නම බලපුවාම පේනවනේ මේකනම් බල්ලෙක් ගැන කථාවක් තමයි කියලා. ඔව් කිව්ව වගේම මේක 18 October 2019 වන දින තිරගත වීම ආරම්භ කල ලොකු, කුඩා සැමට නැරඔිය හැකි සිනමා පටයක් අරගෙනයි අදත් ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ. ඉතින් කව්රු වුනත් දන්නවනේ මිනිසාගේ ලගම මිතුරා කව්ද කියලා ඇහුවොත්, ඒ වෙන කව්රුත් නෙමෙය…

නම බලපුවාම පේනවනේ මේකනම් බල්ලෙක් ගැන කථාවක් තමයි කියලා. ඔව් කිව්ව වගේම මේක 18 October 2019 වන දින තිරගත වීම ආරම්භ කල ලොකු, කුඩා සැමට නැරඔිය හැකි සිනමා පටයක් අරගෙනයි අදත් ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ. ඉතින් කව්රු වුනත් දන්නවනේ මිනිසාගේ ලගම මිතුරා කව්ද කියලා ඇහුවොත්, ඒ වෙන කව්රුත් නෙමෙයි බල්ලා කියලා.පුංචි ලමයෙකුයි එයාගෙ බලු පැටියයි ගැන ලස්සන කථාවක් තමයි මේකෙ ගලාගෙන යන්නේ. මිනිසාට එදා ඉදන් ලබැදි මිනිසාගේ පරම මිතුරා වන වන ස්කූබි කියන බල්ලා ගැනයි, එයාගේ වැඩ ටික ගැනයි අන්තිමට එයාගේ ස්වාමියාගේ හිත දිනාගෙන වැඩ කරන හැටියි තමයි කියවෙන්නේ.අන්තිමට පොඩි දුකකුත් දැනේවි.
එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි ගන්වන්න වෙන් කරල දුන්න හසන්ත වික්‍රමරත්න අයියවයි, බයිස්කෝප් ටීම් එකටයි ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම කවිෂල් මලයටත්, චමෝද් මලයටත් ස්තූතිවන්ත වෙනවා.එහෙනම් කථාව ගැන පොඩ්ඩක් බලල ඉමු.
සංජු කියන්නේ පාසල් යන පොඩි ළමයෙක්. මෙයාට මෙයා ඉපදුනයින් පස්සේ මෙයාගේ අම්මවයි, තාත්තවයි ඇක්සිඩන්ට් එකකින් මිය යනවා. පොඩි එකා ඉන්නේ ආච්චියි, සීයයි ගාව. මෙයාට ඉතින් යාළුවෝ කියල ඉන්නේ, අල්ලපු ගෙදර නැන්දවයි,මාමවයි තමයි. හැමදාම නැගිට්ට ගමන් දෙවියන්ගෙන් ඉල්ලන්නේ මෙයාට යාළුවෙක්ව හම්බවෙන්න කියලා. මේ පොඩි එකා යාළුවෙක් නැති දුකින් ඉන්න වෙලාවට යන්නේ එයාගේ දෙමව්පියෝ මැරුණ කාර් එක ඇතුලට.ඉතින් මේකත් ටිකක් දග කොල්ලෙක්.මෙයා හැමදාම ඉස්කෝලෙ යනකොට මෙයාගෙ පස්සෙන් බල්ලෙක් පන්නනවා. පන්නනකොට මේකට තවත් ආතල්, මේක බල්ලත් එක්ක කොලොප්පම් කරනව ටිකක් දුරට දුවල ඉවර වෙලා. පස්සෙ මෙයාට මේ බල්ලගෙන් කරදර නිසා, ඒ බල්ලට පේපනත් එක්ක මෙයාට බල්ලෙක්ව ඕන වෙනවා හදාගන්න. ඉතින් මේක ගිහින් එයාගේ හොදම යාළුවෝ දෙන්නට, ඒ කිව්වේ අල්ලපු ගෙදර මාමටයි, නැන්දටයි කියනවා. මේක කියපු ගමන් නැන්දට හොදටම තරහ යනවා.. බල්ලෙක් ගෙනාවොත් එයාලගේ ගෙදරටත් එන්න තහනම් කරනවා. කොහොමින් හරි සීයා මෙයාට බල්ලෙක්ව ගෙනත් දෙනවා.
ඉතින් ගෙනාවට මොකද කොල්ලට වැඩිය හපන් බල්ලා, මෙයානම් පුදුම කම්මැලි පොරක්.සංජු ඉතින් මෙයාව පුරුදු කරන්න බුදු ගේමක් දෙනවා. ඒ ටිකනම් ආතල් එකේ බලන්න පුළුවන්.පස්සේ සංජුටත් මෙයාව එපාම වෙනවා. කොහොමින් හරි දවසක් මෙයා කරන වැඩක් හින්ද සංජුට මේ බල්ලව කොච්චර වටිනවද කියල දැනෙනවා. ඒත් එතකොට මෙයාට………..ඔව් ඉතුරු ටික කියන්න යන්නේ නෑ, අරන් බලන්න, මොකද අල්ලපු ගෙදර නැන්දයි, මාමයි බල්ලන්ට අකමැති , මොකක්ද වෙන්නේ කියලා බලන්න ආරාධනා කරමින් තවත් උපසිරසියකින් හමු වෙනකන් සියළු දෙනාටම තේරුවන් සරණයි.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- අධ්‍යක්ෂණය : S. Pradeep Kilikar
- නිෂ්පාදනය : Ishari K. Ganesh
- කථාව රචනය : S. Pradeep Kilikar
- රංගන ශිල්පීන් : Master Aahaan, Tejaswy, V. Shiva
- ධාවන කාලය : 1h 45 min
- තිරගත කල දිනය :18 October 2019
- සංගීතය : Marc D Muse, Denis Vallaban. A

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper Tamil HDRip / Tamil Proper TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
2,411 downloadsDownload Bow-Bow-2019.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
9 comments
ඔෂද ධනංජය
Hashan M. Priyadarshana
Thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ashokcharles
1998 natpukkaga film eke sub eka denna puluwanda
Sandun67684
Nice
wajira
Thanks for sub
Lahiru20020420
Tnx aiye sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela...ela...onna bagaththa macho...