Watch Trailer

Borderlands (2024) Sinhala Subtitles | “කැපකිරීමක් නැතුව ගැලවීමකුත් නෑ” [සිංහල උපසිරසි]

Borderlands (2024) sinhala subtitles ආයුබෝවන්, හිතාදර බයිස්කෝප් වාසී සියළුම දෙනාට. Jackpot (2024) චිත්‍රපටයෙන් පසුව නැවතත් මේ වසරේ නිකුත් වුණු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි වෙබ්පිලට මේ ගොඩ වැදුනේ. ඒ තමයි Borderlands (2024) චිත්‍රපටය. Fallout සීරිස් එක ඔයාලට මතක නම්, ඒ සීරිස් එක වීඩියෝ ගේම් එකක්…

 

Borderlands (2024) Cover

Borderlands (2024) sinhala subtitles

ආයුබෝවන්, හිතාදර බයිස්කෝප් වාසී සියළුම දෙනාට. Jackpot (2024) චිත්‍රපටයෙන් පසුව නැවතත් මේ වසරේ නිකුත් වුණු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි වෙබ්පිලට මේ ගොඩ වැදුනේ. ඒ තමයි Borderlands (2024) චිත්‍රපටය. Fallout සීරිස් එක ඔයාලට මතක නම්, ඒ සීරිස් එක වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන නිර්මාණය වුණු ටීවි සීරිස් එකක් කියලා කවුරුත් දන්න කරුණක් නෙ. ඉතිං ඒ වගේම වීඩියෝ ගේම් එකක් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි මේ Borderlands (2024) කියලා කියන්නෙත්.

Borderlands (2024) sinhala subtitles

Boderlands ගැන යම් පැහැදිලි කිරීමක් කළොත්: කාලයක් තිස්සෙ මන්දාකිණියන් පාලනය කරපු පිටසක්වල ජීවින් කොට්ඨාසයක් තමයි එරිඩියන්ලා කියන්නෙ. ඉතිං මෙහෙම කාලයක් තමන්ගේ ආධිපත්‍ය පතුරවපු එරිඩියන්ලා හිටිහැටියෙම අතුරුදහන් වෙනවා. බලයයි තාක්ෂණයයි අතින් ඉතාමත් වැඩි දියුණු මේ එරිඩියන්ලා අතුරුදහන් වෙන්නෙ ඔවුන්ගේ තාක්ෂණය හැම මානවයෙක්ගේ දියුණුව වෙනුවෙන් ඉතුරු කරලා. නමුත් ඔවුන්ගේ ලොකුම රහස් ටික තිබුණේ පැන්ඩෝරා ග්‍රහලෝකෙ කාටවත්ම හොයාගන්න බැරි අන්දමට සැඟවී ගියපු වෝල්‍ට් එහෙක. එහෙමත් නැත්තම් සුරක්ෂිතාගාරයක. (මේ ගැන සාරංශ ගත පැහැදිලි කිරීමක්, චිත්‍රපටය මුලම ඔයාලට බලාගන්න පුළුවන්)

Borderlands (2024) sinhala subtitles

වෝල්‍ට් එක තුල තියෙන රහස් හා තාක්ෂණය ලබාගන්නට, නොයෙකුත් පිරිස් ඊට වෑයම් පවා දරනවා. වීඩියෝ ගේම් එක වගේම චිත්‍රපටය තුල විවිධාකාර වූ පිරිස කීපයක්ම බලාගන්න පුළුවන් වෙනවා. පහල පින්තූරයෙන් පැහැදිලිව ඔයාලට බලාගන්න පුළුවන්.

Borderlands (2024) sinhala subtitles

ඒ වගේම වීඩියෝ ගේම් එකේ සහ චිත්‍රපටියේ පෝස්ටරයද ඔයාලට මේ විදිහට පහලින් බලාගන්න පුළුවන්.

Borderlands (2024) sinhala subtitles

මේ වෙද්දී Borderlands ප්‍රධාන වීඩියෝ ගේම් 5 ක් ද අමතර වීඩියෝ ගේම් කීපයක්ද නිකුත් වෙලා තියෙනවා. නිකුත් වූ වසර අනුව සඳහන් කළොත්,

Mainline Games:

01. Borderlands (2009)
02. Borderlands 2 (2012)
03. Borderlands 2 (2012)
04. Borderlands 3 (2019)
05. Tiny Tina’s Wonderlands (2022)

Spin-offs and Other Releases:

06. Tales from the Borderlands (2014)
07. New Tales from the Borderlands (2022)

Borderlands (2024) sinhala subtitles

Action/Sci-fi ඛාණ්ඩයට අයත් වෙමින් පැය 1 කුත් මිනිත්තු 41 ක ධාවන කාලයක් ලබාගන්න Boderlands චිත්‍රපටය 4.5/10 IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. ඉතිං මීට වඩා යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒ නිසා තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුව ඇතුව අදට මං මෙතනින් නතර වෙනවා.

හැමෝටම ජය!! සුභ දවසක්!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,781 downloadsDownload Borderlands-2024-Sinhala-Subtitles.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

4,781 downloadsDownload Subtitles50 KB

8 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූථියි සහෝ උපසිරැසියට

  2. lakmal

    sub ekta thanks bro

  3. Hashan

    Thanx for the sub bro..❤️

  4. Sahan Gayantha

    Thanks a lot Rukshan saho sub ekata

  5. Harshana Atapattu

    Thanks bro

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  8. Janith

    Sub එක ලියපු එකට ස්තූතියි. ඒත් මේකේ ගොඩක් පේලි ඔයා ලියලා නෑ. නැරේටර්ගේ ඒවත් ඔයා ලියලා නෑ. එහෙම කරන්න එපා සහෝදරයා.