Watch Trailer

The Kissing Booth 2 (2020) Sinhala Subtitles | අතරමැදියන් නිසා විරසක වූවන්.. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු දෙකක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Kissing Booth (2018) එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙන්නා ඉපදෙන්නෙ එක…

2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු දෙකක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්.

The Kissing Booth (2018)

එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙන්නා ඉපදෙන්නෙ එකම දවසෙ, එකම වෙලාවේ, ලොස්ඇන්ජලීස්වල එකම රෝහලකමයි. මේ දෙන්නා හදුනගත්ත කාලෙ ඉදලම හොදම යාලුවො විදිහට තමයි කාලය ගත කලේ. මේ දෙන්නගෙ යාලුකම පවත්වන් යන්නම කියලා එල් හා ලී දෙන්නා අතරේ ඇති කරගත්ත නීති ගොඩක් තිබුනා. ඔය නීති අතරේ ලීගෙ අයියා නෝහා එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්න එල්ට අවසරයක් තිබුනෙ නැහැ. මේ දෙන්නා ඉස්කෝලෙදී කිසිං බූත් එකක් එහෙම නැත්තම් සිප ගැනීමේ කුටියක් හදනවා අරමුදල් උපයන්න හිතාගෙන. නෝහා කියන්නෙ OMG කෙල්ලො ඇතුළුව තවත් බොහොමයක් කෙල්ලො පිස්සු වැටුන කෙනෙක්. ඉතිං අර දෙන්නා හදපු කිසිං බූත්එකට නෝහා එක්කං එනවා කියලා ආරංචිය යවලා සෑහෙන කෙල්ලො ටිකක් මේ ඉවෙන්ට් එකට ගෙන්න ගන්නවා. නෝහා එතනට එන්න කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන නිසාම ඒ වෙනුවට වේදිකාවට ගොඩවෙන්නෙ ලී. මේකට එතනට එකතු වෙලා හිටිය හුගක් කෙල්ලන්ගෙ අප්‍රසාදය ලක් වෙනවා. අවසානෙදි එල්ටත් අවස්ථාවක් ලැබෙනවා කිසිං බූත් එකට යන්න. එල් තියා කිසිම කෙනෙක් නොහිතපු විදිහට නෝහා එතනට ඇවිල්ලා පලවෙනි වතාවට එයා සෑහෙන පිරිසක් ඉදිරියෙ එල්ව සිපගන්නවා.

මේ විදිහට එක සිප ගැනීමකින් පටන් ගත්ත මේ දෙන්නා ලීට හොරෙන් කාලයක් පුරාවටම ආදර සම්බන්ධයක් පවත්වන් යනවා. ඉතිං මේ ගැන වතාවක් ලීට අහුවෙලා මේ තුන්දෙනා රණ්ඩු වෙලා අවසානෙදි ලීගෙ උපන්දිනේ වෙනුවෙන් තියපු කොස්ටියුම් පාටි එකකදී ලී කියනවා මේ දෙන්නගෙ සම්බ්න්ධෙට ආයෙ විරුද්ධ වෙන්නෙ නැහැ කියලා. නෝහා කොලේජ් එකේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හාවර්ඩ් වලට යනවා. මේ එක්කම  එල්ට විශ්වාසයක් නැතුව යනවා මේ දෙන්නගෙ දෙපැත්තට වෙලා පවත්වන් යන සම්බන්ධෙට මොනවා වෙයිද කියලා.

චිත්‍රපටය නිර්මාණය වුනෙ Beth Reekles විසින් 2012 වසරේ දෙසැම්බර් 13′ වැනිදා නිකුත් කල “The Kissing Booth” නවකතාව ඇසුරින්.

The Kissing Booth 2 (2020)

දෙවැනි චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු සිදුවෙන්නෙත් සුපුරුදු මුල් චිත්‍රපටයෙ නිර්මාතෘවරුන් විසින්මයි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයත්, නිෂ්පාදනයත්, චිත්‍රපටයෙ පිටපත ලියන කටයුතු සදහාත් Vince Marcello සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නෙ 2020 වසරේ ජනවාරි 02’වැනිදා Beth Reekles විසින් නිකුත් කල “The Kissing Booth 2: Going the Distance” නවකතාව පාදක කරගෙනයි. මුල් චිත්‍රපටය තුලින් දැකගන්න ලැබුණු Joey King, Jacob Elordi, Joel Courtney, Carson White, Maisie Richardson-Sellers නළු/නිලියන්ට අමතරව Taylor Zakhar Perez එහෙමත් එකතු වෙනවා. පැය 02 විනාඩි 10 ක ධාවන කාලයක් සටහන් කරගෙන Comedy, Romance වර්ගීකරණ යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය Netflix ඔස්සෙ නිකුත් වෙන්නෙ 2020 ජූලි 24’වැනිදා.

ඉතිං මුල් චිත්‍රපටය බැලුවා නම් දන්නවා ඇති මේක මොන වගෙ නිර්මාණයක්ද කියලා. ඒ නිසා දෙවෙනි චිත්‍රපටය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. මොකද මුල් චිත්‍රපටයෙ සිදුවීම් බොහොමයක් පාදක කරගෙන, කලින් චිත්‍රපටයට වඩා වැඩි ධාවන කාලයකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. එහෙනම් ඉතිං නරඹලාම තීරණය කරන්න මේ වතාවේ මොකද වෙන්නෙ කියලා.

මේ චිත්‍රපට පෙල මෙතැනින් අවසන් වෙන්නෙත් නැහැ. ඒ ඇයි කියලා හිතෙයි පහල තියෙන නිවුස් එක කියෙව්වම. 😁🤟

 

https://www.facebook.com/baiscopemansala/photos/a.355960441192498/3197222343732946/?type=3&theater

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

22,112 downloadsDownload The-Kissing-Booth-2-2020.zip125 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,112 downloadsDownload Subtitles125 KB

27 comments

  1. දිනිති

    ගොඩක් ස්තූතියි සබ් එකට.
    මෙච්චර ඉක්මනට මේකට සබ් දෙයි කියල නං හිතුවේ නෑ.
    ස්තූතියි

  2. Harshi Gangodawilage

    Thank you subtitle ekata

  3. Gathsara Umesh

    ඹොහෝම ස්තූතියි උපසිරෘඇසියට ෂහෝදරය්හා...

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Rental (2020)
    Psych 2: Lassie Come Home (2020)
    Volition (2019)
    Above Suspicion (2019)
    Adu (2020)

  5. 00sanoj00

    Thanx

  6. Anonymous

    Thanx bro

  7. Kavindu12345desilva

    sub ekta thanks bro
    budusaranayi

  8. Sahan Kelum

    Thanks Brother..!!

  9. indika75

    thanks..

    1. Suranjan

      Thanks jayawewa......!

  10. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  11. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  12. Anonymous

    ඉස්තූතියි
    ඉස්තූතියි

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. ishan

    thankq sub ekata

  15. supipi

    thank you

  16. supipi

    thank you saho

  17. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Malith Samarawickrama

    Thanks bn subata

  20. Pramukmili

    Thhanxx bro..

  21. viraj bandara

    ela. i need to get contacted you. you can earn please whats app 0713354067

    1. Chamara

      අලුත් එකටත් ඉක්මනට සබ් දෙන්න සහෝ

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  23. Dewadithya

    Thanks for sub!

  24. DILmin

    Sub ekata thanks!

  25. Nishan S Ariyarathna

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.