමට අවශ්‍ය විය. බොබ් මාර්ලේ සහ රීටා මාර්ලේ ට වෙඩි තබා ඝාතනය කිරීමට ඔවුන් පියවර ගන්නේ ඒ අනුවය. නමුත් එයින් වාසනාවකට ගැලවෙන බොබ් මාර්ලේ ජැමයිකාවෙන් එංගලන්තය බලා යන්නේ ජැමයිකාව සහ එහි ජනතාව කෙරෙහි ඇති වූ පිළිකුලිනි.

Bob Marley: One Love (2024) Sinhala Subtitles

වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස ඒ වෙඩි පහර බොබ් මාර්ලේ සිය සංගීත දිවියේ හිනි පෙත්තටම ඔසවා තබනව. ඒ කෙසේද යන වග නැරඹීමට ඔබ සැමට ආරාධනා කර සිටිනව. රස්තෆරෛ ආගම ව්‍යාප්ත කිරීම, “ජාහ්” දෙවියන් ගේ ඇදහීම්, ඒ ධර්මයේ සාමයේ පණිවුඩය සුව හසක් මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කැපවීම, ජීවිතයේ එකම අරමුණ දුක් විඳින ජනතාවට සංගීතයෙන් පිනවීම, “ජාහ් රස්තෆරෛ” කියවීම් වලට අනුව පණිවිඩයන් ජනගත කිරීම බොබ් මාර්ලේ ගේ රෙගේ සංගීතය තුල කැපී පෙනෙන ආවේණික ලක්ෂණ වේ.

⁣බොබ් මාර්ලේ යනු පෞද්ගලිකවම මට කුඩා කාලයේ පටන් ම වීරයෙක්.ඔහුගේ කියවීම් වල, පද රචනා වල,තනු වල ඇති හුදෙක් පීඩිත ජනතාව ගේ දුක් සෝ සුසුම් වල හඬ රැව් දීමක්. බටහිර ජනතාව අතර වෙනස් අර්ථකථනයකින් ජනප්‍රිය වූ “No woman No Cry” යනු “ගැහැණියක් නැති ජීවිතය ඉතා සතුටුදායක” බවයි. නමුත් එහි ගැඹුරුම යථාර්ථය යනු බොබ් මාර්ලේ ජීවත් වූ ට්‍රෙන්ච් ටවුන් හි “නොහඬන ගැහැණියක් නැත” යන්නයි. ඒ තරම් කොල්ලකාරී ආර්ථික, සමාජ අරගලයකට ජැමයිකානුවන් මැදි විය.

1981 මැයි 11 දින සමේ පිළිකාවකින් මිය යද්දි බොබ් මාර්ලේ ට වයස අවුරුදු 36 විය. ඉතා කෙටි ජීවිතය තුල ඔහු සමාජයට ඉතිරි කර ගිය දේවල් බොහෝය. ජනතාව වෙනුවෙන් කැපවීම, ජනතාවගේ පොදු අභිලාෂයන් වෙනුවෙන් හඬ නැගීම, නව සංගීත කලාවක් නිර්මාණය කිරීම, නව සංගීත සංයෝජන සමඟ පොදු ගැටලු පද රචනය කිරීම, ජනතාවගේ නියෝජිතයෙක් වීම, ⁣හොඳ නායකයෙක්, හොඳ සහෝදරයෙක් ඒ වගේ ම හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්. බොබ් මාර්ලේ ගේ කංසා සුරුට්ටුව සහ කැරළි කොණ්ඩයට වඩා දේවල් ඔහුගෙන් අපට ඉගෙන ගැනීමට තිබේ.

Bob Marley: One Love (2024) Sinhala Subtitles

මිනිසුන් ව⁣ශයෙන් අපි මේ ලෝකයේ අපේ වැඩ කොටස ඉටු කළ යුතුය. මේ මහ පොළව මත ජීවත් වු ණය ගෙවන්නට අවශ්‍ය ය. ඒ සඳහා තනි තනි වශයෙන් තමන්ගේ වැඩ කොටස පරාර්ථකාමි ව ඉටු කළ කරමු.

විප්ලවය හටගන්නේ තමා තුලින් ම විය යුතුය !!!

Bob Marley: One Love (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,190 downloadsDownload Bob-Marley-One-Love-2024-Sinhala-Subtitles.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු එදිරිමාන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-03-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bob Marley: One Love (2024) Sinhala Subtitles Bob Marley: One Love (2024) Sinhala Subtitles

Subtitles by

කවිඳු එදිරිමාන්න

Subtitles

7,190 downloadsDownload Subtitles54 KB

25 comments

  1. Buddhika Lakmal

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ...
    කරන කියන සියලු වැඩකටයුතු සාර්තක වේ..
    ඉස්සරහටත් මේ වගේ උපසිරැසි ගේන්න....
    මේ උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...

    1. Kavindu Edirimanne

      බොහොම ස්තුතියි සහෝ

  2. සුදර්ශන (King Suu)

    බොහොම ස්තූතියි සහෝ.. පලවෙනි එකට සුභ පැතුම්.. ඉදිරියටත් දිගටම සබ් දෙන්න හැකිවේවා.. ජය..

    1. Kavindu Edirimanne

      බොහොම ස්තුතියි, සහෝ

  3. syd

    film eka kohenda ganna puluwan

    1. Sanupa Ranmeth

      අපේ ඩවුන්ලෝඩ් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් බාගන්න සහෝ.

    2. Anonymous

      Yts.mx සයිට් එකෙන් මම නම් ගත්තෙ, සහෝ

    3. Kavindu Edirimanne

      Yts.mx official site එකෙන් පුළුවන් සහෝ, මම සබ් එක කරේ ඒකෙන් අරන්

    4. රේමන් ඇන්තනි

      බොහොම ස්තූතියී සහෝ

    5. රේමන් ඇන්තනි

      බොහොම ස්තූතියී සහෝදරයා

  4. Nd

    Tnks brohh

  5. Minuk

    Thank you brother

  6. Malith samarawickrama

    Thanks bro sub ekata

  7. Naveen Mbr

    පලමු උපසිරැසියට සුබ පැතුම් සහෝ! වෙහෙස මහන්සිවෙලා කරපු උපසිරැසියටත්, ලිපියටත් බොහොම ස්තූතියි! තවත් උපසිරැසි අරගෙන එන්න කාලය, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය!

    1. Kavindu Edirimanne

      බොහොම ස්තුතියි, සහෝ

  8. Bimsara Yashan(ඔලිව)

    පලවෙනි සබ් එකම සුපිරි ෆිල්ම් එකකින් අරන් ඇවිල්ල තියෙන්නෙ. පලමුවැනි උපසිරැසි ගැන්වීමට සුබපැතුම් සහෝ. දිගටම උපසිරැසි ගේමු. ජයවේවා!

    1. Kavindu Edirimanne

      බොහොම ස්තුතියි සහෝ, ඔයාගෙ උපසිරැසි මමත් අරන් පිල්ම් බලල තියනව. දිගටම කරන් යමු !
      ජයවේවා. !

  9. Anonymous

    Thanks bro sub ekata

  10. විමා

    පලවෙනි වැඩේට සුබපැතුම් සහෝ.
    දිගටම මේ වගේ සුපිරි ඒවා ටිකක් අරගෙන එමු! :)

    1. Kavindu Edirimanne

      බොහොම ස්තුතියි විමා සහෝ...ඒ කාලෙ ඉඳන් ම ඔයාගෙ උපසිරැසි අරන් පිල්ම් බලල තියනව. දිගටම කරන් යමු ජයවේවා !

  11. Pahasara

    Thanks bro sub ekata

  12. Kavindu Nethmina

    Sub ekata thanks bro..

  13. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට ඔබට බොහොම ස්තූතියි

  14. යුරාන් ධනුක (දනුවා)

    පළවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
    දිගටම වැඩේ කරගෙන යමු
    ඒ වගේම උපසිරසියටත් බොහෝම ස්තූතියි
    ජය වේවා!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P