ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම.. ඉස්කෝලේ යන කාලේ බැලුවෙම ඇක්ෂන් ෆිල්ම් (ක්‍රියාදාම චිත්‍රපට) තමයි. ගහගන්න බෝම්බ පුපරන වෙඩි තියන, ඒක එක කාලයක්. ඔහොම ඉන්න අතරේ අපේ ඥාති අයියා කෙනෙක් මේ ෆිල්ම් එක බලපන් ඒක මරු කිව්වා. එතකොට කොමඩි කිව්වම ටිකක් මොකක්ද වගේ. හැබැයි බැලුවට පස්සේ තමයි, අඩේ ඒක මරුනේ කියලා හි…

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම..
ඉස්කෝලේ යන කාලේ බැලුවෙම ඇක්ෂන් ෆිල්ම් (ක්‍රියාදාම චිත්‍රපට) තමයි. ගහගන්න බෝම්බ පුපරන වෙඩි තියන, ඒක එක කාලයක්. ඔහොම ඉන්න අතරේ අපේ ඥාති අයියා කෙනෙක් මේ ෆිල්ම් එක බලපන් ඒක මරු කිව්වා. එතකොට කොමඩි කිව්වම ටිකක් මොකක්ද වගේ. හැබැයි බැලුවට පස්සේ තමයි, අඩේ ඒක මරුනේ කියලා හිතුනේ. ඔන්න එදා ඉඳන් ඇක්ෂන් විතරක්ම නෙවෙයි ඇක්ෂන් කොමඩි ෆිල්ම් එහෙමත් බලන්න පටන් ගත්තා.
සිංහල සබ් කරන්න පටන් ගත්තට පස්සේ දවසක් ද මෙල් සහෝදරයා ආරාධනා කරනවා මෙතෙක් කරපු නැති චිත්‍රපට මාලා වල තියන ඉතුරු චිත්‍රපට බලලා සබ් කරන්න කියලා. ඒ වෙන කොට මං චිත්‍රපට කීපයක් තෝරගෙන එකින් එක සබ් හද හද හිටියේ. ඒ අතරේ තමයි මට මේ චිත්‍රපටය හම්බවෙන්නේ. මට පුදුමත් හිතුනා ඇයි මේ චිත්‍රපටයට තාම සිංහල සබ් ඇවිල්ලා නැත්තේ කියල.
කොහොම හරි ඔන්න මං ඔයාල වෙනුවෙන් 1994 තිරගත වුනු, සුපිරි නළුවෙක්වන Jim Carrey රඟන The Mask චිත්‍රපටයට සිංහල උපසිරසි අරගෙන ආවා. බයිස්කෝප් අඩවියේ මේ වෙනකොටත් මේ චිත්‍රපටය ගැන උදාන විජේසූරිය සහෝදරයා ලියපු ලිපියක් තියනවා.
ස්ටැන්ලි ඉප්කිස් ගොඩක් හොඳ කෙනෙක් වගේම අහංසක කෙනෙක්. මේ නිසාම ඔහුව රවට්ටගෙන චාටුවෙන් එයාගෙන් වැඩ කරගන්න අය එමටයි. ස්ටැන්ලි බැංකු සේවකයෙක්. එයාගේ හොඳම යාළුවා චාර්ලි. දිනක් බැංකුවට එන ටීනා නම් හැඩකාර කෙල්ල ගැන ස්ටැන්ලි හිතන්න ගන්නවා. මේ අතර දිනක් ඔහුට අහම්බෙන් වෙස් මුහුණක් හම්බවෙනවා. ඒ වෙස් මුහුණ පළඳින ස්ටැන්ලි, ඔහුගේ සැඟවුන යටිසිත එලියට ගන්නවා. ඒක මායාකාර වෙස් මුහුණක්. වැඩේ තියෙන්නේ ඒ වෙස් මුහුණට බලේ එන්නේ රෑට විතරයි. මුලින් ස්ටැන්ලි හිතනවා තමන් සුපිරි වීරයෙක් වගේ අසරණයින්ට පිහිට වෙලා ලෝකය ලස්සන තැනක් කරනවා කියලා. ඒත් එක්කම එයාගේ හොර හිත මතුවෙලා සල්ලි පස්සේ යන්න යනවා. ස්ටැන්ලිගේ හොර අල්ලන්න එන්නේ පොලිසියේ කැලවේ කියන නිලධාරියයි. අන්තිමට ස්ටැන්ලිගේ විරුද්ධකාරයා වෙන්නේ ටීනාගේ පෙම්වතා ටයිරෙල්.මේ හැම දෙයක්ම මැද්දේ ස්ටැන්ලිට එයාගේ ආදරය හිමිවෙයිද? එතකොට වෙස් මුහුණ, ඒකට මොකද වෙන්නේ?
ලේ ටික පිරිසිදුවෙන්නත් එක්ක හොඳට හිනාවෙන්න. නැටුම් ගැයුම් සංගීතය එක්ක Jim Carrey ගේ විශිෂ්ට රංඟනයක් බලන්න 1986 Mike Richardson විසින් ආරම්භ කරන Dark Horse Comics ඇරිකානු විකට පොතකි. එහි ආරම්භක මාතෘකා දෙක Dark Horse Presents සහ Boris the Bear ය. ඒ ප්‍රකාශනයෙන් වසරක් ඇතුලත තවත් මාතෘකා නවයක් එක්වන අතර එයට Hellboy, The American, The Mask, Trekker සහ Black Cross යන ඒවා ඇතුලත් විය. එහි එක් මාතෘකාවක් වන The Mask මූලික කරගනිමින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ. කතාව Michael Fallon සහ Mark Verheiden ගෙනි. තිර රචනය Mike Werb ය. Bob Engelman නිෂ්පාදනයෙන් සහ Charles Russell අධ්‍යක්ෂනයෙන් එක්වුන මෙම චිත්‍රපටය 1994 ජූලි 29 වනදා එක්සත් ජනපදයේ මුලින්ම තිරගත වී ඇත. මෙහි ස්ටැන්ලි ඉප්කිස් ලෙස Jim Carrey, ටීනා ලෙස Cameron Diaz, ඩොරියන් ටයිරෙල් ලෙස Peter Greene, චාර්ලි ලෙස Richard Jeni, පොලිස් පරික්ෂක කැලවේ ලෙස Peter Riegert සහ පෙගී ලෙස Amy Yasbeck රංඟනයෙන් එකතු වේ.
Jim Carrey අදහස් දක්වමින් පවසා ඇත්තේ එයා තම පියාට පසුව ස්ටැන්ලිගේ චරිතය නිරූපණය කල බවයි. තවද Jim Carrey ට ප්‍රථම ස්ටැන්ලි චරිතය සඳහා Matthew Broderick, Steve Martin, Rick Moranis, Martin Short, Keanu Reeves, Mike Myers සහ Robin Williams යන අය සලකා බලා ඇත. චිත්‍රපටයේ සංගීතය Randy Edelman ය. කැමරා අධ්‍යක්ෂනය John R. Leonetti වන අතර සංස්කරණය Arthur Coburn ය.
විනාඩි 101ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 23කි. එහි බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 351.6 පමණ වේ. The Mask වෙනුවෙන් IMDb 6.9ක් සහ Rotten Tomatoes 77%ක අගයක් ලැබී ඇත. චිත්‍රපටයට කලින් ලිපියක් තිබුන නිසාම මගේ ලිපිය කෙටි කරන්න හැදුවත් ලියාගෙන ලියාගෙන යනකොට දිග වුනාද මන්දා.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
2010 පෙබරවාරි 23 උදාන විජේසූරිය සොහොයුරා විසින් පළ කළ ලිපිය.
අද හැමොම Avatar ආදායම් වාර්ථා බිඳහෙලන හැටි කථාවෙනවනෙ. ඒත් මීට අවුරුදු 16කට කලින්, ඒ කියන්නෙ 1994දී එක්තරා චිත්‍රපටයක්, එයට ගිය වියදම වගෙ 20ගුණයක් ආදයම හෙව්වා කිව්වොත් ඔබ පුදුම වෙයි නේද ? අන්න ඒ චිත්‍රපටය තමයි The Mask. සුපිරි තරු Jim Carreyගෙ දක්ෂතා ලෝකයා විසින් හඳුනාගත්තෙත්, සුපිරි නිළි Cameron Diaz ප්‍රථමවතාවට චිත්‍රපටයක රඟපෑවෙත් මෙම චිත්‍රපටයෙන් වීම තවත් විශෙෂත්වයක්.
මෙම චිත්‍රපටයේ කතාව ගෙතී ඇත්තෙ Stanley Ipkiss (Jim Carrey) නැමති තරුණයා වටායි. ඔහු කෙතරම් අහිංසකද කියනවනම්, ඔහුගේ සමහර යහළුවන්, වැඩකරන බැංකුවේ ලොක්කා පමණක් නොවේ, ඔහුගේ කාරය හදන බාස් පවා ඔහුගෙන් අයුතු ලෙස උදව් ලබා ගන්නවා. ඒත් Stanleyහට හැම වෙලවකම පිහිටට එන්නෙ ඔහුත් සමඟ දුකේදීත් සැපෙදීත් එකට ඉන්න Charlie Schumacher නැමති යහළුවාත්, Milo නැමති බලු පැටියාත්. මේ අතරතුර Tina Carlyle (Cameron Diaz)නැමති සුරූපී තරුණිය ගිණුමක් විවෘත කරගන්න එන්නෙ Stanley ලඟට. ඇය එම නඟරයේ සුපිරි ගායිකවක්. ඇගේ පෙම්වතා නගරයේ මැරකල්ලියක ලොක්කෙක්වන Dorian Tyrell. ඒ නිසා ඇය ලංකර ගන්නවා තබා සිතන්නටවත් බැහැ. ඒත් Stanleyගෙ ඉරණම වෙනස්වෙන්නෙ ගඟක පාවෙමින් තිබූ වෙස් මුහුණක් සොයා ගැනීමෙන්. එම වෙස් මුහුණ පැළදීමෙන් Stanley තමාගේ සැඟවුනු පැත්ත මතුකරගනී. එනම් කාටවත් බයනැති, හොඳට සින්දු කියන්න වගේම නටන්න, විහිළුකරන්න පුලුවන් දක්ෂතා ඇති පැත්තක්. තව විශේෂයක් වන්නේ එම වෙස් මුහුණ නිසා කිසිම දෙයක් සිදු වුනත් මිය නොයෑමයි. මුලින්ම මෙය භාවිතාකරලා අනුන්ට උදව් කරන්න හිතුවත් පසුව කල්පනා කරන්නේ තමන්ගෙ ජීවිතය මෙයින් දියුණු කරගන්නයි. ඔහු වැඩ වරද්දගන්නෙ එම ආත්මාර්ථ සිතිවිල්ල නිසයි.
Stanleyහට Tina ලබාගන්න හැකිවේද ? පොලීසියට තමා ගැන ඉව වැටී ඇත්ද ? Dorianගෙන් තම රහස රැකගන්නේ කෙසේද ? නරඹන්න, ඉල ඇදෙන විහිළු, නැටුම් ගැයුම්වලින් සපිරි The Mask.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,060 downloadsDownload The-Mask-1994.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
75 comments
කෝලමා
Manula Nayanatharu
Thanks wewa... Balama Balamu.
h
මේක නම් ඇත්තටම නියම චිත්‍රපටියක්. ජිම් කැරී කියන්නෙ මේ වගේ අමුතු චරිතම ගොචක් කරපු විශිෂ්ට නළුවෙක්. ඔහු නොවුනා නම් මේ චිත්‍රපටිය හිට් වෙන්නෙ නෑ. How the Grinch Stole Christmas කියන්නෙත් මේ වගේම නොවුනත් ළමයින්ට හදපු අමුතු සතෙක් ගැන එකක්. (මතකනේ horten hears a who එකේ whoලා?) ඒකෙත් ජිමි හොඳ රඟපෑමක් කරනවා. ඒ වගේම පුළුවන් නම් A Christmas Carol හොඳ කොපියක් හොයල දාන්න. මම ඉවසන්නම බැරි තැන කැම් කොපියක් අරන් බැළුවා. ජිම්ගේ හඬ පාවිච්චිකිරීමේ හැකියාව දැනගන්න නම් ඒක බලන්නම වෙනවා.
මේ වගේ ටිකක් පැරණි වුණත් අදටත් රසවිඳින්න පුළුවන් චිත්‍රපටි ගැන කියනවට ස්තූතියි ඕං!
හසී
අහන්නත් දෙයක්ද බාමී...තැන්කූ වේවා....!!!
තිසර
ජිම් කැරී ලෝකයේ විකට නළුවන් අතර විප්ලවයක් කරපු නළුවෙක්. ඒ වගේම සමහර විහිළු සීමාව ඉක්මවලා යන ගතියක් තිබෙනවා. ඔහුගේ සමහර චිත්‍රපට "ජල්තර විහිළු" වලින් පිරිලා. "Bruce Almighty" ඔහුගේ මා කැමතිම චිත්‍රපටය.
තෑන්ක්ස් මචං. මතක් කරලා හිනාව අළුත් කලාට. ආයෙත් බලන්න ඕන දරැ මල්ලොත් එක්ක.
ashan kandy
nikan apanbarnsak wage (liuwa harida man da :) )balama balamu... fit thama..
shiwantha
meka ela film ekak mama kalin balala thiyenawa.hondata hina wenna puluwan :D
mewi
Aane puluwan kenek "Bruce Almighty" download karanna link ekak dennako. man pirate search eke thibba link ekak download karannna haduwata seeders la nane
Ravi
@mewi
menna Bruce Almighty 2003 movie aka torrent link aka
http://www.kickasstorrents.com/t872364.htmlmewi
Ravi and chami de va dennatama thank you very much.. ea links dekama download karanna puluwan.
sw7x
man meka baluwa...
kiyana taram deyak meke balanna na ....Pasindu
මේක හුඟ කාලෙකට කලින් බැලුවා... ආයිත් බාගෙන බලන්න ඕනා... :D
තුලන ප්‍රනාන්දු
Mmmm bala balanna ona
kiyana widiyata ela ekak wageDinushka Udara | රොකියා
කට්ටිය කෑ ගැහුවට, තාම බාගත කර ගන්න හිතලවත් නෑ වගේ.
මම උදේ ඉඳලා දාලත් 70% 4mb link එකකින්, දුක නැද්ද ?රන්දික පෙරේරා
මේක මා කොච්චර ප්‍රිය කරපූ චිත්‍රපටියක්ද කියනවානම් තාමත් මේකේ කොපියක් මා ළඟ තියනවා. මතක් කරාට ස්තූතී. ආයිත් බලන්න ඕන/...
ජය වේවා...!!!
රන්දිල් hbkrandil7
ම්ම්ම්........මං ළඟත් තාම කොපියක් තියනවා... එළ බයිස්කෝප් එක...
මැරයා
ආ..ලොක්කා...ඔන්න මාත් බානව..
පොතේ ගුරා
තැන්කූ සහෝ මේ වගේ සුපිරි නිර්මාණයක් අපිත් එක්ක බෙදාගත්තට.. :)
sameera
තෑන්කු මෙක දෑම්මට.එල පහර. 24 සීරියස් එක සින්හල sub දාල අපිට දෙන්න පුලුවන්නම් එල මචෝ
Udana Wijesuriya
ප්‍රතිචාරවලට බොහෝම ස්තුතියි. :-)
ළපටි මනා
කිව්වත් වගෙ 24 ත් දෑම්මනම් මරු. pls friend.....
SPND
ane kalekin awe seed korahalla hodeee
asitha
ela film ekak.......
thnx veva...Uraj Deemantha
කියලා තියෙන විස්තරේ කියෙව්වහම, මේක නොබා කොහොමද......!! :)
meenuka
man meka balala tiyanwa.. faattama athal film 1k.. balala neti aya balanna
සීසර්
comment දාන්න තරම් සීසර්ට නිදහසක් නැහැ නොවෑ.....හොදටම busy... comment නොදැම්මත් හැමදාම ඇවිත් යනව...
Aki
meke part 2 tibba wage matakai puluwannam ekath hoyala danna..thanxxxxxxxxx
රොයිලි
අහ් එල ෆිල්ම් එකක් දීලා තියෙන්නේ අද. ස්තූති වෙන්න ඕනා උදාන සහෝ ලිපියට. :P
Udana Wijesuriya
@රොයිලි : බොහෝම ස්තුතියි
@Aki : The Mask මේ 1stඑක විතරයි හොඳ. 2ndඑකට එච්චර යහපත් ප්‍රතිචාර නෑ.
kathu
දාලා තියෙන විස්තර කියෙව්වම බාන්නමයි හිතෙන්නෙ.. ගොල අයියා බැලුවද Sandra Bullock ගෙ අලුත් film එක. Maxaa..!! The blind side කියලා. පුලුවන්නම් බලලා දාන්න. හිතන්න යමක් ඉතුරු කරන film එකක්...
anthr6x
පරණ උනත් රජ බඩුවක්.
Dinushka Udara | රොකියා
@ kathu ; අපි ඕය බයිස්කෝප් එක ගැන ලිපියක් ලඟදිම දෙනවා.
gvs
alama film 1 machanla....
thankas wenna one, mage fav: actrs Cameron Diaz...pramith
mama meka kalin balala thiyenawa, maru film 1
oya wage mask 1 thibunoth niyama.............AL1717
Machan Ubata Diwes Thiyanawada.
Mama Iye Re Hithuna Me Film Eka Hoyala Ba Ganna One Kiyala .. :)
Ada Balanakota Menna Methana ..Ela Ela Machan Thanksssssssssssssss!!!!
shan d
mama nam meka balala tiyanawa bt dan mathakath nehe story aka.. apahu balanawa...
thanxxUdana Wijesuriya
@AL1717 : :-)
@ටරයා
ane ela ela mama balapu 10 weni para .....puluwan nam oke 2ka hoyala denna .....
jaya way wa
@taraya
Uraj Deemantha
පට්ටම පට්ට ෆිල්ම් එක..... :) හිනා සාගරයක් අර සින්දු ටික නම්..... :D Jim Carrey කියන්නේ පට්ට නළුවෙක් නේ .....!! :)
Robinhood
හැක් හැක් හැක්.............. :-D හිනා කියන්නෙ ෆිස්සු කොර ෆිල්ම් එකක් Jim Carrey ගෙ. Jim Carrey ආයි මොනාද...... :-D
Old Dogs quality කොපියක් හම්බුනා. මෙන්න ලින්ක් එක.
[....]
මේකත් දාන්නකෝ.......... :-)
Jචමත්
පට්ටම පට්ට බයිස්කෝප් එක.. මම මේක 94ත් බැලුවා.. ආස හින්දා ආයෙත් බාගත කරගෙන බැලුවා...
Anonymous
Ela film ekak...... man godak kalin balala thiyenava......... ayith downalod karagannam. thanx friend............
PA
uditha2sanjaya
ela
sahan
elakiri film 1kak.patta patapata..........///..//
ashan
Machan the mark film eke link ekak denawada?
asitha
mekw sub nane
donald
mke sub eka downld wnne nhne dnna knk kywda ai kyla
krishantha911
meke sub eka kohomada downlaod karanne.ganna thanak nane
donald
mkw sub eka dwnld wnne nhne dnna knk kynwda ai kyla ???
isuru
meke sub eka koheda machan
Dul
Ko meke sub eka?
Ravishka_Bandara
ko sub eka?kohomada download karaganne pren?
Advertisement
![The Mask (1994) Sinhala Subtitles | සාපලත් වෙස් මුහුණ. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/The-Mask-1994.jpg)
මමනම් මේක කලින් බලලා තියෙනවා. හොදට හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්. බලලා නැත්තන් අනිවා බලන්න ඕන එකක් තමා !