කොහොමද හැම කෙනෙක්ටම. බොරට්ව මතකයි නම්, ඔයත් එතෙක් මෙතෙක් ඇවිත් තියෙන උපහාසය සපිරි, සුපිරිම ඩාක් කොමඩි ෆිල්ම් එකක් බලල තියෙන කෙනෙක්. 🙂 මේකේ පලවෙනි එක තමයි Borat: Cultural Learnings of America for Make Benefit Glorious Nation of Kazakhstan (2006). බුදු අම්මෝ නමේ දිග නෙහ්හ්.. නම වගේම තමා ආතල් වලත් සීම…

කොහොමද හැම කෙනෙක්ටම. බොරට්ව මතකයි නම්, ඔයත් එතෙක් මෙතෙක් ඇවිත් තියෙන උපහාසය සපිරි, සුපිරිම ඩාක් කොමඩි ෆිල්ම් එකක් බලල තියෙන කෙනෙක්. 🙂 මේකේ පලවෙනි එක තමයි Borat: Cultural Learnings of America for Make Benefit Glorious Nation of Kazakhstan (2006). බුදු අම්මෝ නමේ දිග නෙහ්හ්.. නම වගේම තමා ආතල් වලත් සීමාවක් නැහැ. මේ වෙනකොට මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවා අරගෙන බලන්න. ලේ පිරිසිදු කරගන්න කියාපු භාණ්ඩේ. 😀 ඒ වගේම වැඩේට කතා කරපු ගමන් හා කියල මේකට හවුල් වෙච්ච ඉසුරු දිල්ශාන්ටත් බොහොම ස්තුතියි කියන්න ඕනා. ඒ වගේම මේක 18+ ෆිල්ම් එකක්. ගෙදර අයත් එක්ක ප්‍රසිද්දියේ බලන්න එපා. බොරට්ගේ කටට බ්‍රේක් නැහැ, ඒ නිසා අපේ සබ එකටත් බ්‍රේක් නැහැ. පුළුවන් උපරිම අවමයෙන් ආතල් නොකැඩෙන්න වැඩේ කලේ. 😀
මේ වෙනකොට imdb 7.4ක මනාප අගයක් වාර්තා කරගෙන තියෙන මේ සිනමාපටය, Jason Wolinerගේ අධ්‍යක්ෂණයක්. ප්‍රධාන චරිතය සහ තිර රචනය Sacha Baron Cohen නමැති අති දක්ෂ නළුවා විසින් සිදුකර ඇති අතර මේ වගේම ආතල් ෆිල්ම්වලට තිර රචනයෙන් දායක වෙච්ච Anthony Hines පලවෙනි බොරට් ෆිල්ම් එකට වගේම මේකටත් සහය තිර රචනයෙන් දායක වෙලා තියෙනව.
ෆිල්ම් එකේ ගොඩක් ඒවා ඇත්තටම කරපු ඒවා. ඒ නිසා අනිත් මිනිස්සු ගොඩක් අපහසුතාවයට පත්වෙච්ච වෙලාවල් නොසෑහෙන්න තිබිල තියෙනව. විශේෂයෙන්ම පැමෙලා ඇන්ඩර්සන් එහෙම. මේක බලන්න කලින් අනිවා ඒක බලල එන්න. නැත්නම් ආතල් එකේ අග මුල තේරෙන එකක් නැහැ. කොටින්ම මෙදා පොටේ ඇමරිකාවේ උප ජනපති මයිකල් පෙන්ස්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිතිවෙදියෙක් සහ හොඳම යාලුවෙක් වෙන රුඩොල්ෆ් ගුලියානිව පවා ඇත්තටම ආතල් එකට අරගන්නවා. ඒ සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙහි එන බොරට්ගේ චරිතය රඟ දක්වන Sacha Baron Cohen හට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ලකරලා තියෙනව.
පලවෙනි එක බලපු අයට මතක ඇතිනේ, කසකස්ථානයේ සුපිරි වාර්තාකරුවෙක් වෙච්ච බොරට් US සහ A වලට යන්නේ, එහෙ සංස්කෘතිය ඉගෙනගෙන එන්න. හැබැයි සිද්දවෙන්නේ තමන්ගේ මව් රට ලෝකේ පුරාම විහිළුවට පත්වෙන ජාතියේ වැඩ ටිකක්. ඉතිං ඒ තරහට මේ වෙනකොට බොරට්ව ජිවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතුව සිරගත කරලා තියෙන්නේ.. හැබැයි ඔන්න ආයෙත් විශේෂ මෙහෙයුමකට බොරට්ව ඕන වෙලා, කසකස්ඨාන රජය විසින් US සහ A වෙත පිටත් කරනවා. මෙදා පොටේ මිනිහ පැටලෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක. ආයේ කතාව කියන්න දෙයක් නැහැ. අනිවා බලන්න. නිතරම පරිස්සම් වෙන්න. බොරට් වගේ අය අප අවටම ගැවසෙනවා වෙන්න පුළුවන්. මං එහෙම කියන්නේ ඇයි කියල. ෆිල්ම් එක බැලුවම ඔයාලට තේරේවි. අද අපිට මෙහෙම හිඅවෙලා කොටුවෙලා, සීමාවෙලා ඉන්න වෙලා තියෙන්නේ ඇයි කියලත් ඔයාලට තේරුම් යාවි. 🙁
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
14,216 downloadsDownload Borat.Subsequent.Moviefilm.2020.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
41 comments
sachintha
යුරාන් ධනුක (දනුවා)
සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි
රොෂාන් ශමීර
නියමයි...
බොහොම ස්තූතියි...
~ ජය වේවා ~dd
link eka dala na baiscope downloaf 1ke
නිරෝෂ්
ස්තුතියි සහෝ.ජයවේවා ! ද ට්‍රයල් ඔෆ් ද චිකාගෝ 7 එකටත් දෙන්න ඔහොමම
Ami
Borat.Subsequent.Moviefilm.2020.1080p.AMZN.WEB-DL
6.3 GB???ishan
sub ekata thnx machn
Anonymous
Thanks brother mehema supiri film denawata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Over the Moon (2020)
Save Yourselves! (2020)
Kajillionaire (2020)sasanka
thanks for the sub
nsp_n_646
Thank U.... :)
මයුර
නියමයි ඈහ්. උඩූ උයා.... ඔහොමම 150 දෙමු ❤️❤️❤️
අචින්ත
අනේ ඉවසිල්ලක් නැතුව හිටියේ නියමයි ඔයාලා...250ත් ගහමු ඔහොමම ඉසූ...සබට තුති...දෙවි පිහිටයි
GHOST
DEAD SNOW 2ekata sub onee
ARA
thank u.....patta filumakata sub eka deela thiyenne aaaa....
indika75
thanks..
Nilush Angana
Sub ekata thanx
prasad
niyamai thanks
thilina
thnk you bro
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!1Yasas Chandrasiri
අඩෝ එලම තෑන්ක්ස් බොක්ක . මේකෙ පලවෙනි එකත් ඉල ඇදෙනව බම්. උඹ ලිපියත් එලටම ලියල තියේ
Asa Bee
ජයෙන් ජයම වේවා
Sahan Gayantha
Athanks a lot saho sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ....!
sampath n perera
thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ruchira
Thanks for the sub!!!!!
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
D.Chamara
බොහොම ස්තූතියි .... !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
than q
Anonymous
සුපිරියක් තමා..,බොහොම පින් සබට
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thanks for sub
Anonymous
thanx bro
Lahiru Lakshan
thanks machn...
Videw Sewmitha
Upasirasiyata sthuthi
Dewadithya
Thanks for sub!
Anonymous
Thanks Brothers
NOBODY
BORAT=CORONA
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ