Diesel (2025) Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, අද මං අරං ආවේ සුපුරුදු පරිදි ලස්සන දමිල සිනමා පටයකට උපසිරැසි රැගෙන. මේ දවස් වල මුළු ලංකාවට දරුණු ව්‍යවසනයක් බලපා තිබෙනවා. ඉතිං ඒ සියළු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේ සිනමාපටය ගැන අපි කතා කරමු. මෙ සිනමාපට…

Diesel (2025) Sinhala Subtitles
බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, අද මං අරං ආවේ සුපුරුදු පරිදි ලස්සන දමිල සිනමා පටයකට උපසිරැසි රැගෙන. මේ දවස් වල මුළු ලංකාවට දරුණු ව්‍යවසනයක් බලපා තිබෙනවා. ඉතිං ඒ සියළු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මේ සිනමාපටය ගැන අපි කතා කරමු.
මෙ සිනමාපටය නිකුත් වුනේ මේ අවුරුද්දේ(2025) ඔක්තෝම්බර් 17 වන දින, ඒ කියන්නේ දීපවාලි දවසේ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Shanmugam Muthusamy විසින්. ඒ වගේම සංගීතය සැපයුයේ Dhibu Ninan Thomas විසින්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Harish Kalyan. ඉතිං එයා කියලා තියෙනවා මේක තමයි එයා රගපාපු බජට් එකෙන් වැඩිම ෆිල්ම් එක මේක කියලා. ඊට අමතරව Vinay Rai, Athulya Ravi, P. Sai Kumar යන නළු නිලියනුත් මේ ෆිල්ම් එකෙ රගපානවා.
මේ ෆිල්ම් එකට බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට ලං වෙන්න බැරි උනා. හැබැයි ඉතිං මේ ෆිල්ම් එක කුතුහලයකිං එක දිගට බලාගෙන යන්න පුළුවන් එකක්. ඇත්තටම මේ ෆිල්ම් එකේ සබ් එක මං කරන්න හිතුවේ කතා තේමවවත්, එයින් දෙන පණිවිඩයට වඩා මේ ෆිල්ම් එකේ තියෙන ලස්සන සිංදුවක් හිංදා. ඒ සිංදුව නිකුත් උනා මේ ෆිල්ම් එක නිකුත් වෙන්න අවුරුදු 2 කට කලිං. ඒ නිසා මං ආස උන මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න.
ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිල්ලා සතියකට වැඩියි. ඒත් මට මේක ඉවර කරන්න සතියකට වඩා ගියා. ඒකට හේතුව ඉස්සර තරම් උපසිරැසියක් කරන්න තරම් නිදහසක් නෑ. මොකද කලිං කියලා තියෙනවා වගේ, ඩයලොග් එකක් අහ අහ, හරියට ඒක සෙට් උනේ නැත්නං ඒ ඩයලොග් එක ආයි අහ අහ බල බල, හදන එක ලේසි නෑනේ.
මෙ ෆිල්ම් එක බලලා ඔයාලා ඒකේ ගුණ දොස් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මං ආරාධනා කරනවා. එහෙනං මං අද සමු ගන්නවා. නැවතත් මෙවැනිම උපසිරැසියකිං හමුවෙමු. එසේම මේ ව්‍යවසනයෙන් විඩාවට පත් වු සියළු දෙනාටම සැනසීම සතුට ලගා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Diesel (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.
1,832 downloadsDownload Diesel-2025.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Diesel (2025) Sinhala Subtitles
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
2 comments
Anonymous
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔයගේ සබ්එකකින් මේක බලන්න පුලුවන් වෙන එකටනං පට්ට හැපි...
ස්තූතියි රවිදු සහෝ සබ්එකට