Watch Trailer

Dangerous Ishq (2012) | ආත්මීය බැඳීම. [සිංහල උපසිරසි සමඟ]

හායි, මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම film බලන එකේ මටත් හිතුණා එකක් කරන්න ඕනෙ කියලා. ඒත් හිතුවෙ නම් නැහැ කරගන්න පුළුවන් වෙයි කියල. baiscope එකට උපසිරැසියක් දෙන ගැහැණු ළමයි කණ්ඩායමය මමත් ඔන්න එකතු වෙනවා. කොහොමින් කොහොම හරි baiscope web site එකේ උපසිරැසි හදන විධිය දාල තිබුණු විදියට තනියෙන්ම උ…

Dangerous Ishhq (2012)

හායි, මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම film බලන එකේ මටත් හිතුණා එකක් කරන්න ඕනෙ කියලා. ඒත් හිතුවෙ නම් නැහැ කරගන්න පුළුවන් වෙයි කියල. baiscope එකට උපසිරැසියක් දෙන ගැහැණු ළමයි කණ්ඩායමය මමත් ඔන්න එකතු වෙනවා. කොහොමින් කොහොම හරි baiscope web site එකේ උපසිරැසි හදන විධිය දාල තිබුණු විදියට තනියෙන්ම උත්සාහ කරල තමයි මේක හැදුවේ.අඩු පාඩු තියෙනවනම් සමාව ඉල්ලන අතරෙම පොඩි comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

film එක ගැන කියනවනම් මේක මං බලපු ලස්සනම ලස්සන කුතුහලයෙන් පිරිච්ච ආදර කතාවක්. මේකෙ ප්‍රධාන චරිත විදියට Karishma kapoor, Rajiesh Duggall Divya Dutta සහ Jimmy Shergh රංගනයෙන් දායක වෙනවා. thriller ගණයට වැටෙන මේ movie එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපටි ගණනාවක්ම අධ්‍යක්ෂණය කරපු Vikram Bhaath විසින්. මේකෙ ratings අඩු වුණාට මට නම් හිතෙන්නෙ මේකට ඊට වඩා ලැබෙන්න ඕන කියලා. කොහොම වුණත් එක පුරාවටම කුතුහලයෙන් පිරිල තියෙනවා. කතාව ටිකක් විතර Mgadheera එකේ කතාවට සමානයි.

සංජනා කියන්නේ නිරූපිකාවක්. රෝහන් කියන්නෙ ගොඩක් පොහොසත් පවුලක කෙනෙක්. මේ දෙන්නා ආදරවන්තයෝ. ඒත් මේ සම්බන්දෙට රෝහන්ගෙ ගෙදරින් කැමති නෑ සංජනා නිරූපිකාවක් නිසා. මේ අතරෙදි සංජනාට පැරිස් යන්න chance එකක් එනවා modling වලින්. ගොඩාක් දුකින් රෝහන් දාල ගියාට මෙයා අන්තිම මොහොතෙදි ආපහු හැරිල එනවා රෝහන් දාල යන්න බෑ කියලා. ඒත් ඊට පහුවෙනිදා කවුදෝ කට්ටියක් සංජනාත් හිටිද්දි රෝහන්ව පැහැර ගන්නවා. සංජනාට රෝහන්ව පැහැර ගත්තෙ කවුද කියලා හොයා ගන්න පොලීසියේ වගේම නිතූ කියන යාලුවත් උදව් වෙනවා. මේ අතරෙ සංජනාට අමුතු අමුතු දේවල් පේන්න පටන් ගන්නවා. මේ නිසා නිතූ සංජනාව ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් යනවා. එතනදී සංජනා මෝහනය කරාම දැන ගන්නවා මේ පේන දේවල් එයාගෙ කලින් ආත්මෙකට සම්බන්ධයි කියලා…

ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ? ඇත්තටම රෝහන් පැහැර ගන්න හේතුව මොකක්ද? පැහර ගත්තේ කවුද? ඒව හොයා ගන්නෙ සංජනාගෙ කලින් ආත්මෙ උදව් කරන්නෙ කොහොමද? රෝහන්ටයි සංජනාටයි එකතු වෙන්න ලැබේවිද? මේ දේවල් දැනගන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්න වෙනවා. කියන්න බැරි වුණානෙ මේකෙ ලස්සනම ලස්සන සිංදු ටිකකුත් තියෙනවා…එහෙනම් තවත් ලස්සන movie එකකින් නැවත හමුවෙමු…..

Dangerous Ishq (2012) on IMDb

 

 

693 MB කොපිය මෙතනින් බාගන්න

b8b65786d6322ddea155fcb188fd84247449c1e1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,740 downloadsDownload Dangerous.Ishq_.2012.baiscopelk.-update.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/MadhuN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධූ නිසංසලා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,740 downloadsDownload Subtitles53 KB

44 comments

  1. purnima

    Lassana akka kenek

  2. prasanna

    lasann an............

  3. Sameera

    thanks......

  4. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි මධූ..............
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.

  5. නලින්

    සාදරයෙන් පිලිගන්නවා නිසංසලා සොයුරියව.

    පළමු නිර්මාණය වෙනුවෙන් සුබ පැතුම්. දිගටම අඩවිය එක්ක රැදෙන්න කියලා ඉල්ලනවා, තවත් නිරමාණ කරන්න ශක්තිය ලැබේවා.. එලස්ස් වේවා!

    ජය වේවා!

  6. තාරක නුවන් දිල්හාර

    උපසිරසියට බොහොම ස්තුතියි මධූ
    ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සෙට් එකට
    දිගටම රැඳී ඉන්න.
    ඔන්න එහෙනම් මමත් ගත්තා
    ජය වේවා.....!!!!

  7. කැලුම් ගුණසේකර

    අලුත් ම තරුව. සාදරයෙන් පිළගන්නවා අඩවියට. ස්තූතියි උපසිරැසියට.

  8. එල්.සී. දමැල්

    සාධරයෙන් පිළිගන්නවා අඩවියට...
    ─────────────────────░██░▇▆▅▄▃▂
    ────────────────────░█▓▓█░▇▆▅▄▃▂
    ───────────────────░█▓▓▓█░▇▆▅▄▃▂
    ──────────────────░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ─────────────────░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ──────────░░░───░█▓▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ─────────░███░──░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ───────░██░░░██░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ──────░█░░█░░░░██▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ────░██░░█░░░░░░█▓▓▓▓█░▇▆▅▄▃▂
    ───░█░░░█░░░░░░░██▓▓▓█░▇▆▅▄▃▂
    ──░█░░░░█░░░░░░░░█▓▓▓█░▇▆▅▄▃▂
    ──░█░░░░░█░░░░░░░░█▓▓▓█░▇▆▅▄▃▂
    ──░█░░█░░░█░░░░░░░░█▓▓█░▇▆▅▄▃▂
    ─░█░░░█░░░░██░░░░░░█▓▓█░▇▆▅▄▃▂
    ─░█░░░░█░░░░░██░░░█▓▓▓█░▇▆▅▄▃▂
    ─░█░█░░░█░░░░░░███▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░░░█░░░██░░░░░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░░░░█░░░░█████▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░░░░░█░░░░░░░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ░█░█░░░░██░░░░█▓▓▓▓▓█░▇▆▅▄▃▂
    ─░█░█░░░░░████▓▓▓▓██░▇▆▅▄▃▂
    ─░█░░█░░░░░░░█▓▓██▓█░▇▆▅▄▃▂
    ──░█░░██░░░██▓▓█▓▓▓█░▇▆▅▄▃▂
    ───░██░░███▓▓██▓█▓▓█░▇▆▅▄▃▂
    ────░██▓▓▓███▓▓▓█▓▓▓█░▇▆▅▄▃▂
    ──────░█▓▓▓▓▓▓▓▓█▓▓▓█░▇▆▅▄▃▂
    ──────░█▓▓▓▓▓▓▓▓▓▓▓▓▓█░▇▆▅▄▃▂

    ජය...
    උපසිරසියට බොහොම ස්තුතියි!

  9. ප්‍රදීප් මධුසංඛ

    ඔයාගේ පළවෙනි නිර්මාණයට සුබ පතනවා...
    ඒවගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
    තවත් මේවගේම හොඳ නිර්මාණ කරන්න කියලා ආරාධනා කරනවා.
    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. Tharindu

    Thank you very much sis... digatama sub demu ....palaweni sub ekat suba pathum...:)

  12. manula

    මචං වැඩේ හොදයි ,පට්ට, වගේ බොරු කොමෙන්ට් දාන්නේනැ....උබගේ වටිනා කාලය වැයකරලා කරන මේ වැඩෙ හරියට කරපන් මේ සබ්එක ෆිල්ම් එකට කොහොමටවත් ගැලපෙන්නේ නැ ටයිම් ෆේම් තනීකරම වැරදී...මේකේ කොමෙන්ට් කරන හරක් ෆිල්ම් එක බලලා නෙමේ කොමෙන්ට් කරන්නේ අපිත් ගොන්නු වගේ උන්ගේ කොමෙන්ට් බලල ෆිල්ම් එක බාගන්නවා නමුත් බලන්න යනකොට සබ්එක අවුල්...මචං වැඩක් කරනවානම් හරියට කරපන් නැත්නම් නොකර හිටපන් එතකොට අඩුතරමෙන් උබගේ කාලයයි...අපේ ඩේටා ටිකයි වත් ඉතුරුවේයි

    1. Vithanage Priyantha Dayakeerthi

      මධු නිසංසලා සොයුරියගේ පළමු උත්සාහයට සුබ පැතුම්!

      අඩුපාඩු තිබෙන ඒවා නිවැරදි කරගෙන ඉදිරි උපසිරසි කරන්න.

      උපසිරසි කරපු කෙනෙක් පමණයි එහි දුෂ්කරතාවය දන්නෙ.

      ස්තුතියි!

    2. Madhu Nisansala

      Ane ehema nam wenna vidiyak naha.matath oi wade wela thiyena nisa
      kiyatawath ehema karanne naha.man eka hariyatama balala kare. ekko oyata podi
      waradimak wela...samawa illanawa ehema nam kiyatawath wenna widiyak na...

    3. කලන

      යකෝ. ෆිල්ම් එකේ පොඩ්ඩක් ටයිම් එහා මෙහා වුනා කියල උඹට ඒක හදාගෙන බලන්න බැරිද?
      උඹට සිංහලෙන් බලන්න ලැබෙන එකේ ඒක ගැන හිතන්නෙ නැතුව හිටපිය. උඹට කරන්න බැරි දෙයක්නෙ මේ කෙල්ලෙක් කරල තියෙන්නෙ. උඹල වගේ වැරදි කියන්න විතරක් ඉන්න උන් නිසා සබ් හදන එක එපා වෙනව ඕයි..

    4. Samiya

      යාළුවා වැරදී තියෙන්න පුළුවන්.නමුත් ඔය වගේ දරුණු විදියට comment කරන්න එපා. කොයි තරම් උත්සහයක් දරන්න ඕනෙද sub එකක් කරන්න . අනිත් එක පලවෙනි sub එක. වැරදි හදාගෙන ඉදිරියට යන්න සුබ පතන්න . ජය වේවා . දිගටම කරගෙන යමු.

    5. Sampath

      Bola Harako.... ubata balanna barinam nikan hitapiya....... katta kagena karana ekek karana widiyata karai..... sub eka dena eka madida?..........Waeradi hadagena digatama sub karanna suba pathuwanam hodai neda.......

    6. manula

      සමා වෙන්න නංගි ..මම දැන් තමාදන්නේ මේ ඔයාගේ පලවෙනි සබ් එක කියලා...ඒනිසා වැරදුනාට කමන්නැ..වැරදි හදාගන ඉස්සරහට යන්න සුබපැතුම් ...

  13. Kulanjana Maduranga

    G' luck for the 1st attempt SIS.Great work & Lot of thanks MADU Sis.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  14. kanchana

    sthutiy nangi
    oya ballanna hithenama widiyata lipiya liyala thiyenawa...

  15. sisira

    well done...tnks

  16. අසිත

    ලස්සන කතාවකට ලස්සන අක්ක කෙනෙක් සබ් දීලා.english ෆිල්ම් ගැනත් සලක බලන්න හොදේ.welcome sis.ජයෙන් ජය!!!!

  17. යස්මික

    පට්ට කතාවක් වගේ..
    ඒ වගේම පළවෙනි වැඩේට සුබ පතනවා..
    දිගටම බයිස්කෝප් එක්ක රැඳිලා, සුපිරිම කතා වලට උපසිරසි ලබා දෙන්න.
    මේක නම් දැන්මම බැලෙන එකක් නෑ..
    ඒත් ඔන්න සබ් එක ගන්නවා.. :D
    බෝම පිං සබ් එකට..

  18. Dayan

    ඇත්ත,සබ් එකක් කරපු කෙනෙක් විතරයි ඒකෙ තියෙන කැපකිරීම,අමාරුව දන්නෙ.ඒක නිසා කරපු වැඩේ අගය කරනවා ඇරෙන්න වෙන වෙන ලට්ට ලොට්ට කියවන එක තේරුමක් නෑ.ගොඩක් ස්තූතියි සබට,පලමු උත්සාහයට සුභ පතනවා.දිගටම සබ් දෙන්න කියලා ඉල්ලනවා,ඒ වගේම කලින් මතුකරලා පෙන්නපු ටයිම් ලයින් ප්‍රශ්නෙට හේතුව,මගෙ අත්දැකීමට අනුව නම් ෆිල්ම් එක තියෙන සමහර ටොරන්ට් එකකට එකක් වෙනස් නොගැලපෙන සුලු ටයිම් ලයින් එක්ක යන්න ඉඩ තියෙන වෙලාවල් තියෙනවා,එතකොට අපි පන දාගෙන කරපු සිංහල සබ් එක වෙනස් විදිහට යන්න පුලුවන්.සබ හරියට වැඩ නැත්නම් වෙන ටොරන්ට් එකකින් ට්‍රයි කරලා බලන්න හරි යන්න පුළුවන්.ජයවේවා..

  19. Sanjaya

    ඔයාට පුඑවන් විදිහට ඔයා සබි දෙන්න. වැරදි හදාගෙන ඉස්සරහට යමු. මුල්ම උපසිරසියට අපෙන් තුති. ඒ වගේම බොහොම පිං

  20. prasha

    thanks

  21. thisal

    tnxx SUB EKATA digatama sub demu eka eka biruwata ganan ganna epa balama balamu
    welcome to site

  22. R.D

    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.තව සබ් කරලා ගේන්ඩ ඕනේ හොදේ.............

  23. Madhu Nisansala

    කමෙන්ට් කරපු හැමෝටමත්,අඩු පාඩු පෙන්වා දුන් සැමටත් මාව ධෛර්‍යමත් කල සැමටත්
    ගොඩාක් ස්තූතියි....

  24. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    මුලින්ම ඔයාට සුභ පතන්නම් මධූ! දිග ගමනක් යන්නට හදවතින්ම ආශිර්වාද කරනවා!
    ඒ වගේම අද ගෙනාපු සබටත් බොහොමත්ම ස්තූතියි. ජය වේවා!!!

  25. dammika

    suba pathanawa oyata

  26. Sampath

    Thankas.....Welcome to b.cope

  27. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දිගටම දෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  28. isuru

    1st sub ekata suba pathum!jayawewa!

  29. Yenu

    Thank you..digatama sub denna........

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි මධූ :P ජය

  31. රොයිලි

    බොහොම ස්තූතියි නිසංසලා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  32. Jack

    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  33. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  34. chamath

    suba pathanawa palamu sub ekata.. ewagema thanx digatama sub denna jaya wewa sis

  35. වරුණ රංගජිත් (වරූ)

    සබට ගොඩක් ස්තූතියි
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා

  36. nilantha

    plese pload hd quallity rip plz

  37. Anonymous Person

    උපසිරසියට තුති අක්කේ...
    බාන්න දානවා...
    එලස්... :)

  38. තිසර නියෝ

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.