ෆිලුමක් අරගෙන මම ඉක්මනටම ආවා.කලින් වතාවේ කිව්ව විදියටම මේක මලයාලම් ෆිලුමක්.තවත් මලයාලම් සුපිරි නළුවෙක් වෙන Nivin Pauly වගේම, ජේෂ්ඨ මලයාලම් නළු නිලියන් කීපදෙනෙක්ම මේ ෆිලුමට රංගනයෙන් දායකවෙලා තියෙනවා.මේක ආදර කතාවක්නම් නෙවෙයි.කතාවේ තියෙන්නේ ලන්ඩන්වල ජීවත්වෙන මලයාලම් අය කිහිපදෙනෙක්ගේ ජීවිත ගැනයි.ඒ වගේම…
ෆිලුමක් අරගෙන මම ඉක්මනටම ආවා.කලින් වතාවේ කිව්ව විදියටම මේක මලයාලම් ෆිලුමක්.තවත් මලයාලම් සුපිරි නළුවෙක් වෙන Nivin Pauly වගේම, ජේෂ්ඨ මලයාලම් නළු නිලියන් කීපදෙනෙක්ම මේ ෆිලුමට රංගනයෙන් දායකවෙලා තියෙනවා.මේක ආදර කතාවක්නම් නෙවෙයි.කතාවේ තියෙන්නේ ලන්ඩන්වල ජීවත්වෙන මලයාලම් අය කිහිපදෙනෙක්ගේ ජීවිත ගැනයි.ඒ වගේම එයින් පරිබාහිරව ඔවුන්ට මුහුණපාන්න වෙන ප්‍රශ්න සහ ඔවුන් ඒ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදෙන විදිය ගැන තමයි මේකෙන් කියවෙන්නේ.
ෆිලුමේ මූලිකවම පුද්ගලයින් පස් දෙනෙක් ගැන කියැවෙනවා.ශන්කරන් කියන්නේ කතකලි නර්තන ශිල්පියෙක්,මෙයා සංචරාක වීසා වලින් එංගලන්තයට ඇවිල්ලා නීති විරෝධිව නැවතිලා ඉන්න කෙනෙක්,කෝකියෙක් විදියට ලන්ඩන්වල වැඩ කරනවා.සරසු(සරස්වතී) කියන්නේ මැදි වයසේ කාන්තාවක්,එයාගේ සැමියා වෛද්‍යවරයෙක්.මොවුන්ට දරුවන් දෙන්නෙක් ඉන්නවා.ජෝයි කියන්නේ ලන්ඩන් නගරයේ කුඩා කඩයක ව්‍යාපාර කරන කෙනෙක්.මෙයාගේ බිරිඳ හෙදියක්.තරුණ දුවක් මේ දෙන්නට ඉන්නවා.ජෝයි බොහොම ආදරයෙන් තමන්ගේ වයසක අම්මව ගෙදර තියාගෙන බලාගන්නවා.සිබින් කියන්නේ ඉන්දියාවෙන් පිට ඉපදුනු කෙනෙක්.මෙයා තමන්ගේ පවුලේ අයගෙන් වෙන්වෙලා ජීවත්වෙන තරුණයෙක්.පෞද්ගලික ආයතනයක සේවය කරනවා.මෙයාගේ යාළුවගේ බිරිඳ තමයි ගෞරි.එයා අලුතෙන් විවාහවෙලා තමයි ලන්ඩන්වලට ඇවිල්ලා ඉන්නේ.ඉතින් මේ අය සහ එයාලගේ සමීපතමයන් ගැන තමයි ෆිලුමේ තියෙන්නේ.මුලින්ම මේ හැමෝම වගේ බොහොම සතුටින් ජීවත් වෙනවා.ඒත් පස්සේ මේ හැමෝටම එක එක ආකාරයේ ප්‍රශ්නවලට මුහුණදෙන්න සිද්දවෙනවා.ඒ වගේම මේ පුද්ගලයන් අතර අලුත් සම්බන්ධතා ගොඩනැගෙනවා.මේ දේවල් හමුවේ මේ අය ගන්න තීරණවලින් එයාලගේ ඉදිරි ජීවිතය යොමුවෙන්නේ කොහෙටද කියන එක තීරණය වෙනවා.ඒ වගේම අන්තිමට අපි නොහිතන විදියේ දේවල් අපිට මේකෙන් දකින්න වෙනවා කිව්වොත් නිවැරදියි.
ඇත්තටම කිව්වොත් මේක බලාගෙන යද්දී මේක සරල සිද්දි කිහිපයක් තියෙන ෆිලුමක් කියලා තේරේවි.ඒත් අපි ගන්න තීරණ අපේ ජීවිතයේදී කොච්චර වැදගත් සාධකයක්ද,ඒ වගේම ඒවා අවශ්‍ය තැනදීම ගන්න ඕනේ කියන පණිවුඩය මේකෙන් ලබා දෙනවා.මේක 2012දි තිරගතවුන එකක්.ඒ නිසා සක්‍රිය ටොරන්ට් එකක් නම් හොයාගන්න බැරිවෙයි.ඒත් ඒකට විකල්පයක් විදියට YouTube එකේ තියෙන පිටපත බාගන්න ඔයාලට පුළුවන්.” Malayalam Full Movie 2016 ENGLISH – Malayalam Full Movie New Releases malayalam hd movies ” කියලා YouTube search (Google නෙවෙයි කෙලින්ම YouTube search කරන්න) කලාම ලැබෙන පළවෙනි වීඩියෝ පිටපත බාගන්න.මේක මගේ නවවැනි උපසිරැසි නිර්මාණය.වෙනදා වගේම කියන්න තියෙන්නේ උපසිරැසිය ගැන කියන්න තියෙන අදහස්,යෝජනා,චෝදනා,දිරිගැන්වීම් කියන ඕනෙම දෙයක් පොඩි වෙලාවක් අරගෙන කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න කියලා.ඒක ඇත්තටම අපිට ගොඩක් වටිනවා! ඉතින් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.
එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Youtube පිටපත සඳහා අදාළ වේ.
713 downloadsDownload English-An-Autumn-in-London-2012.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
13 comments
SPD
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Chalana
thnx bro...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..thawa malayalam film denna....digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pradeep
මචන් Prithviraj sukumaranගේ Ezra(2017) ෆිල්ම් එකට සබක් දෙන්නකෝ
එල්.සී. දමැල්
Thanks
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Mahesh
Sub ekata thanx
කමල් දේශප්‍රිය
බොහොම ස්තුතියි මචන් සබට. සබ් එකේ ඩවුන්ලෝඩ් කරලා තියන ප්‍රමාණය දැක්කාම පොඩි කනගාටුවක් එනවා මේ වගේ ජීවිතේට දෙයක් ගන්න තියන ෆිල්ම් එකක් ඇයි නොබලන්නේ කියලා. අපේ අය ගොඩක් කැමතියි ඉතින් පාරක් ගහපුවම අඩි සීයක් විතර උඩ ගිහින් වැටෙන ඒවා බලන්නනේ මොනවා කරන්නද. කොහොමටත් අනිත් ෆිල්ම් වලට සාපේක්ෂව මලයාලම් ෆිල්ම් වල ඩවුන්ලෝඩ් ප්‍රමාණය අඩුයි. මම හිතන්නේ තවම අපේ අයට මලයාලම් ෆිල්ම් නුහුරු නිසා වෙන්න ඕන. කාලෙත් එක්ක අපේ අය මලයාලම් ෆිල්ම් වලටත් පුරුදු වෙයි. එතෙක් ඔබගේ සබ නිර්මාණය කිරීමේ උත්සාහය අත් නොහරින මෙන් ඉල්ලා සිටිනවා. ඔබට ජය ප්‍රර්ථනා කරන අතරම ඉදිරියටත් මෙවැනිම චිත්‍රපට සඳහා උපසිරසි අප වෙත ගෙන ඒමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා සහෝ. පුළුවන් නම් මේ මලයාලම් ෆිල්ම් එකටත් සබක් කරලා දෙන්න මචන්.
ABY(2017)malith
Ela ela
Gandhaka Indrajith
thanks for the subtitle
Thamanna
ELa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න එහෙනම් අද තරිඳු රසාංගගේ සබට පළමු කොමෙන්ට් එක මගෙන්. බොහොම ස්තුතියි සහෝ සබට. වෙනදා වගේ ඉතින් අදත් කියන්න තියෙන්නේ මලයාලම් ෆිල්ම් සිංහල උපසිරසිත් එක්ක බලන්න ලැබෙන්නේ උඹ නිසා කියලා තමයි. ජයවේවා. දිගටම සබ් දෙමු හොඳේ.