Mission: Chapter 1 (2024) Sinhala Subtitles විශ්‍රාම සුවයෙන් පසුවන IPS නිලධාරියෙක් වන. ගුණසේකරන් තමන්ගේ දියණිය සනාගේ මොළයේ විශාල සැත්කමක් වෙනුවෙන් එංගලන්තයට යනවා. ඒත් ගුණා එංගලන්තයේදී යම් ප්‍රශ්නයකට හසු වී වැන්ඩ්ස්වර්ත් බන්ධනාගාරයේ සිරගත වන්නට වෙනවා. කුප්‍රකට ත්‍රස්තවාදියෙක් වන ඔමාර් කොව්ද්‍රි වෙනු…
Mission: Chapter 1 (2024) Sinhala Subtitles
විශ්‍රාම සුවයෙන් පසුවන IPS නිලධාරියෙක් වන. ගුණසේකරන් තමන්ගේ දියණිය සනාගේ මොළයේ විශාල සැත්කමක් වෙනුවෙන් එංගලන්තයට යනවා. ඒත් ගුණා එංගලන්තයේදී යම් ප්‍රශ්නයකට හසු වී වැන්ඩ්ස්වර්ත් බන්ධනාගාරයේ සිරගත වන්නට වෙනවා. කුප්‍රකට ත්‍රස්තවාදියෙක් වන ඔමාර් කොව්ද්‍රි වෙනුවෙන් සේවය කරන සිරකරුවන් තිදෙනෙකු මේ බන්ධනාගාරයේ සිරගත කර තබා තිබුණා. ඔමාර් මොවුන්ට බන්ධනාගාරයෙන් පලායාමට සහය වෙන්න සැලසුමක් යොදනවා. ගුණා මොවුන්ගේ පලායාමේ සැලැස්ම විනාශ කරනවා.
Mission: Chapter 1 (2024) Sinhala Subtitlesඅරුන් විජේ, ඇමී ජැක්සන්, නිමිෂා සජායන් යන නළු නිළියන් රඟපෑවා. 2022 වසරේදි Sinam (2022) චිත්‍රපටයෙන් පස්සෙදි තමයි අරුන් විජේගේ චිත්‍රපටියක් මේ දකින්න ලැබෙන්නෙ. එතකොට ඇමීව දකින්න ලැබෙන්නෙ 2.0 (2018) චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු 5කට විතර පස්සෙදි. ඒ වගේම මේ ඇමී, A.L. විජේගේ චිත්‍රපටයකට එක් වන තෙවන වතාව. මීට පෙරදී Madrasapattinam (2010) සහ Thaandavam (2012) චිත්‍රපටවලට ඇය සහභාගී වුණා. ඇය නිසාම රචනා කරපු චරිතයක්ද කියන්න දන්නෙ නැතත්, බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත නිසාම ඇයව මේ චිත්‍රපටයේ ඇයගේ චරිතයට ලොකු සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වුණා. නිමිෂාව Chithha (2023) සහ Jigarthanda Double X (2023) දෙමළ චිත්‍රපටවලදී දකින්න ලැබුණා. මේ ඇයගේ තෙවන දෙමළ චිත්‍රපටය. පසුගිය මාසයේ නිමිෂාගේ Poacher වෙබ් කතා මාලාව ඇමසන් හරහා විකාශනය ඇරඹුණා.
Mission: Chapter 1 (2024) Sinhala Subtitlesමේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Deiva Thirumagal (2011), Thalaivaa (2013), Devi (2016) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ A.L. විජේ. මේ චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ G.V. ප්‍රකාෂ් කුමාර්. මේ චිත්‍රපටිය මුලින් නම් කරේ Achcham Enbadhu Illaiye විදියට. ඒත් පසුව Mission Chapter 1 – Achcham Enbadhu Illaiye නමින් නම් කෙරුණා.
Mission: Chapter 1 (2024) Sinhala Subtitlesඅරුන් විජේගේ පැමිණීමට නියමිත චිත්‍රපට අතරින් අධ්‍යක්ෂක බාලගේ Vanangaan චිත්‍රපටය මේ වසරේදී නිකුත් වෙන්න පුළුවන්. තවද Borrder, Boxer, Agni Siragugal චිත්‍රපට තුනත් ඒ ලැයිස්තුවේම තියෙනවා. අරුන් විජේගේ Mafia : Chapter 1 (2020) චිත්‍රපටයේ නම් තවත් චැප්‍ටර් දිග හැරෙන්නෙ නැති වෙයි කියලා නිශ්චිතවම කියන්න පුළුවන්. මේ මිෂන් එකේ නම් තවත් චැප්ටර් එකක් දිගහැරෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු තියාගෙන ඉමු.
Mission: Chapter 1 (2024) Sinhala Subtitlesලයිකා ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදනය කළ මේ මිෂන් චැප්ටර් 1 පසුගිය ජනවාරි 12 දා පෝංගල් වලට සමගාමීව තිරගත කෙරුණා. අති සාර්ථක ලෙසින් තිරගත වුණ මෙයට විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයින්ගේ යහපත් ප්‍රතිචාර ලැබුණා. ඉ.රු. කෝටි 10ක පමණ මුදලක් වැය කර නිපදවූ චිත්‍රපටිය ඉ.රු. කෝටි 23ක පමණ මුදලක් උපයා ගත්තා.
Mission: Chapter 1 (2024) Sinhala Subtitlesමේ වෙද්දි මේ චිත්‍රපටයේ Imdb රේටින් අගය 6.2/10යි. ටිකක් බරට ක්‍රියාදාම තිබුණට පවුලේ සැමට එකට ඉඳිමින් නරඹන්න පුළුවන් චිත්‍රපටියක්.
එහෙනම් මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
Mission: Chapter 1 (2024) Sinhala Subtitlesඅපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
Mission: Chapter 1 (2024) Sinhala Subtitlesබුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
7,199 downloadsDownload Mission-Chapter-1-2024-Sinhala-Subtitles.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mission: Chapter 1 (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #A.L. Vijay
- #Amy Jackson
- #Arun Vijay
- #Indian Box Office Hits
- #Mission: Chapter 1
- #Mission: Chapter 1 (2024)
- #Mission: Chapter 1 (2024) Sinhala Sub
- #Mission: Chapter 1 (2024) Sinhala Subtitles
- #Nimisha Sajayan
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Buddhika Lakmal
indika 75
thanks..
ඩොක් අයියා
ලස්සන කතාවක් වගේ බලමු කොහොමද කියලා.
ස්තුති උපරැසියටAnonymous
thank you.good work
Anonymous
Thank you
S. Prasad
Good job thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


ස්තූතියි සහෝ උපසිරැසියට....
ජයවේවා....