සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම. මේ දවස්වල ලෝකය පුරාම ව්‍යාප්ත වී පවතින Covid 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවටත් තරමක් විශාල බලපෑමක් තිබෙන නමුත් සිනමාවත් එක්ක සම්බන්ධ ප්‍රේක්ෂකයන්ට නම් ඔළුව උස්සන්නවත් වෙලාවක් නැතුව ඇති. මොකද මුළු රටටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙන නිසා සිනෙම…

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම. මේ දවස්වල ලෝකය පුරාම ව්‍යාප්ත වී පවතින Covid 19 වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවටත් තරමක් විශාල බලපෑමක් තිබෙන නමුත් සිනමාවත් එක්ක සම්බන්ධ ප්‍රේක්ෂකයන්ට නම් ඔළුව උස්සන්නවත් වෙලාවක් නැතුව ඇති. මොකද මුළු රටටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙන නිසා සිනෙමා ප්‍රේක්ෂකයන් හොදට අත පය දිගඇරලා සිනෙමාවත් එක්ක රැදී ඉන්න පුලුවන්.
ඉතින් මම උපසිරැසි හදලා තියෙන මේ ෆිල්ම් එක ගැන කතාකළොත් මේ ෆිල්ම් එකේ සම්පූර්ණ නම The Dare (2019). මේ ෆිල්ම් එක Giles Alderson ගේ අධ්‍යක්ෂණයෙන් හා Julian Kostav නිෂ්පාදනයෙන් 2019 දෙසැම්බර් 19 වෙනිදා තමයි රිලීස් කරලා තියෙන්නෙ. Horror, Thriller හා Mystery Genres යටතේ ෆිල්ම් බලන අයට මේ ෆිල්ම් එක ගොඩාක් ගැළපෙයි. මේ ෆිල්ම් එකේ Main Characters ලා විදියට Bart Edwerds(Jay) / Richard Brake (Creadence) / Richard Short(Adam) / Alexandra Evans(Kat) / Robert Master (Dominic) රංගනයෙන් දායක වෙනවා.
ෆිල්ම් එකේ සාරාංශය විදියට ගත්තොත් කොල්ලෙක් තමන්ව අතරමං කරපු යාලුවන්ගෙන් පලි ගන්න විදිය ගැන තමයි කියවෙන්නෙ. කුඩා ළමයෙකුට තමන්ට ම කියලා යාලුවෝ ඉන්න එක ඔහුට හෝ ඇයට විශාල පිටුවහලක් . මොකද ඒවගේ ළමයි ගොඩක් දුරට සමාජය පිළිබද අත්දැකීම් ලබාගන්නෙ තමන්ගෙ යාලුවන්ගෙන්. නමුත් මේ කතාවේ එන Dominic ට ඒක වැරදෙනවා. තමන්ගෙ යාලුවගේ වියෝවෙන් පස්සෙ අලුත් යාලුවෝ හොයන Dominic ට Summer Camp එකකදි තමන්ගෙ සම වයස් මට්ටමේ පමණ සිටින පිරිසක් හමුවෙනවා. ඔවුන්ව දැන හදුනගෙන මිතුරු වීමට Dominic ට අවශ්‍ය වුවත් ඔහුට ඒ දෙය කිරීමට නං ඔවුන්ගෙ අභියෝගවලට මුහුණ දීමට සිදුවන බව ඔවුන් පවසයි. කෙසේනමුත් ඔවුන්ගෙ අභියෝග සියල්ලට ම මුහුණ දුන් Dominic අවසන් අභියෝගයේදී පරාජය වෙනවා. එමෙන්ම Dominic ට ඔහුගේ මිතුරු වීමට සිටි පිරිසද අහිමිවී යනවා .
අවුරුදු 20 ක් ම Dominic වැරදි මාර්ගයක ගමන් කරමින් තමන්ට වරද්දවූ ඒ මිතුරු නොවන මිතුරු පිරිස දඩයම් කරමින් ඔවුන්ගෙන් පළිගනියි. කෙසේනමුත් අවසානයේ එක් අයෙකු බෙරීමට සමත් වෙයි.
ඉතින් මෙතනින් එහාට කතාව ගැන කියන්න අවශ්‍ය නෑ. ඒක ඔයාලට බලලම රසවිදින්න පුලුවන් . Dominic කොහොමද ඔවුන්ව අල්ලා ගන්නේ, ඔවුන්ට ලබාදෙන ඒ කෲර වධ හිංසා , බේරී පලායන්නේ කවුරුන්ද යන සියල්ල ෆිල්ම් එක නැරඹීමෙන් දැන ගන්න පුලුවන්.
ඉතින් තවත් එක් විශේෂ කරුණක් කියන්න තියෙනවා. මොකද ඒක තමයි විශේෂ ම එක. මේක තමා මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම . ඉතින් වැරදි තියෙන්නට පුලුවන්. නමුත් බුද්ධිමත් සිනෙමා විචාරකයන් විදියට ඔයාලට ඒ වැරදි අඩුපාඩු මගහරවාගෙන උපසිරැසි එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් කියලා හිතෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේම උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කරේ ලංකාවේ කිසිම සිංහල උපසිරැසි පිටුවක මේ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි තිබ්බෙ නැති නිසා. එහෙනම් උපසිරැසි Download කර ෆිල්ම් එක නරඹලා රසවිදින්න. බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,646 downloadsDownload The-Dare-2019.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-06-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංදීප වික්‍රමසිංහ
Subtitles
20 comments
දිල්ශාන් සචින්ත
indika75
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!
Suranjan
Thanks....jayawewa.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……(psarips/torrentgalaxy/yts
site wala thiyana honda aluth
movies walata sub denna plz..)එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා...
දිගටම උපසිරසකරණයේ යෙදෙමු... :D
ජය... ✌Sandeepa Wickramasinghe
Thanks
isuru srinath sjs
පලවෙනි උපසිරැසියට සුබ පතනවා ... ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... ජය!!
Sandeepa Wickramasinghe
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Anonymous
Thanks
නිෂ්
බොහොම ස්තුතියි.
Pramod
තෑන්ක්ස් මචං
Nelson
Good work friend, Thanks for the sub!
Sandeepa Wickrasinghe
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandeepa Wickramasinghe
Thanks Ayye
ThariduSagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
බුදු සරණයි! ජය වේවා!!Sandeepa Wickramasinghe
MAALNATH
Thanks ..............good luck ..........
Dewadithya
Thanks for sub!
Advertisement
![The Dare (2019) Sinhala Subtitles | අභියෝග මතින් වෙනස්වූ දෛවය! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/the-dare-2019.jpg)
පළමු වැඩේට සුභපැතුම් සහෝ.
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
දිගටම සබ් දෙමු. ජය.