Bramayugam (2024) Sinhala Subtitles රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටපු තවත් බොක්ස් ඔෆිස් වාර්ථා තබපු චිත්‍රපටයක් අද OTT නිකුත් උනා. ඉතිං එහි වැදගත් කම සලකා අදම එහි උපසිරැසිය ගෙන එන්න තීරණය කලා. මේ වසරේ නිකුත් වූ මලයාලි චිත්‍රපට අතරින් තුන් වෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය තමයි මේ. මංජුමෙල් බෝයිස්, ප…

Bramayugam (2024) Sinhala Subtitles

රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටපු තවත් බොක්ස් ඔෆිස් වාර්ථා තබපු චිත්‍රපටයක් අද OTT නිකුත් උනා. ඉතිං එහි වැදගත් කම සලකා අදම එහි උපසිරැසිය ගෙන එන්න තීරණය කලා. මේ වසරේ නිකුත් වූ මලයාලි චිත්‍රපට අතරින් තුන් වෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය තමයි මේ. මංජුමෙල් බෝයිස්, ප්‍රේමාලු යන නව පරපුරේ ශිල්පීන් රැගත් චිත්‍රපට වලට අමතරව ඉන්දීය රුපියල් කෝටි 50 ඉක්මවූ තෙවැනි චිත්‍රපටය මෙය, කළු සුදු චිත්‍රපටයක් වන මෙය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ කළු සුදු චිත්‍රපටය බවටද පත් උනා.

Bramayugam (2024) Sinhala Subtitles

17 වන සියවසේ සිදු වූ කතා පුවතක් ලෙස ගෙන එන මෙය Horror ඝනයේ චිත්‍ර පටයක්.වහල් සේවයේ යෙදෙමින් සිටි කුලහීන ගායක තරුණයෙකු ඉන් මිදී පළා ඒමේදී වනයේ අතරමං වී අනතුරුව ඉතා පැරණි අත්භූත මංදිරයකට ඇතුල් වෙනවා. එහි සිටින්නේ ස්වාමියා හා එක් සේවකයෙක් පමණයි.මුලින් ඔහු වෙත දක්වන ආගන්තුක සත්කාරයෙන් සතුටු වෙන තරුණයා පසුව තේරුම් ගන්නවා තමන් උගුලක වැටුන බව.ඒ කිසි දා ජය ගත නොහැකි දාදු කෙළියකට තම අනාගතය උගස් කර පරාජය වීමෙන් පසුවයි. අත්භූත බලයක් හිමි මේ මංදිර හිමි කරු කවුද? ඔහුගෙන් ගැලවී පළායා හැකි වේද? ඒ සම්බන්ධව දිග හැරෙන මේ කතා පුවත අධ්‍යක්ෂණය කරන්නේ කලින් භූත කල්‍යානම් චිත්‍ර පටය අධ්‍යක්ෂනය කල රාහුල් සදාසිවම් විසින්. මෙහි චරිත ඇත්තේ ඉතා සුළු ප්‍රමානයක්. මම්මූටි සමග අර්ජුන් අශෝකන්, සිද්ධාර්ත් භරතන්, මනිකන්දන් සහ අමල්ඩා ලිස් මෙහි චරිත නිරූපනය කරනවා.

Bramayugam (2024) Sinhala Subtitles

කළු සුදු වුවත් රඟපෑම්, කැමරාකරණය, සංගීතය, ශබ්ද පරිපාලනය ඇතුළු සියළු අංග ඉතා විශිෂ්ඨ ලෙස හසුරුවා තිබෙනවා. ඒ නිසා ඔබට කිසි අපහසුවකින් තොරව මෙය රස විඳිය හැකි බලන්නම ඕනෑ ඝණයේ චිත්‍රපටයක් බවට සහතික විය හැකියි

Bramayugam (2024) Sinhala Subtitles

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Bramayugam (2024)  Sinhala Subtitles

 

https://m.imdb.com/title/tt22818604/

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත සඳහා වලංගු වේ.

8,248 downloadsDownload Bramayugam-2024.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bramayugam (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

8,248 downloadsDownload Subtitles25 KB

11 comments

  1. Anonymous

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  2. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. Kesh

    බොහොම ස්තූටී සබ් එකට..උණු උණුවේම දුන්නට ජය ✌

  4. Netflix පිස්සා

    අලුත්ම අලුත් සුපිරියක් බස්සලා බන්දුල සහෝ බොහොම ස්තුතියි

  5. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. mayura suraj

    thanks malli sub ekta

  7. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  8. viraj

    thanks............

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  11. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata