Watch Trailer

Boston Strangler (2023) Sinhala Subtitles | බොස්ටන් ගෙල සිර කරන්නා [සිංහල උපසිරැසි]

Boston Strangler (2023) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි මං අදත් ගෙනාවේ තවත් දාම ඝාතකයෙක් හා බැඳුණු සත්‍ය කතාවක් මත පදනම් වුණු සිනමාපටයක්. ඒ තමයි Matt Ruskin විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ Boston Strangler (2023) චිත්‍රපටය. බොස්ටන් ගෙල සිරකරන්නා නමින් හඳුන්වන්නේ, 1960 ගණන්වල බොස්ටන් නගරය ආ…

Boston Strangler (2023) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි මං අදත් ගෙනාවේ තවත් දාම ඝාතකයෙක් හා බැඳුණු සත්‍ය කතාවක් මත පදනම් වුණු සිනමාපටයක්. ඒ තමයි Matt Ruskin විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ Boston Strangler (2023) චිත්‍රපටය. බොස්ටන් ගෙල සිරකරන්නා නමින් හඳුන්වන්නේ, 1960 ගණන්වල බොස්ටන් නගරය ආශ්‍රිතව කාන්තාවන් 13 දෙනෙක් ගෙල සිර කිරීමෙන් ඝාතනය කළ දාම ඝාතකයෙක්. මේ සිනමාපටයේ ප්‍රධාන වීර චරිතය ලෙසින් දිග හැරෙන බොස්ටන් දාම ඝාතකයා ගැන මුල්වරට අනාවරණය කළ ලොරේටා මැක්ලොග්ලින් නම් මාධ්‍යවේදිනියගේ චරිතය නිරූපණය කරන්නේ කයිරා නයිට්ලි විසින්. ඊට අමතරව කැරී කූන්, ඇලෙසැන්ඩ්‍රො නිවෝලා, ක්‍රිස් කූපර්, ඩේව්ඩ් ඩස්මැල්චියන් සහ මෝගන් ස්පෙක්ටර් අත්රේක ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. American Crime Story පළමු කතා සමයේදී, ඕ.ජේ. සිම්සන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වන F. Lee Baily නම් නීතිඥයා මේ කතාවේ විත්තිකරු ලෙස චෝදනාවට ලක් වුණු ඇල්බර්ට් ඩිසැල්වෝ වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. ඒ ඔහුගේ නීති වෘත්තියේ තරුණ අවධියේදී. එම චරිතය මේ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ ලූක් කර්බි විසින්. Boston Strangler (2023) මුල්වරට නිකුත් කෙරුණේ 2023 මාර්තු 17 වැනිදායි. IMBb දර්ශකයේ  6.5/10ක අගයකුත්, Rotten tomatoes අඩවියේ 68%ක Popcornmeter අගයක් සහ  67%ක Tomatometer අගයකුත් Letterboxd වෙබ් අඩවියේ 3.1/5ක අගයකුත් ලබාගන්නට Boston Strangler (2023) සමත් වුණා. ඒ වගේම 75 වැනි Primetime Creative Arts Emmy Awards සම්මාන උළලේදී  Outstanding Cinematography for a Limited or Anthology Series or Movie සම්මානයට නිර්දේශ වුණා. ඒ වගේම  2023 American Society of Cinematographers Awards සම්මාන උළලේදී  Outstanding Achievement in Cinematography in Limited or Anthology Series, or Motion Picture Made for Television සම්මානය දිනාගන්නට සමත් වුණා.

බොස්ටන් ගෙල සිර කරන්නාගේ කතාව හා බැඳුණු සැබෑ චරිත සහ එම චරිත නිරූපණය කරන ශිල්පින් Boston Strangler (2023) ඉදිරිපත් කරන කතාව බොහෝ දුරට ඓතිහාසිකව නිවැරදිබව නිසා විචාරක ප්‍රසාදයට ලක් වුණා. විශේෂයෙන්ම අපරාධ සහ විමර්ශන පිළිබඳ විස්තර, වින්දිතයින්ගේ නම්, ලොරේටා සහ ජීන් කාන්තාවන් ලෙස වෘත්තීය ජීවිතයේ සහ පවුල් ජීවිතයේ මුහුණ දුන් පීඩනයන් මෙන්ම ලොරේටා සහ ජීන් විසින් මේ දාම ඝාතකයාට බොස්ටන් ගෙල සිරකරන්නා යන නම නිර්මාණය කිරීමේ සිද්ධිය යනාදී කරුණු සම්බන්ධයෙන් මේ සිනමාපටය ඉතාම නිවැරදි වුණා. කෙසේ වෙතත්, චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන අන්දමින්, ඩිසැල්වෝ එකම ඝාතකයාද නැතහොත් මිනීමැරුම් බහුවිධ පුද්ගලයින්ගේ කාර්යයක් විය හැකිද යන්න පිළිබඳව නීති බලධාරීන්, කතුවරු සහ අපරාධ විශේෂඥයන් අතර තවමත් නිසි එකඟත්වයක් නැහැ. අධ්‍යක්ෂ මැට් රස්කින් සිනමාපටයට තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ලොරේටා සහ ජීන්ගේ දරුවන් මෙන්ම ඔවුන්ගේ හිටපු සගයන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඔවුන් සහ ඔවුන්ගේ කෘති ගැන වැඩි විස්තර දැන ගැනීමට සමත් වුණා. ඊට අමතරව, රස්කින් මේ සිනමාපටයට වඩා නිවරදි තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ලොරේටා සහ ජීන්ගේ සියලුම පුවත්පත් ලිපි කියවන්නට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් තැන්වල සත්‍ය තොරතුරු සිනමාපටයේ කතාව වෙනුවෙන් වෙනස් කර ඇති අවස්ථා ද දකින්නට ලැබෙනවා.

බොස්ටන් ගෙල සිර කරන්නා ගැන එවකට පළ වුණු මාධ්‍ය වාර්තා. අපි සිනමාපටයේ කතාවට යොමුවෙමු. 1962 දී ‘බොස්ටන් රෙකෝඩ් ඇමරිකන්’ පුවත්පතේ වාර්තාකාරිණියක වුණු ලොරේටා මැක්ලොග්ලින් බොස්ටන් ප්‍රදේශයේ සිය නිවාස වල දූෂණයට ලක් කර ගෙල සිර කර මරා දැමුණු වයෝවෘද්ධ කාන්තාවන් තුන් දෙනෙකුගේ ඝාතන ගැන ගවේෂණය කරමින් වාර්තා කිරීම ආරම්භ කරනවා. මෙතැනදී කාගේවත් අවධානය යොමු නොවුණු කාරණයක් ඇය සොයාගන්නවා. ඒ වින්දිතයන් තිදෙනාගේම ගෙලේ සේද මේස් එකකින් බෝ එකක් ගැටගසා තිබීමයි. ඇය ඒ ඒ අපරාධයන් විමර්ෂණය කළ නිළධාරීන් හමුවී මේ කරුණ තහවුරු කරගන්නවා. මේ අනුව මේ ඝාතන තුනම එක් දාම ඝාතකයෙකු විසින් කරන ලද්දක් යැයි ඇය මතයක් පළ කරනවා. මේ දාම ඝාතකයාගේ සිව්වැනි ඝාතනයත් සිදු වීමෙන් පසුව, රෙකෝඩ් ඇමරිකන් ආයතනයේ තවත් ජීන් කෝල් නම් මාධ්‍යවෙදිනියක් ද ඇයගේ ගවේෂණයට හවුල් වෙනවා. ලොරේටාගේ වගකීම් බහුල ජනමාධ්‍ය වෘත්තීය ඇයගේ පෞද්ගලික ජිවිතයට, පවුල් ජීවිතයට බලපානවා. මේ අතර විවිධ අභියෝග මැද පොලිසිය ද විමර්ෂණ දිගින් දිගටම දියත් කරනවා. පොලිසියට හෝ ලොරේටාට මේ මිනීමරුවා අනාවරණය කරගත හැකිවෙයිද? මේ සිනමාපටය බලලාම අපි ඒ ගැන දැනගනිමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි! Extremely Wicked, Shockingly Evil and Vile (2019) Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any download links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත සඳහා අදාළ වේ.

1,116 downloadsDownload Boston-Strangler-2023.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Boston Strangler (2023) Sinhala Subtitles

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,116 downloadsDownload Subtitles52 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ උපසිරැසියට..........
    මේ වගේ ඒවනං ඉතිං ඔයාම තමයි.......
    ❤️❤️

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤