Watch Trailer

Wuthering Heights (2011) | සෙනෙහසේ වියරු පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

අනාථ වූ ජීවිතයකට ජීවය ලැබුණු තැන…….. තනිකඩ වූ හදකට ජීවය ලැබුණු තැන……….. හුදකලා වූ ආත්මයට නව බලාපොරොත්තුවක් ලැබුණ තැන…… මියයන්නට සහසක් හේතු තිබියදී, ජීවත් වන්නට එකම බලාපොරොත්තුවක් ලැබුණ තැන…… මුළු හදම අනාථ කරමින් සිය ප්‍රථම ප්‍රේමය දෑස ඉදිරියේ අන්සතු වූ තැන…….. සිය ප්‍රථම ප්‍රේමයේ අයිතිවාසිකම් කීමට…

Wuthering Heights (2011)

අනාථ වූ ජීවිතයකට ජීවය ලැබුණු තැන……..
තනිකඩ වූ හදකට ජීවය ලැබුණු තැන………..
හුදකලා වූ ආත්මයට නව බලාපොරොත්තුවක් ලැබුණ තැන……
මියයන්නට සහසක් හේතු තිබියදී, ජීවත් වන්නට එකම බලාපොරොත්තුවක් ලැබුණ තැන……
මුළු හදම අනාථ කරමින් සිය ප්‍රථම ප්‍රේමය දෑස ඉදිරියේ අන්සතු වූ තැන……..
සිය ප්‍රථම ප්‍රේමයේ අයිතිවාසිකම් කීමට නොහැකි වූ විට, පරම්පරා දෙකකින් පලිගෙන ජීවිතය අවසන් වූ තැන…

මේ සියල්ලම සිදු වූ තැන තමයි Wuthering Heights කියන්නේ, ඔවුන්ගේ නවාතැන.. කුඩාකල සිට එකිනෙකාගේ සෙවනැල්ල මෙන් හැදී වැඩෙන Katherine, Heathcliff පෙම් යුවළ, මුල්ම වරට එකිනෙකා හමු වන්නේ, කැතරින්ගේ පියා වන අර්න්ෂෝ අනාථ වූ හීත්ක්ලිෆ් තම නිවසට රැගෙන ආ මොහොතේදීයි. තම පියාගේ අවෑමෙන් පසු Wuthering Heightsහි භාරකාරත්වය හිමි වන්නේ කැතරින්ගේ වැඩිමහල් සොහොයුරු වන Hindleyටයි. මේ වෙනස්වීමත් සමඟ හින්ඩ්ලිගෙන් හීත්ක්ලිෆ්ට ලැබෙන හිරිහැර අනන්තයි. නමුදු කැතරින් හා හීත්ක්ලිෆ් අතර දළුලන ප්‍රේමය කිසිදා මිය නොයයි. එහෙත් මිල මුදල්, නූගත්කම, පංති භේදය හමුවේ, හීත්ක්ලිෆ් වෙනුවෙන් තම හදෙහි ප්‍රේමය යටපත් කරගනිමින් කැතරින් ධනවත් කඩවසම් එඩ්ගා ලින්ටන් සමඟ විවාහ වෙයි. මේ අහිමිවීම දරාගත නොහැකිව, තම සිතට සතුට අහිමිකළ සියල්ලගෙන්ම පළිගැනීමට හීත්ක්ලිෆ් තීරණය කරනවා. මේ අනුව තම ජීවිතය මෙන් ආදරය කල කැතරින් ගෙන් පලිගැනීමට හීත්ක්ලිෆ්ට පුළුවන් වේද? යලි කවද හෝ ඔවුන් එක් වේද????????????

මේ අඳුරු ජීවිත විග්‍රහය Wuthering Heights නමින් නවකතාවක් ලෙස ප්‍රකාශිත වූයේ 1847දීයි.. ඒ Emily Brontë නැමති විශිෂ්ට ලේඛිකාව විසිනි. ඇය විසින් රචනා කරන ලද පළමු හා එකම නවකතාව මෙයයි…පරම්පරා ගණනාවකගේ රසික සිත් ආදරයෙන් වැළඳ ගන්නට මේ නවකතාවට හැකියාව ලැබුනා.. වර්තමාන ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ඨ ස්ථානයක් මේ නවකතාවට හිමිවෙනවා. මේ නවකතාව අනුසාරයෙන් සිනමාපට කිහිපයක්ම නිර්මාණය වුණා. මම උපසිරැසි ගැන්වුයේ 2011 වර්ෂයේදී නිකුත් වුන, Wuthering Heights සිනමාපටයි. නවකතාවේ ඇති සෑම සිද්දිධාමයක්ම මෙම චිත්‍රපටයේ අඩංගු නොවුනත්, සාර්ථකව නිර්මාණය කර ඇති බව මගේ අදහසයි. නවකතාව කියවල තියෙන අයට පුළුවන්, මේ සිනමාපටය තුලින් නවකතාවට සාධාරණයක් ඉෂ්ඨ කර ඇත්ද යන වග සිතා බලන්න. ඒවගේම කියන්න ඕනේ සමහර අයට මේ සිනමාපටය නීරස වෙන්නත් පුළුවන්, මෙහි සිද්දීන් ගලාගෙන යන ආකාරයට, නමුදු ඉංග්‍රීසි සාහිත්‍යට හදාරන අයටත්, ඉංග්‍රීසි සාහිත්‍යට ආදරය කරන අයටත් ත්‍යාගයක් වශයෙන් මම මේ සිනමා නිර්මාණයට උපසිරැසි ගැන්වුවා… කොහොම වුනත් සියලුම දෙනාට ආරාධනා කරනවා මේ සිනමාපටය රසවිඳින්නට……. තවත් උපසිරසියකින් හමු වෙමු………

SuckSeed: Huay Khan Thep (2011) on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න 6ae412b1d9b8901a77e9d3a84bf5dfdd6b357b41 1.11 GB (BR) කොපිය මෙතනින් බාගන්න a535901d9636069b31887010c7aa170ec16fb265 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,347 downloadsDownload Wuthering-Heights-2011.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,347 downloadsDownload Subtitles44 KB

28 comments

  1. chathura

    ELA

  2. Sisira Hegoda

    Thanks.

  3. Chami

    Thank you very much....

  4. Sach

    සබට තුති සහෝදරී !!!

  5. Udaya

    Thank you Gayesha

    Cannot download this movie and indicating below error massage.
    "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

    Could you please help to get download this.

  6. සංජය

    නියමයි ගයේශා නියම කතවකට තමයි උපසිරසි දීල තියෙන්නෙ. මේක හැමෝම බලන්න වටින කතාවක්,
    මේකෙ පොත සිංහලට පරිවර්ථනය කරල තියනව "උරුම ලද්දෝ" කියල ඒකත් කියවල බලන්න. උපසිරසියට බොහොම ස්තුතියි ගයේශා!!!!

  7. buylk.net

    Thanks...........

  8. Kulanjana Maduranga

    niayamai…thanks GAYESHA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Jack

    ලස්සන ස්ටෝරියක් වගේ.
    බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසියට.
    ඉස්සරහටත් මේ වගේ උසස් නිර්මාණ බලාපොරොත්තු වෙනවා.
    ජය.

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හොදයි හොදයි...

  11. එල්.සී. දමැල්

    Thank U Sis!

  12. Pasindhu Weerathunga

    film 1i sub1i dekama niyamai....aye lassana films+subs danna....good luck.

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. සාරංග

    නවකතාව නම් බලල තියෙනවා, සෑහෙන කාලෙකට ඉස්සර.
    මෙකත් නොවරදවාම බලනවා.

    sub එකට ස්තුතියි !

    - සාරංග -

  15. indika

    thn Q :)

  16. බ්ලැක් පැන්තර්

    කිවුවේ ලිට් කොරලා තියෙන අය විතරක් ආසාවෙන් බලයි කියලනේ.
    අනේ ඔන්න මම නම් ලිට් කොරලා නැත.
    ඒත් ඔන්න බාන්න දානවා...
    සබට තුති නංගි...!!!
    ජය...!!!

  17. kelum

    ස්තුතියි ඔයාට....

  18. රොයිලි

    බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  21. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි ගයේෂා
    ලිට් කරේ නම් නැහැ හැබැයි

  22. Wishva Jayalath

    මුලින්ම කියන්න ඕනි උපසිරසියයි ෆිල්ම් එකයි දෙකම ගොඩක් ලස්සනයි. :) කැමරාකරණය කරලා තියෙන විදිහ අනිත් ෆිල්ම්ස් වලට වඩා ටිකක් වෙනස් කියල හිතෙනවා. කාලෙකින් බලපු වෙනස්ම විදිහේ ලස්සන ආදර කතාවක් කියන්න පුළුවන්.. ස්තුතියි නංගි සබ් එකට මගෙනුත් ඔයාට සුබපැතුම්!!!

  23. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගයේෂා :P ජය

  25. Amalka

    සබට තුති

  26. Wicki

    උපසිරසට බොහොම ස්තුතියි

  27. indika75

    thanks..

  28. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.