කොහොමද ඉතින් බයිස්කෝප් ප්‍රේක්ෂක යාලුවනේ, මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කෝම හොදින් ඇති කියලා.මේ දවස්වල මං පොඩ්ඩක් කාර්‍ය්යබහුල වෙලා හිටියේ.ඔන්න ඉතින් මට වෙලාවක් ලැබුන හැටියේම උපසිරැසියක් අරන් ආවා. අද මං අරගෙන ආවේ සුපිරි ක්‍රියාන්විත වගේම කොමඩි වර්ගයට අයත්වෙන BOONIE BEARS එහෙමත් නැත්නම් අපි දන්න අදුරන නමින්…
කොහොමද ඉතින් බයිස්කෝප් ප්‍රේක්ෂක යාලුවනේ, මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කෝම හොදින් ඇති කියලා.මේ දවස්වල මං පොඩ්ඩක් කාර්‍ය්යබහුල වෙලා හිටියේ.ඔන්න ඉතින් මට වෙලාවක් ලැබුන හැටියේම උපසිරැසියක් අරන් ආවා.
අද මං අරගෙන ආවේ සුපිරි ක්‍රියාන්විත වගේම කොමඩි වර්ගයට අයත්වෙන BOONIE BEARS එහෙමත් නැත්නම් අපි දන්න අදුරන නමින්ම කිව්වොත් “වළස් මුල්ල” ඇනිමේෂන් මාලාවේ එන දෙවන කතාව අරගෙනයි.මේ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ BOONIE BEARS:MYSTICAL WINTER කියලයි.මේකනම් ඔයාලා අනිවා බලන්නම ඕන ෆිලුමක්.මේ චිත්‍රපටය නිකුත්වුනේ 2015 වර්ෂයේදීය.පැය 1යි මිනිත්තු 35ක් දිවෙන මේ චිත්‍රපටිය IMDB අගය 6.5ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.ඉතින් IMDB අගයෙන්ම ඔයගොල්ලන්ට තේරෙනවා ඇතිනේ මේ ඇනිමේෂන් එක කොතරම් දුරට සාර්ථකද කියලා. ඒවගේම ඔයගොල්ලන්ට මේකේ ඔෆීශියල් ට්‍රේලර් එක බලලා වුනත් මේකේ ගුනාත්මකභාවය ගැන තේරුම් ගන්නට පුලුවන්.
ඒක හින්දා අතහරින්නේ නැතිව බලන්න යාලුවනේ, මේක ඇවිල්ලා සුපිරිම ෆිලුමක්.මේ ෆිලුම Box office ආදායම ( U.S $ 47 million,,China-¥295.3 million,Russian -$60 million )වැනි ඉහල වාර්තාගත මුදලක් උපයාගන්නට සමත්වෙලා තිබෙනවා. (Boonie bears) කියන ලංකාවේ විකාශනය වුන කාටූන් කතා මාලාව මේක ඉන්ග්‍රීසියෙන් හඩකවලා තිබ්බට මේකේ මුල් අයිතිය හිමිවෙන්නේ China Central Telvision එකටයි. ඒවගේම තමයි මේ ඇනිමේෂන් මාලාවම ලෝකේ ලොකු , පොඩි කවුරුත් ආදරයෙන් වැලදගන්න සමත් වුනා.
සැ.යු : මා මේ උපසිරැසිය ලබා දී තිබෙන්නේ චීන පිටපතකට බව කරුණාවෙන් සලකන්න.
හොදයි යාලුවනේ කතාවට යන්න කලින් කතාවේ ප්‍රධාන චරිත ටික පොඩ්ඩක් මතක් කරගෙන ඉමුද?
1. බ්‍රයර් -ලොකු සහෝ
2. බ්‍රැම්බල් – පොඩිසහෝ
3. ව්ක්ටර් -කැලෑ කන්නා/කන්නා
4. කින්ටිකි -වදුරු රජතුමා
5. බාබු -වදුරු රජුගේ සේවක/බාබු
ඔන්න ඔය චරිත වගේම ලේන් අප්පු වගේම බකමූණාවත් දකින්න ලැබෙනවා.
හරි එහෙනම් මං ඔයගොල්ලන්ට කතාවේ වෙන්නේ මොකක්ද කියලා කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්. වළස් සහෝදරයන් දෙන්නාගේ අම්මා මේගොල්ලෝ පුංචි කාලයේදීම මිය යනවා..ඉතින් මේ පුංචි වළස් පැංචලා දෙන්නට කාගෙන්වත් හව්හරනක් ලැබෙන්නේ නැහැ..ඉතින් මේ වෙලාවෙදී තම පොඩි මල්ලි වෙන බ්‍රැම්බල්ව බලාගන්න වගකීම පැවරෙන්නේ එයාගේ ලොකු සහෝදරයා වෙන බ්‍රයර් හටයි..ඉතින් බ්‍රයර් තම පවුලේ බර කරටගෙන බ්‍රැම්බල්ව හොදින් බලා ගන්නවා. වලස් සහෝදරයින්ගේ අම්මා ජීවතුන් අතර ඉන්නකොට මේගොල්ලන්ට කියලාදීපූ කතාවක් තිබුනා ඒක තමයි ක්‍රිස්ටල් කදුවැටියේ ශීත ආත්මයේ කතාව…ඒකේ හැටියට ඒ ආත්මය අවධි වන්නේ කන්ද අවට වනාන්තරය විනාශ කරොත් පමණයි..මේ කන්ද පහල ගම්මාන වල ඉන්න මිනිසුන් ගස් කපා ඒවා නගරයට යවනවා මුදල් උපයාගැනීමට..ඉතින් මේ වන විනාශය නිසා මේ කදුවැටියේ මෘගයා අවදි වෙනවා…මිනිසුන් පවා මේ පුරාවෘත කතාව ගැන දැනගෙන හිටියත් එක විශ්වාස කරන්නේ නැහැ..මේ මෘගයා කොච්චර බලවත්ද කිව්වොත් කන්ද පහල තියෙන ගම්මාන වුනත් අලු කරලා දාන්න පුලුවන්කමක් තියෙනවා. හොදයි එහෙනම් අපි බලමු වලස්මුල්ලේ කට්ටිය මේ භයානක රාක්ෂයාගෙන් බේරෙන්නේ කොහොමද කියලා…
හොදයි යාලුවනේ එහෙනම් මේ ලස්සන ඇනිමේෂන් එකත් මගනොහැර අනිවා නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මේ Boonie Bears චිත්‍රපට මාලාවේ අනෙක් චිත්‍රපට වලටද උපසිරැසි ලබාදී ඇති බැවින් ඒවාද මග නොහැර බලන මෙන් ආරාධනා කර සිටිනවා. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්…ආහ්…පොඩි දෙයක් කියන්න අමතක වුනා තවත් ඇනිමේෂන් එකක උපසිරැසියක් ඉක්මනින්න බලාපොරොත්තු වෙන්න. ඒක නම් වලස් මුල්ලේ ඇනිමේශන් එකක් නෙමෙයි හොදේ. හොද,නරක කියාගෙන කොමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා..එහෙනම් මං ගියා ජයෙන් ජයම වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB Rip පිටපත සඳහා අදාළ වේ.
2,049 downloadsDownload Boonie-Bears-A-Mystical-Winter-2015.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිරු මදුශංක කන්නන්ගර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-21
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිරු මදුශංක කන්නන්ගර
Subtitles
7 comments
රොයිලි
Anonymous
ස්තුතියි සහෝ උපසිරැසියට!
poddaa
සබ් එකට ස්තුතියි..
මේකේ English නැහැනේisuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
Anonymous
Thanks bro sub ekata
Anonymous
THank you bro sub ekata.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P