ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න අද මම හැමෝම බලාගෙන හිටිය සුපිරි මලයානම් චිත්‍රපටියක් තමා අරන් ආවේ. ඇත්තටම මේක ගේන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. කොහොමහරි ඉක්මණින්ම ඔයාලට මේක අරන් එන්න උපරිම උත්සහා කරා. එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු. උඩ තේමාවෙන්ම හිතාගන්න…

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න අද මම හැමෝම බලාගෙන හිටිය සුපිරි මලයානම් චිත්‍රපටියක් තමා අරන් ආවේ. ඇත්තටම මේක ගේන්න පොඩ්ඩක් විතර පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. කොහොමහරි ඉක්මණින්ම ඔයාලට මේක අරන් එන්න උපරිම උත්සහා කරා. එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමු. උඩ තේමාවෙන්ම හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටය ගලාගෙන යන්නේ කොහොම කෙනෙක් ගැනද කියලා. ඔව් සිහිනයක් පිටිපස්සේ යන තරුණියකට මුහුණ දෙන්න වෙන කරදර බාධක, ඒවා ජයගන්න විදිහ, ඒ වගේම ඇයගේ වීර ක්‍රියා ගැන තමා චිත්‍රපටිය පුරාම දිවෙන්නේ. එකක් කියන්න ඕනේ මේක ඩේටා කපන් , ඩවුන්ලෝඩ් කරලා බැලුවයි කියලා කිසිම පාඩුවක් වෙන්නේ නෑ. ඒ ගැන මම සහතික වෙනවා. මොකද කුතුහලයෙන් පිරුණු කොටස් කිහිපයක්ම චිත්‍රපටියේ ඇතුලත් වෙලා තියෙනවා. චිත්‍රපටිය ගැන කියනවා නම්, imdb මීටරේ 8.2 ක් වගේ ඉහළම අගයක් හිමි වෙලා තියෙනවා ඒ වගේම google පරිශීලක ප්‍රතිචාරත් 94%ක් වගේ ඉහළම අගයක් හිමි වෙලා තියෙනවා.එතකොට ඔයාලට හිතාගන්න පුළුවන්නේ. එහෙනම් කතාව පැත්තට හැරෙමු.
පල්ලවී කියන්නේ, පොඩි කාලේ ඉදන්ම ගුවන් නියමුවරියක් වෙන්න හීන දකින තරුණියක්. ඉතින් මේ හීනය එයාගේ හිතට කා වැදෙන්නේ තමන්ගේ පාසලේ ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට පෙළපාලියකට සහභාගී වෙන්න වෙන රටකට ගුවන් ගමනින් යන්න සහභාගී වෙන අවස්ථාවේ.ඉතින් කොහොම හරි එයාගේ තාත්තත් මේ හීනය හැබෑ කරන්න පුළුවන් තරම් උත්සහා දරනවා. ඔන්න ඔය විදිහට පල්ලවී තරුණියක් වෙනකොට, එයාට පොඩි කාලේ ඉදන් යාළුවෙක් විදිහට හිටිය ගෝවින්ද් කියලා ආදරවන්තයෙකුත් ඉන්නවා. හැබැයි ගෝවින්ද්ටත් පල්ලවීට වගේම හීනයක් තිබුණා.රියාද් වල රස්සාවක් අරගන්න එක. හැබැයි ඒක සාර්ථක කරගන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි ඔය විදිහට යනකොට, පල්ලවීගේ තාත්තා පල්ලවීට ගුවන් නියමුවරියක් වෙන්න ඕන අයදුම් පත්‍රයක් ගෙනල්ලා දෙනවා.එතනින් පස්සේ පල්ලවී වෙනත් රටක පුහුණුවකට යනවා.හැබැයි ගෝවින්ද් පුහුණුව අතරතුර පල්ලවීව හම්බවෙන්න කියලා යනකොට පල්ලවීගේ බොරුවක් අහුවෙනවා. එතනින් පස්සේ තමා දෙන්නගේ යුද්ධය පටන් ගන්නේ. තමන්ට බොරු කරපු තරහට ගෝවින්ද් පල්ලවීට ඇසිඩ් ගහනවා. ඊට පස්සේ පල්ලවීට ගුවන් නියමු බලපත්‍රය ගන්න පුළුවන් වෙයිද?, ඇසිඩ් ගැහුව වරදට ගෝවින්ද්ට ලැබෙන දඩුවම මොකක්ද?, ගෝවින්ද්ගේ උපායවල් මොනාද?, පල්ලවීට මුණ ගැහෙන යාළුවා කවුද? මේ දේවල් දැන ගන්න ඉතිම් චිත්‍රපටිය බලලම ඉන්නකෝ. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට ගිහින් එන්නම්.
ඔයාලට තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් පිටපත් සඳහා පමණක්ම අදාළ වන අතර අන්තර්ජාලයේ වෙනත් පිටපත් උදෙසා උපසිරසි නොගැලපේ..
14,869 downloadsDownload Uyare.English-1.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් රවින්ද්‍ර
Subtitles
34 comments
Kantha_DLA
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……nish47
Thanks bro
Ela machan..කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි!
දිගටම මලයාලම්ම ගේමු...
මමූතිගේ Pathinettam Padi (2019) චිත්‍රපටියත් ඇවිත් තියෙනවා!
පුලුවන් නම් ඒකටත් උපසිරැසි ගන්වන්න කියලා ඉල්ලනවා.
ජය වේවා!!!!geeganagamage
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
arawindasunimal
thanks yaalu
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයkatlakshan
mata enne english sub ekakne
deliya
thanks saho .jayawewa budusaranai
ඔෂද ධනංජය
thanks sahoo
D.Chamara
bohoma sthuthi sahooo jaya ..
vinurauda
hariyata wADA karan nee saho...
prasakr
බොහෝම ස්තූතියි
charith8341
baiscope copy eka thamai download kare.ubata hariyata sub ekaranna bari eka kiyapan.bari nam wena katahari deepan.aduma gane adjust karalawath balanna be.
hatharasingha
Supir.... thnx
kalani
Subtitles playing in english?how can i get the sinhal sub s?
mahinda
thanks..
hatharasingha
Thnx supiri
L.G.T.Dilshan Liyanage
Tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakmal chathuranga
sub akath film akath baiscop aken downlod kare galapen na sub aka
thushiq
machn sub set nahe ne...
thara_sam
bohoma sthuthi...
sisitha samarathunga
700 කොපියට සබ් එක සෙට් වෙන්නෑ මචෝ.
Dasun Wanaguru
මෙම උපසිරසි ගොණුව බයිස්කෝප් එකේ ඇති චිත්‍රපට පිටපත සමගවත්, අන්තර්ජාලයේ ඇති වෙනත් පිටපතක් සමගවත් ගැළපෙන්නේ නැත....!!!!
අපරාදේ....!!!!
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Lalani Maduwanthi
Malayalam movies dennako.
Asela sooriya bandara
nice
Roja
MEKA MATCH WENNE NAHA
malifmsc
සබ් එක ගැලපෙන්නේ නැ මචන්.අපරාදේ බෑවෙ
Kasun S. Jayalath
බොහොම ස්තූතියි උපසිරැසියට...... ඔබට ජය...
R_deshan
ෆිල්ම් එකනම් පට්ට මචං...සබ් එකත් ලෙසටම කරල තිබ්බා.සබ් එකට තෑන්ක්ස් වේවා!!
Rishantha
Thanks Brother
Imandi kavithika
Good
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Uyare (2019) Sinhala Subtitles | ගුවන් නියමුවරියක් වීමේ සිහිනය පසුපස යන තරුණිය [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Uyare-201912.jpg)

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
Article 15 (2019) Hindi