Watch Trailer

Incendies (2010) Sinhala Subtitles | යුධ ගිණිදැල් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේ පාර අරගෙන ආවේ ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය වුන මෑත අතීතයේ ලෝක සිනමාවේ හුඟක් ජනප්‍රිය වුන සලරුවක්.ඒ වගේම මේක IMDb Top 250 වලත් තියෙනවා.ඒකෙන්ම ෆිලුමේ තත්ත්වය ගැන අදහසක් ගන්න පුළුවන්නේ.හරියටම කිව්වොත් මේක ඒ ලැයිස්තුවේ 146වෙනි චිත්‍රපටය.ඒ වගේම විචාර සමූහනය කිරීමේ ප්‍…

ඔන්න තවත් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේ පාර අරගෙන ආවේ ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය වුන මෑත අතීතයේ ලෝක සිනමාවේ හුඟක් ජනප්‍රිය වුන සලරුවක්.ඒ වගේම මේක IMDb Top 250 වලත් තියෙනවා.ඒකෙන්ම ෆිලුමේ තත්ත්වය ගැන අදහසක් ගන්න පුළුවන්නේ.හරියටම කිව්වොත් මේක ඒ ලැයිස්තුවේ 146වෙනි චිත්‍රපටය.ඒ වගේම විචාර සමූහනය කිරීමේ ප්‍රමුඛතම අන්තර්ජාල අඩවිය වන Rotten Tomatoes එකෙන් මේකට 92%ක අගයක් ලැබිලා තියෙනවා.මේ විදියට ලොව පුරා සිනමා විචාරකයින්ගේ නොමඳ පැසසුමට ලක්වුන මෙම චිත්‍රපටය ලොකු ගැඹුරක් තියෙන සිනමාපටයක් කියන්න පුළුවන්.Drama Mystery War ප්‍රභේදවලට තමයි මේක අයත්වෙන්නේ.Mystery ප්‍රභේදයටත් අයිති නිසා සමහර සම්භාව්‍ය ඝනයේ චිත්‍රපට වගේ නෙවෙයි,කම්මැලි කමක් නැතුව එක දිගටම මේක බලන්න පුළුවන් වෙයි.ජාතිවාදය නිසා ඇතිවන සිවිල් යුද්ධ,ඒවා මගින් මිනිසුන්ට ඇතිවන භෞතික,මානසික මෙන්ම සමාජයීය බලපෑම් වෙනස් වගේම තාත්වික ස්වරූපයකින් ෆිලුමේ අඩංගු වෙලා තියෙනවා.මේ ෆිලුමට ජාත්‍යන්තර සම්මානත් රාශියක් ලැබිලා තියෙනවා.ඒවා සඳහන් කරන්න කලින් ෆිලුමේ කතාව ගැන යමක් කියලා ඉන්නම්.

ෆිලුම පටන්ගන්නේ නවාල් මර්වාන් කියන කාන්තාවගේ අන්තිම කැමත්ත ඇයගේ නිවුන් දරුවන් ඉදිරියේ නොතාරිස් කෙනෙක් ඉදිරිපත් කිරීමත් එක්ක.ඒ අවසන් කැමැත්තේ කියවෙන්නේ ඇයගේ දේහය මිනී පෙට්ටි,යාච්ඤාවන් සහ කිසිඳු වස්ත්‍රයක් නොමැතිව වළ දැමිය යුතු බවත් ඇය වෙනුවෙන් කිසිම සොහොන් ස්මාරකයක් හැදෙන්න ඕනේ නෑ කියන කාරණාවත් කියන දේවල්.ඒ වගේම ඇය ටිකක් අමුතු විදියේ ඉල්ලීමක් තමන්ගේ දරුවන්ගෙන් ඉල්ලලා තියෙනවා.ඇය විසින් ලිපි දෙකක් ලියලා තියෙනවා.අන්තිම කැමැත්තේ සඳහන් විදියට මේ ලිපිවලින් එකක් මේ දරුවන්ගේ පියාට ලැබෙන්න ඕනේ වගේම අනිත් ලිපිය එයාලගේ සහෝදරයට ලැබෙන්න ඕනේ.ඒ අයව හොයාගෙන ගිහින් එයාලට මේ ලිපි ලබාදෙන්න කියලා ඇය තමන්ගේ දරුවන්ගෙන් ඉල්ලලා තියෙනවා.කොහොමවුනත් තමන්ගේ පියා ජීවතුන් අතර බවත් තමන්ට තවත් සහෝදරයෙක් ඉන්න බවත් ඇයගේ මේ දරුවන් මීට කලින් දැනගෙන හිටියේ නෑ .ඒත් සිමොන්, ඒ කියන්නේ නිවුන් සොහොයුරා මේ ගැන ඒ තරම් තැකීමක් දක්වන්නේ නෑ වගේම එයා හිතන්නේ මේක මානසිකව දුර්වල වෙලා හිටිය තමන්ගේ අම්මාගේ හිතේ ඇතිවුන විකාර අදහසක් කියලා.නමුත් නිවුන් සොහොයුරිය, ජේන් මේක තමන්ගේ වගකීමක් විදියට හිතලා අම්මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න හිතාගෙන එයා ඉපදුන මැදපෙරදිග තියෙන රටකට යනවා,තමන්ගේ තාත්තාවයි සහෝදරයවයි හොයාගන්න.මේ ගමනේදී අම්මාගේ ජිවිතයේ සැඟවුන අතීතය ගැන ගොඩක් දේවල් මෙයාට දැනගන්න ලැබෙනවා.මේ විදියට තමයි කතාව ඉදිරියට ගලාගෙන යන්නේ.කොහොමවුනත් අවසානයේදී බොහොම සංවේදී දෙයක් තමයි අපට දැනගන්න ලැබෙන්නේ.

මේක කැනේඩියානු චිත්‍රපටයක්.Souha Bechara කියන ලෙබනන් ජාතික ලේඛිකාවගේ ජීවිත කතාව ආශ්‍රයෙන් මේ චිත්‍රපටය හැදිලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ.මේ  ෆිලුමේ ඇතුලත් වෙන්නේ මනඃකල්පිත මැදපෙරදිග රටක ඇතිවුන සිවිල් යුද්ධයක් ගැන අතීතයක්.කොහොමවුනත් විචාරක අදහස වෙන්නේ නම් මේකේ ඇතුලත් වෙන්නේ  1975-1990 අතර ඇතිවුන ලෙබනන් සිවිල් යුද්ධය පිළිබඳව තොරතුරු කියලයි.ලැබුණු සම්මාන ගැන සඳහන් කරනවනම් 30කට ආසන්න අන්තර්ජාතික සම්මාන ප්‍රමාණයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.2011 වසරේදී පවත්වපු 31වෙනි Genie සම්මාන උළෙලදී හොඳම චලන චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂනය,හොඳම නිළිය ඇතුළු සම්මාන 8ක් දිනාගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා.ඒ වගේම 2010දී පවත්වපු 83වෙනි Academy සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සඳහාත් මේක නිර්දේශ වෙලා තියෙනවා.ඒ වගේම Jutra Awards කියලා 2016 වෙනකල් හඳුන්වපු,මේ වෙනකොට Prix Iris කියලා හඳුන්වන කැනේඩියානු සිනමා උළෙලේ 2011 වසරේ පවත්වපු 13වන සිනමා සම්මාන රාත්‍රියේදී සම්මාන 9කට හිමිකම් කියන්නත් මේ ෆිලුම සමත්වෙලා තියෙනවා.මේ විදියට සිනමා සම්මාන රාශියක් ෆිලුමට ලැබිලා තියෙනවා වගේම තවත් සිනමා සම්මාන රාශියක් සඳහා මේ චිත්‍රපටය නිර්දේශ වෙලත් තියෙනවා.

ඉතින් මෑත අතීතයේදී ලෝක සිනමාව හොල්ලපු මේ අපූර්ව සිනමාපටය තවත් දෙපාරක් නොසිතා නරඹන්න කියලා බයිස්කෝප් සිනමා රසික ඔබ හැමෝටම ආරාධනා කරනවා! මේ වගේ ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

Incendies (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Incendies 2010  BluRay x264 AAC

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

720 downloadsDownload Incendies-2010.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

720 downloadsDownload Subtitles32 KB

42 comments

  1. Nishan

    Thanx bro

  2. හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සහෝ….
    මුල්ම ස්තූතිය මගෙන්,
    මේක දෙනකල් හුගාක් කල් බලන් හිටියා…
    අන්තිමේදි කවුරුත් දෙන්නෙ නැත්නම් මම සබ් එක කරන්නත් ඉල්ලුවා.
    පට්ටම ෆිල්ම් එකක්.

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. Mithun

    Thx bro onna mamat araganna ki haduwa

  5. asitha

    මෙය නොබැලූ දෑස් කුමට?
    බොහොම පින් සහෝ.

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම…
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  6. asitha

    ඒත් එක්කම IMDB 250තියෙන මේ ෆිල්ම් ටිකත් මම යෝජනා කරනවා…
    Donnie Darko (2001) Time Travel Story
    Stand by Me (1986)
    Requiem for a Dream (2000)
    Unforgiven (1992)
    Casino (1995)
    Raging Bull (1980)

  7. dedunu

    මේක දෙනකල් හුගාක් කල් බලන් හිටියා…
    උපසිරැසියටම බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  8. Dulanga

    Thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. Rajitha

    Thanks machan……jayawewa………!

  13. Thusitha Kumara

    අනිවාර්යයෙන් ම බලන්න ඕන. උපසිරැසියට බොහොම ස්තුතියි.

  14. nidi

    Tharaindu, me wage film kakata subs dun “oba sandakmei”! film eka kalin balala thiyenawa wunath subs ekka balanna bagaththa. kiyanna wadan nehe. hada sasala karaawana, witeka enga kilipola yawana, mehema dewaluth wenawa neda kiya wismayen apa musapath karawana, athi sanwedi kathawak film eke thiyenne. balana kawuruwath narakai kiyala nokiyana eka sure!
    pls, puluwankamak thiye nam, Central Station -1998-Spanish film ekata subs denna!
    thanks Tharindu!

  15. Mithuranga Mahisadha

    mchn meka download krnne khmada???? puluwannm link ekaka dynko

  16. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  17. Waruna Kamalawansha

    නියමය් සහෝ... බොහොම් ස්තූතියි මේ වගේ උසස් බයිස්කෝප් සිංහලෙන් අපිවෙත ගේනවාට

  18. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  19. bandara

    Thanks lot Brother.sub for more top rated movies

  20. wiki

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. DilZ

    fatta wage balannama ona top 250 tiyeda? maru thnx 4 sub

  22. Isuru69

    Thankz sub ekata

  23. Arrow T

    niyama film eka.sub eka niyameta thibuna.

  24. Gayan Chathuranga

    Thanks Bro

  25. Indika Ranaweerage

    Thanks & Good Job.

  26. Lakshansilva18

    Sub ekata thnxx...

  27. Nisalshakila

    Recommended!

  28. ricadodamien

    Thank U Tharindu brother & baiscope team for the sub, what an amazing movie it was, all the best to baiscope team...........................

  29. warshamanage

    thank you!

  30. Thimira Sahan

  31. Anonymous

    thanks man

  32. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️

  33. Anonymous

    ස්තූතියි ❤❤❤❤

  34. Rishantha

    Thanks brother

  35. Sahan Prabhasara

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

  36. viraj

    thanks saho....

  37. Anonymous

    thanks

  38. Anonymous

    thnkuuu

  39. Anonymous

    Keep it up

  40. Prasad

    I shocked ... වදන් නැහැ කියන්න me film එක ගැන . Best film ever.
    Thanks for the sub..

  41. Lahiru Bandara

    අඩො පට්ටටම ෂොක් වෙන එන්ඩ් එකක්නෙ තියෙන්නෙ. හිතුවෙවත් නෑ බන් එහෙම දෙයක් වෙයි කියල. පපුව මොකද්ද වෙලා ගියා. කමෙන්ට් බලන කෙනෙක්නම් අනිවා බලන්න මෙක මග ඇරගන්න එහෙම නම් එපා. පට්ටම පට්ට සුපිරි කතාවක්. හිතන්නෙවත් නැති එන්ඩ් එකක් තියෙන්නෙ.

  42. Ashini Gunawardhana

    Thank you for the wonderful subtitles...!!