අපි හැමෝගෙම ජීවිතේ එක එක විදියේ හීන තියෙනවා. අපි ඉන්න වයසත් එක්ක, මේ හීන, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අධ්‍යාපන කටයුතු ඉවර කරපු කෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම හීනය තමයි, හොඳ රස්සාවක්. මේ රස්සාව කියන දේ අපිට නිකන්ම ලැබෙන්නෙ නැහැ. මුලින්ම අපි මේ රස්සාව සඳහා සුදුසුද කියලා පරීක්ෂණයකට භාජනය කරලා බලනවා. ඒ කියන්න…
අපි හැමෝගෙම ජීවිතේ එක එක විදියේ හීන තියෙනවා. අපි ඉන්න වයසත් එක්ක, මේ හීන, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අධ්‍යාපන කටයුතු ඉවර කරපු කෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම හීනය තමයි, හොඳ රස්සාවක්. මේ රස්සාව කියන දේ අපිට නිකන්ම ලැබෙන්නෙ නැහැ. මුලින්ම අපි මේ රස්සාව සඳහා සුදුසුද කියලා පරීක්ෂණයකට භාජනය කරලා බලනවා. ඒ කියන්නෙ, සම්මුඛ පරීක්ෂණයක් තියලා තමයි, අපේ සුදුසුකම් විමසා බලන්නේ. නමුත්, ඔබ කවදාහරි අහලා තියෙනවද, ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙන සම්මුඛ පරීක්ෂණයක් ගැන? නැහැ නේද…? එසේනම්, ඔබ මේ සූදානම් වෙන්නේ, ඇඟ කිලිපොලා යන්නාවූ, අති බිහිසුණු සම්මුඛ පරීක්ෂණයක් සදහා සහභාගී වීම සඳහායි.
ඉන්දියාවේ අංක එකේ සමාගමක්… ආයතනයේ CEO තනතුර සඳහා එකම එක ඇබෑර්තුවක්… හිස් ශාලාවක් තුල තනි වෙන්නාවු අපේක්ෂකයන් අට දෙනෙක්… එකම එක කොන්දේසියක්… හෝරාවක් අවසානයේ, තම ජීවිතය සුරක්ෂිත කර ගනිමින්, අගුළු දමා ඇති ශාලාවෙන් පිටතට පැමිනෙන්නාවූ අපේක්ෂයා ආයතනයේ CEO තනතුර සඳහා වරම් ලබනු ඇත. කුමක්ද මේ සම්මුඛ පරීක්ෂණය? මෙය සම්මුඛ පරීක්ෂණයක්ද? නැත්නම් වෙනත් කූට උපක්‍රමයක්ද? නැතිනම්, වෙනත් යමක්ද? කාලය පියඹා යනවා… සිතාගත නොහැකි බිහිසුණු දෑ සිදුවෙනවා…අවසානයේ කවුරුන් නම් තම ජීවිතය බේරාගෙන, මෙම මහඟු තනතුර සඳහා උරුමකම් කියාවිද…?
ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, මේ වර්ෂයේ මාර්තු මස 24 වෙනිදා, Thriller කාණ්ඩයෙන් තිරගතවීම ආරම්භ කරන ලද, කිසිම දවසක ඔබ විසින් නරඹා තිබිය හැකිය කියා නොසිතිය හැකි මට්ටමේ අරුම පුදුම චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි, කතාවේ ආරම්භක තත්පරයේ සිට අවසාන තත්පරය දක්වාම, “මේ වෙන්නේ මොකක්ද” කියලා කිසිම විදියකින් ඉඟියක් ලැබෙන්නෙ නැහැ. තවත් විදියකින් කියනවා නම්, කතාවේ ආරම්භයේදී අපිට හිතෙන්නේ මොකක්ද, එම අදහස නිමේෂයෙන් නිමේෂය වෙනස් කරමින්, කතාවේ අවසාන තත්පර කීපයේදී නොසිතූ කම්පනයක් මගින් ප්‍රේක්ෂකයා මොහොතකට නිසල කරමින්, චිත්‍රපටය නිමාවට පත්වෙනවා. සමහරවිට, චිත්‍රපටය ඉවරවෙලා සුළු මොහොතක් යනකම්, “මොකක්ද මේ සිද්ධවුණේ?” කියලා, ඔබට තේරුම් ගන්න බැරිවේවි.
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. හැබැයි, චිත්‍රපටය බලලා, ඔළුව විකාර වෙලා පිස්සන් කොටු යන්න වුනොත්, ඔන්න මං නම් වගකියන්නේ නැහැයි කියලා මුලින්ම කිව්වා
ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමෝටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.im – Dhayam (2017)[540p HD – AVC – MP4 – 750MB – ESubs – Tamil]
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,254 downloadsDownload Dhayam-2017.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
35 comments
crazykid
kavin
thanks sub akata.gd luck...
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
ලිපියනම් මරු සහෝ. හින්දි බලන්නේ නැති කෙනෙක්ටත් අරගෙන බලන්න හිතෙනවා ලිපිය කියෙවුවාම..
බුදුසරණයි..ජය වේවා..Shehan prathapasinghe
Niyamaiiii atha arinna epa digatama gema gahmu jaya!
බොබී
හොඳයි වගේ. දැම්ම ම බානවා. ස්තූතියි සහෝ.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----ආසිරි ප්‍රියන්ත (හේවා)
ඒ, මම මේකේ අන්ගිරිසි ෆිලුම බලලා තියෙනවා වගේ.
ඒකනම් සුපිරියක්.
උන්ට හිස් කොලයක් හම්ම්බෙන්නේ.
මේ ඒකෙ කොපියක්ද?
කොහොම උනත් මස්සිනා දෙනවා උහුලගන්න බැරි වෙන්නම.
මේක ඉතින් අනිවා බෑමක් තමා. අපේ තවත් සුපිරි උපසිරසිකරුවෙක් තමා ඉතින් මස්සිනා.
රෑ දොළහෙන් පස්සේ බාන්න දාන්න ඕනේ.
එහෙනම් සබට තැන්ක්ස් ආ.
ජයවේවා!!Iroshan
එන්ග්ලිශ් ෆිල්ම් එකේ නම මොකක් ද
roKy
Exam
silent$
Patttaaaaaaaaaaaa
asitha
elama saho thanks
kasun
thankssssss
Chalana
thnx bro...
Pramuditha Damsara
Blpu ekek innawanm kypn meka Exam eke copyakda kyala
Plzzzaruna
na na
Jack
පට්ටයි මචෝ.....
මේකත් ඉතින් අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Chami.S
Thanks...
Kulanjana Maduranga
great work & lot of thanks........saho 4 u'r sub....
fdo
නියමයි සහෝ. නියම ෆිල්ම් එක.
EXAM (2009) ෆිල්ම් එකයි මේකයි සම්බන්ද නැ. ඒ නිසා මේක මගහැරගන්න එපා.
අපරාදේ.Anonymous
hodatama sureda?? lipiya kiyawaddi hithune original eka remake karala kiyala.kohomath ithin original idea eka copy karalane.wadak ne.anika tamil remake gane kawara kathada.enhlish ekee gammath nathi wei wage meka baluwoth
Anonymous
මේකයි exam එකයි දෙකම මං ආසම ෆිල්ම්ස් දෙකක්
aruna
මොකක්ද අප්පා වෙන්නේ? තේරෙන්නෙ නෑනේ????
Palitha de Silva
thankyou very much...
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ajantha jayalath
A
Thanushka
Thanks!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Menu
"මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි, කතාවේ ආරම්භක තත්පරයේ සිට අවසාන තත්පරය දක්වාම, “මේ වෙන්නේ මොකක්ද” කියලා කිසිම විදියකින් ඉඟියක් ලැබෙන්නෙ නැහැ. තවත් විදියකින් කියනවා නම්, කතාවේ ආරම්භයේදී අපිට හිතෙන්නේ මොකක්ද, එම අදහස නිමේෂයෙන් නිමේෂය වෙනස් කරමින්, කතාවේ අවසාන තත්පර කීපයේදී නොසිතූ කම්පනයක් මගින් ප්‍රේක්ෂකයා මොහොතකට නිසල කරමින්, චිත්‍රපටය නිමාවට පත්වෙනවා. සමහරවිට, චිත්‍රපටය ඉවරවෙලා සුළු මොහොතක් යනකම්, “මොකක්ද මේ සිද්ධවුණේ?” කියලා, ඔබට තේරුම් ගන්න බැරිවේවි."
නියම ෆිල්ම් එක!!
බොහෝම ස්තුතියි සබ් එකට :)submaker
mama balapu huththema film eka
Sisila Prasad
වෙනස් ආකාරයක චිත්‍රපටයක් බලලා රසවිඳින්න, තේරුම් ගන්න තරම් මොළයක් නැති වුනාම ඔහොම වෙනවා. කතාකරලා තියෙන විදිය දැක්කම සතාගේ තරම තවත් හොඳට තේරුම් යනවා :D
Anonymous
මේක සුපිරි ෆිල්ම් එකක් බං.නිකන් ba ඉතින්.ඔලුව පොඩ්ඩක් වෙහෙසල තේරුම් ගන්න ඕනි.
උදාර
මේක සුපිරි ෆිල්ම් එකක් බං.නිකන් ba ඉතින්.ඔලුව පොඩ්ඩක් වෙහෙසල තේරුම් ගන්න ඕනි.
Supun madusanka
Dan flm ekk download krnne flm eke nma balala nme sisila aiya sub krlnam withrai.....mru ahhhhh.....
kavindu mihiranga
man balapu supirima film walin ekak. thnx mchn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama.....a 1st comment