Watch Trailer

Bogan (2017) with Sinhala Subtitles | ශරීරයෙන් ශරීරයට මාරුවන බලය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට ලොකූ සමාවක් දෙන්න, මොකද මන් හිතන විදියට මම කරපු පරක්කුම සබ් එක මේක කිව්වොත් නිවැරදී. ඒකට ගොඩක් හේතු තිබුන, ලොකුම හේතුව තමයි මගේ ඉගෙනීම් කටයුතු වල තිබුන ප්‍රශ්නය. ඉතින් මට ඒ වැඩ කටයුතු නිසා ලොකූ වෙලාවක් සබ් එකක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. එ ගැන මන් ගොඩක් දුකින් තමයි හිටියෙ. දන්න අය දන්…

මුලින්ම මට ලොකූ සමාවක් දෙන්න, මොකද මන් හිතන විදියට මම කරපු පරක්කුම සබ් එක මේක කිව්වොත් නිවැරදී. ඒකට ගොඩක් හේතු තිබුන, ලොකුම හේතුව තමයි මගේ ඉගෙනීම් කටයුතු වල තිබුන ප්‍රශ්නය. ඉතින් මට ඒ වැඩ කටයුතු නිසා ලොකූ වෙලාවක් සබ් එකක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. එ ගැන මන් ගොඩක් දුකින් තමයි හිටියෙ. දන්න අය දන්නව හැබැයි ගොඩක් දෙනෙක් විශ්වාස කළේ නෑ, හිතුවෙ බොරු කියනව කියල. ෆිල්ම් එකේ හොද කොපි ආපු දවසෙ වගේම අද වෙනකන් ගොඩක් දෙනෙක් උපසිරැසිය ඉල්ලලා මැසේජ් දාල තිබුන. ඒ අයට ගොඩක් ස්තූතී! කොහොම පරක්කු වුණත් සබ් එක නම් සුපිරියට කරල තියෙනව. තවත් එක් කාරණාවක් තමයි මේ ෆිල්ම් එකට ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනෙ නෑ, ඉතින් වෙනද වගේම කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කළේ. ඒ වගේම පොරොන්දු වෙන්නම්කො ආයෙ සබ් එකක් දෙන්න පරක්කු වෙන්නෙ නෑ කියල. එහෙනම් කතාවට යමු!

මේ ලෝකේ හරිම පුදුමාකාරයි. මේ ලෝකේ නිර්මාණය වුනේ කොහොමද කියලා, අදටත් විද්‍යාත්මකව තහවුරු කල හැකි සාධකයක් නැහැ. අනාදිමත් කාලයක සිට පැවත එන්නාවූ මේ ලෝ තලයේ හරි අපූරු බලයන් සමුදායක් අන්තර්ගත වෙලා තියෙනවා. හැමෝටම තේරෙන්න කියනවා නම්, විශ්ව ශක්තිය ලෙස හඳුන්වන්නෙ මෙයයි. අතීතයේ සිට වර්තමානය දක්වා වාසය කළාවූ, ඉසිවරයින්, ඉන්ද්‍රජාලිකයන්, යකැදුරන් ආදී පුද්ගලයින්, ඔවුන්ගේ වැඩි දියුණු කරන ලද චිත්ත ශක්තිය සමගින් මෙම විශ්ව ශක්තියද උපයෝගී කරගනිමින් සාමාන්‍ය මිනිසෙකුට සිහිනෙන් හෝ කල නොහැකි අන්දමේ ප්‍රාතිහාර්යයන් මවා පාන ලදී. මෙම ශක්තිය කෙතරම් බලවත් දැයි පවසනවා නම්, වෙනත් පුද්ගලයෙකුගේ මනසට ඇතුළුවී, එම පුද්ගලයාව පාලනය කිරීමට තරම් විශ්වාස කල නොහැකි අන්දමේ හැකියාවක් මෙහි ගැබ් වී පවතිනවා. නමුත්, කල් ගතවෙත්ම, තාක්ෂණයේ දියුණුවත් සමගින් මෙම ශිල්පීය දක්ෂතාවය සතු පුද්ගලයින් ලොවෙන් ක්ෂය වී යන්න පටන්ගත්තා. වර්තමානය වනවිට බොහොමයක් දෙනා, මෙය මුසාවක් ලෙසයි සලකන්නේ. නමුත්, මා මේ කියන්නෙ කිසිසේත්ම මුසාවක් නම් නොවෙයි. මේ විශ්වය පුරාවට අනන්ත අප්‍රමාණ වූ නොපෙනෙන බලවේගයන් තිබෙනවා. මෙම විශ්ව ශක්තිය පාලනය කල හැකි, මෙම ක්ෂේත්‍රයේ පරතෙරට ගිය පුද්ගලයින් අදටත් අප සමාජයේ, ඔබ-අපෙන් වසන්වී ජීවත් වෙනවා. ඔබටත් හොර රහසේම, මෙම විශ්ව බලවේගයන් තුලින් ඔබගේ දෛවය පාලනය කරනවා වෙන්න පුළුවනි. මෙම බලවේගයන් ඔබගේ පියවි ඇසට නොපෙනුනා යයි කියා, මුසාවක් ලෙස සලකා අළුයම ලූ කෙල පිඩක් මෙන් ඉවත දැමීම සාධාරණ නොවෙයි. මා මේ කුමක් කියවනා දැයි විටෙක ඔබ සිතාවි. නමුත්, මාගේ වචනය විශ්වාස කරන්න. යම් දිනෙක ඔබට සත්‍ය පසක් වේවි. එදිනට, මා මෙසේ පවසූ බව ඔබට මතක් වේවි. නමුත්, ඒ වනවිට ඔබ ප්‍රමාද වැඩි දැයි මට මේ මොහොතේ නම් නිශ්චිතවම ප්‍රකාශ කල නොහැකියි…

අතාත්වික සටන් නිසාවෙන් බොහෝ දෙනාගේ විවේචනයට භාජනය වුවත්, දමිල සිනමාව කියන්නෙ නිරන්තරයෙන්ම නැවුම් වූ අත්දැකීමක් ප්‍රේක්ෂකයාට තිලිණ කරන්නාවූ පාරාදීසයක්. එසේනම්, මේ සූදානම ඔබ වෙනුවෙන් වෙනස්ම ආකාරයක අත්දැකීමක් තිලිණ කර දීමටයි. ඒ වෙනුවෙන් දමිල සිනමාවේ දැවැන්ත චරිත කීපයක් ඔබ සමගින් පුරා හෝරා දෙක හමාරකට අධික කාලයක් මුළුල්ලේ අත්වැල් බැඳගනු ඇත. මේ වන විට වර්තමාන දමිල සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන අයුරින් සිය නාමය සනිටුහන් කරගෙන සිටින, ජෙයම් රවීගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් ඔපමට්ටම්වී, අරවින්ද් ස්වාමි සහ සුරූපී හංසිකා මොට්වානිගේ සහාය රංගන දායකත්වයෙන්ද, හින්දි සිනමාව හෝ වේවා, දමිල සිනමාව හෝ වේවා, කොතැනත් ජයකෙහෙලි නැංවීමට සමත්කම් දක්වන, ප්‍රභූ දේවාගේ නිෂ්පාදන දායකත්වයෙන් සවිබල ගැන්වෙන මෙම සලරුව, Action සහ Thriller යන කාණ්ඩ නියෝජනය කරමින් 2017 වර්ෂයේ පෙබරවාරි මස දෙවැනි දින මහජන ප්‍රදර්ශනයට නිකුත්වූ අතර, මේ වන විටත් IMDB දර්ශකයේ 6.6 ක මනාප අගයකින් සන්නද්ධව පසුවනවා.

වික්‍රම් කියන්නෙ සහකාර කොමිෂ්නර් වරයෙක්. ඒ වගේම එයාගෙ තාත්ත බැංකු මැනේජර් වරයෙක්. ඉතින් දවසක් වික්‍රම්ගෙ තාත්තගෙ බැංකුවෙ සල්ලි කොල්ල කෑමකට ලක් වෙනව. ඒ විතරක් නෙමෙයි ඒ සල්ලි කොල්ල කාලත් තියෙන්නෙ වික්‍රම්ගෙ තාත්තම තමයි, හැබැයි තාත්ත නම් කියන්නෙ එයා සල්ලි කොල්ල කෑවෙ නෑ එයාට ඒ වෙලාවෙ සිද්ද වුණු කිසිම දෙයක් මතකත් නෑ කියල. ඉතින් වික්‍රම් මේ ගැන හොයල බලද්දි එයාට හෝඩුවාවල් කිහිපයක් බලාගන්න පුලුවන් වෙනව. ඒ තමයි බැංකුව කොල්ල කාපු වෙලාවෙ එතන තිබුණ කාර් එකක් ගැන. ඉතින් වික්‍රම් ඒ ඔස්සෙන් ගිහින් ආදිත්‍යාව කොටු කරගෙන අල්ලගන්නව, ඒ විතරක් නෙමෙයි බැංකුවෙන් කොල්ල කාගෙන ගියපු සල්ලි ඔක්කොමත් එක්කම. හෝව්! හෝව්! පොඩ්ඩක් ඉන්න.. කවුද මේ ආදිත්‍යා? වික්‍රම්ගෙ තාත්ත ගත්තු සල්ලි ආදිත්‍යා ලග තියෙන්නෙ කොහොමද? ඉතින් මේ ආදිත්‍යා අත්අඩංගුවට පත් වුණු වෙලාවෙ ඉදන් හැම දෙයක්ම කණ පිට පෙරෙලෙනවා. එහෙනම් ඔයාලම බලල දැනගන්නකො 🙂

ඔබ සාමාන්‍ය පුද්ගලයෙකු හෝ වේවා, අසාමාන්‍ය පුද්ගලයෙකු හෝ වේවා, විශ්ව ශක්තිය දායාදයක් ලෙස උරුම වූ පුද්ගලයෙකු හෝ වේවා, සෑම කල්හිම තම හැකියාව සහ බලය, යහපත වෙනුවෙන් පමණක්ම භාවිතා කරන්න. නැතහොත්, අනිවාර්‍යයෙන්ම ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවෙනවා ඒකාන්තයි. එදිනට, ප්‍රමාදය පිළිබඳව සෝ තැවුල් වෙනවාට වඩා, ආරම්භක පියවරේ සිටම නිවැරදි මාර්ගයේ ගමන් කිරීමයි වඩාත් උතුම් වන්නේ.

ඉතින් තවත් මේ වගේම ලස්සන කතාවක් තියෙන කොලිවුඩ් නිර්මාණයක් එක්ක ඉක්මනින් හමුවෙමු! ඉතින් සිසිල අයියටත් ස්තූති කරන ගමන් මන් ගිහින් ආයෙත් එන්නම්කෝ… ජය වේවා!

Bogan (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

TamilRockers.mx – Bogan (2017) Tamil HDRip x264 400MB ESubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,284 downloadsDownload BOGAN-2017.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SnakeRaj2-e1483998116503.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SNAKE RAJ

Subtitles

2,284 downloadsDownload Subtitles64 KB

27 comments

  1. Hasheej Chandralal

    yeeee.... mama thamai palaweniya download karagaththu....... sub akata thanks bro.....

  2. Chamith Mihiranga

    Thanks bro..

  3. Mayura

    අවුලක් නෑ බන් පරක්කු උනාට. මොකෝ කලින් එව්වා කියලා උඹේ ඒවා අපි බලන එකක්යැ

    1. ආසිරි ප්‍රියන්ත (හේවා)

      හෙහ්, එහෙම කියන්න හොද නෑ. එක්කෝ, ලිස්ට් එකට හරි දාලා නොබලා ඉන්නවා කියන්නයි තිබ්බේ.

  4. Nishan

    thanks for sub good luck

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  6. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    පරක්කු උනා කියලා කිසි අවුලක් නෑ සහෝ. ඉගෙනීමේ වැඩ ටික හරියට කරගනින් මොන මගුල උනත්. අන්තිමට ඉතුරු වෙන්නෙ එච්චරයි..
    බුදුසරණයි..ජය වේවා..

  7. ආසිරි ප්‍රියන්ත (හේවා)

    එල එල ඉමු, කවදාවත් නොකරනවට වඩා පරක්කු වෙලා හරි දීපු එක වටිනවා.
    හම්මට ඒ ටෝක. ඇගෙන්මයි ආවේ හොදේ.
    එහෙනම් සබට තැන්ක්ස්. ලිස්ට් එකට දාගත්තා.
    ජයවේවා!!

  8. Gathsara Umesh Kumara

    Aahh. Kalekin...thw thw sab oni apit hrd...
    Jywewaa sahooo.

  9. nimmika

    mewage low bugjet film walata sub karanna epa yalu...apaade oyalage time and ape time and ape data...balala hoda ekak dekak karath watinawa...

    1. Sasa

      Meka baluwe nadda bn

  10. Chalana

    thnx bro...

  11. Udara Damith B/K

    බොහෝම ස්තුතියි ස

  12. Jack

    පට්ටයි මචෝ…
    සුපිරිම කතාවක්.
    බොහෝම ස්තුතියි සබට.
    ජය…

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. -sanjeewa-

    මේක දැම්මා වගේම KUTTRAM 23 ‍ෆිල්ම් එකත් කරලා දාන්න සහෝ....

  16. kaveesha

    Thani oruvan film eke veerayayi dushtayai aapahu awith

  17. Viraj

    sub ekata thanks saho..

  18. asitha

    elama saho thanks

  19. manjula

    ela..... thanks

  20. lakmal

    Thanx.

  21. chama

    Mchan luckkunnodu ekatat sub dapanko.

  22. Damith

    Niyamai saho !

  23. Milan Darshana

    mchn sub eka match wenne nane mn gatte HD rip ekak

  24. Rahal

    Machan plz genelia​​ d' souza ge Sye kiyana film ekta sub dennako.movie eka youtube eke thiyenawa

  25. Shanuka Rathnayake

    Niyamai, pehedili kirimath hodtma tiyenwa.