Boonie Bears Homeward Journey (2013) Sinhala Subtitles ඔන්න කිව්ව වගේම පුළුවන් ඉක්මනටම ආවා මෙතෙක් කාලෙකට baiscopelk සයිට් එකේ Boonie Bears කතා මාලාව තුල අඩුවක්ව පැවැතුනු Boonie Bears : Home ward Journey එකටත් සබ් එක අරගෙන. Evan Almighty එකෙන් ආසාවට කරන්න ගත්තු සබ් කලාවේ අද වෙද්දි සබ් 18ක් දක්වා ඇවි…

ඔන්න කිව්ව වගේම පුළුවන් ඉක්මනටම ආවා මෙතෙක් කාලෙකට baiscopelk සයිට් එකේ Boonie Bears කතා මාලාව තුල අඩුවක්ව පැවැතුනු Boonie Bears : Home ward Journey එකටත් සබ් එක අරගෙන. Evan Almighty එකෙන් ආසාවට කරන්න ගත්තු සබ් කලාවේ අද වෙද්දි සබ් 18ක් දක්වා ඇවිත් තියෙනවා. එහෙම දැනෙද්දි පුදුමාකාර සතුටක් තියෙන්නේ, ඒ සතුට සබ්කරුවෙකු දන්නවා හොඳාකාරවම.
මුලින්ම ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියලා ඉන්නම්,
ෆිල්ම් එක අධ්‍යයක්ෂණය කරනු ලබන්නේ Boonie Bears: To the Rescue ,Kung Fu Masters 3, One and a Half Heroes, Kung Fu Masters of the Zodiac: Origins of the Twelve වගේ ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යයක්ෂනය කරන ලද Fuyuan Liu විසින්.එතකොට cast එකේ හඬ කැවීම පැත්ත ගත්තොත් ප්‍රධාන චරිත සඳහා Brian Bullock (කැළැ කන්නා), Dean Cheung (බ්‍රැම්බල්) , Rick Jay Glen /Tommy Cheung (බ්‍රයර්) වැනි අය දායක වී ඇති අතර අනෙකුත් චරිත සඳහාත් ඇතැම් ජනප්‍රිය හඬ නළුවන් විසින් දායකත්වය ලබා දීලා තියෙනවා.
- 2013 පෙබරවාරි 08 දින චීනයේදි මෙහි මුල් ප්‍රදර්ශනය අරඹලා තියෙනවා
- බොක්ස් ඔෆිස් වාර්ථාව පැත්තෙන් ගත්තොත්
- නිෂ්පාදන අයවැය ඩොලර් 1,300,000 (ඇස්තමේන්තුගත) වුන අතර
- ලොව පුරා දළ ප්‍රදර්ශන ආදායම ඩොලර් 156,002 වෙලා තියෙනවා.
- IMDB Rate එක 5.8 වෙන අතර මගෙ නම් අදහස ඊට වැඩිය රේට් එකක් දෙන්න තිබ්බා.
හරි දැන් එමු අපි කතාව පැත්තට
කැළෑ කන්නා හෙවත් ලොගර් වික් තවත් දීර්ඝ වසරක් අවසානයේදි එලඹෙන අලුත් අවුරුද්ද එයාගෙ දෙමව්පියන් සමග ගත කරන්න යන්න සැලසුම් කරනවා.ඒත් කන්නා ගාව තියෙන සොච්චම් සල්ලියෙන් කෝච්චි ටිකට් එකවත් ගන්න තරම් ප්‍රමාණවත් නෑ කියලා දැනගන්නවා.මේ නිසා ගෙදර යන්න කෝච්චි ටිකට් එක ගන්න අවශ්‍යය කරන මුදල හොයාගන්න පොර තමන් දන්න එකම කර්මාන්තය වෙන ගස් කැපීම වෙත පිවිසෙනවා. කැළැ කන්නාගෙ මේ ගස් කැපීමට විරුද්ධව අපෙ සුපුරුදු වලස් අයිය මලෝ දෙන්නා තව යාළුවෝ සෙට් එකක් (තමා කැලේ රජා කියලා කියා ගත්ත පොරකුත් ඇතුළුව) කන්නට විරැද්ධව සටන් වදිනවා.මේකෙද කන්නා එක එක නව සොයාගැනීමුත් කරනවා කොහොම හරි ගහක් බිම දාගන්න.මේ සිද්ද වෙන අල කලංචිය නිසා කැලෑ කන්නගෙ ගෙදර බලා යන සිහිනය බොඳ වෙනවා කියලා කන්නා හිතා ගන්නවා.හැබැයි මේකෙන් වලස් ඩබලට ෆුල් අවුල් නිසා කන්නව කොහොම හරි ගෙදර අරන් යන්න තමා බලන්නේ.
- එහෙනම් කැළැ කන්නාගෙ ගෙදර බලා යන සිහිනය සිහිනයක්ම වෙයිද ?
- වලස් සහෝදරයොයි කැලෑ කන්නයි එකතු වෙලා එකට වැඩක් කරයිද ?
මේ ඔක්කොටම පිළිතුරු ඔයාලා බලලා හොයාගන්න කියලා ඉල්ලමින් අදට මම යනවා.
කැළෑ කන්නා කියන නම මම ෆිල්ම් එක පුරාවටම යොදාගත්තා මොකද අපිට සුපුරුදු රසය නැත්නම් නැතිවෙන නිසා.
ඒ වගේම අන්තිමට යන ක්‍රෙඩිට් සීන් එකත් අමතක නොකරම බලන්න
මතක ඇතිව මේ මහන්සි වෙලා කට්ටක් කාලා හදන සබ් වලට වචනෙකින් පොඩි හරි අදහසක් දීලා යන්න කියලා ඉල්ලන ගමන් අදට මම ගියා.
ඉක්මනටම ආයෙත් උපසිරැසියකින් හමුවෙනකම් ,
♪ දහවලෙහි, භයානක කම බලන්න ♪
♪ මට නිදාගන්නවත් බෑ.. ♪
♪ සල්ලි මදි නිසා ♪
♪ ඒත් ආසාව නම් ♪
♪ මට අවශ්‍ය දේ සහතිකයි ♪
♪ ඒක නිකන් කොල කෑල්ලක්! ♪
♪ මම අම්මගෙයි තාත්තගෙයි ගෙදර යන ගමන මඟ හරින්න ඕනද ♪
♪ ඒ වෙනුවෙන් මහන්සි වෙන්නද? ♪
♪ දුම්රිය ටිකට් පතක් සිහිනයක් පමණයි ♪
♪ මගේ දණහිස් වෙව්ලන්න පටන් ගන්නවා ♪
♪ මගේ ඇඟ රිදෙනවා ♪
ජයවේවා
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRayපිටපත් සඳහා පමණක් අදාළ වේ.
262 downloadsDownload Boonie-Bears-Homeward-Journe-2013-Sinhala-Subtitles.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි සහෝ සබ් එකට