Subservience (2024) Sinhala Subtitles Artificial Intellegence එහෙමත් නැත්තම් කෘතිම බුද්ධිය කියන්නේ වර්තමානයේ ඉතා බෙහෙවින් ජනප්‍රිය තාක්ෂණයක්. මීට අවුරුදු ගණනාවකට පෙර චිත්‍රපට වලට පමණක් සීමා උන මෙම AI තාක්ෂණය යථාර්ථයක් බවට පත් කරන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. ඉතිං මේ AI තාක්ෂණය නිසා යහපත් දේවල්…
Subservience (2024) Sinhala Subtitles
Artificial Intellegence එහෙමත් නැත්තම් කෘතිම බුද්ධිය කියන්නේ වර්තමානයේ ඉතා බෙහෙවින් ජනප්‍රිය තාක්ෂණයක්. මීට අවුරුදු ගණනාවකට පෙර චිත්‍රපට වලට පමණක් සීමා උන මෙම AI තාක්ෂණය යථාර්ථයක් බවට පත් කරන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. ඉතිං මේ AI තාක්ෂණය නිසා යහපත් දේවල් මෙන්ම අයහපත් දේවලුත් සිද්ධ වෙන්න ඉඩකඩ වැඩියි. මෑතකදි AI නිසා හොලිවුඩයේ සිද්ධ උන දැවැන්ත වැඩ වර්ජනය ඊට කදිම නිදසුනක්. ඉතිං මේ සංකල්පය යොදාගෙන නිපදවපු ඉතා ජනප්‍රිය නිර්මාණ වෙන A.I. Artificial Intelligence (2001) Terminator, The Matrix, Blade Runner වගේ චිත්‍රපට ඔබට මතක ඇති කියලා හිතනවා. ඉතිං මේ ජාතීයෙ ෆිල්ම් බලන්න ආස අය ඉන්නවනම් අද තමයි ඔයාලගේ වාසනාවන්ත දවස මොකද අද මම අරගෙන ආවේ මේ AI තාක්ෂණය සම්බන්ධ නවතම සලරුවයි.
නික් කියන්නේ ඉදිකිරීම් සමාගමක ෆෝමන්වරයෙක්. එයාට අයිලා කියලා කුඩා දුවෙකුයි මැක්ස් කියලා බිළිඳු පුතෙකුයි ඉන්නවා. නික්ගේ බිරිඳ මැගී හදවත් රෝගියෙක්. ඇය හදවත් බද්ධ කිරීමේ සැත්කමකට මූණ දෙන්න බලාපොරොත්තුවෙන් ගැලපෙන හදවතක් ලැබෙනකන් රෝහල් ගත වෙලා ඉන්නේ. ඉතිං නික්ට රස්සාවකුත් කරගෙන ළමයි බලාගන්න බැරි නිසා එයා වෙළඳ පලේ ඉන්න AI රොබෝවරියක් මිලදී ගන්නවා. ඒ වගේම කියන්න ඕන මේ AI රොබෝවරු මීට වසර 15ට පෙර හඳුන්වා දීලා මේ වෙනකොට ඉතා සීග්‍රයෙන් ජනප්‍රිය වීමත් එක්ක රෝහල්, පාසල් වගේම බාර් වල වැඩට පවා මොවුන්ව යොදාගෙන තිබෙනවා. මේ රොබෝවරු තමන්ගේ මූලීක පරිශීලකයගේ විධාන වලට ඉතා කීකරුයි වගේම පරිශීලකයගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ හැගීම් කියන අංශ ඉතා හොඳින් වටහා ගන්නවා. ඉතිං නික් මිලදී ගන්න රොබෝවරියට “ඇලිස්” කියලා නමකුත් දාලා එයාව නිවසේ වැඩ වලට පුහුණු කරලා නික් සුපුරුදු පරිදි රාජකාරි කරගෙන යනවා. ඒ අතරතුර තමයි දවසක් නික් අනවශ්‍ය විදියට “ඇලිස්ව” රීබූට් එහෙමත් නැත්තම් නැවත ක්‍රියාත්මක කරන්නේ. මේ ක්‍රියාවලියෙන් පස්සෙ ඇලිස් වගේම නික්ගේ ජීවිතෙත් ගොඩක් වෙනස් වෙන්නේ කවුරුත් නොහිතපු විදියටයි.
Thriller/Sci-Fi කාණ්ඩයට අයත් වෙන Subservience චිත්‍රපටය මේ වෙද්දි 5.0ක IMDb අගයක් සහ 87%ක ගූගල් මනාප ලබාගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Scott Dale විසින්. Transformers චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියවූ සුරූපී නිළි Megan Fox ඇලිස් විදියට රංගනයෙක් එකතු වෙනවා වගේම Michele Morrone නික් ලෙසත්, Madeline Zima මැගී ලෙසත් Matilda Firth අයිලා ලෙසත් Atanas Srebrev ලුවිස් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් තවත් ඔයාලව පරක්කු කරන්නේ නැතුව මම නවතින්නම්. ඊට කලින් බයිස්කෝප් සහෘද රවිදු හේෂාන් සහෝටත් ස්තූතිවන්ත වෙන්න ඕන. ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ට් එකක් දාගෙන යන්න. ඉක්මනටම තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!
Subservience (2024) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,157 downloadsDownload Subservience-2024-Sinhala-Subtitles.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subservience (2024) Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
6 comments
Buddhika laKMal
Sahan Gayantha
Thanks a lot Yuran saho sub ekata
Bimsara Yashan (ඔලිව)
අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් තමා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා
Hashan
thanx for the sub bro....
hirusha nethsara
thanks bro.
beautiful disaster movie ekatah sub ekk dennakoTharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සිස් උපසිරැසියට