ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. සුපුරුදු විදිහට ඔයාල හැමෝටම සුබ පතන ගමන් ඔන්න මං අද චිත්‍රපට මාලාවක අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසි අරගෙන ආවා. අසූව දශකයේ තිරගතවීම ආරම්භ කල 90 දශකයේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුන අදටත් ආයෙත් බලන්න හිතෙන Missing in Action චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය නැත්නම් අවසාන…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම..
සුපුරුදු විදිහට ඔයාල හැමෝටම සුබ පතන ගමන් ඔන්න මං අද චිත්‍රපට මාලාවක අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසි අරගෙන ආවා. අසූව දශකයේ තිරගතවීම ආරම්භ කල 90 දශකයේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුන අදටත් ආයෙත් බලන්න හිතෙන Missing in Action චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය නැත්නම් අවසාන චිත්‍රපටයයි මේ.
Braddock: Missing in Action III
කර්නල් බ්‍රැඩ්ඩොක් වියට්නාමයේ සිටින අතර එක් වියට්නාම් තරුණියක් හා පෙමින් බැඳෙනවා. සයිගොන් නුවර කඩා වැටෙද්දි සිදුවන කලහකාරී සිදුවීමෙන් කර්නල් බ්‍රැඩ්ඩොක් තුවාල ලබා හදිසියේ පිටත්ව යනවා. ඒ වන විටත් ඔහු දැන ගෙන ඉන්නවා තමන්ගේ බිරිඳ බෝම්බ ප්‍රහාරයකින් මියගිහින් කියලා. වසර 12කට පසු හදිසියේම ඔහුට දැනගන්න ලැබෙනවා ඔහුගේ බිරිඳ සහ පුතා තවමත් තාඩන පීඩන මැද වියට්නාමයේ ජීවත්වෙන බව. කවදාවත් ආපහු වියට්නාමයට නොයන්න සිටි කර්නල්ගේ වියට්නාම් ගමන ඇරඹෙන්නේ මෙතනිනුයි…
සුපුරුදු පරිදි කර්නල් ජෙම්ස් බ්‍රැඩ්ඩොක් ලෙස චක් නෝරිස් රංඟනයෙන් එකතු වන අතර Aki Aleong, Yehuda Efroni සහ Roland Harrah ඇතුළු රංඟන ශිල්පීන් රැසක් මේ සඳහා දායක වී ඇත. මෙහි කතාව රචනා කර ඇත්තේ James Bruner සමඟින් Chuck Norris ය. සුපුරුදු ලෙස නිෂ්පාදනයෙන් Menahem Golan සහ Yoram Globus එක්වන අතර මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චක් නෝරිස්ගේ බාල සොහොයුරු වන Aaron Norris විසිනි.
1988 ජනවාරි 22 වන දින එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ කර ඇති මෙම චිත්‍රපටය ආරම්භක සති අන්තයේදී ඩොලර් 2,210,401 ක් ලබා ගනිමින් බොක්ස් ඔෆිස් හි අංක 5 ස්ථානයට පත්වීමට සමත් වී ඇත. චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 103 කි. චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 4.9 ක්, Rotten Tomatoes 40% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 86%ක කැමැත්ත ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,890 downloadsDownload Braddock-Missing-in-Action-III-1988.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
17 comments
Supun Kaushalya
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Kavindu
Brother puluwn nm parans serial killer type eke movies tikak dennko....
Chuck noris hitpu serial killer parana ekakuth mta bluwa wge mthakaigihan
supiri macho 3ma dunna ikmanatama.. Thanks
ප්‍රබුද්ධ
සුපිරියි මේ ෆිල්ම් සෙට් එක පොඩි කාලේ ITN එකෙක් බැලුවා නියමයි....පුලුවන්නම් චක්නෝරිස්ගේ Delta Force ෆිල්ම් සෙට් එකට සබ් දෙන්න...ගොඩක් ස්තුතියි...
ශාමල් මනෝජන්
උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ.
චක් නොරිස් ගේ ගොඩක් ෆිල්ම් නැහැනේ. ටිකයිනේ තියෙන්නේ. හරියට බෲස්ලීගේ වගේ. ඒ නිසා සහෝට පුලු පුලුවන් විවේකී වෙලාවට චක් නොරිස් ගේ ෆිල්ම් ටික එකින් එක සබ් කරන්න පුලුවන් නම් නම් ලොකු දෙයක්. සහෝ ඇරෙන්න මේ ෆිල්ම් වලට සබ් කරන්න වෙන කවුරුවත් නෑනේ බයිස්කෝප් අඩවියේ. සහෝ ලොකු සේවාවක් මේ කරන්නේ.
චක් නොරිස්
(Breaker! Breaker!-1977) (Good Guys wear Black-1978) (A Force of One-1979) (The Octagon-1980) (An Eye for an Eye-1981) (Silent Rage-1982) (Lone wold Mcquade-1983) (Code of Silence-1985) (Invasion U.S.A.-1985) (Forest Warrior-1996)
පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න වෙලාවක් තියනවා නම්.
වෑන් ඩෑම්
Black Eagle - 1988
Street Fighter - 1994ආර්නොල්ඩ්
Hercules in New york - 1970
Red Sonja - 1985සිල්වෙස්ටර් ස්ටැලෝන්
Rhinestone - 1984
Tango & Cash - 1989ජෙට් ලී
Shaolin Temple - 1982
Kids from Shaolin - 1984ජැකී චෑන්
Island of Fire - 1990
(Huo shao dao)Crime Story - 1993
(Jung on zo)Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
බොහෝ විට වෙබ් එකට ආවහම බලන්නේ ඔබේ නමින් සබ් එකක් තියනවද කියලා.
මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!A r perera
මේක බලන්න ඕන .කලින් වෙන සයිට් එකකින් මුල් කොටස් සබ් එක්ක බැලුවා තුන් වෙනි කොටස නොතිබිණි ...ඔබට ස්තුතිය
Binuka Mihiran
Tnx
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Chaminda Lakruwan
ගොඩක් ස්තූති සබ් එකට
අම්මෝ චක් නෝරිස් අයියාගේ ෆිල්ම් එකක්
එයාගේ තව පරන ෆිල්ම් ගොඩක් තියෙනවා ඒවාටත් සබ් දෙන්නDewadithya
Thanks for sub!
Anonymous
Thanks Bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට සුපිරි ෆිල්ම් තුනක් චක් නෝරිස්ගෙ