කාලෙකට පස්සෙ ඔන්න ආවා උපසිරැසියක් අරගෙන. මේක කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන උන්න එකක් වුනත් පස්සට කල් දදා උන්න එකක්. ඒත් පහුගිය ජනාධිපතිවරණයත් එක්ක මේකට ලැබුන ඉල්ලීම් වැඩිවුණ හින්දා ඔන්න කරල දෙන්න හිතුවා. පහත ලිපිය අපේ විමා සහෝගෙන්. ස්තූතියි විමෝ ලිපියට. “එකම බොරුව ඇති-පදම් නිරතුරුව කිව්වොත් මිනිස්සු…

කාලෙකට පස්සෙ ඔන්න ආවා උපසිරැසියක් අරගෙන. මේක කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන උන්න එකක් වුනත් පස්සට කල් දදා උන්න එකක්. ඒත් පහුගිය ජනාධිපතිවරණයත් එක්ක මේකට ලැබුන ඉල්ලීම් වැඩිවුණ හින්දා ඔන්න කරල දෙන්න හිතුවා. පහත ලිපිය අපේ විමා සහෝගෙන්. ස්තූතියි විමෝ ලිපියට.

“එකම බොරුව ඇති-පදම් නිරතුරුව කිව්වොත් මිනිස්සු ඒක විස්වාස කරන්න ගන්නවා, ඒ බොරුව කියන තමන් පවා ඒක විස්වාස කරන්න ගනීවි අන්තිමේදී. ” එහෙම කිව්වේ ලෝකේ දැනට බිහිවුණ හොඳම ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතිවලින් එකක් මෙහෙයවපු ජෝශප් ගොබෙල්ස්. ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතියක් කියන්නේ අපිට තේරෙන බසින් කිව්වොත්, යම් භාණ්ඩයක් හෝ පුද්ගලයෙක් හෝ යම් මතවාදයක් හෝ දැඩිව සමාජයට මුල්බැසගන්නා අන්දමට සිදුකරන ප්‍රචාරක ව්‍යාපෘතියක් කියන එකට. මේ කලින් කියපු ගොබෙල්ස් තමයි දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ ප්‍රචාරක ව්‍යාපෘතිය මෙහෙයෙව්වේ. ඒකට ගොබෙල්ස් මුලිකවම යොදාගත්තේ පහත සඳහන් කාරනා කිහිපය.

1.  අපේ රටට මිත්‍රත්වය දක්වන්නේ ඉතාලිය සහ ජපානය පමණයි.

2.  ආර්ය ජර්මානු ජාතිකයෝ තමයි උසස්ම අය. යුදෙව්වෝ, අහිකුන්ඨික ජනතාව, ආර්ය ජර්මානු උනත් සමලිංගික නම් ඔවුනුත්, කළු ජාතිකයින් රුසියන්, අනෙකුත් හැම යුරෝපා ජාතිකයෙක්ම ඉන්නේ ආර්ය ජර්මානු ජාතියට පහලින්.

3. හිට්ලර් තමයි උත්තරීතර නායකයා, ඔහුගේ අරමුණ තමයි යුරෝපයම අල්ලගෙන ආර්ය ජර්මානු වැසියන්ට අධිරාජ්‍යයක් බිහිකිරීම.

4. ළමුන්ව ‘තරුණ කඳවුරුවලට’ යවන එක අනිවාර්යයි, ඊට පස්සේ ඔවුන් ජර්මානු හමුදාවට එකතු වෙනව, එතැනදී කෙරන මොළ ශෝධනයෙන් යුදෙව්වටත් මම ඉහත සඳහන් කරපු අනෙකුත් අයටත් දැඩිව වෛර කරන්න හුරු කරවනව.

5. හිට්ලර් තමයි සමස්ථ ආර්ය ජර්මානුවන්ටම පියා. 😀

ගොබෙල්ස්ගේ නායකත්වය යටතේ මේ හැම දෙයක්ම කොයි තරම් සාර්ථකව සිදුකෙරුණද කියන එක අපිට ඉතිහාසය විසින් කියා දීලා තියෙනව. අද මේ අරගෙන ඇවිල්ල තියෙන සිනමාපටය දේශපාලනික එකක් නිසා තමයි මේ දේවල් ගැන කතා කරන්නේ පොඩ්ඩක්.

දේශපාලනය කියන්නේ ලෝකේ ඕනෑම තැනකදී මාකටින් කියන එක තදටම යෙදෙන තැනක්. තමන් විසින් තමන්ව සාර්ථකව අලෙවි කරන අපේක්ෂකයා තමයි හැම වෙලාවකදීම ජයග්‍රහණය කරන්නේ. දේශපාලන පොරපිටියේ තමන් විසින් තමන්ව අලෙවි කරගන්න එහෙමත් නැත්නම් තමන් විසින් තමන්ව විකුණගන්න යම්කිසි දේවල් කිහිපයක උපකාර අවැසි වෙනවා. ඒකෙන් ඉදිරියෙන්ම තියෙන දේ තමයි මාධ්‍ය කියන එක. මේකට සමහරවිට අවුරුදු දෙක තුනක කාලයක් වැයවෙන වෙලාවලුත් තියෙනව, මාස කිහිපයක් පමණක් සෑහෙන වෙලාවලුත් තියෙනව. ලංකාවේ දේශපාලන පිටියේ 2015 සහ 2019 ජනාධිපතිවරණ දෙක තමයි මේකට අපිට තියෙන ආසන්නම උදාහරණ දෙක. මේ අලෙවිය කරන්න ඉලක්කගත පිරිස කවුද කියල මුලින්ම බලන්න ඕන. ඊට පස්සේ ඒ පිරිස උප කුලකවලට වෙන් කරගන්න ඕන. පහලම පාන්තික ජනතාවට එක ආකාරයකටත්, ඉහල මධ්‍යම පාන්තිකයින්ට එක ආකාරයකටත්, පහල මධ්‍යම පාන්තිකයින්ට තවවත් ආකාරයකටත් ඉහල පාන්තිකයින්ට තවත් ආකාරයකටත් විදියට උප කුලක වලට බෙදලා, එක කතාවකින් ලැබෙන සමස්ථ අදහස මේ හැම කුලකයකටම දැනෙන විදියට ඔලුවට දාන්න පුළුවන්නම් අන්න ඒ අපේක්ෂකයා ජයග්‍රාහකයෙක් වෙනව. ඒ දේවල් වලට තමන් අඳින ඇඳුම, තමන්ගේ රැවුලේ ස්වභාවය, තමන්ගේ වාග් විලාශය, තමන්ගේ කතාවක තියෙන අන්තර්ගතය, තමන්ගේ මුහුණින් පෙන්වන හැඟීම් එකී මෙකි නොකී හැම දෙයක්ම ඇතුලත්. මේ හැම දෙයක්ම කෙරෙන්නේ අපේක්ෂකයාට ඕන ආකාරයට නෙමෙයි ඇත්තටම. මේ හැම දෙයක්ම කෙරෙන්නේ අපේක්ෂකයව නටවන ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතියේ මහමොළකාරයින් අතින් ඒ අයට ඕන ආකාරයට. එයාල තමයි තමන් සේවය කරන අපේක්ෂකයා භාවිතා කලයුත්තේ කුමන ආකාරයක උපායමාර්ගික උපක්‍රමද, තමන් විසින් ගොඩ නගාගතයුතු බ්‍රෑන්ඩ් එක කුමක්ද, තමන් අනෙක් අයගෙන් වෙනස් වෙන්නනේ කොහොමද, සමාජයේ දැනට ගොඩ නැගී ඇති මතවාදී රැල්ල තමන්ගේ වාසියට යොදාගන්නේ කොහොමද, කොටින්ම හොඳින් හෝ නරකින් තමන්ගේ අපේක්ෂකයා දිනවන්නේ කොහොමද කියන එක හැම දෙයක්ම තීරණය කෙරෙන්නේ ඔවුන් විසින්. එතකොට සමාජය විසින් දකින්නේ ඇත්තටම, තමන් විසින් ඉලක්ක කරන ජන කොටසෙහි ස්වරුපය, කොටින්ම තමන් ඉලක්ක කරන මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙනවා කියල ඒ මිනිස්සුවත් නොදන්නා එත් අදාළ ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතිකරුවන් හොඳාකාරවම දන්නා දේවල් ඇවිස්සෙන ආකාරයට සිදුවීම් නිර්මාණය කිරීම හෝ දැනටමත් සිදුව ඇති ඛේදවාචයක් හෝ යහපත් සිදුවීම් භාවිතයට ගෙන තමන් සේවය කරන අපේක්ෂකයාගේ පැත්තටම අදාළ ඉලක්කගත සමාජය යොමු කරවිමෙන් අනතුරුව ඔවුන් විසින් කෘතිමව නිර්මාණය කරපු, පුම්බපු බැලුමක් වගේ, එහෙමත් නැත්නම් අයිසින් කේක් එකක් වගේ දෙයක්.

2002දී බොලිවියානු ජනාධිපතිවරණයේදී මේ දේවල් අඩු නැතුව හරි අපුරුවට සිද්දවෙනවා. 1993 සහ 1997 අතර කාලය තුල බොලිවියාව පාලනය කරපු අසාර්ථකම ජනාධිපතිකෙනෙක් වෙච්ච “ගොන්සාලෝ සැන්චෙස් දෙ ලොසාඩා” 2002දී නැවත ජනපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒත් එයාගේ ධුරකාලය ඇතුලත රට දැඩිව අර්බුධයට අරගෙන ගිය සහ මිනිස්සුන්ට වෙඩි තියල තුවක්කුවෙන් පිටවෙන උණ්ඩයේ බලයෙන් පාලනය අරගෙන ගිය පාලකයෙක් නිසා 2002 ජනපතිවරණය පටන් ගන්නකොට එයාගේ ජනප්‍රියත්වය තියෙන්නේ ඉතාම අවම, 10%කටත් වඩා අඩු තැනක. එයාට ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයෝ දෙන්න 30% සහ 20% ඉක්මවා ජනප්‍රියත්වයක් ලබාගෙන ඉන්න මොහොතේදී ලොසාඩා තීරණය කරනවා ඇමරිකානු ප්‍රචාරක ව්‍යාපෘති ආයතනයක් අරගන්න තමන්ගේ ජන්ද ව්‍යාපෘතියට. ඒ ආයතනයෙන් එන කණ්ඩායමට බොහොම විශේෂ කෙනෙක්ව ඇතුලත් වෙනවා. ඒ තමයි ජේම්ස් කාවිල්. ජේම්ස් කාවිල් 2002දි කරන දේශපාලනික ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතියෙන් බොලිවියාව අවුලෙන් අවුලට පත්කරවනව. හරි අපුරු විදියකට තමයි අවමයේත් අවමයේ ඉන්න, රට වැටිලා තියෙන වෙලාවේ ඒ විදියට රට වටෙන්න්න හේතු වෙච්ච කෙනෙක්ව ආයේ බලයට ගේනන කෙනෙක්ට පුළුවන් වෙනවා කියන්නෙ ඒක එසේ මෙසේ ප්‍රචාරක ව්‍යාපෘතියක් වෙන්න බැහැ නේද.

ජේම්ස්ගේ සංකල්පය වෙන්නේ “අර්බුධ තමයි අපේ සන්නාමය ” එහෙමත් නැත්නම් අර්බුධ තමයි ඒ අයගේ බ්‍රෑන්ඩ් එක වෙන්නේ කියන එක. ජේම්ස් මැතිවරණ ව්‍යාපෘතිය අතරමැදදී තමන්ගේ අපේක්ෂකයාව ඉහල නංවන්නේ නොදන්නා දෙවියාට වඩා දන්න යකා හොඳයි කියන ආකාරයට. එක අවස්ථාවකදී ලොසාඩාට අනෙක් පාර්ශවයකින් දම්මපු මිනිහෙක් බිත්තරයකින් මුහුණට ගහනව. සැනෙකින් අනික් අතට හැරෙන ලොසාඩා මිට මොලවල ඒ මිනිහට ගහනවා. හැමෝම හිතන්නේ ඒ තමයි ලොසාඩාගේ අවසානය කියල. කොටින්ම ලොසාඩා වෙනුවෙන් වැඩ කරන අය පවා ඒ සිදුවීමට සමව ඉල්ලලා නිවේදන හදන අතරතුදී ජේම්ස් විසින් මේ සිදුවීම ලොසාඩාගේ ව්‍යාපෘතියට යොදාගන්නවා. හිතාගන්නවත් බැරි විදියට මිනිස්සු ලොසාඩට කැමති වෙන්න පටන් ගන්නවා. මැතිවරණ ව්‍යාපෘතිය පුරාවටම ලොසාඩාගෙ ජන්ද ව්‍යාපෘතිය උඩට අරගන්නෙ ඒ අවස්ථාවේදී බොලිවියාව වැටිලා තියෙන අර්බුධයෙන් ගොඩ එන්න නම් මේ වෙලාවේදී බොලිවියාවට ඕන කෙලින් වැඩ කරන, බය නැතුව ගහන්න ඕන තැනට ගහන, මරන්න ඕන තැනදී මරණ, කෙලින් මිනිහෙක් කියන එක. ටිකක් හුරු පුරුදුයි වගේද? වෙන්නම එපැයි 😛 හැබැයි කාලයක් යනකොට මිනිස්සුන්ට තේරෙන්න ගන්නවා තමන් කරපු මෝඩකම්. මේ සිදුවීමේදී නම් ලොසාඩා ජනාධිපති වෙලා අනිත් පැත්ත හැරෙනකොටම ලොසාඩා ජනතාවට කොකා පෙන්වනව. රට තවත් අර්බුධයට ලක්වෙන මට්ටමටම.

ඉතිං මෙන්න මේ වගේ හරි අපුරුවට අපි නොදැනම අපිව අන්දන විදිය ගැන හොඳට පෙන්වන, තමන්ගේම අපේක්ෂකයාට තමන්ම මඩ ගහලා නෙගටිව් කැම්පේන් සිද්දවෙන ආකාරය, එමගින් තමන්ගේ අපේක්ෂකයව උඩට අරගන්න ආකාරය, තමන්ගේ කෙනාට අවාසි සිදුවීම් වාසි සහගත සිදුවීම් බවට පත්කරන ආකාරය, හැඟීම් මගින් ජනතාවට කතා කරලා හිත දිනාගන්න ආකාරය වගේ දේවල් අඩු නැතුව අඩංගු සුපිරියටම මිනිස්සු ගොනා කරපු සිදුවීමක් ආශ්‍රය කරගෙන David Gordon Green විසින් මේ අද අරගෙන ආව සිනමාපටය නිර්මාණය කරනව. හැබැයි සිනමාපටය වෙනුවෙන් මේ චරිත වෙනස් කරනව. ජේම්ස්ගේ පිරිමි චරිතය වෙනුවට ඩේවිඩ් ගෝර්ඩ්න් විසින් Sandra Bullockව යොදා ගන්නව. ඒ වගේම ජනාධිපතිගේ නම ගම පවා වෙනස් කරනව. සැන්ද්‍රා බුලොක් එක්ක, Anthony Mackie, Zoe Kazan, Billy Bob Thornton වැනි රංගන ශිල්පින්, ශිල්පිනියන් මේ සඳහා දායක වෙනවා

IMDB 6.1ක අගයක් අරගත්ත මේ කතාව බලන කෙනෙක් ආයේ දවසක ජන්දයක් පාවිච්චි කරනකොට සෑහෙන්න දේවල් හිතල බලන්න අරගන්නවා නොඅනුමානයි. මොකද සිනමාපටය බැලුවම හිතෙන්න ගන්නවා, ඇත්තටම අපි දකින දේශපාලනික චරිත අපි හිතන තරම්ම පෞර්ශ්‍යයමත්ද? අපි හිතන තරම්ම රටට ආදරයක් දක්වන, රටට හිතේෂී කෙනෙක්ද? එහෙම නැත්නම් අපි ඇත්තටම විස්වාස කරන කෙනා, අති දක්ෂ ප්‍රොපගැන්ඩා ව්‍යාපෘතිකරුවෙකුගේ නිර්මාණයක්, එහෙමත් නැත්නම් පුම්බපු බැලුම් බෝලයක් වගේ, නැත්නම් හොඳට අයිසින් තවරල හැඩ කරපු පුස් කාපු කේක් එකක්ද? අපිම නොදැන මාධ්‍යය මගින් උදේ හවා අපිට කනට ඇහෙන්න සලස්වලා ඇහැට දකින්න සලස්වල මහා පරිමාණයෙන් අපිව අන්දන ඇන්දිල්ල කොයි තරම්ද කියල ෆිල්ම් එක අවසානයේ පොඩ්ඩක් නැවතිලා හිතල බලන්න. පහුගිය කාලේ සිදුවුණ සමහර සිදුවීම් මේ කරුණු එක්ක සමපාත වෙද්දී සමහරවිට ඔබට හික් ගෑවෙන්නත් ඉඩ තියෙනව 😀

” ව්‍යාකුලත්වයක් කියන්නේ හිණිමගක් ”
පීටර් බේලිෂ්
– ගේම් ඔෆ් ත්‍රෝන් –

ලිපිය ශාන් විමුක්ති සහෝගෙන්

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඇතැම් BRrip පිටපත් සඳහා සඳහා අදාළ වේ.

ගැලපෙනම පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් ගන්න.

6,347 downloadsDownload 1214192333OurBrandIsCrisis.baiscopelk.zip123 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

6,347 downloadsDownload Subtitles123 KB

36 comments

  1. Hashan M. Priyadarshana

    Thank you

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
    ඒ වගේම ලිපියටත්....

  4. Avishkamalith123

    Thanx mchn sub ekt.. Inside Man Most Wanted ektath sub hadhamu.. eek ftt

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි

  6. asksajee

    රොයිලියා උඹ හොද දේශපාලන ඉවක් තියෙන එකෙක්. ජය

  7. Hasitha Madush

    මිනිසා දේශපාලන සත්‍ත්වයෙකි උපැසිරැසියට බොහෝම ස්තූතියි රොයිලි සහෝ පුම්බන පිම්බෙන චරිත එක පක්ෂයකින් නෙවෙයි හැම පැත්තකින්ම දැක්කා පහුගිය ජනාධිපතිවරණයේදී

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  9. lahiru sadaruvan

    thank you both of you....

  10. GeethD

    hmmm, ape election 1ke uneth mekama thama,
    thank u sahooo sub dunnata,

  11. pryantha gallage

    thanks to sub..

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Suranjan

    Thanks aiye..... Jayawewa.....!

  14. M.W. Dilhani

    අපේ රටේ දේශපාලන වහලුන් අන්දන්න ඔය ප්‍රොපගැන්ඩා මොකුත් ඕන නෑ. ලස්සනට රෙදි ටික හෝදලා වනන්ට විතරයි ඕන. වහල්ලු ටික එව්වා ඇරං කැමැත්තෙන්ම ඇදගන්නවා. හොරකං කරනවා තමා ඉතින්. කමක් නෑ. අපි ඔතන හිටියත් අපිත් හොරකං කරනවනෙ කියලා තමා කියන්නේ. සබ් එකට ස්තූතියි.

    1. lakshansmt

      eka:))

  15. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  16. harshahjk

    රොයිලි සහෝ කලකට පසු නේද? චිත්‍රපටය හොඳයි කියලා හිතනවා මේක ගැන මීට කලින් මම පූර්විකාවක් අහලා තිබුනා. ඔන්න සබ අරගත්තා. ඔබට සුබ නත්තලක් සහ නවවසරක් වේවා

  17. GD Dhanushka

    niyamai.......
    tnx.............

  18. Bandara76

    චිත්‍රපටිය බලන්න අවශ්‍ය නැහැ රොයිලිගෙ ලිපිය කියෙව්වම හොදටම ඇති

  19. Tharindu07

    Thanks Aiya......!!!! Good work...!! Jayaweva.....!!!!

  20. akalankagayan

    Thnx .........

  21. indika75

    thanks..

  22. yeshu

    tnx

  23. isuru22

    Thanks mcn.. mn me film eke sinhala sub sehenna heuwa...

  24. MAALnath

    Thanks ......................good luck .......................

  25. AsithaDilruwan

    ela saho thanks

  26. sampath n perera

    thanks

  27. jagath55

    Thanks

  28. Dewadithya

    Thanks for sub!

  29. ruwanthushara

    champikage kathaawak ahala hoya hoya hitiye. thanks.

  30. Pramukmili

    Thanxx bro..............

  31. Kosala Deshan

    Tnx

  32. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  33. Dharani

    හරියට යහපාලන නඩේ ඇවිත් පච කෙලලා අපිට ඇරලා ගියා වගේ .

  34. රිශාන්ත

    Than you very much

  35. gihan

    උපසිරසියට බොහෝම ස්තුති