Watch Trailer

Boyka: Undisputed IV (2016) with Sinhala Subtitles | ඇතැම් විට ජයග්‍රහණය ද වේදනාකාරීය. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ඊයේ මං ඔයාලට Sleepless (2017) දෙන ගමන් පොරොන්දු උනා වගේ අද ඔන්න ගොඩක් අයගේ ඉල්ලීම ඉෂ්ට කරන්නUndisputed කතා මාලාවේ සිව්වැන්න වන Boyka: Undisputed (2016) චිත්‍රපටයේ උපසිරැසිය අරං එනවා මගේ දහනව වන උපසිරැසිය විදිහට. මේ කතාව ගැන අහලා නැති action ෆිල්ම් බලන අය එහෙම ඉන්නවද? නෑ නේද? ඉන්නවා නම් ඔ…

හරි එහෙනම් ඊයේ මං ඔයාලට Sleepless (2017) දෙන ගමන් පොරොන්දු උනා වගේ අද ඔන්න ගොඩක් අයගේ ඉල්ලීම ඉෂ්ට කරන්නUndisputed කතා මාලාවේ සිව්වැන්න වන Boyka: Undisputed (2016) චිත්‍රපටයේ උපසිරැසිය අරං එනවා මගේ දහනව වන උපසිරැසිය විදිහට. මේ කතාව ගැන අහලා නැති action ෆිල්ම් බලන අය එහෙම ඉන්නවද? නෑ නේද? ඉන්නවා නම් ඔක්කොටම කලින් සරමක් ඇඳන් ඔලුවෙන් හිට ගන්න. ලොල්. පොඩි ජෝක් එකක් දැම්මේ හරිද? හම්මේ.. මේකේ උපසිරැසිය කරන්න වෙලාවක් හොයා ගන්නත් වෙලාවක් නැති උනා. අන්තිමේදී ඊයේ රෑ නින්ද කැප කරලා සෑහෙන්න කොටා ගත්තා. ඉතුරු වෙලා තිබ්බ දෙබස් 120 ඔන්න අද උදේ වැඩට එන ගමන් බස් එකේ කෙටුවා. දැන් මේ ලිපිය ලියන්නේ කැන්ටිමේ ඉඳලා.

පළවෙනි කොටස් 3 බලලා නැති ඈයෝ ඉන්නවා නම් ඩොන්ගලේ බිල ගෙවල ඒ 3 බලල ඉන්නකෝ. මේ කතාව ගැන කියන්න කලින් මේක මට දුන්න විමා සහෝට එකෙන්ම ස්තූති කරන්න ඕන. මේක මං බුවාගෙන් ඉල්ලා ගත්තේ සෑහෙන කාලයකට කලින්. ඔන්න එහෙනම් කතාව කෙටියෙන්. අපේ බොයිකා අයියා ගැන (Scott Adkins) ඔයාල දන්නවනේ. මිනිහ පහුගිය කතාවේ නම් තමන් එක්ක ගහගත්ත හිර කාරයන්ට සැලකුවේ අම්මාට තාත්තට සලකනවා වගේ හරිම ආදරෙන් මුරුංගා කඩනවා වගේ අත පය කඩලා. හික්ස්. මේ කතාවේ නම් කොල්ලා පොඩ්ඩක් විතර මානුෂීය වෙලා තියනවා. තමන්ගේ ආගමට ටිකක් වැඩිපුර කිට්ටු වෙලා.

මොනා උනත් මිනිහ අතින් සටනකදී වික්ටර් (Emilien De Falco) කියලා පොරක් යටියන්තොට යනවා. හැබැයි බොයිකා මේ දේ කරන්නේ හිතා මතා නම් නෙමෙයි. වැරදිලා. ඒත් ඉතිං මලාට පස්සේ කවර කතාද? එහෙම කවර කතා කියලා බෑ. බොයිකට ඕන තමන් කරපු වරදට වික්ටර්ගෙ නෝනාගෙන්, ඒ කියන්නේ එල්මා ගෙන් (Teodora Duhovnikova) සමාව ගන්න. ඉතිං මේ දේ කරන්න බොයිකා තමන්ගේ අනිත් සටන් පැත්තකට දාල හොර පාස්පෝට් එකකුත් හදන රුසියාවට ඒ කියන්නේ තමන් උපන් රටට යනවා. ඒ වෙනකොට වික්ටර්ගෙ නෝනට සූරබ් (Alon Abutbul) කියන ජරා ක්ලබ් කාරයෙක් ලයින් දාල ඉවරයි. මිනිහට ඕන වික්ටර් වගේම එල්මා එයාගෙන් ගත්ත ණය පියවන්න එල්මාව තමන් ගාවට ගන්න. ඉතිං මේ අසාධාරණයට එරෙහි වෙන බොයිකාට සිද්ධ වෙනවා සටන් කිහිපයක් ඔට්ටු අල්ලලා එක දිගට දිනන්න, එල්මා වෙනුවෙන්. අන්තිම සටන නම් බලන්නම වටිනවා.

කතාව ගලාගෙන යන්නේ ඔන්න ඔහොම තමා. Action චිත්‍රපටයක් නිසා මේක කම්මැලි නැතිව බලන්න පුළුවන්, අනික බොයිකා කියන්නේ ඇත්තටම සටන් කලාව ඉගෙන ගත්ත සටන් ගුරුවරයෙක්නේ. මිනිහගෙන් කෑවොත් නම් මොන ලේප ගෑවත් මාසයක් විතර ඇඳේ ඉන්න පුළුවන්. එහෙනම් කට්ටිය කතාව බලන්න. මේ කතාවේ IMDb අගය 8.1ක් වෙනවා. සෙල්ලං නෑ නේද? කතාව අධ්‍යක්ෂණය කලේ Todor Chapkanov කියලා කෙනෙක්. මං එහෙනම් දැන් කැන්ටිමෙන් මගේ සීට් එකට යන්න ඕන වැඩ තියනවා. ඔයාල හැමෝටම ලබන්නාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙන්න කියලා බොක්කෙන් වගේම උණ්ඩුක පුච්ඡන්ම ප්‍රාර්ථනා කරනවා.

 

Shut In (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEb / HD  පිටපත් සඳහා අදාළ වේ.

10,231 downloadsDownload Boyka.Undisputed.4.2016.up_.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

10,231 downloadsDownload Subtitles40 KB

79 comments

  1. Pasindu Bhanuka

    first download and first comment ....,meka enawa kiyala ahapu dawase idan me film eka wenuwen balan hitiya...,thanx verymuch mc sub ekata...,

  2. tharuka priyadarshana

    Meka enakam balan hitiye. Bohoma sthuthi saho sub ekata.

  3. Lakshan

    Thanks Bro.

  4. Dilan

    Thanks saho.

  5. Nimal

    Elakiri mcn

  6. Ruwinda Madhumal

    ko mcn meke link eka

  7. saminda

    thnx kollo

  8. Gathsara Umesh Kumara

    Niymyi niyamyi......ikminm 20 weni upasuresiyen hamuwemoo...jayawewaaa....

  9. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  10. Tharindu

    Meke subtitles awul

  11. Sathsara Jayanga

    Thanx machan sabata. Thama meke blueray ripak nadda bn? Apu gaman update parak diyan honda eka wage

  12. පැතුම් චතුරංග

    තද තද චාමි..
    සුපිරි ආ...
    උපසිරැසිය තැන්කු වේවා....

  13. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    කිවුවා වගේම ඉකමනටම දුන්න නේද සහෝ.. පට්ට බන්. මේ ෆිල්ම් එක බලන්නෙම බොයිකාගේ ෆයිට් ටික බලන්ඩමයි..
    ජය වේවා..බුදුසරණයි..

  14. අසිත

    elama saho thanks

  15. Carter VII

    thanx machan ela.....!

  16. Ravindu Rukshan

    thx chamika aiye

  17. Udara Cooray

    ස්තූතියි සහෝ

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    CHAMIKARA saho obatath,….Labannawu nawa wasara
    kiriyen peniyen piri,
    samaya sathuta raja karana,
    leda dukin thora,
    wedi wediyen lebena,
    Suba Aluth awruddak wewa……

  19. විමා

    උපසිරසට බොහොම ස්තුතියි චාමි
    අදනම් හෙන කට්ටක් කාල වගේ :D

    1. Chamikara Vidanage

      කෑවා කියන්නේ නෑවා.. ලොල්

  20. Suneth Ashen Weerasinghe

    ස්තුතියි සහෝදරයා, සුභ අලුත් අවුරුද්දක් වේවා.!

  21. dinesh

    thanks bro....

  22. චින්තක

    බොයිකා ඉන්න ෆිලුමක් කියන්නේ ඉතින් අහන්න දෙයක් නෑ . පට්ට ෂොට් බන් තියෙන්නේ . එක ෂොට් එක දහපාරක් විතර බලනවා . ජයවේවා චාමි කොල්ලෝ

  23. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  24. prdaeep madusanka

    1,2,3 baiscope ake dila thiyenawada

  25. සචිත් ලක්ෂාන්(සචී)

    බොහොම ස්තුතියි චාමිකර අයියා උපසිරසියට..
    ජය වේවා..!

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. M.T.Thashmila Nimnajith

    Ela bro .Happy New Year

  28. Danushka

    Thanxx. Happy new year bro

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. තිසර

    සුපිරි සහෝ සුබ එකට

  31. dilan lakmal

    Niyami sahodaraya.supiri film ekak.den bana gaman inne.balala kiyannamko visthare.thanks sub ekata.ela

  32. loki

    sub wada karanne na, denawanam hariyata denna barinam nikan inna

    1. Kavinda Banuka Athukorala

      Ai bn pukn ka gahnne ? Wada nattm nikm hitapm ape wada

  33. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  34. Lahiru W

    Thanks for Sinhala subtitle.

  35. charith vishwa

    ela saho
    සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව....
    ජයවේවා..

  36. podda

    Machan, thankx sub ekata. eth mage lap eke sub eka wada karanne na machan. sinhala front eka neme enne. nikan symbal wage ekak. eth wena film wala sub wada. godak asawen balan hitapu film ekak machan. balanna bari unama dukai. kauru hari mata help ekak diyanko mekata moko karanne kiyala. loku udawwak.

    1. Chamikara Vidanage

      ආපහු ගන්න. මම ෆෝමැට් එක හදලා අලුතින් දැම්මා. සමාවෙන්න. ජය.!!!

    2. Podda

      adeee. godak thankx kollo. ikmnata fixed karala dunnata. jayen jayama wewa. baiscope ekatath ubatath subama suba aluth awruddak wewa. JAYA...

    3. kavindu rathnayake

      බොහොම ස්තුතියි මචෝ...මටත් ඔය ලෙඩේම ඇවිත් තිබුනෙ..දැන් වැඩේ හරි...බඩු වැඩ...

  37. AJ

    Thanks man...

  38. මේනක...

    supirima kathavak patta sub ekata thanx

  39. Nchamara

    Thanks...

  40. Nira

    Any body can share a torrent link

  41. Sandeepa

    බොහෝම ස්තුතියි සහෝ

  42. Web-බුවා

    උපසිරැසියට බොහොම ස්තූතියි ලොක්කා! :D :P
    පට්ට විදිහට busy time එකක් තමා මේ ගෙවන්නේ. ඔන්න ගොඩ කාලෙකට පස්සේ අද තමා site එකට ආවේ.
    ඉතිං එහෙනම් දැන් වැඩිය මොකුත් කියන්නේ නෑ.

    බයිස්කෝප්වාසී සියලු දෙනාට ලැබුවා වූ අලුත් අවුරුද්ද ජය සතුටින් පිරි සුභ සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    වෙනදා වගේම කියනවා හැමෝටම,
    ජය! :)

    1. Chamikara Vidanage

      ඒත් මං බැලුව මොකෝ සද්ද නැත්තේ කියලා. මාත් හරිම අමාරුවෙන් තමා මේක කරන්න වෙලාව හොයා ගත්තේ. ඉතිං පුංචි පුංචි අඩුපාඩු ඇති. බ්ලූ රේ ආවම ආපහු එකෙන්ම අප්ඩේට් කරන්න ඕන.

  43. බණ්ඩාර

    ස්තුතියි.. ජයවේවා..

  44. Chathuranga

    Fatta film eka... E wagema sub ekatath thnx... Commando 2 film ekath dennako sub ekka...
    Obata jaya!!!

  45. ravindu dananjaya

    plz help mee i cant find link

    1. Chamikara Vidanage

      ඔයා කැමති නම් මට FB මැසේජ් එකක් දාන්න. මම ලින්ක් එක දෙන්නම්. නැත්නම් එක්ස්ට්‍රා ටොරන්ට්ස් (extratorrents) සයිට් එකෙන් ගන්න පුළුවන්.

  46. praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

  47. Nüwäñthå Dúlån

    thanks saho

  48. Amila Mudalige

    Sub ekta Thanks saho

  49. silent$

    Thnxxxxxx

  50. Damith

    thankzz mcn sub ekata

Load more comments