Watch Trailer

Torpedo (2019) Sinhala Subtitle | ජපානයට මරණය රැගෙන… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම. මේ අරගෙන ආවේ හොරකම් කරගත්ත සබ්මැරින් එකක් සම්බන්ධ කතාවක්. සැබෑ අයුරින් සිදුවූ සිද්දියක් පාදක කරගනිමින් තමයි මේක නිර්මාණය වෙන්නෙ. හැබැයි සැබෑ සිදුවීමම මේකේ අඩංගු නැහැ කියලත් කියන්න ඕන. ඒ සිදුවීමෙන් යම් යම් කරුණු අරගෙන ඒ ඇසුරින් තමයි කතාවක් ගොඩ නගල තියෙන්නෙ. ලෝක යුද්ධය ආශ්‍රිත කත…

කොහොමද හැම කෙනෙක්ටම. මේ අරගෙන ආවේ හොරකම් කරගත්ත සබ්මැරින් එකක්  සම්බන්ධ කතාවක්. සැබෑ අයුරින් සිදුවූ සිද්දියක් පාදක කරගනිමින් තමයි මේක නිර්මාණය වෙන්නෙ. හැබැයි සැබෑ සිදුවීමම මේකේ අඩංගු නැහැ කියලත් කියන්න ඕන. ඒ සිදුවීමෙන් යම් යම් කරුණු අරගෙන ඒ ඇසුරින් තමයි කතාවක් ගොඩ නගල තියෙන්නෙ. ලෝක යුද්ධය ආශ්‍රිත කතා නරඹන්න ප්‍රිය ඔබට මේක විශේෂයි.

ඉතිං මේකේ එන්නේ එසේ මෙසේ සිද්දියක් නෙමෙයි. හොරකම් කරපු ජර්මානු U-235  සබ්මැරින් එකක නැගල ජපානයට මරණය රැගෙන, එකල බෙල්ජියම් කොංගෝවේ (එකල බෙල්ජියම විසින් කොංගෝ රාජ්‍යය තමන්ගේ යටත් විජිතයක් විදියට තියාගෙන හිටිය. ඒ නිසා එකල කොංගෝ රාජ්‍යය හැදින්වුනේ බෙල්ජියම් කොංගෝව කියල. 1960 ජුනි 30 වැනිදා බෙල්ජියමෙන් නිදහස් වුණාට පසුව තමයි කොංගෝ කියන නිදහස් රාජ්‍යය ඇතිවුනේ) ඉඳල ඇමරිකාවට යන ගමනක් ගැන කතාවක්. ඒ විතරක් නෙමෙයි සබ්මැරින් එකේ කපිතාන් නාසි හමුදාවේ හිටපු සබ්මැරින් කපිතාන් කෙනෙක්. ඔහුගේ ගමන් සඟයින් වෙන්නෙ නාසි ජර්මානුවන්ව දෑහට පේන්න බැරි නාසින්ට එරෙහිව සටන් වැදුණු Inglourious Basterds 2009 ෆිල්ම් එකේ ඉන්නවා වගේ කණ්ඩායමක්.

යූ බෝට් එකක් කියන්නේ මුහුදේ ඉන්න රුදුරු මෝරෙක් වගේ තමා. 67.10 m දිගැති, දල වශයෙන් ටොන් 769 ක් බරැති මෙය, දෙවැනි ලෝක යුද්ධය අතරතුර ජර්මානු U-235 නමැති සබ්මැරින් එක එහි ඇතිවූ දෝෂයක් නිසාවෙන් ගිලී යනවා කියල තමයි වාර්ථා වෙන්නෙ. U බෝට් කියල පොදුවේ හැදින්වුවත් මේකේ විවිධ ආකාරයේ ඒවා තියෙනව. U235 කියන්නේ ඒවයින් එක ආකාරයක්.  U 235 කියන්නේ යුරේනියම් 235 වැනි සමස්ථානිකය. දිය මතුපිටදී ඩිසල් බලයෙනුත් දිය යටදී විදුලි බලයෙනුත් වශයෙන් තමයි සබ්මැරින් එක ක්‍රියාත්මක වෙන්නෙ. 1945 අගෝස්තු 6 වැනිදා ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට හෙලන ලද “ලිට්ල් බෝයි” පරමාණු බෝම්බයේ අඩංගු වුනෙත් මේ යුරේනියම් 235 සමස්ථානිකය. ඒ බෝම්බයේ තිබ්බ යුරේනියම් අඩංගු වුණේ බෙල්ජියම් රජය විසින් එවක ඇමරිකානු ජනපති රූස්වෙල්ට් හට රහසිගත වෙළඳ ගනුදෙනුවක් මගින් විකිනු යුරේනියම් කියල තමයි කියන්නේ නම්. සිනමාපටයේ එන කතාව ඇවිල්ල පෙර කී ඒ කතාව සම්බන්ධව දිවෙන කතාවක්. සිනමාපටය සඳහා යොදාගත්ත සබ්මැරින් එකේ ඇතුලත ආකෘතිය සැබෑ ප්‍රමාණයට නිර්මාණය කරපු U බෝට් ආකෘතියක් බවත් සඳහන්.

U995 සබ්මැරින් එකක්.

මේ වෙනකොට imdb 6.4ක අගයක් ලබාගෙන තියෙනව මේ කතාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ, Sven Huybrechts. මේ සිනමාපටය, බෙල්ජියම් නිමවුමක් වුණාට ඉංග්‍රීසි බස භාවිතා වෙන සිනමාපටයක්. 2019 ඔක්තෝම්බර් මාසයේ බෙල්ජියමේදී තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. සිනමාපටයට රංගනයෙන් දායක වෙන අයත්  Koen De Bouw, Thure Riefenstein, Ella-June Henrard  වැනි බෙල්ජියම් නළු නිළියන්. එහෙම නම් ඔබට බාරයි. ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD/Web පිටපත් සඳහා ලබා දි ඇත.

15,225 downloadsDownload Torpedo-2019-1.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

15,225 downloadsDownload Subtitles36 KB

38 comments

  1. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub.

  2. Randy

    සහෝ පුලුවන් නම් fear the walking dead එකටත් සබ් දෙනවාද.අපිට ඉක්මනට ඕනේ නෑ.සුමානේට එක එපිසොඩ් එකක් දුන්නත් ඇති.පුලුවන් නම් මේ ඉල්ලිම සලකා බලන්න.ඒ වගෙම සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි❤

    1. විමා

      ඉදිරියේදී ලැබේවි සහෝ ඒකටත්.

    2. Anonymous

      fear the walking dead denkm bln innwa

  3. Eranda

    Thanks for subtitle

    1. gihan

      Blindspot S05 sub දෙන්න

  4. Udara Damith Dissanayaka

    ela

  5. Sohan Jayasooriya

    ලිපියෙ විස්තරේටයි සබ් එකටයි ගොඩක් ස්තූතියි අයියේ..

  6. malithmadhushan45

    මේක දෙනකන් බලන් හිටියේ. බොහොම ස්තුතියි විමා අයියේ සබ් එකට

  7. Anonymous

    සුපිරි

  8. #ChalinduDeshan(kinaa)

    මැයි 29 ඉදං ඩවුන්ලෝඩ් කරගෙන තියාන හිටියේ. ඇති දුන්නා :P ජය!

  9. Kavinu

    ෆිල්ම් එහෙක කොනක හරි සබ්මැරීන් එකක් තියෙනවා නම් ෆිල්ම් එක බාන මන් වගේ එවුන්ට උත්තමාචාරය! ❤️

  10. kolitha4

    Thanx bro..

  11. indika75

    thanks..

  12. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/torrentgalaxy/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  14. Nilush Angana

    Sub ekata thanx

  15. isuru srinath sjs

    මරූ... බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...

  16. රොෂාන් ශමීර

    නියමයි...

  17. Anonymous

    vima mama film eke download karala balan hitiya subtittle eke enakan.ada poya dawase balanna puluwan.thanks go ahed
    thanks biscope team

  18. lakshan

    thanks ..........................

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  20. D.Chamara

    bohoma sthuthi

  21. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. tharidu16

    thanks machi

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. ThariduSagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
    බුදු ස‍රණයි! ජය වේවා!!

  25. Nish

    tnx bro....

  26. Dewadithya

    Thanks for sub!

  27. Malith Samarawickrama

    thanks machan sub ekata

  28. Buddi

    Tnx broo♥

  29. delshannex

    patta

  30. Waruna Kamalawansha

    බොහෝම ස්තූති

  31. tharindu dilshan

    thanks machn ....

  32. Nalin Sanjeewa

    Niyama kathawak aye me wage ekak ona

  33. Anonymous

    Thank you

  34. හිරාන් ශාරංග

    සිංහල උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි

  35. tharindu dilshan singgamkutti athukorala

    thanks bro