Watch Trailer

Hridayapoorvam (2025) Sinhala Subtitles | හදවත් ලාභියා [සිංහල උපසිරැසි]

Hridayapoorvam (2025) Sinhala Subtitless ආයුබෝවන්, අද ඒ කියන්නෙ සැප්තැම්බර් 26 වෙනිදා මලයාලි චිත්‍රපට කිහිපයක්ම OTT release උනා. ඉතින් ඒකෙන් එක චිත්‍රපටයක් උණු උණුවෙම ඔබට තිළිණ කරන්නයි හදන්නේ. මෝහන් ලාල් රඟන මේක ඉතාම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වම සත්‍යම් අන්තිකාඩ්ගෙ අධ්‍යක්ශනයක්. කේරළේ මෙන්ම…

Hridayapoorvam (2025) Sinhala Subtitless

ආයුබෝවන්, අද ඒ කියන්නෙ සැප්තැම්බර් 26 වෙනිදා මලයාලි චිත්‍රපට කිහිපයක්ම  OTT release උනා. ඉතින් ඒකෙන් එක චිත්‍රපටයක් උණු උණුවෙම ඔබට තිළිණ කරන්නයි හදන්නේ. මෝහන් ලාල් රඟන මේක ඉතාම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වම සත්‍යම් අන්තිකාඩ්ගෙ අධ්‍යක්ශනයක්. කේරළේ මෙන්ම පූනේ වලත් පටිගත කරන ලද මේ චිත්‍රපටය මෝහන්ලාල්ගෙ ගෝලයා (ඉස්සර රියදුරු) ඇන්තනි පෙරම්බවූර්ගෙ ආශිර්වාද් සිනමා වල නිශ්පාදනයක්. රුපියල්කෝටි30 ක වියදමකින් කෝටි 80 පන්නපු ‍රොමැන්ටික් කොමඩියක් වන මේ ලස්සන කතාව බලල ඉන්න. මේ එක්කම නිකුත් වූ තවත් ලස්සන මලයාලම් චිත්‍රපට කිහිපයක්ම ඉදිරි දින කිහිපයේ ඔබට දකින්න ලැබේවි.

මේ කතාව ගැන කිව්වොත් ඒකෙ ප්‍රධාන චරිතය සන්දීප් කියන්නෙ අළුත් හදවතක් බද්ධ කල මැදිවියේ අවිවාහක පුද්ගලයෙක්. මේ හදවත බද්ධ කිරීමත් සමගම ඔහුගෙ ජීවිතේ පුරුදු විදිහටම ගලා ගෙන යයිද? නැත්නම් ඔහුගෙ ජීවිතය වෙනස් අතකට හැරෙයිද? එහෙම හදවතක් බද්ධ කලාට ඔහුට ඒ බද්ධ කල පුද්ගලයාගෙ ගතිගුණ සිතුවිලි ආශාවල් ලැබෙනවද? කතාවට කියන්නෙ සේරම තියෙන්නෙ හදවතේ කියලනෙ? ඔහුට හදවත පරිත්‍යාග කල මිය ගිය පුද්ගලයගෙත් පවුලක් තියෙනවා ඔවුන්ගෙත් කතාවක් තියෙනවා ඉතින් අපේ කතා නායකයා ඒ පවුලේ කතන්දරයට මැදි වෙයිද?

මෝහන් ලාල් සමග මෙහි රඟපාන ප්‍රධාන නිළිය මලවිකා මෙනන්. ඊට අමතරව යොවුන් නළු සංගීත් ප්‍රතාප් (ප්‍රේමාලු) සංගීතා මාධවන් නායර්, සිද්දික්, අල්තාෆ් සලීම් මෙන්ම කැමියෝ එකකින් බැසිල් ජෝශප්ද මෙහි දැක ගන්න පුළුවන්.

ඉතින් මේක ටිකක් දිග ඒත් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්.තවත් ලස්සන උපසිරැසියකින් නැවත හමු වෙමු. ආයුබෝවන්

Hridayapoorvam (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,455 downloadsDownload Hridayapoorvam-2025.zip83 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hridayapoorvam (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

4,455 downloadsDownload Subtitles83 KB

13 comments

  1. Anonymous

    සිරාවටම ලාලෙට්ටන් එදා ඩ්‍රයිවර්ද අද ප්‍රඩක්ෂන් කම්පැණියක් රන් කරන්නේ

  2. Kavi

    වෙන සබ් එකක් ඩවුන්ලෝඩ් වෙන්නෙ සහෝ
    බොහොම ස්තූතියි ඉක්මනටම ගෙනාවට
    ජය වේවා!

  3. Lahiru

    බොහෝම ස්තූති සබ් එකට සහෝදරයා.. ඉතුරු මලයාලම් ටිකටත් සබ් ඕන...

  4. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේ මූවි එකට සබ් දුන්නට

  5. Anonymous

    Thank You for the Sinhala Subtitle.!

  6. මදුශාන්

    බොහොම ස්තූති සබ් එකට. Original පිටපතට නේද සබ් දීලා තියෙන්නේ ? Cam පිටපත කියලා සඳහන් වෙලා තියෙන්නේ.

  7. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  9. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියී උපසිරැසියට ....

  10. Viraj

    Thank you

  11. ASANKA

    THANKZ BRO

  12. Sahan Gayantha

    thanks a lot Bandula brother sub ekata

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤