Watch Trailer

Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | මෙහෙමත් වෙරියක් ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසි චිත්‍රපට වලට ඇබ්බැහි වුන රසික රසිකාවනි. ඔන්න ඔයාලට ලස්සනම ලස්සන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක් අරගෙන ආවා. හුඟක් අය චිත්‍රපට බලන්න ඉස්සෙල්ලම බලන්නෙ චිත්‍රපටයෙ නළුවා කවුද, ජෝකර් කවුද කියල. මම නම් කියන්නෙ නළුවගෙන්, නිළියගෙන්, ජෝකර් කවුද කියන එකෙන් චිත්‍රපටියක් මනින්න බෑ. චිත්‍රපටිය…

ආයුබෝවන් බයිස්කෝප්වාසි චිත්‍රපට වලට ඇබ්බැහි වුන රසික රසිකාවනි. ඔන්න ඔයාලට ලස්සනම ලස්සන කුතුහලයෙන් පිරි චිත්‍රපටයක් අරගෙන ආවා. හුඟක් අය චිත්‍රපට බලන්න ඉස්සෙල්ලම බලන්නෙ චිත්‍රපටයෙ නළුවා කවුද, ජෝකර් කවුද කියල. මම නම් කියන්නෙ නළුවගෙන්, නිළියගෙන්, ජෝකර් කවුද කියන එකෙන් චිත්‍රපටියක් මනින්න බෑ. චිත්‍රපටියේ කතා වස්තුව තමයි හොද වෙන්න ඕනෙ. ඔන්න ඉතින් මමත් අහුලගත්තා කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන් නියම චිත්‍රපටයක්. 2019 ජූලි මාසේ 12 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ වුණ IMDb අගයත් 6.6ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙන පැයකුත් විනාඩි 58ක් පුරා දිවෙන Drama, Thriller ගණයට අයත් නවක නළු නිළි රැසක්ම රගපාන මත්ද්‍රව්‍යක් නිසා වෙච්ච ඇබැද්දියක් ගැන කියවෙන කතාවක් ඔයාලට අරගෙන ආවා. Dheeraj, Pradaini Surva, Radha Ravi, Charlie, Dushara, Thamizhselvi, Surekha Vani, Mime Gopi, Ajay නළු නිළි කැල රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරුණාම කාර්තික් කියන්නෙ විවාහ ගිවිස ගෙන ටික දවසකින් කසාදය සිද්දවෙන්න ඉන්න කෙනෙක්. කසාදය හෙට කියල අම්මගෙන් බැණුමුත් අහගෙන ආරාධනා පත්‍රයක් දෙන්න කියල කාර්තික් යනව කෙල්ලව බලන්න. එහෙ ගිහින් කෙල්ලව බලල එන අතරෙ කාර්තික්ට කෝල් එකක් එනව මුරලිගෙන් රෝෂන් කියලයාලුවෙක් සියදිවි හානි කරගත්ත කියල. කාර්තික් අඬාගෙන යනව රෝෂන්ගෙ මහල් නිවාසෙට එතන කට්ටියම එකතුවෙලා දුකෙන් අඬාගෙන ඉන්නවා. කට්ටියම කාර්තික්ව එක්කගෙන රෝෂන් සියදිවි හානි කරගත්තා කියන කාමරේට එක්කගෙන යනව. කාර්තිකුත් අඩාගෙන ගිහිල්ලා ඇයි මේ වගේ දෙයක් කරගත්තේ, අම්මට තාත්තට මොනවද කියන්නෙ කියල අඬාගෙන ඉන්නකොට ඔන්න රෝෂන් බොරුවට මැරිල වගේ ඉදල ඇහැරිලා හිනාවෙනවා. එතකොටයි කාර්තික් දැනගන්නෙ යාලුවෝ කට්ටියම එකතුවෙලා එයාව රවට්ටලා ආතල් එකක් අරගෙන කියල. ඒකට මළපනින කාර්තික් ඔක්කෝටම බැනල යන්න හදනකොට යාලුවෝ කට්ටියම එකතුවෙලා එයාව ෂේප් කරගෙන අද එයාගෙ තනිකඩ අවසාන හවස කියල කට්ටියම එකතුවෙලා බොන්න පටන් ගන්නවා. ඔය අතරෙම මාධ්‍යවේදිණියක් වුණ බ්‍රින්දා, ඩේවිඩ් එක්ක එකතුවෙලා මත්ද්‍රව්‍ය ජාවරම් වලට එරෙහිව සාක්ෂි එකතු කරගෙන CBI එකට යනකම් ගිහින් තියෙනවා. කොහොමහරි මේ ජාවාරමෙන් තරුණ පරම්පරාව බේරගන්න හිතාගෙන. සාක්ෂි එකතු කරල CBI එකට දුන්න කියල මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොක්කා දැනගන්නවා එයාගෙ CBI එකේ ඉන්න ඔත්තුකාරයන්ගෙන් .එයා මේකට සම්බන්ධ කරගෙන ඉන්න පොලීසියේ කමිෂනර් යොදවනවා ඩේවිඩ් වයි බ්‍රින්දාවයි මරවන්න. කමිෂනර් ඩේවිඩ්ගේ ගෙදර ගිහිල්ලා ඩේවිඩ් එයාලගෙ පැත්තට නම්මගන්න කතා කරත් ඩේවිඩ් කැමතිවෙන්නෙ නෑ. එතනම ඩේවිඩ්ව මරල දාන කමිෂනර් යනව බ්‍රින්දව හොයාගෙන. රෝෂන්ගෙ ගෙදර කට්ටියම සෙට්වෙලා අඩිය ගගහ ඉද්දි TV එකේ චිත්‍රපටයක මත්ද්‍රව්‍ය උරන සීන් එකක් යනව. ඔය ගැන කතා කර කර ඉද්දි රෝෂන් එයාගෙ කාමරේට එක්කගෙන ගිහිල්ලා ඔය වගේ දුර්ලබ මත්ද්‍රව්‍යක් තියෙනව කියල කාර්තික්ට පෙන්නනවා. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය තියෙන්නෙ සුදු පාටින් හැබැයි මේක රතු පාට ගැහැව්වොත් එහෙම පැය 5ක් වගේ යනකම් ඔයා මවන ලෝකය ඇස් ඉදිරිපිටම දැකගන්න පුලුවන් කියල රෝෂන් කාර්තික්ට කියනව. කොහොම හරි කතාවෙන් අහම්බයෙන් කාර්තික්ට මේ භයානක මත්ද්‍රව්‍ය ඉරවෙනවා. ඒක උරල ටික වෙලාවක් යනකොට ඔන්න එක එක දේවල් කාර්තික්ට වෙන්න පටන් ගන්නව. ඔය වෙලාවේ යාලුවෝ කට්ටිය අතරෙ රණ්ඩුවක් ඇතිවෙලා කාර්තික්ව කාමරේකට දාල දගලන හන්දා අරක්කු පොව්වල වෙරි කරල නිදන්න අරිනවා. ඇහැරිල බලනකොට කාමරේ ලොක් කරල යාලුවන්ට කතා කළත් කවුරුත් නෑ. කරගන්න දෙයක් නැතුව ඉදගෙන කල්පනා කරද්දි කාර්තික් දකිනව අල්මාරිය අස්සෙන් කෙස් රොදක් හෙලවෙනව. අල්මාරිය ඇරල බලද්දි බ්‍රින්දා මරල අල්මාරියේ දාල මලකද ඇදගෙන වැටෙනව. කාර්තික් කෑ ගහගෙන විසිවෙනව බයටම. කොහොමහරි දොර ඇරගෙන කාමරෙන් එළියට ගිහින් වතුර බොන්න කියල ෆ්රිජ් එක ඇරල බලනකොට ඒක ඇතුළේ කාගෙදෝ මාපට ඇගිල්ලක් කලප දාල. ඒකට තවත් බයවෙන කාර්තික් එතනින් පැනල සාලෙ පැත්තට දුවද්දි ඇනල ඇනල මරල දාපු පොලිස් කාරයෙක්ගෙ මලකදක් හම්බවෙනවා. පණ කඩාගෙන කාර්තික් එතනින් දුවනවා.දුවල ගිහින් හැංගිලා ඉන්නකොට ඔන්න එක යාලුවෙක් ඇවිත් පිටට තට්ටු කරනවා. කාර්තික් බය වුණ පාර අනෙක් යාලුවා සිද්දික් එයත් බයවෙනවා. පස්සෙ එයාට විස්තරේ කියල දෙන්නම එක්ක යතුරු හොයන්න පටන් ගන්නව මේකෙන් එළියට යන්න හිතාගෙන. කාර්තික් යතුරු හොයාගෙන සිද්දික්ව බලද්දි එයා නෑ. සිද්දික්ව හොයාගෙන යද්දි සිද්දික් කාමරේකට ගිහින් දොර වහගෙන එල්ලිල මැරෙන්න උත්සාහ කරනව. කාර්තික්ට කරගන්න දෙයක් නෑ කාමරේ ඇරගන්න විදියකුත් නෑ.එයා යතුරු හිලෙන් බලාගෙන ඉද්දිම සිද්දි කාමරේ ඇතුළේ එල්ලිලා මැරෙනවා. ඔය අතරෙම දකිනවා සිද්දික්ගෙ මාපට ඇගිල්ලත් කපල කියල…

හ්ම්ම් කියනවනම් තව විස්තර ගොඩයි…. එතනින් එහාට චිත්‍රපටිය ඔයාලම බලල හොයාගන්න…

ආයෙ ෆිලුමකින් මුණ ගැහෙන තුරු හැමෝටම තෙරුවන් සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

6,456 downloadsDownload Bodhai-Yeri-Budhi-Maari-2019.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

6,456 downloadsDownload Subtitles49 KB

20 comments

  1. ඩොක් අයියා

    thanku wewa

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. chathurachathu

    machan mata meke downlod link eka ewanna puluwanda

  4. priyan99

    Thanks sahoo sub ekata.jaya wewa

  5. sajithkalpa

    Thanx for sub mcn

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. WA@

    ස්තූතියි..

  8. iduminda

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    තව තවත් උපසිරැසි කිරීමට
    කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  9. gayanmagee

    thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dula95

    thank u

  12. Shalin Herath

    Sub ekata tnx bro

  13. D.Chamara

    bohoma sthuthi sahooo

  14. D.Chamara

    bohoma sthuthi sahoo

  15. nish47

    ස්තූතියි සහෝ

  16. N_R

    Thank You.

  17. Dilshan Kelum

    Thaks bro.

  18. Anu

    Thanks bro...

  19. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  20. Anonymous

    thanks