Fate/stay night [Heaven’s Feel] 2 Lost Butterfly (2019) Sinhala Subtitles ඇනිමේ රසික ඔයාල හැමෝටම සුභම සුභ දවසක්. ඔන්න මම පොරොන්දු උනු විදියටම Fate/Stay night ෆිල්ම් සීරීස් එකේ දෙවෙනි ෆිල්ම් එකටත් ඉතාමත්ම ඉක්මනින් සබ් එක අරන් ආවා. මේක මගේ තුන්වෙනි සබ් එක. අඩුපාඩු තිබුනොත් යටින් කමෙන්ට් කරන් යන්න. අප…
Fate/stay night [Heaven’s Feel] 2 Lost Butterfly (2019) Sinhala Subtitles
ඇනිමේ රසික ඔයාල හැමෝටම සුභම සුභ දවසක්. ඔන්න මම පොරොන්දු උනු විදියටම Fate/Stay night ෆිල්ම් සීරීස් එකේ දෙවෙනි ෆිල්ම් එකටත් ඉතාමත්ම ඉක්මනින් සබ් එක අරන් ආවා. මේක මගේ තුන්වෙනි සබ් එක. අඩුපාඩු තිබුනොත් යටින් කමෙන්ට් කරන් යන්න.
අපි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමුකෝ.
මේක පළවෙනි ෆිල්ම් එක (Presage Flower)ට වඩා අඳුරු, ඇක්ශන් පැත්තට බර සලරුවක්. Imdb අගයත් කලින් සලරුවට වඩා වැඩී.imdb 8.0 ගන්න මේ සලරුවට පුලුවන් වෙලා තියෙනවා.
මේ ෆිල්ම් එකත් මූලිකවම යන්නෙ තවමත් Shirou Emiya ගේ ග්‍රේල් යුද්ධය ගැන.. හැබැයි, මේ පාර මුළු අවධානයම යන්නේ Sakura Matou වෙත. ඇගේ අතීතය, වේදනා, ඇතුළේ සැගවී ඇති අඳුරු පැත්ත මේකෙන් දක්වලා තියනවා. Shirou සහ Sakura අතර ඇති ගැඹුරු සම්බන්ධය, ඒ එක්කම ඇගේ අතීතයේ දුක්බර පැත්ත මේ සලරුවෙන් ලස්සනට පෙන්වලා දෙනවා.
ෆයිට් සීන්ස් හොඳටම තියෙනවා වගේම ලස්සනට ඇනිමේට්කරලා තියෙනවා.. විශේෂයෙන්ම Rider, Assassin, Berserker ලගේ සටන් දර්ශන සුපිරී කියන්න පුලුවන්.මේ ෆිල්ම් එකේ ඇත්තටම සටන් ගැන විතරක් නෙවෙයි—ඒකේ තියන ඩ්‍රාමා ගතිය, රොමෑන්ස් ,මනෝවිද්‍යාත්මක ත්‍රාසය හුඟක් ඉහලයි.
මේ ෆිල්ම් එකේ ඇනිමේෂන් වල ගුණාත්මකභාවය ඉතා හොඳයි. Ufotable ගේ වැඩ ඉතින් කොහොමත් සුපිරීනේ. Yuki Kajiura ගේ මියුසික් එකත් හදවතටම දැනෙනවා.
ඔයා Presage Flower ආසාවෙන් බැලුවනම්,ඒකට ආස උනා නම්, මේ ෆිල්ම් එක ඔයාට ඊටත් වඩා සුපිරියක් වෙනවාමයි.
මේක ආදරවන්තයින් අනිවාර්යයෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. ඇනිමේෂන් සහ කතාව ගොඩනගන හැටි අනුව හොඳම ඇනිමේ ෆිල්ම් අතරින් එකක්.
සලරු ත්‍රිත්වයේ අන්තිම සලරුවෙන් එහෙනම් ඉක්මනින් හම්බු වෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා ගැළපේ.
500 downloadsDownload Fate-stay-night-Heavens-Feel-II-Lost-Butterfly-2019-update-Sinhala-Subtitles.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළණ ලියනාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-09-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Fate/stay night [Heaven’s Feel] 2 Lost Butterfly (2019) Sinhala SubtitlesSubtitles by
කළණ ලියනාරච්චි
Subtitles
2 comments
Buddhika laKMal
darshana
thanks bokka digatama anime sub one
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් මචං සබ් එකට