Watch Trailer

Bommarillu (2006) | ජීවිතය සුන්දර කරන්නේ ආදරයයි [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරැසි ගැන්වීමයි. ඒ සඳහා මම තෝරා ගත්තේ, තෙලිඟු සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි, Bommarillu, 2006 වසරේදී තමයි මේ චිත්‍රපටිය තිරගත උනේ. ටිකක් පරණ උනාට හරිම ලස්සන ආදර කතාවක්, ඒ නිසාමයි මගේ පළමු උපසිරැසිය විදිහට මේ චිත්‍රපටිය තෝරා ගත්තේ. ඒ වගේම Imdb දර්ශකයේ 8.0 ක අගයක…

Bommarillu (2006)

මේ මගේ පළමු උපසිරැසි ගැන්වීමයි. ඒ සඳහා මම තෝරා ගත්තේ, තෙලිඟු සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි, Bommarillu, 2006 වසරේදී තමයි මේ චිත්‍රපටිය තිරගත උනේ. ටිකක් පරණ උනාට හරිම ලස්සන ආදර කතාවක්, ඒ නිසාමයි මගේ පළමු උපසිරැසිය විදිහට මේ චිත්‍රපටිය තෝරා ගත්තේ. ඒ වගේම Imdb දර්ශකයේ 8.0 ක අගයක් ලබා ගැනීමටද මේ චිත්‍රපටියට හැකියාව ලැබිල තියෙනවා. ඔබ කව්රුත් දන්නා Siddharth Narayan තමයි මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. භාෂා කිහිපයකින්ම රූගත කර ඇති මෙම චිත්‍රපටිය ඉන්දියානු සිනමා උළෙලවල් දෙකකදීම හොඳම චිත්‍රපටිය හැටියට සහ තවත් සම්මාන රැසක් දිනාගෙන තියෙනවා

මම දැන් ඔයාලට කතාව ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්, මේ චිත්‍රපටියේ ප්‍රධානම චරිතය තමයි සිද්දු (Siddharth ). එයාගේ තාත්තා (Prakash Raj)ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම තමයි, මේ තාත්තා සිද්දුට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ වැඩිකම නිසාම සිද්දුට හැමදෙයක්ම එයා අරගෙන දෙනවා, ඒ වගේම සිද්දුගේ ජිවිතේ හැමදෙයක්ම තීරණේ කරන්නෙත් එයාගේ තාත්තා, කොටින්ම කියනවා නම්, සිද්දු අඳින ඇඳුම පවා එයට තෝරලා දෙන්නේ එයාගේ තාත්තා. ඒත් සිද්දුට නම් මේක හරිම හිසරදයක්..ඔහොම යද්දී තාත්තා සිද්දුට පෝසත් පව්ලක ගැහැණු ළමයෙක් හොයල දෙනවා විවාහ වෙන්න, හැබැයි සිද්දුගේ නම් කිසිම කැමැත්තක් නෑ, මේ විවාහයට. ඒත් අන්තිමේදී තාත්තගේ කීමට සිද්දු මේ ගෑණු ළමයත් සමඟ විවාහ ගිවිස ගන්නවා. ඒත් ඒ හැමදේකටම පස්සේ සිද්දු තීරණේ කරනවා තමන් කැමති වෙන ගැහැණු ළමයෙක්ව විතරක් එයාගේ ජීවිත සහකාරිය හැටියට තෝර ගන්නවා කියල.. ඔය අතරේදී තමයි සිද්දුට හසිනිව (Jenelia) මුණගැහෙන්නේ. හසිනි කියන්නේ ජිවිතේ හැමදෙයක්ම සැහැල්ලුවෙන් හිතන, හිතට එන ඕනෑම දෙයක් කරන ටිකක් දඟකාර ගැහැණු ළමයෙක්, ඒත් සිද්දු හසිනිගේ මේ දඟකාරකමට ආදරේ කරන්න පටන් ගන්නවා, සිද්දු තීරණේ කරනවා මේ ආදරේ හසිනිට කියන්න, ඒත් හසිනි දැනගත්තොත් සිද්දු මේ වෙද්දීත් විවාහ ගිවිසගෙන කියල? සිද්දුට පුළුවන් වෙයිද එයාගේ ආදරේ ජය ගන්න? සිද්දු ගෙ තාත්තා මේ දේවල් දැන ගත්තොත් මොකද්ද වෙන්නේ? අවසානෙදි මොකද වෙන්නේ කියල දැන ගන්න ඔයාලත් මේ චිත්‍රපටිය බලන්න,

මට විශ්වාසයි ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව මේ චිත්‍රපටිය රසවිඳින්න හැකිවෙයි කියල. චිත්‍රපටිය නරඹල ඔයාලගේ හිතේ ඇතිවෙන අදහස් දැන ගන්න මන් අසාවෙන් බලන් ඉන්නවා.

Bommarillu (2006) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න 4792a6fff36c50c74ff56aa5b80699de80ee4b98 1.18 GB කොපිය මෙතනින් බාගන්න 16d2765a652b3532da0be036318a3c433f4e66a9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

80 comments

  1. DDSameera

    සුබ පැතුම් පුංචි නංගියෝ....තවත් සබ් දාන්න හොදේ.....සුබපැතුම්...

  2. rusuru | රුසිරු

    එළනේ නගෝ දිගටම දෙන්න

  3. vee

    maxxa lassana nagiyekne subs danne ela ela

  4. rashim

    niyamayi nanagi thawath subs demu

  5. ප්‍රසන්න ප්‍රියදර්ශන

    බයිස්කෝප් එකට තවත් සාමාජිකයෙක්..නියමයි..
    එල එල..තැන්ක්ස් සබ් එකට..
    දිගටම සබ් දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  6. quik

    thanks nanagi

  7. kasun viraj

    සුබ පැතුම් නංගියෝ…
    පලවෙනි සබ් එකම ලයින් 2500 ක ෆිල්ම් එකක් කලා නේද ?
    දිගටම සබ් දෙමු
    ජයවේවා !!!!!

  8. isuru samarasinghe

    thawath aluth nago kenek maru aa,,,,,,

  9. දිනිඳු සම්පත්

    පළවෙනි උපසිරැසියට තෝරගෙන තියෙන්නේ ලස්සන චිත්‍රපටියක්. බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. දිගටම සබ් දෙනවා නේද? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!

  10. tharanga

    එළකිරි නංගි දිගටම කරමු වැඩේ
    ජය!!!

  11. kalana

    shaaa niyama film akakin patan gena thiyenne
    thanksssss

  12. shann

    ජයම වේවා දිගටම සබ්ස් දෙන්න නංගි
    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට!

  13. Neranji Sulakkana

    සුබ පැතුම් නංගී

  14. yasomal

    thnxxxx nnagi

  15. tharindu

    Ela ela nangiyooo..mn meka balala thiyenavaa..pattama kathavak meka..onna ayema sarayak balanava oyage sub ekath ekkaa...thanks thanks sub ekata...

  16. mudiya / මුදියා

    බෝයිස් වගේම ලස්සනට ඇති.
    ඒ දෙන්නනෙ ඉන්නෙ.
    පළවෙනි උපසිරැසියට මගේ උණුසුම් සුභ පැතුම් ගයේෂා නංගියෝ.
    අනිවාර්යයෙන් බලනව මේක.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  17. ccnp

    Thanks

  18. siraj

    ‍සු‍පි‍රි‍යි ‍සු‍පි‍රි‍යි. ‍මාත්‍ ‍මේ ‍ආ‍ස‍ම ‍න‍ලු‍වෙක්‍ ‍ත‍මා.
    ‍ම‍ගේ ‍ප‍ල‍මු ‍සබ්‍ ‍එ‍කත්‍ ‍වු‍නේ ‍සිද්‍ධාර්ත්‍ ‍ගේ ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ත‍මා.
    ‍ප‍ල‍මු ‍වැ‍ඩේ‍ට ‍උ‍නු‍සුම්‍ ‍සු‍බ ‍පැ‍තුම්‍. ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.............

  19. lk

    txzzzz nangi

  20. wow

    wow,, maru :D

  21. නලින්

    මුලින් ගයේෂා සහෝදරියට සුභ පතනවා පළමු උප සිරැසි ගැන්විම දමිළ චිත්‍රපටියක් තොරාගැනිම පීළිබදව!

    දිගටම බයිස්කොප් අඩිවිය සමගින් මේවන් ලස්සන සිනමා කථාවන් බෙදාගන්නා හැටියට

    ජය වේවා!!

  22. ශාන් විමුක්ති [ විමා]

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝදරි
    පලවෙනි එකට සුබපැතුම්
    දිගටම කරන් යන්න

  23. amal

    thanks nangiyo

  24. Rashmika

    1st sub ekta THANKS THANKS THANKS..digtma sub denna..GooD LucK!!!!!

  25. kasun maduranga

    නියමයි.... මුල්ම උපසිරසියට සුබපැතුම්..
    මේ මම ආසම ෆිල්ම් එකක්, දිගටම
    සබ් දෙන්න,ජය වේවා.....

  26. රොයිලි

    බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  27. “චූටී මල්ලි”

    මගෙත් පලමු සබ් එක සිද්ධාර්ත්ගෙ එකක්
    මේකනම් දැන් ටික කාලෙකට කලින් බැලුවා ඉන්ග්ලිශ් සබ් එක්ක
    මරු ෆිල්ම් එක
    ඒවගෙම මේකෙ සිංදුවක් තියෙ "අප්පුඩො ඉප්පුඩො"
    කියලා ඒක කොපි කරලා තමා ලංකාවෙ හදපු චැලෙන්ජර්ස් කියන ෆිල්ම්
    එකෙ තියෙන "එක ෆැන්ටසි හීනෙක මන්' කියන සිංදුව හදලා තියෙන්නෙ
    එල එල කෙල්ලෙ
    සබට තුති
    ඔබට ජය...........

    1. sisiya

      ඇයි චැලෙන්ජෙර්ස් එකේම තියෙන "කෝ අපි සොයනා ලංකා ජුලියට්" ඒ සිංදුව මේකේ තියෙන ''පදහාරා නාලා තෙලිඟු ජුලියට්'' කියන එකේ කොපියක්.

  28. Sakuntha

    niyamai niyamai..thanksssss
    Atharintiki Daaredi telugu film eke subtitles ikmanata dennakooo.....balan innawaaaa...

  29. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පළමු උපසිරසියට සුභ පැතුම්...
    ඉස්සරහටත් ලස්සන ෆිල්ම් කරයි කියලා හිතනවා..
    ජය වේවා..

  30. Saman Prasad ( Black Cobra )

    ade... menna thawath sahodariyak sub denna patan gena... hodi hodi... digatama ehenam sub demuko... palamu wadeta suba pathanawa...

  31. නිපුන්

    ජයෙන් ජය සහෝදරී... පළමු උපසිරැසියට සුබ පැතුම්...
    එළකිරි චිත්‍රපටියක්... තව තවත් හොඳ නිර්මාණ අරන් එන්න...
    Siddharth ගේම Oy (2009)තෙලිඟු චිත්‍රපටයටත් සබ් දානවනම් වටිනවා...

  32. yasuri

    thankz gayesha mey film ekata sub hoya hoya hitiye thankz

  33. Menu

    Siddharth inna movies nam niyamai...
    Thank you girly!!

    1. Chamasrsp

      mamamath asai pora ge movies walata.. :D

  34. Chamasrsp

    thnkooooo.. niyama movie 1k wage.. palama upasirasi genweemata suba pethum!! eth penne first time unata super 1ta wedee karala tiyenawa wage.. ela ela.. onna ehenam mamath down kala.. thnks again Gayesha..

  35. sadun

    degatama yamu apen suba pathum

  36. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  37. namal

    thankz...,

  38. kanthaDLA

    thanks sahodari..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  39. madusanka

    ගොඩක් ස්තූතියි. මම මේක ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. ඒත් ඉංගිසි සබ් වලින්. දැන් ආපසු බලනවා සිංහල සබ් වලින්. හොද වැඩක්…. මගේ උණුසුම් සුභ පැතුම් දිගටම හොද බයිස්කෝප් දෙන්න … ජය වේවා...!!! Hope to see you again

  40. Chami

    WoW thanks.........

  41. කැලුම් රණවක

    පළමු උපසිරැසියට මුලින්ම සුබ පතනවා..!
    ලස්සන කතාවක් ගෙනත් තියෙන්නෙ මුලින්ම...
    මම මේකෙ ටැමිල් මෝවි එක බැලුවෙ...
    අදටත් මම කැමතිම මෝවිස් වලින් එකක් තමා මේක..

  42. Wishva

    ඔයාට මගෙනුත් උණුසුම් සුබපැතුම් නංගියෝ මට ගොඩාක් සතුටුයි ඔයා ගැන.ඔයාට තවත් මේ වගේ ලස්සනට සබ් දාන්න පුළුවන් වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.. :)

  43. tharaka

    ela ela nice one wish u all the best

  44. dhanushka madhuranga

    සුබ පැතුම් නංගියෝ.. තවත් ඉදිරියට හොද වැඩ කොටසක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  45. Janaka

    Ela maxxaaaaaaaaaaaaaaa

  46. me

    Thanks

  47. #ChalinduDeshan (කිනා)

    තවත් සාමාජිකාවක්.
    මේ දවස් ටිකේම සාමාජිකාවන්ගේ වැඩිවීමක් පේනවා.
    සුභ පැතුම්!

  48. Gayesha Sathsarani

    ඕයාල සියලූ දෙනාගෙම අදහස් හා සුබ් පැතුම් වලට ස්තුතියි.....................♥♥♥♥

  49. හර්ෂ ලහිරු

    පට්ට ෆිල්ම් එකක් වගේ පලවෙනි සබ් එකට තෝරගෙන තියෙන්නෙ මේවගේම තව සබ් එකක් දෙමු ස්තුතියි ගයේෂා ජය :D :D

  50. pasindhu

    monawa unath elakiri ape pawule palaweni digital sub athdakima meka thami ,.e hinda api gayesha sohoyuriyata suba digital sub lokayak parthana karamu...thawa thawath subtitles ek kota film wala rasangha thawaya wagikarana lesata illanawa 1000000000000 best wishes frow weerathunga 3rd genaration family.... delight...,

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.