සිදුවූ අතපසුවීමක් හේතුවෙන් සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම මේ සඳහා උපසිරසිගැන්වීමට භාරදී ඇති බැවින් ඔවුන් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි එම උපසිරසි ද්විත්වයම පලකිරීමට ඇඩ්මින් මඩුල්ල විසින් තීරණය කළා. ඒ අනුව ඔවුන් දෙදෙනාටම සාධාරණ අවස්ථාවක් හිමිවෙනව. ස්තුතියි! රවිසර ධර්මපාල සොයුරාගේ ලිපිය කොහොමද ඉතින්…

සිදුවූ අතපසුවීමක් හේතුවෙන් සහෝදර උපසිරසිකරුවන් දෙදෙනෙකුටම මේ සඳහා උපසිරසිගැන්වීමට භාරදී ඇති බැවින් ඔවුන් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි එම උපසිරසි ද්විත්වයම පලකිරීමට ඇඩ්මින් මඩුල්ල විසින් තීරණය කළා. ඒ අනුව ඔවුන් දෙදෙනාටම සාධාරණ අවස්ථාවක් හිමිවෙනව. ස්තුතියි!
රවිසර ධර්මපාල සොයුරාගේ ලිපිය
කොහොමද ඉතින් යාලුවනේ අද මම අරගෙන ආවේ සුපිරි කොමඩි ඇනිමේෂන් ෆිලුමක්, මේක ඔයාලා අපි කව්රැත් හොදට දන්න Bonie Bears හෙවත් වලස්මුල්ල ඇනිමේෂන් මාලාවේ 05වන කතාව.මේ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ ” Bonie Bears The Big shrink” විදිහට. .මේකනම් ඔයාලා අනිවා බලන්නම ඕනිම ෆිලුමක්. මේක නිකුත් වුනේ 2018 වර්ෂයේදි. මේකට 5.9 IMDB කරකවන්න සමත්වෙලා තියෙනවා.අයියෝ රේටින්ග්ස් නෑ ඒහෙනම් වැඩක් නෑ කියලනම් යන්නෙපා මොකදමගේ මතයනම් කවදාවත් රේටින්ග්ස් වලින් චිත්‍රපටයක් ගූණාත්මක බාවය තීරණය කරන්න බැහැ කියලයි.ඒ්ක හන්දා අතාරින නැතිව බලන්න මේක ඇවිල්ලා පට්ටම කොමඩියක්. මේ ෆිලුම බොක්ස් ඔෆිස් ආදායම 96.788,929$ උපයගන්න සමත්වෙලා තියෙනවා. (Bonie Bears) කියන්නේ ලංකාවේ විකාශනය වුන වළස්මුල්ල නම් කාර්ටුන් මාලාව.මේක ඉන්ග්‍රීසියෙන් හඩ කවලා තිබ්බට මුල් අයිතිය China Central Telvision එක සතුයි.මේ කාර්ටුන් පෙල ලෝකේ පොඩි ලොකු කව්රැත් හොදින් වැලදගන්නට සමත් වුනා. එහෙනම් මෙන්න මම කතාවට එන්නම්. මේකේදි කැලෑ කන්නා, බ්‍රැම්බ්ල් සහ බ්‍රයර් යන වළස් සහෝදරයෝ දෙන්නා එක්ක වලි දාගන්න එක නම් අඩුයි. කැලෑ කන්නා (Victor) හට පුද්ගලයෙක් විශ්ම ජනක දේවල් කලහැකි යැයි පවසමින් කැඩුනු යන්ත්‍රයක් විකුණනවා.මේ යන්ත්‍රයේ එක් කැබැල්ලක් යොදාගෙන ඒකෙන් කැලෑ කන්නා තමාගේ විදුලි පන්දමට සවි කර විශාල දේවල් කුඩා කල හැකි ආකාරයේ මැෂිමක් නිර්මාණය කරනවා, වළස්සු දෙන්නට පාඩමක් උගන්වන්න.මේ කාලේදි කැළැ කන්නගේ ජීවිතයට තව පුද්ගලයෙක් පැමිනෙනවා..කැලැ කන්නට සහ වළස් සහෝදරයන්ට මේකේ මාරම දේවල් ටිකක් වෙන්නේ එයාලාවත් හිතුවේ නැති දේවල් වෙන්නේ.කැලැ කන්නගේ මේ නිර්මාණය මොකක්ද, එයාගේ ජිවිතයට එන්නේ කව්ද, මොනවද මෙයාලාට වෙන ඇබැද්දි කියන ටික ෆිල්ම් එක අරගෙනම බලන්න.
මේක මගේ 03 වන උපසිරැසිය, කට්ටිය ඒහෙනම් බලලා කොල්ලගේ උපසිරැසියයි ෆිල්ම් එක ගැනයි අදහසක් ලෝබ නැතිව දීලා යන්න.කොරෝනා බිය තවමත් රටපුරා පවතින නිසා, ඒ සෞඛ්‍යය උපදෙස් පිලිපැදලා කට්ටියම ගෙවල් වලට වෙලා ඉන්න ඇදිරි නීති සමය තුලදි.එහෙනම් තවත් ෆිලුමකින් හම්බෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා එහෙනම් මම කැපුනා.
කවිරු මදුශංක සොයුරාගේ ලිපිය
ඔන්න එහෙනම් යාලුවනේ මං කලින් වතාවේ පොරොන්දුවුන විදිහටම ඇනිමේෂන් ෆිලුමක් අරගෙන ආවා මේ Boonie bears :The big shrink ෆිලුම නිකුත් වෙන්නේ 2018 වර්ශයේදි.ඒ වගේම මේ ඇනිමේෂන් එක IMDB 5.9ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.මේ Boonie bearsහි කාටුන් කතා මාලාව ලංකාවේ රූපවාහිනීය තුල වලස් මුල්ල යන නමින් විකාශනයවූවා.ඉතින් මේ Boonie bears කතා මාලාව ලංකාවේ ලොකු කුඩා කා අතරත් බොහෝ ප්‍රසිද්ධියට පත්වුවා.
හරි එහෙනම් වැඩිය වැල් වටාරම් කියවන්නේ නැතිව කතාවේ වෙන්නේ මොකක්ද කියලා මං පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්.ඔක්කෝටම කලින් මං මේකේ ප්‍රධාන චරිත ටික පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. ( වික්ටර්- අපි දන්න නමින් කියනවනම් කැලෑ කන්නා ) ඒවගේම මේකේ ඉන්න වලස් සහෝදරයන් දෙන්නා ( බ්‍රයර් – ලොකු සහෝ) ( බ්‍රැම්බල් -පොඩි සහෝ ) ඒවගේම මේකේ ( කින් ටිකි- වදුරු රජ )ඒ වගේම (වදුරු සේවකවත-බාබු)ත් දැකගන්න පුලුවන්…හරි දැන් ඔයගොල්ලො චරිත ටික හදුනගත්තනේ එහෙනම් අපි කතාවේ වෙන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු.
ඔන්න කතාවේ හැටියට කැලෑ කන්නා තනිවමනේ ජීවත් වෙන්නේ කැලෑ කන්නාගේ තාත්තා මෙයත් එක්ක ටික දවසක් ගත කරන්න ඕන කියලා හිතාගෙන කන්නා ගේ ගෙදරට එනවා. ඒවගේම වෙනදා වගේම කැලෑ කන්නා සහ වලස් සහෝදරයන් දෙන්නයි අතර නිතරම අඩ දබර ඇති වෙනවා. මොකද කැලෑ කන්නා කරන්නේ කොහොමහරි ගේමක් දීලා කැලෑවේ ගස් කපන එක ඒත් වලස්සු දෙන්නා කරන්නේ කන්නාගෙන් කැලෑව බේර ගන්න හදන එක.ඔය අතරේ වලස්සු දෙන්නා හැමදාම මාලු අල්ලන්න යන තැනක් තියෙනවා.එතන කලින් හැමදාම මාලු ඉන්නවා ඒත් ඒ ගංගාවේ හදිස්සියේම මාලු අතුරුදහන් වෙනවා.ඒවගේම මේකතාවේදි කැලෑ කන්නගේ පුංචි කාලයේ මතකයන්ටත් රැගෙනයනවා. පිය සෙනිහස ඔහුගේ පුංචි කාලයේදී අඩුවෙන් ලැබෙන්නේ ඒ වික්ටර්ගේ පියා කාර්‍ය්යබහුල වීම නිසා පුංචි (වික්ටර්/ කැලෑ කන්නා) ගොඩක් දුක්වෙනවා .ඒ ගැන දරුවෙකුට පිය සෙනෙහස හරියට නොලැබුනාම දරුවකුගේ මානසිකත්වට කඩාවැටීම හොදින් මේ චිත්‍රපටියට තුලින් දැකගන්න පුලුවන්.
ඔන්න ඉතින් කැලෑ කන්නා තමගේ වැඩ කටයුතු කරගෙන ඉන්නකොට තමයි කැලෑ කන්නාට අදහක් එන්නේ.තමන් කරපු අසාර්ථක වෙච්ච පරික්ශනයක් නැවත කරන්න.ඒ පරීක්ෂණයෙන් මෙයා බලාපොරොත්තු වෙන්නේ ඕනෑම පුංචි දෙයක් ලොකු කරන්න. හැබැයි මේකෙන් වෙන්නේ නම් ඕකේ අනිත් පැත්ත. ඕගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ මං මොකක්ද කියන්න හැදුවෙ කියලා.ඔව් ඔව් ඕනම දෙයක් පුංචි/කුඩා වෙන ගැජට් එකක් තමයි මෙයා නිර්මාණය කරන්නේ මේ පරික්ෂණය නිසා කැලෑ කන්නට,වලස් සහෝදරයින්ට මේ ඔක්කෝම පුංචි කුරුමිට්ටන් බවට පත්වෙන්නත් වෙනවා.මේගොල්ලෝ කොච්චර පුංචි වෙනවද කිවුවොත් මේගොල්ලෝ පුංචි (පලගැටියෙක්/තණ්කොල පෙත්තෙක්) ගානටම පුංචි වෙනවා. ඔන්න එහෙනම් මං කතාව කෙටියෙන් පැහැදිලි කරන එක නවත්තන්නයි යන්නේ තව කතාව ගැන කිවුවොත් ෆිලුම බලන එකෙන් වැඩක් නැති වෙනවනේ..දැන් ඉතින් මේ කුරුමිට්ටො වෙච්ච කැලෑ කන්නයි,වලස් සහෝදරයින්ටයි හැමදාටම කුරුමිට්ටො වෙලා ඉන්න බෑනේ නේද? මේගොල්ලන්ට ආපහු හිටපු ව්දිහට වෙන්න නම් හිතන තරම් ලේසි වෙන්නේ නැහැ .මේගොල්ලන්ට දුර ගමනක් යන්න වෙනවා හිටපු විදිහට ආපහු වෙනස්වෙන්න නම්,ඉතින් දුර ගමන යන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. කරදර,බාධක බොහොමයි, කැලෑ කන්නටයි වලස් සහෝදරයින්ටයි මේ ගමනට උදව් කරන්නත් යාලුවො කට්ටියක් හමුවෙනවා.ඒ ගොල්ලෝ තමයි ( ෂැඩෝ ශෙල්,පියර්,ඉයුජීන්,ගම්පි,බූබා) මේකට්ටිය තමයි උදව් කරන්නේ ගමනෙදි මේගොල්ලොත් හොද සුපිරි වැඩ කාරයො සෙට් එකක් තමයි….
හරි එහෙනම් ආපහු කැලෑ කන්නටයි,වලස් සහෝදරයින්ටයි හිටපු විදිහට වෙනස් වෙන්න පුලුවන් වුනාද??,,මේ ගමනෙදි මොනවගේ බාධක හමුවෙයිද??ඒ වගේම කැලෑ කන්නාගේ තාත්තා හදිසියේම කන්නාව හොයාගෙන ආවේ මොකද??ගංගාවේ මාලුන් එකපාරටම අතුරුදහන් වුනේ කොහොමද?මේ හැම ප්‍රශ්නෙටම ඔයගොල්ලන්ට උත්තර ලැබෙයි මේ චිත්‍රපටියට බැලුවට පස්සේ….ඕන්න එහෙනම් මං ගියා…ජයෙන් ජයම වේවා හැමෝටම! මේ ලස්සන ඇනිමේෂන් චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනගමන් හොද නරක කියාගෙන යන්නත් අමතක කරන්න එපා තවත් මේවගේම තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,912 downloadsDownload Boonie-Bears-5-2018-new.zip80 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාටත් “කවිරු මදුශංක කන්නන්ගර” සොයුරාටත් අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
9 comments
Kavinu
indika75
thanks..
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට !!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Pramod
Thanks saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
StarDog and TurboCat (2019)Shehan putha
Thanks brothers !
Kavindu Lakshan
Supiri
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබට තුති!
තවත් උපසිරැසියකින් හමු වෙමු ❤️