“උඳුවප් සීතල තරුණ පෙම් යුවලට ගණනක් නැති සේය. ඔවුන්ගේ ප්‍රේමාලිංගනයේ අවසානය, “සයනයක්” වූ කුඩා නිල් පැහැති මෝටර් රථයේ ඉදිරිපස අසුනයි. තරුණියගේ නිරාවරණය වූ උඩුකය මත තරුණයාගේ දෙතොල් රඟ දෙයි. “මට දැනෙන දේ ඔයාටත් දැනෙන්න ඕනේ” ඒ තරුණියගේ මිමිනුමයි. ඇගේ ඉල්ලීම පැහැදිලිය. තරුණියගේ දෑත් තරුණයා ඇඳි කලිසමෙහි බ…

“උඳුවප් සීතල තරුණ පෙම් යුවලට ගණනක් නැති සේය. ඔවුන්ගේ ප්‍රේමාලිංගනයේ අවසානය, “සයනයක්” වූ කුඩා නිල් පැහැති මෝටර් රථයේ ඉදිරිපස අසුනයි. තරුණියගේ නිරාවරණය වූ උඩුකය මත තරුණයාගේ දෙතොල් රඟ දෙයි.

“මට දැනෙන දේ ඔයාටත් දැනෙන්න ඕනේ” ඒ තරුණියගේ මිමිනුමයි.
ඇගේ ඉල්ලීම පැහැදිලිය. තරුණියගේ දෑත් තරුණයා ඇඳි කලිසමෙහි බඳපටිය කරා දිවෙන්නට විය. එක්වරම කලබල වූ තරුණයා, තරුණිය කෙරෙන් ඉවත් විය.

“ඉක්මනින්ම. මං පොරොන්දු වෙනවා.”

-1993 දෙසැම්බර් 31-
නව අවුරුදු උදාවට දිනක් තිබියදී, නෙබ්‍රස්කා, හම්බෝල්ඩ්ට් ග්‍රාමයේ නිවසක් තුල අමානුෂික ලෙස ඝාතනය වූ තරුණියක් සහ තරුණයන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවේ. ඔවුන් පිළිවෙලින්, ගෙලෙහි වෙඩි පහරක් සහිතව මිය ගොස් සිටි 22 හැවිරිදි පිලිප් ඩිවෙයින්, ඇසෙහි වෙඩි පහරක් සහිතව මිය ගොස් සිටි එක්දරු මවක් වන 24 හැවිරිදි ලීසා ලැම්බට් සහ නිකටේ වෙඩි පහරක් හා උදරයේ පිහි ඇනුම් සහිතව මිය ගොස් සිටි 21 හැවිරිදි බ්‍රැන්ඩන් ටීනාය. පොලිස් පරීක්ෂණ මඟින් ඝාතනය වූවන්ගේ සමීප මිතුරන් දෙදෙනෙකු වූ ⁣24 හැවිරිදි ජොන් ලොටර් සහ මාවින් තෝමස් නීසන් හෙවත් ටොම් යන අයව අත්අඩංගුවට ගැනේ. ඔවුන් මේ ඝාතන සිදු කළේ ඇයි?

-1993 දෙසැම්බර් 25 ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය-
චාල්ස් ලෝක්ස් නම් ෂෙරිෆ් ඉදිරිපිට බියෙන් සහ තැතිගැන්මෙන් වාඩි වී සිටින තරුණියකි. තමාට සිදු වූ අතවර පිළිබඳ ඇගෙන් වන ප්‍රශ්න කිරීමකි. ෂෙරිෆ්වරයාගේ ප්‍රශ්න කිරීම (යූටියුබ් හි Sheriff Charles Laux Demeaning Interrogtaion Of A Transgender Person නම් 6.37 ක ධාවන කාලයකින් යුතු වීඩියෝව නරඹන්න) ඇයට සාධාරණයක් සිදු වුනාද? ඇයට අතවර කළේ කව්ද? එසේ වූයේ ඇයි?

-1993 දෙසැම්බර් 24 පස්වරුව-
ක්‍රෝධය ජෝන් සහ ටොම් වෙලා ඇත!. ඔවුන් තමන්ව රැවටූ, රැවටිලිකාරයාට “නිසි දඬුවම” ලබා දී ඇත. විශේෂයෙන්ම තමාගේ කලින් පෙම්වතිය, ලානා ටිස්ඩේල්, වංචාකාරයෙකුට හසු වීම නිසා ජෝන් දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය. ඔවුන් අතින් දූෂණයට සහ වධහිංසනයට ලක්වූ තරුණියක්, ඔවුන් ඉදිරියේ වැටි සිටියි. ඇයට කළ තර්ජනය, “උඹ නිහඬව සිටිනතාක්, අපිට මිතුරන් ලෙස සිටිය හැක!” ජෝන් සහ ටොම්ගෙන් මිදී, අධික ශීතල මැද, සැතපුමක් පමණ ඈතින් වූ ඇගේ මිතුරියකගේ නිවසක් වෙත ඇය පලාගියයා! මේ තරුණිය කව්ද? ඇය නිහඬව සිටියාද?

-1993 දෙසැම්බර් 19-
වාහන සොරකම, ක්‍රෙඩිට් කාඩ් වංචා වැනි ක්‍රියා සම්බන්ධ අපරාධ ක්‍රියා වෙනුවෙන් නඩු ගොනු වී තමා උපන් ප්‍රදේශය වන ලින්කන් හි උසාවිය මඟහරිමින් සිටි බ්‍රැන්ඩන් ටීනා නම් 21 හැවිරිදි තරුණයා, ව්‍යාජ ලිපිලේඛන භාවිතා කිරීම වෙනුවෙන් අත්අඩංගුවට පත්ව, නෙබ්‍රස්කා ප්‍රාන්ත උසාවියට ඉදිරිපත් කළ දිනකි. පොලිසිය මඟින් කළ පරීක්ෂා කිරීම් වලදී, බ්‍රැන්ඩන් ටීනා නම් වූ මේ තරුණයා, ලිනිකන් හී පදිංචි, යම් යම් අපරාධ සම්බන්ධව පොලිස් පොතේ නම ලියැවුණු, ටීනා බ්‍රැන්ඩන් නම් තරුණිය බව අනාවරණය විය! ඉතින් කඩවසම් තරුණයෙකු කාන්තා සිරමැදිරික් තුළ සිටීමම, නෙබ්‍රස්කා වැනි කුඩා ගමක අරුම පුදුම පුවතක් වූවාට සැක නැති! ටීනා බ්‍රැන්ඩන්, බ්‍රැන්ඩන් ටීනා වූයේ ඇයි?

*******************************************************************

1972 දෙසැම්බර් 12, ලින්කන්, නෙබ්‍රස්කා හි පදිංචි ජොඈන් බ්‍රැන්ඩන් සහ පැට්‍රික් බ්‍රැන්ඩන් යුවලට දාව උපන් හුරුබුහුටි දෙවන දියණිය ටීනා බ්‍රැන්ඩන් නමින් නම් කළාය. ඒ පවුලේ දියණියන් දෙදෙනෙකි. ඒ ටැමී සහ ටීනාය. ටීනා ඉපදීමට මාස 8 කලින් ඇගේ පියා අනතුරකින් ජීවිතක්ෂයට පත් වන අතර, ජොඈන් සිය දරු දෙදෙනාද රැගෙන, ලින්කන් හී සිය මව වෙත ගියාය. ටැමී සහ ටීනා කුඩා කල සිය මාමා කෙනෙකු අතින් කිහිපවරක්ම අතවරයට ලක්ව ඇත. ටීනා කුඩා කල සිටම පිරිමි ළමයෙකු ලෙස හැසිරීමට විශේෂ කැමැත්තක් දක්වා ඇත. සිය ළැම පෙදෙස රෙදිකඩකින් වසාගෙන පිරිමියෙකු ලෙස හැසිරීමට උත්සහ කළාය. ක්‍රමයෙන් තුරුණු වියට පා තබන ඈ කොල්ලන් කරන සියලුම දේ කිරීමට උත්සහ කළාය. වාහන සොරකම් කිරීම, මුදල් සොරකම වැනි නීති විරෝධි ක්‍රියා නිසා සිය නම ඉදිරියේ නඩු ගොනු වන්නට විය. පෙනුමින් කොල්ලෙකු වීමට උත්සහ කළත්, සියලු වාර්ථා වල සඳහන් වූයේ ඔහුගේ (ඇයගේ) සැබෑ නමය. එනම් කාන්තාවක් බවය. මෙනිසාම ශෛල්‍යකර්මයකට පවා මුහුණදීමට සූදානමින් සිට ඇත.

නොයෙකුත් හැලහැප්පීම්, නීතිමට ගැටලු මැද 1993 නෙබ්‍රස්කා හී, ෆෝල්ස් සිටී වෙත සංක්‍රමණය වන බ්‍රැන්ඩන්ගේ අනන්‍යතාව කවුරුත් දැන සිටියේ නැත. මේ කඩවසම් කොලුවා හට කාන්තාවන් හා මිතුරු වීමට විශේෂ හැකියාවක් තිබී ඇත. වරක් ඔහු ආශ්‍රය කළ තරුණියක් පැවසුවේ, ඔහු තරුණියන්ගේ සිතුම් පැතුම් හොඳින් හඳුනන අයෙකු බවයි.

ෆෝල්ස් සිටී සංක්‍රමණයෙන් ටික කලකට පසු හඳුනාගන්නට ලැබෙන ජෝන් ලොටර්, මාවින් තෝමස් නීසන් හෙවත් ටොම්, ලීසා ලැම්බට්, ලානා ටිස්ඩේල් යන මිතුරු කැළ නිසා තමන්ගේ ජීවිතය වෙනස්ම මඟගට යොමු වෙතැයි බ්‍රැන්ඩන් නොසිතන්නට ඇත. මේ සෙල්ලක්කාර කොලුවා ඉක්මනින්ම ලානා ටිස්ඩේල් නම් 18 හැවිරිදි සුරූපිනිය හා හාදකමක් ඇති කරගත්තේය. නමුත් ලානාගේ කලින් පෙම්වතා වූ ජෝන් මේ පිළිබඳ නොසතුටින් ඉන්නට ඇත.

සියල්ල ඉතා ඉක්මනින් සිදු විය, කූට ලේඛන ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ ඔහුගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමේදී මොහු බ්‍රැන්ඩන් ටීනා නොව ටීනා බ්‍රැන්ඩන් නම් තරුණිය බව සනාථ විය. ඔහුගේ පෙම්වතිය ලානා, බ්‍රැන්ඩන් හට ඇප ලබාගැනීමට ගිය අවස්ථාවේ, සිය පෙම්වතා කාන්තා සිරමැදරිය තුළ සිටිනු දැක්මෙන්, තමන් පිරිමියෙකු හෝ කාන්තාවක නොව තමන් “ද්විලිංගිකයෙකු“ බව ඇයට පවසා ඇත. තමන් පිරිමියෙකු වීමේ ශෛල්‍යකර්මයකට මුහුණ දීමට සූදානමින් සිටින බවත් ලානාට පවසා ඇත.

බ්‍රැන්ඩන් සිරගත වීම සහ ඔහුට එරෙහිව ඇති වැරදි සම්බන්ධ පුවත්පත් වල පළ වීමත් සමඟ, නෙබ්‍රස්කා වැනි කුඩා ගමක එම පුවත වේගයෙන් පැතිර යන්නට ඇත. මෙවැනි මාතෘකා ප්‍රසිද්ධියේ කථා නොකරන ඒ යුගයේ, තමන්ගේ නව මිතුරා කොල්ලෙකු නොව කෙල්ලෙකු බව දැනගත් ජෝන් සහ ටොම් කෝපයෙන් වියරු වැටෙන්නට ඇත. තම කලින් පෙම්වතිය ලානා කෙල්ලෙකු හා මිතුරුවීම නිසා විශේෂයෙන්ම ජෝන්ගේ කෝපය ඉවවහා යන්නට ඇත. 1993 දෙසැම්බර් 19 සිට 31දක්වා කාලපරිච්ඡේදය බ්‍රැන්ඩන්ගේ දිවියේ අවසාන දින කිහිපය විය.

බ්‍රැන්ඩන්ගේ සැබෑ දිවියේ ඡායාරූ කිහිපයක්.

ටීනා (වමේ) සිය සොයුරිය ටැමී සමඟ

බ්‍රැන්ඩන් ටීනා

බ්‍රැන්ඩන් සහ ලානා(සැබෑ ජීවිතයේ)

බ්‍රැන්ඩන් සහ ජෝන්

බ්‍රැන්ඩන් ටීනා (සැබැ ජීවිතයේ)

ඝාතනයට ලක්වූ බ්‍රැන්ඩන්, පිලිප්, ලීසා

ඝාතනය සිදු වූ සැබෑ නිවස

ජෝන් සහ ටොම්(සැබෑ ජීවිතයේ)

බ්‍රැන්ඩන් මිහිදන් කළ තැන ස්මාරකය

Lincoln Journal Star 02 Jan 1994

බ්‍රැන්ඩන්ගේ මව සිය “පුතුගේ“ ඡායාරූප සමඟ

******************************************************************

මා ඉහත සඳහන් කළේ, 1999 ඔක්තෝබර් 8 වැනිදා ඩොලර් මිලියන 2 ක පිරිවැයක් දරා ඩොලර් මිලියන 20.7 ක ආදායමක් උපයාගෙන, IMDb අගය 7.5/10 ක් ගෙන, 2000 වර්ෂයේ ඇකඩමි සම්මාන උළලේ හොඳම නිලියට හිමි සම්මානය (Hilary Swank) දිනා ගෙන, තවත් සම්මාන 48 ක් දිනා, සම්මාන 36 කට නිර්දේශ වූ, Boys Don’t Cry චිත්‍රපටියට පාදක වූ සත්‍ය කථාවයි!

ඇත්තටම මේ චිත්‍රපටියට උපසිරස “ඉන්දික (Indika75)“ කියල සහෝ කෙනෙක් කරල තිබ්බ ඉල්ලීමකට. සාමාන්‍ය ලෙස කථාවක් ලෙස මුලින්ම හිතුවත්, චිත්‍රපටිය සහ ඊට පාදක වූ සත්‍ය සිදුවීම සොයා බලද්දී කම්පනයක් දැනුන බවනම් කිව යුතුමයි. සත්‍ය කථාවේ සහ චිත්‍රපටයේ යම් යම් වෙනස්කම් තිබුණත්, අකාලයේ සමුගත් අසරණයෙකුගේ කථාව නරඹන්න කියල මං ආරාධනා කරනවා.

ඉතින් අවසානයේදී, චිත්‍රපටයේ මාතෘකාව “ඔහු ඇඬුවාය“ යනුවෙන් නම් කළේ ඇයි කියලා, චිත්‍රපටිය නැරඹීමෙන් පසුව අවබෝධ කරගන්නට හැකි වේ යැයි මා විශ්වාස කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

4,088 downloadsDownload Boys.Dont_.Cry_.1999.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

4,088 downloadsDownload Subtitles42 KB

25 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. ;)
    ජය වේවා.?

  2. indika75

    මගේ ඉල්ලීම ඉටු කරමින් උපසිරසි පමනක් නොව චිත්‍රපටයට පාදක වූ සත්‍ය සිදුවීම පිලිඹඳව ලබා දුන් ලිපියටත් බොහොමත්ම ස්තුතියි.....

    1. තිසර නියෝ

      ස්තූතියි උපසිරසියට

  3. kuma.lk

    Thank you.....!

  4. jagath55

    Thanks

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ....
    අවුරුද්ද පරණ නිසා කවුරුවත්ම මේකට සබ් දෙන එකක් නෑ කියලා කලින්ම බැලුවා. පුලුවන්නම් දිගටම මේ වගේ පරණ උනත් මග ඇරුන හොද ෆිල්ම් වලටම සබ් දෙන්න සහෝ...

  6. nish47

    Thanks bro
    Jaya wewa..

  7. bLack_sNow

    Thanks saho sub ekata

  8. Suranjan

    Thanks machan......jayawewa......!

  9. Malith Rubasinghe

    " ඔහු ඇඬුවාය " ලිපියෙන් ම තේරුනා..
    සත්‍ය කතාව හොයල දැම්මට Thanks බං..
    උපසිරැසියටත් බොහොම ස්තූතියි..

  10. Shehan Lakitha

    thanks for the sub...

  11. Nimesh

    Super ..machan

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. Nirosh C

    ස්තුතියි හිරන්ත සහෝ.ජයවේවා!

  14. Bandara76

    Thank U very much "Hirantha" Bro..God bless You

  15. saman97

    thanks so much.
    please give the sub for Chunking Express (1994)

  16. Dewadithya

    Thanks for Sub!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Kaveen Gayath

      Thanks for the sub bro

  18. chinthaka_priyadrshana

    Thank U bro...............

  19. AsithaDilruwan

    ela saho thanks

  20. MAALnath

    Thanks ..................good luck .....................

  21. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි

  22. HasithaMAX

    ස්තුතී

  23. ශාන් වික්‍රමතිලක

    උපසිරැසිය දාපු දවසෙම ලිපියත් කියවලා, ෆිල්ම් එක බාගත්තට... අද උදේ තමයි ෆිල්ම් එක බැලුවෙ. ෆිල්ම් එක බලද්දි මට මතක්වුනේ නෑ මේක ඇත්ත සිදුවීමක් කියලා. ෆිල්ම් එක ඉවරවෙද්දි තමයි මේක ඇත්ත සිද්ධියක් කියලත් බයිස්කෝප් එකේ තිබ්බ ලිපියත් මතක්වුනේ.
    මාරම අවුල්