Watch Trailer

Missing in Action 2: The Beginning (1985) Sinhala Subtitles | පෙරවදන [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. Missing in Action පළමු චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒකේ සඳහන් වෙනවා කර්නල් බ්‍රැඩ්ඩොක් ක්‍රියාන්විතයේදී අතුරුදහන් වෙලා අවුරුදු හතක් වියට්නාමයේ සිර කඳවුරක හිටියා කියලා. ඉතින් මේ දෙවන චිත්‍රපටයෙන් කියවෙන්නේ ඔහු වසර හතක් සිර කඳවුරක ගෙවපු කාලය ගැනයි. මේ චිත්‍රපටය නිර්ම…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම..

Missing in Action පළමු චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒකේ සඳහන් වෙනවා කර්නල් බ්‍රැඩ්ඩොක් ක්‍රියාන්විතයේදී අතුරුදහන් වෙලා අවුරුදු හතක් වියට්නාමයේ සිර කඳවුරක හිටියා කියලා. ඉතින් මේ දෙවන චිත්‍රපටයෙන් කියවෙන්නේ ඔහු වසර හතක් සිර කඳවුරක ගෙවපු කාලය ගැනයි. මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ පළමු චිත්‍රපටයේ පෙරවදනක් විදිහටයි.

Missing in Action 2: The Beginning

යුධ නිරීක්ෂන කටයුත්තක යෙදෙන කර්නල් බ්‍රැඩ්ඩොක්ට ඔවුන්ගේ සගයින් පහරදීමකට ලක්වෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඔවුන්ගේ සහයට යන බ්‍රැඩ්ඩොක්ට එල්ලවන ප්‍රහාරයක් නිසා ඔහු ගමන් ගන්නා හෙලිකොප්ටර් යානය කඩා වැටෙනවා. කර්නල්ගේ දක්ෂ කම නිසා ගඟකට පාත් කර යානයේ සිටින සියළු දෙනා නිරුපද්‍රිතව ඉන් පැනගන්නේ යානය පිපිරෙන්න මොහොතකට පෙරයි. නමුත් අවාසනාවට ඔහු සිරකරුවෙක් ලෙස වියට්නාම් කඳවුරකට කොටුවේ.

කර්නල් ජේම්ස් බ්‍රැඩ්ඩොක් ලෙස සුපිරි ක්‍රියාදාම නළු චක් නෝරිස් එක්වන Missing in Action කතා මාලාවේ දෙවන කොටසයි මේ. මෙහි Chuck Norris ට අමතරව Soon-Tek Oh, Steven Williams, Bennett Ohta, Cosie Costa සහ Joe Michael Terry රංඟනයෙන් දායක වේ. නිෂ්පාදනය Menahem Golan සහ Yoram Globus විසින් වන අතර අධ්‍යක්ෂණය Lance Hool විසිනි.

1985 මාර්තු 01 වන දා තිරගත වීම ආරම්භ කර ඇති මෙම චිත්‍රපටය විනාඩි 95ක ධාවන කාලයකින් යුක්තය. චිත්‍රපටය සඳහා නිෂ්පාදන වියදම ඇ.ඩොලර් මිලියන 2.4ක් පමණ වැය වී ඇති අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 10 ක් පමණ වේ. චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.3 ක්, Rotten Tomatoes 47% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 91%ක කැමැත්ත ලැබී ඇත.

– ඇමරිකානු වීරයෙකුගේ කතාව දිගටම! –

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ළඟදීම දවසක මේ චිත්‍රපටයේ තුන්වෙනි කොටසේ සිංහල උපසිරසිය එක්ක හමුවන තුරු ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,669 downloadsDownload Missing-in-Action-2-The-Beginning-1985.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,669 downloadsDownload Subtitles27 KB

15 comments

  1. gihan

    tHANKS MACHOO...

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ.

    චක් නොරිස් ගේ ගොඩක් ෆිල්ම් නැහැනේ. ටිකයිනේ තියෙන්නේ. හරියට Bruce Lee ගේ වගේ. ඒ නිසා සහොට පුලු පුලුවන් වෙලාවට චක් නොරිස් ගේ ෆිල්ම් ටික එකින් එක සබ් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. සහෝ ඇරෙන්න මේ ෆිල්ම් වලට සබ් කරන්න වෙන කවුරුවත් බයිස්කෝප් අඩවියෙ නෑනේ.

    චක් නොරිස්

    (Breaker! Breaker!-1977) (Good Guys wear Black-1987) (A Force of One-1979) (The Octagon-1979) (An Eye for an Eye-1981) (Silent Rage-1982) (Lone Wolf Mcquade-1983) (Cord of Silence-1985) (Invasion U.S.A. - 1985) (Forest Worrior-1996)

    පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් කරන්න වෙලාවක් තියනවා නම්.

    වෑන් ඩෑම්

    Black Eagle - 1988
    Street Fighter - 1994

    ආර්නොල්ඩ්

    Hercules in New York - 1970
    Red Sonja - 1985

    ජෙට් ලී

    Shaolin Temple - 1982
    Kids from Shaolin - 1984

    සිල්වෙස්ටර් ස්ටැලෝන්

    Rhinestone - 1984
    Tango & Cash - 1989

    ජැකී චෑන්

    Island of Fire - 1990
    Crime Story - 1993

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. Suranjan

    Thanks.....jayawewa....!

  6. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  7. heshara

    ah ela bro thanks a lot. best of luck and stay safe

  8. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  9. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට
    Tha Delta Force 2 (1990) ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද
    පලවෙනි එකට නම් සබ් දීලා තිබුනා
    චක් නෝරිස් අයියාගේ ෆිල්ම් එකක් නේ ඒකත්

  10. Dewadithya

    Thanks for sub!

  11. Anonymous

    Thanks Bro

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!