ඔන්න යාළුවනේ ඔයාලට ටික දවසකට පස්සේ ඉස්සරහට එන්න තියෙන අළුත්ම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. මේ චිත්‍රපටිය නිකුත් වෙන දවස විදිහට සඳහන් වෙලා තියෙන්නේ 2014 ජනවාරි 24 වෙනිදා. ඒ නිසා තාම රේටින් මොකුත් නෑ. හැබැයි මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 218 වෙනි ස්ථානයේ මේ චිත්‍රපටිය රැඳි…

ඔන්න යාළුවනේ ඔයාලට ටික දවසකට පස්සේ ඉස්සරහට එන්න තියෙන අළුත්ම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. මේ චිත්‍රපටිය නිකුත් වෙන දවස විදිහට සඳහන් වෙලා තියෙන්නේ 2014 ජනවාරි 24 වෙනිදා. ඒ නිසා තාම රේටින් මොකුත් නෑ. හැබැයි මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ 218 වෙනි ස්ථානයේ මේ චිත්‍රපටිය රැඳිලා තියෙනවා.
මේ චිත්‍රපටියේ ප්‍රධාන හතුරා වන ක්සැන්ඩර්ගෙ චරිතය රඟපාන්නේ අපි කවුරුත් හොඳින් දන්නා කියන Jean-Claude Van Damme. ඒ වගේම වීරයාගේ චරිතය වන හෙන්රි ගේ චරිතය රඟ දක්වන්නේ Dead Man on Campus (1998), Because I Said So (2007) වැනි චිත්‍රපටි වලට තම රංගන දායකත්වය සැපයූ Tom Everett Scott විසිනුයි. ඒ වගේම ඔහුගෙ සහායකයා වන ක්ලේ ගෙ චරිතය රඟ දක්වන්නේ Sleepy Hollow ටීවී කතා මාලාවේ Captain Frank Irving ගෙ චරිතය රඟ දක්වන Orlando Jones විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන කාන්තා චරිතය වන කේලා ගෙ චරිතයට පණ පොවන්නේ Is Anybody There? (2008), Wild Child (2008) වැනි චිත්‍රපටි වල රඟ දැක්වූ සුපිරි නිළි Linzey Cocker විසිනුයි. ඉතින් Van Damme හතුරගෙ චරිතයට රඟපෑවත් මේ චිත්‍රපටිය සටන් ජවනිකා වලින් පිරිලා තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ..
කතාවත් කෙටියෙන් කියන්නම්…. ඇමරිකානු සහ කැනේඩියානු දේශ සීමාවේ පිහිටා ඇති කැලයක් මැද්දේ තියෙන විලකට මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරමින් තිබුනු ගුවන් යානයක් කඩා වැටෙනවා. මේ ගුවන් යානය කඩාගෙන වැටෙන විල මායිමේ කින්ග්ස් දිවයින නමින් දූපතක් පිහිටලා තියෙනවා. මේක සංචාරකයන් වෙනුවෙන් වෙන් වෙලා තියෙන රක්ෂිතයක්. ඒ රක්ෂිතයේ ආරක්ෂකයා විදිහට ක්‍රියා කරන්නේ හෙන්රි නැමති හිටපු හමුදා සාමාජිකයෙක්. එක දවසක් ඔහු කැලේ සංචාරය කරන අතරේ අනතුරකට ලක් වෙලා ඉන්න කේලා නැමති ගැහැනු ලමයෙක්ව ඔහුට මුණ ගැහෙනවා. ඉතින් හෙන්රි කේලාට උපකාර කරලා තමන් ලඟ තිබුන බෝට්ටුවකින් කේලාව ප්‍රධාන ගොඩබිම වෙත පිටත් කරනවා. කේලා යන්න පිටත් වෙන්නේ හෙන්රිට රෑ කෑමකටආරාධනයකුත් කරමින්.
හෙන්රි හමුදාවේ ඉන්න කාලේ ඔහු යටතේ සේවය කල සොල්දාදුවෙක් යුද්ධයේදි මිය යනවා. ඒ මිය ගිය සොල්දාදුවගෙ සහෝදරයා හිතන්නේ ඒකට වග කියන්න ඕන හෙන්රි කියලයි. ඒ නිසා ඔහු හෙන්රිව මරා දැමීමේ අභිප්‍රායෙන් හෙන්රිව හොයාගෙන මේ කැලේට එනවා. ඒ අතරේ ක්සැන්ඩර් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තමන්ගෙ කල්ලියත් එක්ක මේ දිවයිනට එනවා අර කඩාගෙන වැටුන ගුවන් යානය හොයාගෙන. ඒ එන අතරේ හෙන්රිව අල්ලගත්ත අර හමුදා සොල්දාදුවගෙ සහෝදරයා හෙන්රිව මරන්න කියලා හිතාගෙන විල ඉවුරට අරගෙන එනවා. එහිදී ක්සැන්ඩර්ට ඔවුන් දෙන්නා හමුවෙනවා. එහිදි ඔවුන් දෙපාර්ශව අතර ඇති වන ගැටුමකින් ක්සැන්ඩර්ගෙ කිමිදුම්කරු මිය යනවා. හෙන්රි කියන්නේ හමුදාවේ හිටිය කෙනෙක් නිසා ඔහු කිමිදුම් කරුවෙක් බව හොයා ගන්න ක්සැන්ඩර් තමන්ගෙ මත්ද්‍රව්‍ය ටික ලබා ගන්න හෙන්රිව යොදා ගන්න සැලසුම් කරනවා.
ඉතිං යාළුවනේ. කවුද මේ කේලා කියන්නේ? ඇයට වෙන අනතුර ඇත්තටම සිදු වෙන එකක්ද? නැත්නම් ඒක සැලසුම් සහගතව කල දෙයක්ද? ඒක සැලසුම් සහගතව කල දෙයක් නම් හෙන්රිගෙන් කේලා බලාපොරොත්තු වෙන්නෙ මොනවද? හෙන්රිව මරලා දාන්න එන පුද්ගලයාට හෙන්රිව අල්ලගන්න පුළුවන් වේවිද? ඔහු හෙන්රිව මරා දාලා තමන්ගෙ පලිය ගනීවිද? ක්සැන්ඩර් කොහොමද හෙන්රි ගැන විස්තර හොයා ගන්නේ? ක්සැන්ඩර්ට හෙන්රිව අල්ලගෙන තම අරමුණ මුදුන්පත් කර ගන්න පුළුවන් වේවිද? නැත්නම් මේ කතාව කවුරුවත් නොහිතන විදිහකින් අවසන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!!!
700 MB කොපිය මෙතනින් බාගන්න AC3687B8AE78AD5E14767145CF36D4CE75E8C7AF 1.43 GB කොපිය මෙතනින් බාගන්න 4EAC009FF1970217A1AE1F94D65A72202C198145 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,049 downloadsDownload Enemies-Closer-2013-www.baiscopelk.com-.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
43 comments
siraj
siraj
සුපිරි එකක් වගේ.
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..upali
ela ela ela
quick
thanks
eranga
patta saho meyka nm niyama wage
Isuru
bohoma pin
madusanka
සහෝ…පට්ට බාන්ඩයක් ගෙනත් තියෙන්නේ…බොහොම ස්තූතියි මචෝ සබ් එකට ජය වේවා෴ Alice In Wonderland 2010 ටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….
tharanga
තැන්ක්ස් සබ් එකට
wow
wow,, maru :D
ositha
bohoma pin saho
නලින්
දිනිදු අයියා දුන්නා නම් අයි සුපිරිම කථවක් වෙන්න ඇති
අනිවා බැමක් තමයි.!!
ජය වේවා
mudiya / මුදියා
ඉස්සරහට එන්න තියෙන එකක් කියල දකිද්දිම මට හිතුන දිනිඳුව තමයි දෙන්න ඇත්තෙ කියල.
ඒ වගේ ලොවෙත් නැති වැඩ කරන්නෙ අපේ දිනිඳුව තමයි.
නියමයි මචං.පට්ට ඇක්ෂන් එකක් වෙන්න ඇති.
අනිව බලනව.
ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!vee
maxxa maxxa
pubudu
thanksss hode
වා.මු.නිලන්ත පියසිරි
සිංහල උප සිරැසට බොහොම පිං දිනිදු, වෑන් ඩැම්න් ඉතිං බලන්න එපැයැ නේද? තව තවත් සිංහල උප සිරැස කිරීමට කාලය, සවිය, දිරිය ලැබේවා.
Chethiya Tennakoon
Thanks boss
danushka
bohoma sthuthi saho,,jaya wewa!!!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මෙන්න බොලේ වැඩක්..
හොර ගෙඩියා වගේ අලුත්ම පට්ට වැන් දෑම් අයියෙග් එකක් ගෙනත්...
යකෝ මේ ගැන හාන්කවිසියක් වත් දැනගන්න ලැබුනේ නැහැ නොවැ මේකා කරනවා කියලා...
හාහා..හොදා හොදා..ඔහොම යමුකෝ එහෙනම්...
ජය වේවා කිව්වා...Achintha sameera
දිනිඳු සම්පත් තැන්ක්ස් සබ් එකට..ඔන්න එහෙනම් මාත් දත්තා....
ශාන් විමුක්ති [ විමා]
මිතුරාට වඩා සතුරාව ළං කර ගන්න
හැබෑට එහෙමද හොද
හැබැයි කොලුවෝ නයා ලන්කරන් කෑවෝ කෑවෝ කියහන්කෝ බලන්න
හැබැයි බැ මේ කරන වැඩේ හරිම සවුත්තුයි ඈ
යකඩෝ 2014 එන්න තියන ඒවා දැන්ම අරන් එන්නේ
හෙහ් හේ
එල එල
මොන සවුත්තුවක්ද
සබට බොහොම ස්තුතියි දිනිදු අයියේ :Dgihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
jack
නියමයි සහෝ. කියලා වැඩක් නෑ පට්ට මුවීයක්නේ.
Pushpa Kumara
onna banawooo
thnx kiwwa ehenam“චූටී මල්ලි”
හොද ඇති වගෙ
Brrip එක ආවාම ඒකටත් අප්ඩේට් කරන්න හොදේ
සබට තුති
ඔබට ජය........Srilal
Thank you very much bro...
Van Damme genam elama thama
dev
bohoma stuti saho....... .
Saman Prasad ( Black Cobra )
thanq....
bee
patta tnx tnx
#ChalinduDeshan (කිනා)
මේක ඇවිත් දවස් දෙකක්ද මංදා නේ මචං?
මට මතක නෑ හරියටම. හැබැයි මේක ඩවුන් කරගෙන හිටියා මම.
ඒත් බැලුවා මොකෝ සබ් නැත්තෙ කියලා.
මේ දීල තියෙන්නේ ලෙසටම.
එල එල. ජයවේවා!Tilantha
thank saho me I Miss You korean drama ekatath sinhala sub danna puluwanda sinhala sub dalanam ganna puluwan link ekak denawada
manjula
adoooooooo mama 1000
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
ස්තුතියි දිනිදුවා ජය :P
CHEthiya Nishantha
Thankz...
ගමයා
Patta item ekak
Thanks wewa...දිමුතු තරඟ ඉලුක්කුඹුර
නියම කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
රවිදු උදයංග
වෑන් ඩෑම්ගේ නිසා සුපිරි ඇති.. සබ් එකට ස්තූතියි
NM
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි .............
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Geeth Pathum
Patta machan..umbalata godak esthuthi...digatama sub one hodada...great wrk bro...
VISHAN PRADEEP
Thanks lot Dinudu.Good Film.....!!!! Bye.
kavi
thanx shahoo....jaya wewaa !
Advertisement

සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ...........