කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් ඉංග්‍රිසි චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ යුද්ධ, ත්‍රාසජනක හා ක්‍රියාදාම ගනයට වැටෙන මිනිත්තු 109 පුරාවට ගැහැණු ළමයෙකුගේ ජීවිතය සම්බන්ධව දිග හැරෙන කතාවක්. කතාව ගැන කිව්වොත් මීනා කියන්නෙ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුවියක්…
කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් ඉංග්‍රිසි චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ යුද්ධ, ත්‍රාසජනක හා ක්‍රියාදාම ගනයට වැටෙන මිනිත්තු 109 පුරාවට ගැහැණු ළමයෙකුගේ ජීවිතය සම්බන්ධව දිග හැරෙන කතාවක්.
කතාව ගැන කිව්වොත් මීනා කියන්නෙ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුවියක්. එක් දිනක් ඇයගේ නිවසට කඩා වැදුණු පිරිසක් ඇයගේ දෙමව්පියන්ව මරලා දානවා. ඇය තමන්ගෙ නංගිත් එක්ක බොහොම අමාරුවෙන් එතනින් පැනලා යනවා. ඒත් පස්සෙ දැන ගන්නවා ඇයගේ නියම තාත්තා මැරුණ කෙනා නෙවෙයි ත්‍රස්ත නායකයෙක් කියලා. මේ නිසා බ්‍රිතාන්‍ය බුද්ධි අංශය ඇයගේ සහයෙන් මේ ත්‍රස්ත නායකයා අල්ල ගන්නයි උත්සාහ කරන්නෙ. මේ වැඩේට ඇයව සූදානම් කරන්නෙ සයිමන් කියන පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙක්. ඉතින් කොහොම කොහොම හරි ඇය තමන්ගේ පියා උන ත්‍රස්ත නායකයා ගාවට යනවා. එතැන් පටන් කතාව වෙනතකට හැරෙනවා. ඉතින් එහෙනම් මං කිව්වා ඇති. කොහොමද කතාව වෙනතකට හැරුණෙ ? ඇත්තටම මේ ත්‍රස්ත නායකයද මීනාගේ දෙමව්පියන් මැරුවේ? බ්‍රිතාන්‍ය බුද්ධි අංශය ඇත්තටම ඇයට උදව් කරනවද? මෙන්න මේ ප්‍රශ්ණ වලට උත්තර හොයා ගන්න පුළුවන් චිත්‍රපටය බැලුවම.
2013 වර්ෂයේ දෙසැම්බර් මස 5වෙනි දින සයිප්‍රසයේ තිරගත වූවත් මෙය ඇමෙරිකාවේ තිරගත උනේ 2015 ජනවාරි මස 27 වෙනිදා. මීනා ලෙස Sofia Black-D’Elia සහ සයිමන් ලෙස James Frain රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්, මම සමුගන්නවා. මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරන්න ආරාධනා ලැබුණෙ සමීර චතුරංග අයියාගෙන්. ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මං යනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු..
බයිස්කෝප් අඩවියට ජය!!!
de548859f19fad0d84087cc536d45feb18ff16ec 3ba78ace8d83a8798c7de189124fb13dc7889590 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,399 downloadsDownload Born.Of_.War_.2013.baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
25 comments
එල්.සී. දමැල්
Sach
සබට තුති සහෝදරී !!!!!
Sisira Hegoda
Thanks.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!මධුශාන් (ගජිනි)
Thanks very much .....
දිගටම sub දෙන්න ශක්තිය ලැබේවා කියල පාර්ථනා කරනවා..
ජය වේවා.....!!!!!!Dhanushka
ahhhh ela ela scorpion walata amatharawa thawath wadakata atha gahala ne ela ela sahodari
onna bawa thanks hodeSaDuN dAnUsHkA (ධනූ)
බොහොම ස්තුතියි උපසිරැසියට
ගැහැණු ළමයෙක්ගෙ කතතාවක් ගැහැණු ළමයෙක් කරල.......Sajith Anthony
උපසිරසට තුති….
ජයවේවා……Sanjaya
Thanks Sheri Saho.....
Kulanjana Maduranga
niayamai…thanks SEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
නියමයිනේ.
කතාව නම් පට්ටයි වගේ.
බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට.
තව එකක් ඉක්මනින්ම දෙමු නේද.Sameera
Thanks.........
ishan
thanks' sub ekata .....hamadama sub denna hakiyava labeva..........
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අදිත ප්‍රවීන්
නියමයි අක්කේ !
බොහොම තුති සබට .තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Tharindu
Thanks AKkiyo :)
බ්ලැක් පැන්තර්
සබට තුති ෂෙරීන් අක්කේ...
ජය වේවා...!!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය
bobby
Thank you
nisha
thanks
Kavisha
Thnks For Subtitle...
Good Luck***Viduranga Priyadarshana
Sinhala sub එකට thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Born of War (2013) | පළිගැනීම….. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Born-Of-War-2013-.jpg)

ඔන්න අද මම 1ක ....
උපසිරසට තුති....
ජය...