මාර්ෂල් ආට්ස් කිව්වාම, නව පරපුරේ නොදන්න කෙනෙක් ඉන්න බැහැ මං හිතන්නේ. ඒ තරමටම මේ මාර්ෂල් ආට්ස් කියන සටන් කලාවට අපි කැමැත්තක් දක්වනවා. ඉතිං, මාර්ෂල් ආට්ස් සටන් කලාව පදනම් කරගනිමින් බිහිවුණු, එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේ වතාවේ තෝරගත්තේ. ඒ වගේම මුලින්ම කියන්නම්, නිකමට වගේ පොඩ…

මාර්ෂල් ආට්ස් කිව්වාම, නව පරපුරේ නොදන්න කෙනෙක් ඉන්න බැහැ මං හිතන්නේ. ඒ තරමටම මේ මාර්ෂල් ආට්ස් කියන සටන් කලාවට අපි කැමැත්තක් දක්වනවා. ඉතිං, මාර්ෂල් ආට්ස් සටන් කලාව පදනම් කරගනිමින් බිහිවුණු, එක හුස්මට බලලා ඉවරයක් කරන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේ වතාවේ තෝරගත්තේ. ඒ වගේම මුලින්ම කියන්නම්, නිකමට වගේ පොඩ්ඩක් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹලම මේ ලිපිය කියවන්න ගන්නකො. 😀
2016 වර්ෂයේ නොවැම්බර් මස දෙවෙනිදා නිල වශයෙන් චිත්‍රපටය නිකුත් වුනත්, ඇමරිකාවෙදි තිරගතවෙන්න නියමිතව තියෙන්නෙ, 2017 වර්ෂයේ මැයි මස 5 වෙනිදා. විශේෂයෙන්ම කියන්න ඕනේ, මේක R කාණ්ඩයේ චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාවටම ප්‍රචණ්ඩත්වය ගැබ් වෙලා තියෙනවා. ඒ ඇරෙන්න මේක තනිකරම ක්‍රියාදාම වර්ගයට අයත් චිත්‍රපටයක්. චිත්‍රපටය ගත්තොත්, බොහෝ වශයෙන්ම අන්තර්ගත වෙන්නේ ක්‍රියාදාම. ඒ නිසාම මේ වෙද්දී Imdb දර්ශකයේ 5.3 ක අගයක් තමයි සනිටුහන් වෙන්නේ. නමුත්, එක දෙයක් විශ්වාසයෙන් කියන්න ඕනේ. සටන් ජවනිකා වල ගුණාත්මක බාවය පිළිබඳව නම් බිඳුවක් වත් සැකයක් තියාගන්න එපා. චිත්‍රපටය පුරාවටම ඉහලම ගුණාත්මක භාවයක් සහිතව ක්‍රියාදාම ජවනිකා අන්තර්ගත වෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ, චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන Amy Johnston පිළිබඳව. නමින් කිව්වට නම් ගොඩක් දෙනෙක් දන්නේ නැතිව ඇති. නමුත්, Iron Man 3 (2013), Captain America: The Winter Soldier (2014), Suicide Squad (2016), Deadpool (2016) මෙන්ම ඉදිරියේදී නිකුත්වීමට තිබෙන Deadpool 2 (2018) යනාදී චිත්‍රපට සඳහාද, Agents of S.H.I.E.L.D. රූපවාහිනී කතාමාලාව සඳහාද, Rise of the Tomb Raider (2015), Uncharted 4: A Thief’s End (2016), Spider-Man (2017) යනාදී පරිඝනක ක්‍රීඩා සඳහාද, ක්‍රියාදාම දෘශ්‍ය ප්‍රයෝග දර්ශන සඳහා රංගනයෙන් දායක වුණු කෙනෙක් තමයි මේ Amy Johnston කියන්නෙ. ඒ නිසා, මං කලින් කිව්වා වගේ, මේ චිත්‍රපටයේ ක්‍රියාදාම ජවනිකා පිළිබඳව නම් අංශු මාත්‍රයකවත් සිතේ සැකයක් තියාගන්න එපා.
ජේන් ජෝන්ස් කියන්නෙ අවන්හලක සේවය කරන්නාවූ සේවිකාවක්. නමුත්, ඇයගේ පියාගේ ආභාෂය නිසාම සටන් කලාව හදාරා තිබෙනවා. නමුත්, ජේන් කුඩා කාලයේදීම, මාරක සටන් තරඟාවලියක් සඳහා හොං-කොං බලා පිටත්ව යන්නාවූ ජේන්ගේ පියා, නැවත කිසිදා පැමිණෙන්නේ නැහැ. වසර ගණනාවක් ගෙවිලා යනවා. අවන්හලේ රැකියාවේ යෙදී සිටින අතර වාරයේදී ඇතිවෙන්නාවූ හදිසි කලබැගෑනියක් හේතුවෙන් ජේන් සිය මව්බිමට සමුදී, කාලයක් තිස්සේ සිය ආත්මයට වධ දුන්, සිය පියාගේ ඉරණම කුමක් වීදැයි සොයා හොං-කොං බලා පිටත්ව යනවා. ඇය මේ සූදානම් වෙන්නේ, සිය පියා සහභාගී වූ, ඒ අති බිහිසුණු සටන් සංග්‍රාමයට සහභාගී වන්නටයි. ජීවිතය පරදුවට තබා, ජීවිතයත් මරණයත් අතර දෝලනය වන්නාවූ මාරක සටන් සංග්‍රාමයකට සහභාගී වන්නාවූ සුරූපී තරුණියගේ ඉරණම කුමන ආකාරයකට විසඳේවිද…? එහෙනම් ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවෙමු.
ලබන්නාවූ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද, බයිස්කොප්වාසී සියළුම දෙනා හට, සාමය සතුට සපිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා!!!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබාදී ඇති උපසිරැසිය, සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
2,046 downloadsDownload Lady-Bloodfight-2016.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
17 comments
Kantha_DLA
Pasindu Bhanuka
Thanx for the sub.
CHANNA
thnx macho
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
ජය වේවා..බුදුසරණයි..Chalana
thnx bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SiISILA saho obatath,....Labannawu nawa wasara
kiriyen peniyen piri,
samaya sathuta raja karana,
leda dukin thora,
wedi wediyen lebena,
Suba Aluth awruddak wewa……චින්තක
ලොක්කා උබ දුන්නොත් ඉතින් සුපිරි ෆිලුමක් නොවැ දෙන්නේ . මෙන්න බාගත්තා . ජයවේවා ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akalanka
Thnx ..........
nirosha
සාමය සතුට සපිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා!!!
Amila Mudalige
Sub ekta Thanks saho. Obatath Esema Wewa!!!
Pulasthi Neranjan
tnx bro
Damith
sub ekata thankzz bro
ravindu prabashwara
Sub එකට thanks
sampath n perera
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
madhusankha
Thanks bro......
Rukshan37
Ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.